වගතුගසියල්ල

The Living Daylights (1987) | ජේම්ස් බොන්ඩ් හා සැඟවුණු සැලැස්ම…

The Living Daylights (1987) fi

ඔන්න මේ වතාවෙත් බොන්ඩ් ලිපිය දෙන්න හොඳටම පරක්කු වුනා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා, මේ ටිකේ වැඩ අධික සමයක් ඒවත් කරගන්න එපාය. හොඳයි අද බොන්ඩ් වෙනස් කතාවක් වෙනවා. කොටින්ම කියනවා නම් මෙතෙක් දැක්ක කෙනා වෙනස් අද බොන්ඩ් වෙන්නේ Timothy Dalton. ඔහු තමයි බොන්ඩ් නිල චිත්‍රපටයක බොන්ඩ් ලෙස රංගනයෙන් එක්වෙන් සිව්වන නළුවා වෙන්නේ. මේ තමයි 15 වන බොන්ඩ් චිත්‍රපටය. ඒ වගේම මේ වතාවෙත් John Glen තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. 

ඩොලර් මිලියන 40 වියදමෙන් නිර්මාණය කල මේ චිත්‍රපටය ලොව පුරාම ඩොලර් මිලියන 191 ක් ඉක්මවන ආදායමක් උපයා ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම IMDB සිනමා දර්ශකයේ 6.6 ක අගයක් දිනාගෙන තියනවා. මේක තමයි 2006 බොන්ඩ් චිත්‍රපටය එනකම් අවසාන වශයෙන් ෆ්ලෙමින්ගේ පොතක නමක් චිත්‍රපටයේ නම වශයෙන් යොදාගත්තා බොන්ඩ් චිත්‍රපටය වෙන්නෙත්. මේ සඳහා යොදාගෙන තියන පොත තමයි “The Living Daylights”. මිනිත්තු 131ක් පුරා දිවයන මේ චිත්‍රපටය 1987 ජුනි මාසේ 29 චෙනිදා තමයි මහා බ්‍රිතාන්‍ය දී තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ. 

අධ්‍යක්ෂක හා විචරක මතයට අනුව පහුගිය බොන්ඩ් චිත්‍රපටය ආසාර්ථක නිර්මාණයක් ලෙස තමයි හැඳින්වෙන්නේ. ඉතින් ඒ මුල්‍යා අසාර්ථක භාවය එක්ක මේ වතාවේ චිත්‍රපටය බොන්ඩ් නැවත ඉපදීමක් කරන්න තමයි මුදල් යොදවන පිරිසට ඕනේ වෙලා තියෙන්නේ. මෝර් මේ වතාවේ තමන්ගේ රගපෑම මේ සඳහා එකතු නොකරන්න තරයේම වග බලාගෙන තියනවා, ඔහු මේ යන්නේ වසර 12ක් බොන්ඩ් කිරුල දරුවට පස්සේ, ඔහු සම්පුර්න් බොන්ඩ් චිත්‍රපට 7 සඳහා තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියනවා. අනික මේ චිත්‍රපටය හැදෙනකොට ඔහුගේ වයස අවුරූදු 59 වෙලා. ඉතින් ලේසි නැහැ නේ ක්‍රියාදාම ලොවේ රජ කිරුල දිගටම දරාගෙන ඉන්න. අලුත් බොන්ඩ් තෝරාගන්න තරගයේ ඉදිරියෙන්ම ඉදලා තියෙන්නේ 1986 වෙනකොට  Sam Neill, Pierce Brosnan හා Timothy Dalton කියන උදවිය. Pierce Brosnan තමයි මුලින් තෝරාගෙන තියෙන්නේ නමුත් ඒ කාලේ NBC නාලිකාවේ එයා රංගනයෙන් දායක වුන කතාවක හුටපටයක් එක්ක එයා ඉවතට විසි වෙලා තියනවා (මදකට හොඳේ පස්සේ අයෙත් බොන්ඩ් වෙන්න මෙය සමත් වෙනවා). අන්තිමට කොහොම කොහොම හරි ලොකු කතා ගොඩක් එක්ක Timothy Dalton බොන්ඩ් ලෙස අපිට දකින්න ලැබෙනවා.

mda012

මේ වතාවේ බොන්ඩ් සුරුපිනිය වෙන්නේ Maryam d’Abo, ඇය හිටපු මෝස්‌තර නිරුපන ශිල්පිනියක්. Jeroen Krabbé  තමයි ද්‍රෝහී සෝවියට් ජෙනරාල් වරයා ලෙස මේ වතාවේ බොන්ඩ් ගේ ප්‍රධානම සතුරු භූමිකාව එක්ක එකතු වෙන්නේ. ඔවුන්ට අමතරව Joe Don Baker, John Rhys-Davies, Art Malik, Robert Brown වගේ තවත් විශාල පිරිසක් එකතු වෙනවා. 

aston-martin-v8003

මේ වතාවේ තවත් සුපුරුදු කෙනෙක් නැවතත් බොන්ඩ් හා එකතු වෙනවා. ඒ තමයි සුපිරි බොන්ඩ් පදවාගෙන යන සුපිරි Aston Martin රථ. මුල් බොන්ඩ් චිත්‍රපටි වල අපි බොන්ඩ් දැක්කේ මේ වර්ගයේ රථ එක්ක නමුත් පස්සට යනකොට මොර්ගේ ආගමනය එක්ක ෆෝර්ඩ්, ලෝටස් වගේ මෝටර් රථ බොන්ඩ් යොදාගන්න ගත්තා නේ. ඔන්න දැන් අයෙත් V8 Volante වර්ගයේ රථයක් බොන්ඩ් නිල වාහනය බවට පත් වෙලා තියනවා. 

gadget001
සාක්කු දුරදර්ශකය
gadget006
ආයුධ සෙවුම් යන්ත්‍රය
gadget014
බොන්ඩ් වෙත වැඩි තැබීමට යෝදාගන්න්නා විශේෂ අධිවේගී තුවක්කුව
gadget011
ප්‍රධාන දුෂ්ට චරිතය පළදින ඔරලෝසුව

මේ වතාවෙත් පරාධ ගැජට් කිහිපයක් යොදාගන්නවා දකින්න ඇති බොන්ඩ් හා අනික් පිරිස. දැන් ඒ මොනවාද කියලා දැකලා තියන නිසා මම ආයෙත් කියන්න යන්නේ නැහැ. බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් පහත ලින්කුවෙන් ගිහින් බලන්න සිංහල උපසිරැස එක්කම චිත්‍රපටය.

Baiscopelk Icon

Author

2 thoughts on “The Living Daylights (1987) | ජේම්ස් බොන්ඩ් හා සැඟවුණු සැලැස්ම…

  • ‍නි‍ය‍ම‍යි………. ‍
    බොන්‍ඩ්‍ ‍ෆිල්‍ම්‍ ‍ගැ‍න ‍තා‍මා ‍මේ ‍ටි‍කේ ‍ලි‍පි ‍ලි‍යන්‍‍නේ ‍ව‍ගේ……………..

    Reply
  • elazzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *