කොමික්ටීවී කතා මාලාදැනුමටවගතුගසියල්ල

“The Flash කතාමාලාව පිළිබඳව ඔබ නොදන්නා කරුණු 7ක්”

o (1)Flash පළවෙනි කතාමාලාව ඉවර වෙලා දැන් කට්ටිය ඇගිලි ගැන ගැන ඇතිනේ ඔක්තෝබර් 6 වෙනිදා විකාශය වීමට නියමිත Flash දෙවැනි කතා මාලාව ආරම්භ කිරීම වෙනුවෙන්. මං මේ වෙද්දී කට්ටියම දැනුවත් කළා Arrow කතාමාලාව ගැන ඔබ නොදන්න කරුණු 6ක් ඒවගේම Stephen Amell පිළිබද ඔබ නොදන්නා කරුණු හතක්. ඔන්න අද කියන්න යන්නේ The Flash කතාමාලාව ගැන නොදන්නා කරුණු 7ක් ගැන.

බලන්නකෝ ඔයාලා මේ කියන කරුණු ගැන දන්නවද කියලා.

  1. 01. 01. මේ වෙනවිටත් ඔයාලා මේ කතාමාලාවෙන් දකින්න ඇතිනේ Robbie Amell. එහෙමත් නැත්තම් firestorm [ෆයර්ස්ට්‍රෝම්]. ගොඩක් අය නම් මේ ගැන දන්නවා ඇති. Robbie Amell කියන්නේ Stephen Amell ගේ බාල ඥාති සහෝදරයෙක් බව.unnamed (1) unnamed (2)
  2.  02. Cisco Ramon [සිස්කෝ රෝමන්] මොහු ඇත්තටම Flash කතාමාලාව තුළ Berry[බේරි] ගොඩක් උදව් කරනවා. ඒවගේම ඔහුගෙන් ලොකු සහයක් ලැබෙනවා හතුරන් අල්ලනකොට වගේම සෙන්ට්‍රල් සිටි පොලිස් දෙපාර්තුමේන්තුවටත් ඔහුගෙන් ලොකු සහයක් ලැබුනා. නමුත් ඔයාලා දන්නවද DC COMICS තුළ ඔහු හතුරෙක් බවට පත් වෙනවා. Comics වළට අනුව නම් ඔහුගේ නම තමයි “VIBE”[වයිබ්]. මේකෙන් අනිවාර්යෙන්ම කියන්න පුළුවන් මේ කතාමාලාව තුළ ලොකු වෙනසක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි. මොකද comics තුළ vibe ට පුළුවන් හැකියාව තියෙනවා බේරිගේ හැකියාවන්/වේගය විනාශ කරලා දැමීම සදහා.unnamed (3) unnamed (4)
  3. සිස්කෝ චිත්රක් නෙවෙයි  Caitlin Snow [කේට්ලන් ස්නොව්] . ඇයගේ පෙම්වතානම් මෙටා හියුමන් කෙනෙක් ඒ ඉතිං හැමෝම දන්නා කියනfirestorm නෙහ්. නමුත් DC COMICS වළට අනුව ඇයත්  හතුරෙක්බවට පත්වෙනවා. Comics වළට අනුව ඇයගේ නම තමයි Killer Frost [කිලර් ෆ්‍රෝස්ට්]. ඇයට තියෙන බලය තමා අයිස් හා සිතල එකතුවකින් තමා නිර්මාණය වෙන්නේ. ඇයට ඕනෙම දෙයක්, තැනක් ගල් කරලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරියටForzen චිත්‍රපටියේ Elsa වගේ. ඒවගේම මේක ඔයාලා දකින්න ඇති ෆ්ලෑෂ් කතාමාලාවේ අන්තිම කොටසේ බේරී අනගතය රූපරාමු වගයක් දැක්කා. ඒ තුළ කේට්ලනුත් හිටියා.unnamed (5) unnamed (6)
  4. බේරිගේ පියා වන හෙන්රි ඇලන්නොකරපු අපරාදයක් වෙනවුන් හිරේ ගියානේ. නමුත් ඔයාලා දන්නවද මේ හෙන්රි ඇලන් නොහොත් Jhon Wesley [ජෝන් වෙස්ලි] කියන්නේ CBS නාලිකාවේ 1990 වර්ෂයේ සිට ආරම්භ කරපු Flash 1990 කතාමාලාවේ ෆ්ලෑෂ් කියන චරිතයට පණ පෙව්වේ ජෝන් වෙස්ලි.unnamed
  5. කට්ටියටම මතකනේ Flash පලවෙනි කතාමාලාවේ පළවෙනි කොටසේ ෆ්ලෑෂ්ගේ ධාවන පරීක්ෂාවක් කරනවා “FERRIS AIR” කියලා ලොකු තැනක.ඒ තැන සම්පුර්ණයෙන්ම අයිති Carol Ferris ට. Green Lantern බලපු අයට නම් මතක ඇති කවුද මේ කැරොල් කියන්නේ කියලා. කැරොල්, ෆ්ලෑෂ් කියන කතාවට හතුරෙක් උනත් ග්‍රීන් ලැන්ටර්න් කතාවේ අදරවන්තියකගේ චරිතයක් කරනවා.තව පොඩි දෙයක් ඒ තමයි ෆ්ලෑෂ්ට වැඩි උපදෙසක් ඕනේ වුණාම යන්නේ ඇරෝ ළගට. ඒ සේන්ට්‍රල් සිටි එකටනේ. ඒවගේම තමයි ෆ්ලෑෂ් වගේම යම් තාක් වේගයෙන් යන්න පුළුවන් කෙනෙක් තමයි ග්‍රීන් ලැන්ටර්න්. ඔහුත් ඒවගේ අවශ්‍යතාවයකදී යන්නේ තවත් කොළ පාට කෙනෙක් ළගට ඒ තමයි අර කතා කරන මාළුවා නොහොත් Xudarian.you-are-my-darling-video-song-vaalu
  6. ඩොක්ටර් වේල්ස් අනාගත පත්තරයේ බලනකොට දකිනවා ඇතිනේ මෙහෙම එකක්, APRIL 25 2024 “FLASH MISSING VANISHES IN CRISIS” කියලා. මේක පදනම් කරගෙන තියෙන්නේ 1985 DC COMIC EPIC චිත්‍රකතා පොතක් වන “CRISIS ON INFINIT EARTHS” තුළින්. මේ නිසාමදෝ මන්දා මේ Flash 2015 පටන් ගත්ත කතාමාලාව තවත් දීර්ඝ කාලයක් කතාමාලාව ඉදිරියට යාමකට ඉඩ ඇති බවට අන්තර්ජාලයේ සදහන්ව තිබුනා. ඒ කතාවේ ඇත්තටම තියෙන්නේ විශ්වය තුළට සතුරු ආක්‍රමණයක් ආපු කාලයක ෆ්ලෑෂ් තමන්ගේ ජීවිතය කැප කරලා විශ්වය බේරාගන්නා සිද්ධියක්. එකෙන් පසු ඔහු නැවත comic වළට ඇතුළත් කර ඇත්තේ අවුරුදු 23 පසුවය. මෙන්න මේ හේතුව තමයි ඩොක්ටර් වේල්ස් අනාගත පත්තරයෙන් දකින්නේ.unnamed (7)
  7. ඩොක්ටර් වේල්ස්ගේ පාටකල් එක්ස්සලරේටර් එක නිසා එදා රෑ ගොඩක් අය මැරුණා. ඒවගේම ඒ අයගෙන් එක්කෙනෙයි වීරයන් බවට පත්වුණේ. මොකද බොහොමයක් බිහිවුනේ සතුරන් විතරයි. රොනී වුණත් මිත්‍ර පාර්ශව වුණේ ටික කාලයක් ගියාට පස්සෙනේ. නමුත් ඔයාලා දන්නවද තවමත් හදුන්වා නොදුන් ඒවගේම ඇතැම් විට හදුන්වා දීමට සිටින වීරයන් පාර්ශවය ගැනunnamed (8)

එහෙනම් ඉතිං මේ කියපු කරුණු කාරණා හිතේ තියාගෙන ඉන්න. අපි  බලමු Flash කතාමාලාව කොයි තරම් දුරට වෙනස් වීමක් වෙයිද කියලා.

Author

12 thoughts on ““The Flash කතාමාලාව පිළිබඳව ඔබ නොදන්නා කරුණු 7ක්”

  • comic එකේ වගේ Flash, arrow ආදරණිය චරිත දුෂ්ටයන්ට වෙනස් උනොත් කතාව විකාරයක් වෙයි .. comic වඩා වෙනස් දෙයක් මිනිස්සු Drama වලින් බලාපොරොත්තු වෙන්නේ

    Reply
  • maru maru digatama me wage post denna. 😀

    Reply
  • Views: 839 views cmt nm madi ne ..balpu ganata

    Reply
  • එල පොස්ට් එකක්…Vibe කියන්නේ Hero කෙනෙක් නෙමයි ද???
    මන් හිතන්නේ එයා Hero කෙනෙක්…කෙට්ලන් විතරයි Villain කෙනෙක් වෙන්නේ…???

    Reply
  • ඊබර්ට් තෝන් අතීතෙට ගිහින් නේ Dr.වෙල්ස් වයි නෝරවයි මරන්නේ.ඉතින් දැන් අතීතෙට යන්න ඊබර්ට් තෝන් කියලා කෙනෙක් ඉපදෙන්නෙත් නෑනේ.

    Reply
  • නෑ. නෝරා ඇලන්,Dr.වෙල්ස් මැරුණේ අතීතයේ.(දැනට ඇත්තටම ෆ්ලැශ් කතාව යන්නේ වර්තමානයේ) ඊබර්ට් තෝන් කියන්නේ අනාගතයේ මිනිහෙක්. එඩී කියන්නේ වර්තමානයේ මිනිහෙක්. අනික ඊබර්ට් තෝන් හා එඩී අතරේ ලේ නෑ කමක් තියෙන්නේ. නෝරා ඇලන් හා Dr. වේල්ස් කියන දෙන්නා එහෙම සම්බන්දයක් නැහැනේ. Dr. වේල්ස්ගේ ඇටකටු හොයාගත්තට පස්සෙත් කොහොමද එයා ජීවත් වෙන්නේ.

    Reply
  • එළම තමා.මටත් තියෙනවා පොඩි ප්‍රශ්න වගයක්.
    අන්තිමේදී එඩී මැරුණම ඊබර්ඩ් තෝන් පවතින්නේ නෑනේ.එතකොට නෝරා ඇලන්,Dr.වෙල්ස් වගේ අය ජීවත්වෙන්න ඕන නේද?

    Reply
  • supiri bn oya 7n man denan hitiye dekai bn thnx

    Reply
  • දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්.

    Reply
  • patta post eka bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *