ට්‍රේලර්වීඩියෝසියල්ල

Transcendence (2014) – නැවතිය නොහැකි යාන්ත්‍රික මනස….

ඔන්න කාලෙකට පස්සේ මේ සුදානම එන්න තියන තවත් සුපිරි චිත්‍රපටයක් ගැන කතා කරන්න. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Wally Pfister ඔහුව නම් දන්නේ නැතුව ඇති එහෙම කිව්වාට, නමුත් ලේසි නැහැ අපි හැමෝම ආදරය කල The Dark Knight සිනමා සිත්තම් ත්‍රිත්වය, Inception (2010) වගේ සුපිරි සිනමා නිර්මාණ වෙනුවෙන් සිනමා යාන්ත්‍රික පැත්තෙන් එක්කාසු වුවෙක්. මේ තමයි ඔහුගේ කුලුදුල් අධ්‍යක්ෂණය. මෙය ක්‍රියාදාම හා විද්‍යා ප්‍රබන්ධ ගනයේ චිත්‍රපටයක්.

transcendence_2014

ඒ වගේමයි පිටපත් රචකයාත් අලුත් මුහුණක්. නමින් ඔහු Jack Paglen හැබැයි දැම්ම එන්න තියන Prometheus 2 චිත්‍රපටයේ පිටපත් රචකයා ලෙස ඔහු නම්කර හමාරයි. නමුත් ඕවා වැඩක් නැහැ නෙව අපේ රසිකයනට මෙන්න මේකට නම් කැමති වේවි, මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ…. සුපිරි නළු Johnny Depp. ඒ මේ වසරේ ඔහු රංගනයෙන් දායක වෙන එන්න තියන සිනමා සිත්තම් 4න් එකක්. ඔහුට අමතරව Kate Mara, Morgan Freeman, Rebecca Hall, Cillian Murphy, Paul Bettany වගේ පිරිසක් රංගනයෙන් දායක වෙනවා. 

Transcendence (2014) 1

කතාව වෙන්නේ මෙහෙමයි, කෘතීම බුද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන විද්‍යාඥයෙක් ඉන්නවා, නමුත් ඔහු බොහොම අසනීපෙන් ඉන්නේ. ඉතින් ඔහු ගෙන යන පරික්ෂනත් එක්ක ඔහු තමන්ගේ බුද්ධිය බාගත කරනවා සුපිරි පරිගණකයකට. නමුත් දැන් වැඩේ ලේසි නැහැ ඔහු කවරදාවත් හිතුවාට වඩා බලයක් මේකෙන් ඔහුට ලැබෙනවා, එය සීමාවෙන් එහා ගියා එකක්, ඉතින් මොනවා වේවි ද….? ඕක දැනගන්න නම් එනකම් ඉන්න වෙනවා ඉතින්….

තිරයට එන දිනය : 2014 අප්‍රේල් 17 

Author

4 thoughts on “Transcendence (2014) – නැවතිය නොහැකි යාන්ත්‍රික මනස….

  • The vampire Diaries TV series 1ke Subtitles dandako. Season 2 specially.

    Reply
  • ela ela niyama kathawak wage thanks

    Reply
  • මග බලාගෙන ඉන්නේ

    ස්තූතියි සහෝ දැනුවත් කිරීමට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *