ට්‍රේලර්පුවත්වගතුගසියල්ල

The Hobbit: The Battle of the Five Armies – වසර අවසානයේ දැවැන්තම යුද්දය (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැස සමඟ)

පීටර් ජැක්සන් අතින් සිනමාවට නැගෙන මධ්‍යම පෘතුවියට කරා යන හයවන සංචාරය වසර අවසානයේ දැවැන්තම සිනමාපටයක් ලෙස තිරගත වීමට සූදානම්ව පවතිනවා.

the-hobbit-3

J. R. R. Tolkien ගේ හොබිට් කෘති ඇසුරින් නිමවන මේ තෙවන හොබිට් සිනමාපටයේ නිෂ්පාදනය ගැන අධ්‍යක්ෂ පීටර් ජැක්සන් නිල වශයෙන් 2012 ජූලි 30 වන දින පවසා සිටියේ  පෙර සිතා තිබූ හොබිට්  කෘති සිනමාපට ද්විත්වයකට ගෙන ඒම සිනමාපට ත්‍රිත්වයක් බවට පත් කරමින්ය. ඒ අනුව 2012 දී The Hobbit – An Unexpected Journey2013 දී The Hobbit The Desolation of Smaug ද තිරගත විය.

Battle-of-5-armies

මේ අනුව වසරක් තිස්සේ ලොව පුරා සිනමා රසිකයන් මග බලා සිටිනුයේ දෙවසරක් පුරා දිගහැරුණු කතාන්දරයේ අවසානය දකින්නටයි. එලෙස බලා සිටින සිනමා රසිකයන්ට දැකගැනීමට මේ වන විට එහි පළමු නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබෙනවා.

01

 

තුන්වන සිනමාපටයට There and Back Again ලෙස මුලින් සැලසුම් කල නම වෙනුවට ජැක්සන් 2014 අප්‍රේල් The Battle of the Five Armies ලෙස නම වෙනස් කරන ලදී. ඒ අනුව මෙහි නිල නාමය ලෙස The Hobbit: The Battle of the Five Armies ලෙස තහවුරු කරනු ලැබුවා.

0

අධ්‍යක්ෂණය Peter Jackson
නිෂ්පාදනය
  • Carolynne Cunningham
  • Peter Jackson
  • Fran Walsh
  • Zane Weiner
තිර රචනය
  • Fran Walsh
  • Philippa Boyens
  • Peter Jackson
  • Guillermo del Toro
පදනම් කරගනු ලැබුයේ The Hobbit
by J. R. R. Tolkien
රංගනය
  • Ian McKellen
  • Martin Freeman
  • Richard Armitage
  • Evangeline Lilly
  • Luke Evans
  • Lee Pace
  • Benedict Cumberbatch
  • Ken Stott
  • James Nesbitt
  • Cate Blanchett
  • Ian Holm
  • Christopher Lee
  • Hugo Weaving
  • Orlando Bloom
සංගීතය Howard Shore
සිනමාරූපනය Andrew Lesnie
සංස්කරණය Jabez Olssen
නිෂ්පාදන ආයතන
  • New Line Cinema
  • Metro-Goldwyn-Mayer
  • WingNut Films
බෙදාහැරීම Warner Bros. Pictures
නිකුත් කරන දිනයන්
  • December 12, 2014(United Kingdom)
  • December 17, 2014(United States)
රූගත කල රටවල් New Zealand
United Kingdom
United States
භාෂාව English

පෙර පිරිසට අමතරව ෂර්ලොක් තුලින් ජනප්‍රිය වූ Benedict Cumberbatch මෙවරද මකරාගේ හඬ වෙනුවෙන් පමණක් නොව නෙක්‍රෝමෙන්සර් නම් චරිතයටද දායක වනවා.

1415226_1464160763814727_2000789350_o

මෙවර කතාව ගැන තවමත් නිසි තොරතුරක් නිකුත් කර නොමැත. නමුත් මෙවර කතාව මෙතෙක් පැමිණි දැවැන්තම හොබිට් සිනමාපටය වනු ඇති බව පැවසේ. දෙවන සිනමාපටය අවසන් වූයේ මකරාගේ නිදහස් වීම සමඟ විල් නගරය විනාශ කිරීමට පිටත්ව යාම සමඟය. මෙවර පූර්ව ප්‍රචාරක පටයට අනුව මෙවර කතාව ආරම්භයම දැවැන්ත විනාශයකින් පටන් ගනු ඇත. එහිදී හොබිට් ත්‍රිත්වයේ සිදුවන තොරින් ගේ කණ්ඩායමේඑක් අයෙකු හෝ මරණයට සිදුවනු ඇත.

4

 

එමෙන්ම තම උරුමය ලබාගැනීමට මෙන්ම ස්මග් නම් මකරාගෙන් පලිගැනීමට යන තොරින් ඇතුළු පිරිසට මෙවර දැවැන්ත සටනකට මැදිවන්නට වේ. එහිදී මකරාට අමතරව ආසොග් ඇතුළු ඕක්ස් පිරිසට මෙන්ම තවත් සතුරන් ගණනාවකට මුහුණ දෙන්නට සිදුව ඇත. එමෙන්ම පෙර ද්විත්වයේම සඳහන් වූ නෙක්‍රෝමෙන්සර් නම් මායාකරුගේ නැගී සිටීම සිදුවනු ඇත.

02

 

මේ දැවැන්ත සිනමාපටය දැකගැනීමට දෙසැම්බර් 17 වන තුරු බලා සිටීමට සිදුවේ.

Author

7 thoughts on “The Hobbit: The Battle of the Five Armies – වසර අවසානයේ දැවැන්තම යුද්දය (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැස සමඟ)

  • Thama film eka awe naddooooooooooooooo.?

    Reply
  • kawdada baiscope ekta meka sub ekka enne?

    Reply
  • sub 1a enna thawa kal yaida. . . .?

    Reply
  • TODAY IS 17 AND STILL ITS NOT OUT????

    Reply
  • mekanam balanna oni macho
    oya sharlock eke inna actorla dennama
    man aasama 2nnek ban
    maarama acting tama a ayage tiyenne

    Reply
  • ‍අම්‍‍මෝ, ‍ගො‍ඩ ‍කා‍ලෙ‍කින්‍ ‍මං‍‍ස‍ල‍ට ‍ගො‍ඩ ‍උ‍නේ.
    ‍ආ‍පු ‍ග‍මන්‍ ‍දැක්‍‍කේ ‍සු‍පි‍රි ‍ලි‍පි‍යක්‍.
    ‍අ‍නි‍වා ‍මාත්‍ ‍මේ ‍අ‍ව‍සන්‍ ‍එ‍ක ‍දැ‍වැන්‍‍ත ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍වෙ‍යි ‍කි‍ය‍ලා ‍බ‍ලා ‍පො‍රොත්‍‍තු ‍වෙ‍න‍වා.
    ‍දැ‍නු‍වත්‍ ‍කි‍රී‍ම‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍ති‍ස‍ර ‍අ‍යි‍යේ.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *