Skip to content
කාලෙකට පැත්තේ මංසල පැත්තට ගොඩ වෙන්න හිතුනා ඉදිරියේ තිරගතවෙන්න තියෙන චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් සමඟ. විශේෂයෙන් මේ ගැන කියන්න හිතුනේ මේ චිත්‍රපටයේ රඟපාන නළුවා නිසා. මොකද Denzel Washington කියන්නේ මගේ ප්‍රියතම නළුවා. ඒ නිසා අද මේ කියන්න යන කතාව තරමක් සුවිශේෂියි. ඒ වගේම මෙහි Chloë Grace Moretz පවා රංගනයෙන් දායක වෙනවා. දන්නවනේ මේ කවුද කියලා. Carrie (2013) සහ Kick Ass 2 (2013) චිත්‍රපට වල ප්‍රධාන චරිතය උනේ ඇය.

එහෙනම් මේ කතාව ගැන දන්නා තරමින් කියන්නම්. රොබට් කියන්නේ හිටපු විශේෂ කාර්ය සේවා සෙබලෙක්. එයා යම් කලකිරීමක් මත ඒ ජිවිතයට සමු දීලා තියෙන්නේ තමන් මියගියා කියන බොරුව ලෝකයට මවා පාමින්. එත් රොබට්ට ඒ බොරුව බොරුවක් කියලා නැවත ලෝකයට කියාපාන්න වෙනවා. ඒ රුසියානු මැර කාලියක් සමඟ ඇති කරගන්න ආරවුලක් නිසා. ඒ ආරවුලට හේතුව ගැහැණු ළමයෙක්. ඉතින් මේ ගැන වැඩි විස්තර අපි චිත්‍රපටය සමඟ සිංහල උපසිරසක් එක්කම බලමු නෙහ් 😉 මේ චිත්‍රපටය තිරගතවෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ මාසයේ 26 වෙනිදින. එහෙනම් තව මේ වගේ දැනුවත් කිරීමකින් මුණ ගැහෙමු. හැමෝටම ජයවේවා!!

Equalizer 2 sub karanawada bro..
නියමයි නියමයි.
දැනුවත් කිරීමට ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!