The Avengers (2012) නොදුටු දසුන්…
අද අපේ මව් විබපළ ලිපි 2000’ක කඩඉමට සම්ප්‍රාප්ත වුණා. ඒ සමගින් ඔබ වෙත විශේෂයෙන් ගෙන එන රූපවාහිනී වාර්තාරංගය සිංහල උපසිරැසි සමගින් අද දවස පුරා ඔබ’තට පත් කරන්නට අපේ මුල් පෙළ උපසිරැසි කරුවන් පිරිසක් එක්කාසු වුණා. ඉතින් අපේ මව් විබපළ සටහන් කරන සමරු අවස්ථාව වෙනුවෙන් Avengers සිනෙපටය ආශ්‍රිත නිර්මාණ කාර්යය පිළිබදව අලුතින් හෙළි දරව් කළ රූපපෙළක් ඔබ වෙත ගෙන එන්නට අපත් අදහස් කළා…
Iron Man Intro-2 Tunnel Chase
Avengers (2012)’හි අඩගු නොවූ Iron Man Introduction හෙවත් ‘යකඩ මිනිසා හදුන්වාදීමේ’ අවස්ථාවන් කිහිපයක්ම ඔවුන් විසින් සැකිලි රූ ආශ්‍රයෙන් නිර්මාණය කරන්නට යෙදුණා. ඉන් දෙවැන්න තමා මේ වර අප ඉදිරිපත් කරන්නේ… මේ ඔවුන් Avengers චිත්‍රපටය තුළ IM හදුන්වාදීම සදහා සලකා බැලූ තවත් එක් විකල්ප විදිහක්. නමුත් එම සිනමාපටය තුළ IM වැඩිපුර ඉස්මතුවීම වළකාලන්නට ඔවුන් මෙය භාවිතයෙන් වැළකී සිටි බව සදහන්. Avengers සමූහ වීර චිත්‍රපටයක් නිසා එවැනි තීරණයකට එළඹෙන්නට ඇති. Avengers මූලස්ථානයට Loki ඇතුළු වීමෙන් පසුව උමගක් තුළ ඔහු පසුපස IM හඹා යන විලසිනුයි මෙහිදී ඔහුව හදුන්වාදීමට සැලසුම් කර ඇත්තේ…
subs nam pattai.