ඔන්න කලින් සතියේ මං දුන්න Superheroes (සුපිරි වීරයන්ගේ තතු) ලිපිය කියවන්න ඇති කියලා හිතනවා. කියවන්න බැරිවුණා නම් මෙතනින් ගිහින් ඒක කියවන්නකෝ. ඒ වගේම මේ ලිපි මාලාවේ ලිපියක් හැම සතියෙම ඔයාලට ලැබෙයි. හැම සතියෙම නම් දෙන්නත් බැරිවෙයි; මොකද පාසල් වැඩ කටයුතු නිසා. 10 වසරත් ඉතිං ලේසි වසරක් නෙවෙයිනේ.
මං විනෝදාංශයක් විදිහට තමයි ලිපි ලියන්නේ, කොමික් කතා පරිවර්තනය කරන්නේ සහ සබ් කරන්නේ. ඒකෙන් මට ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒ වගේම ඔයාලාගෙන් ලැබෙන එක කමෙන්ට් එකක් ගොඩක් වටිනවා. ඒ නිසා ලිපිපිය කියවලා ඉවර වුණාට පස්සේ අදහසක් පල කරගෙන යන්නත් අමතක කරන්න එපා. හරි, හරි, දැන් අපි අද චරිතය පැත්තට හැරෙමුකෝ.
කැට්වුමන් කියන්නේ අපි කවුරුත් දන්න DC ලගේ තවත් චරිතයක්. මේ චරිතය ලෝක ප්‍රසිද්ධ බැට්මෑන් කොමික්වල දක්නට ලැබෙන චරිතයක් කිවුවොත් වඩා නිවැරදියි. කැට්වුමන්ගේ ඇත්ත නම තමයි සෙලීනා කයිල්. ගෝතම් බලපු අය නම් දන්නවා ඇති. කැට්වුමන් හා බැට්මෑන් කියන්නේ ළඟම මිත්‍රයින්; එකිනෙකාට ආදරය කරන අය. නමුත් කැට්වුමන්ගේ විටෙක යහපත්- තවත් විටෙක අයහපත් ගති පැවතුම් හේතුවෙන් මේ දෙන්නගේ ආදරය විටෙක වෛරය බවටත් පෙරලෙනවා. කැට්වුමන් කියන්නේ මුලින් සතුරු චරිතයක්. නමුත්, 1990 න් පස්සේ කැට්වුමන් Antiheroine කියන චරිතයක් බවට පත් වෙනවා.
Antiheroine කියන්නේ යහපත් හේතු උදෙසා අයහපත් දේ කරන චරිත. කොටින්ම කිවුවොත් සතුරුත් නොවෙන- මිතුරුත් නොවෙන චරිතයක්. කැට්වුමන් අයිති වෙන්නෙත් අන්න ඒ ඛාන්ඩයටයි.
බැට්මෑන් හා සම්බන්ධ චිත්‍රපටවල මෙන්ම පුංචි තිරයෙත් අපට සෙලීනා කයිල් aka. කැට්වුමන්ව දකින්න ලැබෙනවා. කොටින්ම කිවුවොත් කැට්වුමන් කියන්නේ නැතුවම බැරි චරිතයක්. IGN හි “Top 100 Comic Book Villains of All Time” (කොමික්වල හොඳම සතුරන් 100) හි 11ස් වන ස්ථානයත්, Wizard සඟරාවේ “100 Greatest Villains of All Time” (හොඳම සතුරන් 100) හි 51 වන ස්ථානයත් මේ චරිතයට ලැබිලා තියෙනවා.
1- ඉතිහාසය
අපි දැන් චරිතයේ ඉතිහාසය ගැන කතා කරමු.
නිර්මාණය
කැට්වුමන් චරිතයත් බැමෑන්ව හදපු බොබ් කේන් සහ බිල් ෆින්ගර් කියන දෙන්නමයි හදලා තියෙන්නේ. බොබ් කේන් කියන්නේ සුපිරිම චිත්‍රපට රසිකයෙක්. කොටින්ම කිවුවොත් චිත්‍රපට පිස්සෙක්. අන්න ඒ පිස්සුව බැට්මෑන්ගේ චරිත කිහිපයකට පසුබිම ලබා දීලා තියෙනවා. කැට්වුමන් කියන්නෙත් අන්න ඒ චරිතවලින් එකක්. ඒ චරිතය ජීන් හාර්ලොව් කියන චිත්‍රපට තාරකාවගෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම බොබ් සහ බිල්ට ඕන වෙලා තියෙනවා බැට්මෑන්ව චෙස් ක්‍රීඩාවක නිරත කරවන්න. ඒකට හොඳම සහ ගැලපෙනම චරිතය මේ සෙලීනා කයිල් බව දෙන්නා තීරණය කරලා තියෙනවා. හැබැයි කැට්වුමන් බැට්මෑන්ගේ අනිත් සතුරු චරිත, කොටින්ම කිවුවොත් ජෝකර් වගේ, ඇය ඟාතකයෙක් හෝ නපුරෙක් නෙවෙයි.
මං කාන්තාවන් බළලන්ටත්, පිරිමින් සුනඛයන්ටත් කැමති බවයි හිතන්නේ. සුනඛයින් විශ්වසනීයයි සහ මිත්‍රශීලියි. බළලුන් නියමයි, සූරයි. මට සුනඛයින් සමඟ වැඩි හිතවත් බවක් දැනෙනවා- බළලුන් කාන්තාවන් මෙන්ම තේරුම් ගන්න අපහසුයි. පිරිමියෙකුට තවත් පිරිමි මිත්‍රයෙකු සමඟ සිටීම විශ්වාසයි ගැහැණු මිතුරියක් සමඟ සිටීමට වඩා. ඔබ සැම විටම කාන්තාවක් අතේ දුරිනුයි තබා ගන්නේ. අපට අවශ්‍ය නැහැ කවුරුත් අපේ ආත්ම අරගන්නවට සහ කාන්තාවකට ඒක කළ හැකියි. – බොබ් කේන්
කැට්වුමන් හඳුන්වාදුන් Batman #1
ඕක තමා බොබ් කැට්වුමන් චරිතය ගැන කිවුවේ. ඒකෙන්ම අපට හිතා ගන්න පුළුවන් DC එකෙන් බැට්මෑන්ට චෙස් ක්‍රීඩාවකට වඩා යම් අභියෝගයක් ලබා දී ඇති බව. Batman #1 කොමික් එකෙන් 1940 දී කැට්වුමන් චරිතය උපත ලබනවා.
බොබ් කේන්
2-චරිතය
ආරම්භය
සෙලීනා කයිල් කියන්නේ හොරෙක්. මෙයා මේ රස්සාවට එක් වන්නේ පොඩි කාලෙදිමයි. ඉස්සෙල්ලාම කොහෙන් හරි මතුවෙනවා; ඊට පස්සේ ගොදුර ගැන කුරුමානම අල්ලනවා; හැප්පීමක්, කතා බහක් වගේ දේකින් ඇයට ඔබේ හදවතත්, පර්ස් එකත් දෙකම ලබාගත හැකිවීම තමයි ඇගේ බලය; පස්සේ ඔබේ පර්ස් එක අතුරුදහන් වූ බව දැන ගත්තම ඔබේ හදවත නිකම්ම බිඳෙනවා. එහෙම තමයි සලීනා තමන්ගේ රැකියාව කරන්නේ.
ගෝතම්හි අනාත නිවාසෙක නරක අසල්වැසියන් හා ජීවත් වීමෙන් සලීනාගේ ජීවිතයට අපරාධකාරියක් වීමට මග පෑදෙනවා. ඇය තමාව කෙසේ වෙතත් තමන්ගේ යාළුවන්ව නම් හොඳින් ආරක්ෂා කරනවා. මෙයාට මොනවහරි ඕනෙ වුණොත් ඒක හොරකමකින් ලබාගනිමින් ජීවිතය ගැටගහගන්න සෙලීනා දවසක් නගරයේ පොහොසත් තැනැත්තෙක්ගෙන් වෙස් මුහුණකුත්, කැට් සූට් එකත් සොරකම් කර ගැනීමෙන් කැට්වුමන් බවට පත් වෙනවා. සූට් එකෙන්ම විතරක් නෙවෙයි, ඇගේ නම්‍යශීලීබාවය, ජිම්නාස්ටික් සහ ඇක්‍රොබැටික්ස් හැකියාවන් නිසා ඇය නමේ නියම අර්තයටම ගැලපෙන කෙනෙක් බවට පත්වෙනවා.
කැට්වුමන්ට ලොකු origin story එකක් නෑ. උඩ ලිවුවෙත් කරුණු ගොනු කරගෙන. ඒ නිසා වැඩිය ලියන්න නම් බැරි වුණා.
ලක්ෂණ
කැට්වුමන් ගැන තව දුරටත් කියනව නම් ඇගේ චරිත ලක්ෂණ සහ ගති පැවතුම් කිව යුතුමයි.
1. කපටි සහ බොරු කීමේ හැකියාව
සෙලීනා ඉතාමත් කපටි චරිතයක්. ඒ කපට බව ඇගේ රැකියාවට නම් හොඳටම ප්‍රයෝජනවත්. ඇයට ඔබව රවටා ගැනීමට ඕනෑම බොරුවක් ගොතන්න පුළූවන්. කොටින්ම කිවිවොත් ඔයාට ඒක බොරුවක් කියලා හිතන්නවත් බැරි තරම්.
2. තියුණු බව
සෙලීනාට හොඳ තියුණු දැක්මක් තියෙනවා. තම ගිඔදුර ක්ෂණයකින් ග්‍රහනය කර ගැනීමට ඇති හැකියාව නම් පුදුමාකරයි. කොටින්ම කිවුවොත් පූසෙක් වගේමයි.
3. ක්ෂණිකව ක්‍රියාත්මක වීම
සෙලීනා ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක්. ඔයාට හිතන්නවත් බැරි වේගයකින් ඇයට ඔබට හානියක් කළ හැකියි.
4. අලංකාර බව
කොමික් වල තියෙන හැටියට නම් සෙලීනා කියන්නේ ඉතාමත් ලස්සන කෙනෙක්. ඒකත් කැට්ට විටෙක ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
සබඳතා
ඉතිහාසය තුළ නම් කැට්වුමන් කියන්නේ සතුරු චරිතයක්. නමුත් ඇය සමාජයට යහපතක් වන දේවල් කරපු අවස්ථා රැසක් තියෙනවා. සලීනා බැට්මෑන් සමඟ ගෝතම් බේරගන්න කිහිප විටකම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථා අපට චිත්‍රපටවලත් දැකගන්න ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට Batman Dark Knight Rises චිත්‍රපටයේදී සලීනා බැට්මෑන්ට උපකාර කරනවා.
3-ආම්පන්න
හැම වීරයකුටම තමන්ගේ බලය හා සමානව තමන්ගේ ආමර් එක හෝ සූට් එක ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපි ඒවා ගැන කතා කරමු.
ආයුධ
කොමික් වල සිල්වර් ඒජ් එකේදී කැට්වුමනුත්, බැමෑන්ගේ අනිත් ගොඩක් වීරයෝ වගේම, විවිධ ආයුධ රැසක් භාවිතා කළා. Cat-illac කියන කාර් එකත් ඉන් ප්‍රධානයි. ඔයාලා දන්නවනේ බැට්මෑන්ගේ බැට්- බොබයිල් එක? අන්න ඒ වගේමයි කැට්වුමන්ගේ මේ කාර් එකත්. ඒ වගේම ඇය Caltrops වගේම bolas සුත් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ඇය ගාව කසයකුත් තියෙනවා. පිස්තෝලයක් ළඟ තබාගන්නා අවස්ථාත් දැකගන්න පුළුවන්.
Cat-illac එක
සූට් එක
මුල් කාලයේදී කැට්වුමන් කැට් සූට් එකෙන් සැරසිලා හිටියේ නෑ. ඊට පස්සේ ඇය නියම පූසෙක් වගේ මාස්ක් එකකින් අප හමුවට පැමිණියා. පස්සේ ඇය ඉතාමත් අලංකාර මාස්ක් එකකින් සැරසුණා. ඒක ඔයාලට පහළ පික් එකෙන් බලාගන්න පුළුවන්.
කැට්වුමන් සූට් එකේ වෙනස්වීම
4-චිත්‍රපට
කැට්වුමනුත් DC වල තවත් අත්‍යාවශ්‍යයය චරිතයක්නේ. ඉතිං කැට්වුමන් චරිතය අපට දැකගත හැකි වූ චිත්‍රපට ටිකක් මෙන්න.
- LEGO DC Super Hero Girls: Super Villain High
- Batman Ninja
- Scooby- Doo! & Batman: Brave and the Bold
- The Dark Knight Rises
- Catwoman (2004)
ඔයිට අමතරව කැට්වුමන් සිටි චිත්‍රපට ගොඩාක් තියෙනවා. පුළුවන් වුණොත් ඒවත් බලන්නකෝ.
ඔන්න අද මං ලිවුවේ ඔයාලා හැමෝම දන්න කැට්වුමන් ගැන. කොමික් වලට ආදරේ ඔයාලා වෙනුවෙන් ගිය සතියේ පටන්ගත්ත Superheroes (සුපිරි වීරයන්ගේ තතු) ලිපි මාලාව දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේක තමා ලිපි මාලාවේ පළමු DC කොමික් චරිතයක් පාදක කරගෙන ලියපු ලිපිය. යන්න වෙලාවත් හරි. ඊළඟ ලිපිය MARVEL වීරයෙක්ගේ තතු ගැනයි. එහෙනම් සිනමාවේ නෙක තතු සොයා යන ඔබ සැමට සුබ දවසක්!
ස්තූතියි
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Niyamayi
Elm