Teenage Mutant Ninja Turtles (2014) – [අපි රජ ඉබ්බෝ…]
අද මංසල වෙනුවෙන් අරගෙන ආවේ මේ අගෝස්තු මාසයේ නිකුත් වෙන්න තියෙන හුග දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සලරුවක් පිළිබඳවයි. අනික කියන්න ඕනා මේක තමයි මම මංසල වෙනුවෙන් ලියන පලමු ලිපිය. සලරුවේ නම තමයි Teenage Mutant Ninja Turtles. මේ නමින් නිපදවුනු කාටූන් සහ චිත්‍රපට ඔයාලා නරඹලා ඇතිනේ. ලංකාවෙ අපි නම් ඉතින් මේක ගැන දන්නේ “අපි රජ ඉබ්බෝ” කියන නමින්නේ….
මේ සලරුව නිකුත් වෙන්න තියෙන්නෙ නම් අගෝස්තු 8 වෙනිදා. සලරුව අධ්‍යක්ෂණය කරන්නේ Wrath of the Titans, Battle Los Angeles වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Jonathan Liebesman විසිනුයි. සලරුව සඳහා Transformers චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂක වන Michael Bay නිෂ්පාදනයෙන් සහය වෙනවා. සලරුවේ ප්‍රධාන චරිත සහ එම චරිත රංගනයෙන් දායක වන නළු නිළි කැල මෙහෙමයි. අර නිල්පාට පටිය බැඳලා ඉන්න යාළුවා තමයි Leonardo(ලියනාඩෝ) එහෙමත් නැත්නම් Leo(ලියෝ) කියලා හදුන්වන්නේ. මෙයා තමයි මේ ඉබ්බො හතර දෙනා අතරින් වැඩිමල්ම කෙනා සහ නායකයා. අනික මෙයා හරිම සන්සුන් කෙනෙක්. ඒ කියන්නෙ බොහෝ දුරට තරහා ගන්නේ නෑ. ඔයාලට සලරුව බලනකොට තේරෙයි මෙයාගේ චරිතය කොහොමද කියලා. මෙයා තමන්ගේ ආයුධය විදිහට පාවිච්චි කරන්නේ කඩු දෙකක්. පූර්ව ප්‍රචාරක පටය බැලුවා නම් තේරෙයි මෙයාගෙ මුහුනුවර මේ කිවුව දේවල් වලට හරියටම ගැලපෙන විදිහට නිරමාණය කරලා තියෙන විදිහ. මෙයාගේ චරිතයට පනපොවන්නේ Ete Ploszek කියන නළුවයි. රතුපාට පටියක් බැඳලා ඉන්නේ Raphael (රෆායල්) එහෙමත් නැත්නම් Rah(රැෆ්). හැබැයි මෙයා නම් ලියෝ වගේ නෙවෙයි. මෙයා ටිකක් හිතුවක්කාරයි. ඒ වගේම ටිකක් ප්‍රකෝපකාරීයි. මෙයා තමන්ගේ ආයුධය විදිහට පාවිච්චි කරන්නෙ ත්‍රිශූල දෙකක්. සලරුවේදී මෙයාගෙ චරිතයට පනපොවන්නෙ Alan Ritchson. තුන්වෙනි යාළුවා තමයි තැඹිලි පාට පටිය බැඳන් ඉන්න Michelangelo(මයිකල් ආන්ජිලෝ).මෙයාව Mike(මයික්) එහෙමත් නැත්නම් Mikey(මිකී) කියලත් හඳුන්වනවා. මෙයා තමයි මේ හහරදෙනා අතරින් විනෝදයෙන්ම ඉන්න කෙනා. මෙයා වැඩ දාන්නේ නන්චක්කු දෙකකින්. මෙයාගෙ චරිතයට පනපොවන්නේ Noel Fisher කියන නළුවා. අන්තිම යාළුවා තමයි දම් පාට පටිය බැඳගෙන ඉන්න Donatello(ඩොනටෙලෝ). මෙයාට ඉතින් Don(ඩොන්), Donnie(ඩොනී) කියලත් කියනවා. මෙයා තමයි කණ්ඩායමේ ඉන්න දක්ෂම සහ බුද්ධිමත්ම සගයා.
සලරුවේදි ඔයාලට ඒක හොදින්ම බලාගන්න පුලුවන්. මෙයාගෙ ආයුධය තමයි දිග යෂ්ටියක්. මෙයාගෙ චරිතයට පනපොවන්නෙ Jeremy Howard කියන නළුවා විසිනුයි. මේ හතරදෙනාගේ යාළු මාධ්‍ය වාර්තාකාරිය වෙන April O’Neil(ඒප්‍රිල් ඔ’නෙයිල්) ගේ චරිතයට පනපොවන්නෙ අපි හැමෝම දන්න නිළියක් වන Megan Fox විසිනුයි. සලරුවේ මේ ඉබ්බො හතරදෙනාට නින්ජා උගන්වන Master Splinter(මාස්ටර් ස්ප්ලින්ට), එහෙමත් නැත්නම් සරලව ස්ප්ලින්ටර් ගේ චරිතය රඟදක්වන්නේ Danny Woodburn විසිනුයි. මේ කට්ටියගෙ සතුරා වෙන Shredder (ශ්‍රෙඩර්) ගේ චරිතය රඟදක්වන්නෙ William Fichtner විසිනුයි. ඉතින් මේ සලරුවේ කියවෙන්නෙ මේ ශ්‍රෙඩර් සහ ඔහුගේ සහයකයන්ගේ දාමරික ක්‍රියාවන් නවතා නගරයට සාමය අරගෙන එන්නේ කොහොමද කියන එකයි. ඉතින් අපි හිතනවා මේ සලරුව ආදායම් අතින් වාර්තා තබන්නට සමත්වේවි කියලා. එහෙනම් අපි ගියා……
නියමයි බ්‍ලැක් පැන්‍තර්.
දැනුවත් කිරීමට ස්‍තූතියි.
ලිපියත් එල.
දිගටම මේ ආකාරයට දැනුවත් කරන්‍න.
Meke download link aka nene brother ?
Trailer eka ape Utube channel eke thiyenawa. ethanin Download karaganna puluwan 🙂
නියමයි !
බොහොම ස්තුතියි !
බොහොම ස්තූතියි සහෝ
එනකල් මග බලන් ඉන්න ෆිල්ම් එකක් තමයි මේක…
බොහොම ස්තූතියි සහෝ දැනුවත් කිරීමට වගේම ලිපියටත්…