Vaalu (2014) – වේලු…
වෙනදා වගේම ඔන්‍න අදත් මම මංසල වෙත ගොඩ වැදුනේ, ඉදිරියේදී නිකුත් වීමට නියමිත දෙමල චිත්‍රපටයක් ගැන ඔයාලව දැනුවත් කිරීමටයි. මේ චිත්‍රපටයත් සුපිරි නලුවන් ගේ ගනයට අයත් චිත්‍රපටයක් තමා. නමුත් බොහෝ විට මේ නලුවාගේ චිත්‍රපට ඉතාමත් අතලොස්‍සක් පමනක් තමා ඔයාලා නරඹලා ඇත්‍තේ. මන්‍ද අපේ මව් අඩවියෙන් මම දන්‍නා පමනින් මේ නලුවාගේ එකම එක චිත්‍රපටයකට තමා සිංහල උපසිරැසි ලබා දී තිබෙන්‍නේ.
මේ නලුවා තමා “සිම්‍බු” දීර්‍ග නාමය වන්‍නේ “සිලම්‍බරසන්”. ඒ වගේම කොලිවුඩ් වල බොහෝ නළු නිළියන්‍ට පටබැදි නාම තිබෙනවා. ඒ විදිහට සිම්‍බු හට පටබැදී නාමය වන්‍නේ, “ලිට්‍ල් සුපර් ස්‍ටාර්” යන්‍නයි. මෙහි ප්‍ර්‍ධාන නිළි චරිතය, හංසිකා මෝට්‍වානී” රග දක්‍වයි. ඒ වගේම සුපුරුදු ලෙස කොමඩි චරිතයට එක් වන්‍නේ “සන්‍තානම්”ය. දිගු නිහැඩියාවකට පස්‍සෙ තමා සිම්‍බුගේ චිත්‍රපටයක් පැමිනෙන්‍නේ. හරියටම කිව්‍වොත් වසර 2කට පස්‍සේ තමා. නමුත් ඔහු සුලු චරිත සදහා චිත්‍ර්‍පටයකට මෑතකදී එක්‍ව තිබුනා. චිත්‍රපටය අධ්‍යක්‍ෂනය කරන්‍නේ, Vijay Chandar. සංගීත අධ්‍යක්‍ෂනය S. Thaman විසිනි. මේ චිත්‍රපටය Action – Comedy ගනයට අයිති එකකි. ඒ වගේම සුන්‍දර ආදර කතාවකින්‍ද යුත් කතාවකි. එමෙන්‍ම මෙහි ලස්‍සන ගීත ද අඩංගු වී තිබෙනවා. හැකිනම් ඒවට සවන් දී බලන්‍න. එහෙනම් මම ගියා. නිකුත්‍වන දිනය 2014 අගෝස්‍තු 15 කියලා සදහන් කර තිබුනද සමහර විට 2014 නොවැම්‍බර් දක්‍වා කල් යාමට ඉඩ තිබේ.
elaz
ස්තූතියි සහෝ දැනුවත් කිරීමට