ට්‍රේලර්වීඩියෝසියල්ල

The Fifth Estate [2013] – විකිලික්ස් හි සිනමා ආගමනය….

WiKileaks වෙබ්අඩවිය ගැන දැන් නොදන්නා කෙනක් නොමැති තරම්.අතිරහසිගත ඇමෙරිකානු රහස්‌ ලේඛන දසදහස් ගණනක් ලිපිගොනුවක් ලෙස සකසා අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට ඔවුන් සමත්වූවා.FBI,NSA,CIA වැනි ලොව ප්‍රබලතම රහස්‌ ඔත්තු අංශ හිමි ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට මරු පහරක් එල්ල කිරීමට WiKileaks වෙබ්අඩවිය සමත්විය.විකිලික්ස් වෙබ්අඩවිය එක රැයින් ලොව වටා දැවැන්ත ජනතා අවධානයක් ලබාගත්තේ CNN BBC වැනි සුපිරි මාධ්‍ය ආයතනද විශ්මයට පත්කරමිනි.මෙම වෙබ්අඩවිය කෙසේද මෙවැනි රහසිගත තොරතුරු සොයාගත හැකි වූයේ?

“The Fifth Estate [2013]” යනු විකිලික්ස් නිර්මාතෘ වූ Julian Assange ජිවිතය සහ ඔහු කෙසේද විකිලික්ස් වෙබ්අඩවිය නිර්මාණය කලේ යන්න අළලා හොලිවූඩ් අධ්‍යක්ෂක Bill Condon (Kinsey, Dreamgirls, The Twilight Saga: Breaking Dawn) විසින් නිර්මාණය කරන සිනමා නිර්මාණයක්.මෙම වසරේ ඔක්තෝබර් මස 18 වන දින ඇමෙරිකානු සිනමාහල් වල තිරගත කිරීම් ආරම්භ කිරීමට The Fifth Estate සුදානමින් සිටී.

Benedict Cumberbatch යන නම ඔබට නුහුරු ඇති..අපි කවුරුත් ඔහුව හදුනන්නේ “Sherlok” නමින් එසේම (Star Trek Into Darknes) සදහා තම රංගන දායකත්වය ලබා දීමෙන් අනතුරුව ඔහුව නැවතත් The Fifth Estate හි අති විශිෂ්ටතම චරිතයකින් ප්‍රේක්ෂකයන් මුණ ගැසීමට බලපොරොත්තුවෙන් සිටී.

 

මෙම නිර්නාමික බව නිසාම දිනෙන් දින ඔවුනට ලැබෙන තොරතුරු සීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතුනා.නමුත් සියල්ල වෙනස් වුයේ ඔවුනට ආරක්ෂක අංශ සතු අති රහසිගත වර්ගීකරණයෙන් යුතු තොරතුරු ලැබීමත් සමගින්.මේ වන ඔවුන්ගේ වෙබ්අඩවිය ලොව දැවැන්තම මාධ්‍ය ආයතනවලටත් වඩා වැදගත් පුවත් ලොවටම බෙදාහරිමින් සිට්යා.The Fifth Estate හි විකිලික්ස් නිර්මාතෘවරයා වන Julian Assange (Cumberbatch) සමගින් වෙබ්අඩවියේ මුල් අවදිය කරා ඔබව රැගෙන යාමට උත්සාහයක් දරා ඇත. Julian ගේ උසස් පාසලේ සගයෙකු වන Daniel Domscheit-Berg (Daniel Brühl) සමග එකතුව මුල් සමයේ ලොව ප්‍රබලම සමාගම් ආයතනවල වංචා දුෂණ හෙළිකිරීම පදනම් කරගෙන තමා වෙබ්අඩවිය ආරම්භ කර තිබුනේ.එසේම ලොව ඕනෑම අයෙකුට නිර්නාමිකව මෙවැනි රහස්‍ය තොරතුරු ලබාදීමටත් ඔවුන් ඉඩහසර ලබාදී තිබුනා.

නමුත් එන්න එන්නම රාජ්‍ය රහසිගත ලේඛන Assange සහ Berg ලැබෙමින් තිබුනා.මේවා ජනතාවගෙන් කෙසේද සගවා තබන්නේ කෙසේද යන්න ඔවුන් අතර වාද විවාද හටගැනීමටත් හේතු වි තිබුනා.මේ නිසා ඔවුන් පිළිබදව ආරක්ෂක වෙතට තොරතුරු හෙළිදරව් වුවාද…..? නැතිනම් කවුරු ඔවුන්ව පාවා දුන්නාද…. ?

Author

  • Sameerabuwa

    මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *