Terminator 5 වෙනුවෙන් ‘Arnie’ ආපහු එනවා…
Terminator චිත්‍රපට මාලාව නරඹපු කෙනෙක් T-800 ගැන නොදැන ඉන්ඩ විදිහක් නෑ. ඒ තමයි Arnie හෙවත් Arnold Schwarzenegger. මෙතෙක් එම චිත්‍රපට මාලාව පුරාවට T-800 යන්ත්‍රය වුණ Arnie Schwez එහි නවතම නිෂ්පාදනයටත් එක්වන්නට කැමැත්ත පළකරලා.
Terminator සිනමා නිර්මාණවල අයිතිය දැන් හිමි Oscar නිර්දේශිත ‘Zero Dark Thirty (2012)’ සිනමා නිර්මාණයේ නිෂ්පාදන වියපැහැදම් හොබවපු Megan Ellison හටයි. James Cameron-ගේ සංකල්පයකින් ලෝකෙට බිහිවුණ මේ අත්හිටවන්නාගේ කතා පෙළ ඉදිරියට ගෙන යන්ඩ අවශ්‍ය පසුබිම සකසා දීමට හැක්කේ T-800ට එහෙමත් නැත්නම් Arnie-ට බවයි ඇගේ විශ්වාසය. ඒ කොහොම වෙතත් ඔහු මේ සඳහා එක් වෙන නොවෙන බව නිසැකවම තවමත් තීරණය කර නැහැ.
ඒ වුණත් මෙවර කරන නිර්මාණය සඳහා තිරරචකයන් යුවළකගේ දායකත්වය ලබා ගැනීමට දැනටමත් කටයුතු කර හමාරයි. ඒ දෙදෙනා තමයි Laeta Kalogridis (Shutter Island) සහ Patrick Lussier (My Bloody Valentine 3D) කියන දෙදෙනා. Ridick ගේ චරිතය හරහා Pitch Black සිනමා මාලාව යළිත් නිසි මගට යොමු කළ Vin Diesel වගේ මේකෙදිත් Arnie ඒ කටයුත්ත ඉටු කරන්නට යන බවයි ඇතැමුන්ගේ අදහස වෙන්නේ. ඒ නිසාමලු භීම චිත්‍රපට සහ විද්‍යා චිත්‍රපට සන්නදහා නමක් දිනූ මේ තිරරචකයින් දෙපළ යොදවාගෙන තිබෙන්නේත්.
ඒ වුණාට Arnie-ගේ එක්වීම හරහා; යන්ත්‍රවල ස්වරූපයේ වෙනසක් සිදුකෙරෙනවානම් හෝ (නව යුගයේ යන්ත්‍ර Skynet ජාලයට එරෙහිව යාමට එක්වෙන අයුරු) යළි වරක් පළමු කතාවෙහි පරිදි මනුෂ්‍ය ස්වරූපයකට යනවානම් හෝ මිස වැඩක් නොවනු ඇතැයි ද කියැවෙනවා. ඒ හැර ඔහුගේ වියපත් පෙනුමෙන් සදා තරුණ යන්ත්‍රයේ ස්වරූපය කෙරෙහි ඇතිවන බලපෑම වැළැක්විය නොහැකි වෙනු ඇතැයි කියැවෙනවා. නමුත් ඒ අභියෝගය Last Stand (2012) දී හොඳින් ජයගෙන තිබූ නිසා නොකළ හැක්කක් නොවන බවයි විචාරකයන්ගේ අදහස.
Ube mahansiya patteta age karanawa bro
keep going