The Following දෙවනවර පමණක් නෙමේ, තෙවැනි වාරයකුත් තියෙනවා….
මතක ඇතිනේ කලින් කිව්වා The Following දෙවන කතා සමයක් එන බව. මේ කියන්න යන්නේ දෙවන තෙවන කතා සම දෙකම ගැන. ඒ වගේම ඒ කතා සම දෙකේ අන්තර්ගතය කොහොම වේවිද කියලත්. මෙන්න මේ වගේ ගැටළු මතුවෙමින් පවතිනවා දැන්. මිනීමරු ජෝ කැරොල් තවමත් ජිවතුන් අතරද? තවත් අලුත් අනුගාමිකයෝ ඉන්නවද? ඒ වගේම පුදුමකරවන අවසානය කෙසේ නව ආරම්භයක් ගනීවිද?
මේ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු ලබා ගන්න දෙවන කතා සමය ආරම්භ වන තුරු බලා සිටින්න වෙනවා. මෙම කතාවේ නිර්මාතෘවරයා වන කෙවින් විලියම්සන් කලින් හැම කොටසකම අවසානයේ තබා යන ප්‍රශ්ණ පත්‍රය මේ වතාවෙත් ඉතිරිකර හමාරයි. මේ වන විට මෙහි රසිකයෝ යම් යම් නිගමනවලට එන්න ඔවුන් ඔවුන් අතර කතා බහ කරන්න තරමට මෙම කතාව ප්‍රේක්ෂක හිත වලට කාවද්දන්න කෙවින් සමත් වෙලා තිබෙනවා.
තවමත් එහෙන් මෙහෙන් එන ආරංචි පමණක් වන නිසා මේ ගැන හරියාකාරව තොරතුරක් එළියට නොදෙන්න කතා නිර්මාතෘ කෙවින් තරයේ වග බලාගෙන තිබෙනවා. ඒ වගේම පොඩි ආරංචියක් තිබෙනවා මෙහි විධායක නිෂ්පාදක මාර්ගෝ සීගා ප්‍රකාශ කරන අන්දමට කෙවින් මුල ඉඳන්ම The Following කතා සම තුනක් ගැන ස්ථිර අඩිතාලමක් දමා ඇති බවක් ගැන. එය ඔහුට ඊටත් වඩා දුරට ගෙන යා හැකි මට්ටමක පවතින බව ඔහු සමඟ මුලින්ම කතා කළ අවස්ථාවේ දැනගන්නට ලැබුණා කියලා තමයි මාර්ගෝ කියන්නේ.
පළමු කතා සමය අවසන් වන්නේ ජිවිත තුනක් පිළිබඳ ප්‍රශ්නය අප හමුවේ තබා. ඒ තමයි,
1. ජෝ කැරොල් තවමත් ජිවතුන් අතරද?
2. රයන් හාඩි අවසානයේ බේරෙනවද?
3. ඒ වගේම ක්ලෙයාර් තවදුරත් ජිවත් වෙනවාද? කියන ප්‍රශ්න අප හමුවේ තබලා.
ඒ වගේම මේ කතාව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ජෝ කැරොල් තමන් ලියන පොත අරමුණු කරගෙන නිසාත් එහි ප්‍රධාන චරිත වන රයන් හාඩි සහ ක්ලෙයාර් මැතිව්ස් නැතිව ජෝ කැරොල් හෝ ඔහුගේ අනුගාමිකයන් තවදුරටත් අනුගමනය කරන්නේ මොන වගේ දෙයක්ද කියන ප්‍රශ්නෙත් ඒ අතර තිබෙනවා. ප්‍රේක්ෂක අදහස වන්නේ ඔවුන් දෙදෙනා දෙවන කතා සමයටත් සිටිය යුතු බවයි. තවම නොවිසඳුණ මේ අභිරහස විසඳගන්න අපි හැමෝටම 2014 ජනවාරි මාසය වෙනතුරු බලා සිටින්න වෙන බව කෙවින් විලියම්සන් පවසනවා. ඔහු එසේ පැවසුවත් ඔහු කොටස් නිර්මාණය කර ඇති ආකාරයට අපිට නම් කොටස තුනක් වත් යනකන් බලන් ඉන්න වෙයි මොනවගේ අතකට මේ කතා මාලාව දෝලනය වෙනවාද කියලා හොයා ගන්න.
ane manda yako 2014 wenakamma inna epaya ban.
patta tv show ekak.. maru
අනේ මේ කතාව මගේ පුංචි මනස බොහොම තදට කලබනවා…!
හසන්ත අයියත් පෝර දානවනෙ මේ කතා ලියන උන්ට…!
දැන් ඉතින් ඉදපන්කෝ 2014 වෙනතුරු බලාගෙන…!
දැනුවත් කරල අපිට වද දුන්නට බොහොම ස්තුතියි…!
අපෙත් ඉවසා සිටීමේ සීමාවක් තියනව ඒක 2014 වෙනකම් අදින්න බැහැ…!
niyamai.
season 1 wgma anit season tikt baiscopelk 1kn labena eknm sure!!
ela