ට්‍රේලර්වීඩියෝසියල්ල

The Good Dinosaur (2015) – හොඳ මිතුරු ඩයිනසෝරයා….

අද මං අරගෙන ආවේ නිකුත් කිරීමට නියමිත සජීවිකරණ චිත්‍රපටයක තොරතුරු රැගෙනයි. පෘතුවිය ජීවය උල්කාවක් මගින් වෙනස් වීම නිසියාකාරව සිදු නොවුනානම් සහ ඩයිනෝසරයන් සහමුලින්ම මෙලොවින් සමු නොගත්තානම්? මිතුරු ඩයිනසෝරයෙකු හා කුඩා දරුවෙකුගේ මිතුරුකමක් මත ගොඩනැගෙන මේ සලරුව Disney/Pixarහි නිපැයුමක් වන අතර නමින් The Good Dinosaur.

The_Good_Dinosaur_Teaser_Poster_JPosters 2

“ආර්ලෝ” අඩි 70ක් උස තරුණ ආපටෝසොරස් ඩයිනසෝරයෙකි. ඔහුගේ මිතුරා වන්නේ “ස්පොට්” නම් කුඩා මිනිස් දරුවෙකි. තවමත් කතාව පිළිඹඳව ප්‍රසිද්ධ කර ඇත්තේ මෙපමණ වූවාට මෙහි අනෙකුත් තොරතුරු දැනටම නිකුත් කර ඇත. ඒ අනුව මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Bob Petersonය. හඬ නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් වන මොහු Disney/Pixarහි ප්‍රකට චරිතයක් වන අතර Disney/Pixar නිර්මාණ ගණනාවකටම සහයෝගය දී ඇත. මෙහි තිර පිටපත් රචනය Enrico Casarosa සහ Bob Peterson විසින් සිදු කරයි. නිෂ්පාදනය John Lasseter, John Walker විසිනි. Judy Greer, Neil Patrick Harris, Bill Hader, Lucas Neff, John Ratzenberger වැනි හඬ නළුවන් මෙයට හඬින් දායක වනු ඇත. මෙය නැරඹීමට නම් ලබන වසර අවසන් වන තුරු බලා සිටීමට සිදුවනවා. මොකද මේ වසරේ නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වන විට 2015 November 25 දක්වා කල් දමා ඇති බැවිනි..

මෙයට පෙර Disney/Pixarලාගේ Planes: Fire & Rescue හා බොහෝ දුරට Planes 03 තිරගත වීමට නියමිතය.

තිරයට එන දිනය: 2015 නොවැම්බර් 25

Author

2 thoughts on “The Good Dinosaur (2015) – හොඳ මිතුරු ඩයිනසෝරයා….

  • නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍දැ‍නු‍වත්‍ ‍ක‍රා‍ට ස්‍‍තූ‍ති‍යි……

    Reply
  • ලස්සන කතාවක් වගේ.
    2015 අන්තිම වෙනකං ඉවසන්න වෙන එක තමයි අමාරු.
    ගොඩක් ස්තූතියි නියෝ විස්තරේට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *