කොමික්ටීවී කතා මාලාවිචාරසියල්ල

The Flash : Season 2 Episode 3 – Family of rogues | දෙවන අදියරේ තෙවන කොටසේ විග්‍රහය

Spoiler warningcnsisifu8aal0fptumblr_nwjt8cJ0a41uilv9xo3_500

මේ එපිසෝඩ් එක ගැන කෙටියෙන් කියනවනන් නමෙන්ම ඔයගොල්ලන්ට පේනව ඇති මේක තනිකරම පවුල් අවුල් ගැන. ඒවගේම මේක අනිත් එපිසෝඩ් තරන් හොද නැ කියල තමයි මටනන් හිතෙන්නෙ. ඒකට හේතුව තමයි මේ එපිසෝඩ් එකේ ලොකුම අරමුණ උනේ captain coldව legends of tomorrow එකට හරියට හදලා ගන්න.

1- ලීසා12063300_543150309166638_1572886225647931107_n

මේ එපිසෝඩ් එකේ අපිට ලීසගෙ වෙනස්ම පැත්තක් බලාගන්න හම්බුනා. වෙලාවකට මට හිතුන මෙයා ඇත්තටම මංකොල්ල කාරියක්ද කියල. මොකද මෙයත් එයාගෙ අයියා වගේම භයානක චරිතයක්. ඒවගේම අපිට කෝල්ඩ්ගෙත් වෙනස් පැත්තක් දකින්න ලැබුනා. ඒවගේම එයාගෙ රහසත්, එයා එයාගෙ නංගි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියන එක. කොමික් වල උනත අයියයි නංගියි අතර මොන ප්‍රශ්න තිබුනත් මේකනන් කවදාවත් වෙනස් වෙලා නෑ.

2- සිස්කො & ලීසාtumblr_nwjpao6gXL1tbsjlbo1_400
වෝඔහා සිස්කොටත් ඒනන් හරිගියා. හැබැයි මෙතනන් පොරට හරි ගියාද වැරදුනද කියලනන් මට තාමත් හිතාගන්න බෑ. කොහොමහරි මේ දෙන්නගෙ කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑනේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා

3- නර්ෆ් කලෙක්ශන්1506613_543150335833302_7998292511968189543_n
කෝල්ඩ් එක හැම පාරකම මොකක් හරි තුවක්කුවක් තියෙනවා කොහෙහරි. මෙතනදි මට විතරද සිස්කොගෙ නර්ෆ් කලෙක්ශන් එක ගැන මතක් උනේ

4- Francine west12003175_543150345833301_236917004803562142_n
අයිරිස්ගෙ අම්මා, ශෝ එකේ ඉන්නවට ඉන්න කිසිම වැඩකට නැති චරිතයක්. හැබැයි මට හිතෙන්නෙ වොලීව ශෝ එකට ගෙන්නන්න තමයි මෙයාව අරන් තියෙන්නෙ. Vanessa Williams තමයි මේ චරිතෙට රගපාන්නෙ. ඔයගොල්ලො හිතන්නෙ වොලී කාගෙ කවුරු වෙයිද ? කොමික් වල වගේ අයිරිස්ගෙ සහෝදරයගෙ පුතෙක්ද එහෙමත් නැත්තන් මෙයා සෙන්ට්‍රල් සිටි වලින් පිට හිටිය කාලෙ එයාට හම්බුන ලමයෙක්ද ඒ කියන්නෙ අයිරිස්ගෙ සහෝදරයෙක්ද?

5- ස්පීඩ් කැනන්12122926_543150382499964_6544264489719093171_n
මේක වෙන ලෝකෙකට දොරක්නන් මේක මෙහෙම ඇරලා දාලා ගියාම හරියනවද? ඒක නිකන් හරියට රෑට දොර ඇරල නිදා ගත්තා වගේනෙ. උදේ බලද්දි බඩු ඔක්කොම මිසින් ඌප්ස්. සිරාවටම ඕනම කෙනෙක්ට එන්න පුලුන්නෙ ඕක ඇරලා දාලා තිබ්බොත් (Earth 2 වල ඕනම කෙනෙක්ට)

6- වෙල්කම් 2 අර්ත් 1 මිස්ට වෙල්ස්tumblr_nwkrp4dfle1saqgydo3_400
මොකද්ද මන් කලින් කිව්වෙ, ඕනම කෙනෙක්ට….. එක්කො ඕන්නෑ මෙව්වා කිව්වයි කියලා උන්ට ඇහෙනවැයි. කොහොමහරි හැරිසන් වෙල්ස් අර්ත් 1 වලට ආවා ඒනන්. ඒවගේම කියන්න ඕන මෙයා කලින් හිටපු වෙල්ස් නෙවේ ඒවගේම මන් හිතන්නෑ මෙයා සූම් කියලා මොකද කලින් කරපු දෙයක් ආපහු කරන එක එච්වර ඇගට හොද දෙයක් නෙවේ. හැබැයි මෙයා එනකොට මූනෙ තිබ්බෙනම් පුදුම නපුරු පෙනුමක්, කොහොමහරි මෙයා ටීම් ෆ්ලෑශ් එක්ක එකතු වෙලා වැඩ කරනවා කියලා තමයි ආරංචිය.

7- ආආආඅ ජේ & කේට්ලින්12032090_543150409166628_8682607434846365518_n
සයන්ස් නර්ඩ්ස්ලා දෙන්න අතරෙ පොඩි සීන් එකක් යනවා වගේ ඒවගේම බැරි සහ පැටි ගැනත් අමතක කරන්න හොද නැහැ. කොහමහරි දැන් මගෙ කැමතිම කාන්තා චරිතය පැටී කියල මට හොදටම විස්වාශයි.

8- ෆයස්ටෝම් මේට්‍රික්ස්12032090_543150419166627_325945547494426237_n
රොනී නැතුව ෆයස්ටෝම් මේට්‍රික්ස් එක පිස්සු කෙලිනවා, ෆයස්ටෝම් මේට්‍රික්ස් එකට දෙන්නෙක් ඕනා ක්‍රියාත්මක කරන්න මාටින්ට තනියම ඒක පාලනය කරන්න බෑ ඒකයි මාටින්ට මෙහෙම වෙන්නෙ අපිට ඊලග එපිසෝඩ් එකේ තව විස්තර බලාගන්න පුලුවන් tumblr_nwjpeoo6Fu1tbsjlbo1_400

9- අන්කල් සෑම්10425025_543150449166624_1897899563615375398_n
බැරී ස්නාර්ට් එක්ක වැඩකරන්න යන්නෙ මොන නමින්ද ? සෑම් නේද? ස්නාර්ට්ගෙ තාත්තාට රගපාන Michael ironside මීට කලින් smallville එකේ හිටියා ඒ ලොයිස් ලේන්ගෙ තාත්තා, General sam lane විදිහට, සෑම් හහ්. ඒවගේම smallville එකේ ලොයිස්ගෙ නංගිට රගපෑවෙ peyton list එහෙමත් නැත්ත ෆ්ලෑශ් බලන අය දන්න විදිහට කියනවනන් ලීසා ස්නාර්ට්. හහ් කොහොමද ස්මෝල්විල් එකෙත් තාත්තයි දූයි ෆ්ලෑශ් එකෙත් තාත්තයි දූයි.

‪#‎Shazam‬

Author

One thought on “The Flash : Season 2 Episode 3 – Family of rogues | දෙවන අදියරේ තෙවන කොටසේ විග්‍රහය

  • ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *