කොමික්ට්‍රේලර්දැනුමටපුවත්වගතුගවිචාරවීඩියෝසියල්ල

Zack Snyder’s Justice League (2021) Trailer Breakdown දන්න සිංහලෙන්…

අවුරුදු දෙකකට පස්සෙ ආයෙමත් මුණගැහෙන්නෙ වසර තුනක් පුරාවටම ලොව පුරා විසිරි ඉන්න රසික/රසිකාවියන් කොයි කාගෙත් අවධානය දිනාගෙන අවසානයෙ මෑත කාලිනව වැඩි වශයෙන් හැමෝම අතරේ කතාබහට ලක් වුන ආදරණිය අධ්‍යක්ෂවරයා Zack Snyder යටතේ නිර්මාණය වුන (තවම ඉවර නැහැ) Justice League Director’s Cut එහෙමත් නැත්තම් Snyder Cut එකේ අද (අගෝස්තු 23) උදෑසන අලුයම 3.00ට ආරම්භ වූ පැනල් එකේදී නිකුත් කරපු විනාඩි 02, තප්පර 43 ක ටිසර් ට්‍රේලර් එකක හැදින්වීමක් කරන්නයි. පැය කිහිපයක් ඇතුලත සිංහල උපසිරැසි ගන්වපු ට්‍රේලර් එකත් අපි ලබා දීලා තියෙන්නෙ. ඒත් තාමත් බැලුවේ නැත්තම් මේ පොස්ට් එකෙ තියෙන යූටියුබ් ලින්ක් එකෙන් ගිහිං ට්‍රේලර් එක බලන්න. එහෙම නැත්තම් මේ හැදින්වීම කරන අතරතුරේ බලන්න.

                                                 

හැදින්වීම කරන්න කලින් කියන්න ඕන Zack Snyder’s Justice League චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2021 වසරේදී. හැබැයි තවමත් නිකුත් වන දිනයක් ගැන කිසිම සදහනක් නැහැ. ආරංචියෙ හැටියට මුල් මාස කිහිපය ඇතුලත HBO Max හරහා නිකුත් කෙරෙනවා. ඒවගේම තමයි නිකුත් වෙන්නෙ සම්පුර්ණ තනි චිත්‍රපටයක් විදිහට නම් නෙවෙයි. පැයක ධාවන කාලයක් තියෙන කොටස් හතරක් විදිහට.

එහෙමනම් ඉතිං අපි පූර්ව ප්‍රචාරක පටයේ අවසානයේ සිදුවුණු සරල සිදුවීමකින්ම පටන් ගම්මුකො එහෙනම්.

01)  මතක ඇතිනෙ Batman vs Superman චිත්‍රපටය පටන් ගත්තෙ මීට කලින් සිදුවුන සිදුවීම් පෙළක ආරම්භයක් එක්කයි. ඒ කිව්වේ බෲස්ගෙ අම්මාගෙයි තාත්තාගෙයි මරණෙන්. අපිට අලුතින් නිකුත් වුන ටිසර් ට්‍රේලර් එකෙත් ඒ සමාන දෙයක් දකින්න ලැබෙනවා. ඒ තමයි BvS චිත්‍රපටයෙ සුපර්මෑන් ඩූම්ස්ඩේව මරන්න ගිහිං අන්තිමේදී සුපර්මෑන් එහෙමත් මැරෙනවා ඩූම්ස්ඩේගෙන් එල්ලවුන පහර දීමක් නිසා. ඒ සිදුවීමම මේ ටිසර් එකෙත් දකින්න ලැබෙනවා.      

                                                                                                                                                                                                  

02)  ටිසර් ට්‍රේලර් එක පටන් ගන්නෙම බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටිය කෙනෙක්ගෙන්. ඒ තමයි Uxas එහෙම නැත්තම් ඔය කොයි කවුරුත් දන්න කියන ඩාක්සයිඩ්ගෙ තරුණ කාලෙ මුහුණුවර එක්ක. 2017 දී නිකුත් වුන එකේදී අපිට ඔය කෙනාව දකින්න ලැබුනෙ නැහැ. ඒ වෙනුවට දකින්න ලැබෙන්නෙ ස්ටෙෆන්වුල්ෆ් ප්‍රධාන සතුරා කරපු චිත්‍රපටයක් වගේම ඩයෑනා කියන ස්ටෙෆන්වුල්ෆ්ගෙ අතීත කතාවත් එක්කයි. මේකෙදි පෙන්නන්නෙ ඩාක්සයිඩ් ක්‍රියාත්මක කරන Anti-Matter Equation සිදුවීමක් එක්කයි.

Anti-Matter Equation – ඒ කියන්නෙ අපි කොයි කාටත් පිහිටලා තියෙන මනසවල් හැම එකක්ම තනි ජාලයක් බවට පත් කරලා, අවශ්‍ය වෙලාවට හසුරවන්න ලැබෙන ස්විච් එකක් වගෙ දේකට තමයි Anti-Matter Equation කියන්නෙ. මේක නිකන් හිතු පමණින් කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි. මේකට ක්‍රමවේදයක් එහෙම නැත්තම් සමීකරණයක් තියෙනවා. මෙන්න මේ සමීකරණය විසදගන්න කෙනාට තමයි ඔය කියන බලය හොයාගන්න ලැබෙන්නෙ.

Loneliness (තනිකම) + Alienation (කලකිරී වීම) + Fear (බය) + Despair (බලාපොරොත්තු නැතිකම) + Self (ආත්මාර්ථකාමී බව) – Worth (වටිනාකම) ÷ Mockery (අවමානය) ÷ Condemnation (නින්දාව) ÷ Misunderstanding (අනවබෝධය) × Gulity (වරදකාරීත්වය) × Shame (ලැජ්ජාව) × Failure (අසාර්ථකත්වය) × Judgment (තීන්දුවට ලක් කිරීම) N=Y Where (කොහෙද) Y = Hope (බලාපොරොත්තුව) සහ N= Folly (අනුවණ) Love(ආදරය) = Lies(මුලාව) Life (ජීවිතය) = Death (මරණය) Self (ආත්මාර්ථය) = Dark Side (අඳුරු පැතිකඩ)

ඉතිං මේ ටික ඉෂ්ට කරගන්න තමයි 2017 දී නිකුත් වුන චිත්‍රපටයෙදී ඩාක්සයිඩ් ස්ටෙෆන්වුල්ෆ්ව පෘතුවියට එවන්නෙ. ඒත් ස්ටෙෆන්වුල්ෆ්ගෙ පරාජය වීමත් එක්ක බොහෝවිට Justice League දෙවැනි චිත්‍රපටයක් හරහා මේ දැකගන්න තිබුනා. ඒත් ඒක සිද්දවුනෙ නැහැ මොකද Warner Bros. ආයතනයෙ ලොකු පුටු රත් කරපු මහත්තුරු තීරණය කලේ Justice League චිත්‍රපටයෙ අසාර්ථකවය Zack Snyder හට වරද පවරලා සමුහයන්වල චිත්‍රපට නිර්මාණය කරනවා වෙනුවට සෝලෝ එහෙම නැත්තම් තනි සුපිරි වීර චරිත යොදාගෙන චිත්‍රපට නිර්මාණය කරන්න. Zack Snyder නිර්මාණය කරපු ඩාක්සයිඩ් විදිහට රංගනයෙන් එකතු වෙන්නෙ Ray Portor නම් රංගධරයායි.

03)  ඩාක්සයිඩ් ගැන මුලින්ම පුංචි ඉගියක් ලබාදුන්න Batman v Superman චිත්‍රපටයෙ Knightmare සිදුවීම් පෙල එහෙමත් නැත්තම් බෲස් දැකපු හිනෙ කොටසට මෙතනදී තවත් වැඩි ඉඩ කඩක් ලැබෙනවා. විශේෂයෙන්ම මෙතන පරිහානියට පත්වෙච්ච Justice League එකේ ලොගෝ එකේ කොටසක් පේන්න තියෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ වේන් මැනර් එක මත ගොඩ නගපු Hall Of Justice එක විනාශ වෙලා ගිහිං ඒකෙ ඉතිරිවෙලා තියෙන කොටසයි. මීට අමතරව ඇක්වාමෑන්ගෙ ත්‍රිශූලය එහෙම නැත්තම් “trident” විදිහට හදුන්වන එයාගෙ ආයුධය. තව වොන්ඩර් වුමන්ගෙ ශිල්ඩ් එක එහෙම නැත්තම් පලිහත් දකින්න ලැබෙනවා. මේ දේවල් වලින් අදහස් වෙන්නෙ ජස්ටිස් ලීග් එක මේ වෙද්දී සෑහෙන විනාශ වෙලා ඉවරයි කියලා.

මේ සිදුවීමම Zack Snyder ඇදපු ස්ටෝරි බෝඩ් එකෙන් මීට කලින් VERO ඔස්සෙ නිකුත් කල පින්තුරයක්

ස්නයිඩර්ව අයින් කරලා, එයාට DCEU එක වෙනුවෙන් තිබුණු සැලසුම් ටිකත් විනාශ කරපු නිසා 2017 දී මේ දේවල් මුකුත්ම දකින්න ලැබෙන්නෙ නැහැ. ඒත් ස්නයිඩර්ගෙ ජස්ටිස් ලීග් එකෙන්Knightmare සිදුවීම් පෙලට ලොකු ඉඩක් ලැබෙනවා.

04)  තවත් දෙයක් තමයි Knightmare සිදුවීම් පෙල තුලින්ම දකින්න ලැබුණු ජෝකර් කාඩ් එක. මේ කාඩ් එකම තමයි තමයි බැට්මෑන් එයා ලග තියාගෙන හිටිය තුවක්කුවේ තිබුනෙත්.

05)  BvS චිත්‍රපටය ගැන කියද්දී අමතක කරන්න බැරි තවත් දෙයක් තමයි ස්ටෙෆන්වුල්ෆ්ගෙ මුහුණුවර. හැඩ රුව කියන්න ඕන වෙන්නෙ නැහැනෙ. ඉතිං ඒ දැකපු ස්ටෙෆන්වුල්ෆ්ගෙ මුහුණුවර තියෙන කෙනෙක්ම තමයි ස්නයිඩර් කට් එකේදී ඇමසෝන් වලට එන්නෙ මදර් බොක්ස් එක හොරකම් කරන් යන්න.

2017 දී රීශූට් කරලා නිකුත් වුන චිත්‍රපටයෙදී BvS වලදී දැකපු මුහුණුවර දකින්න ලැබුනෙ නැහැ. ඒ වෙනුවට දකින්න ලැබුනෙ හුගාක්ම කැත විදිහට CGI භාවිතා කරලා හදපු ස්ටෙෆන්වුල්ෆ් කෙනෙක්වයි.

06)  ස්ටෙෆන්වුල් ඇමසෝන් වලට ඇවිල්ලා මදර් බොක්ස් එක හොරකම් කරගෙන ගියාට පස්සෙ හිපොලිටා ගින්දර කවලා එවන ඊතලයක් යවනවා ඩයෑනාට යවන පණිවිඩයක් විදිහට. පස්සෙ නවතින්නෙ ඇමසෝන්ලගෙ පෞරාණික දේවස්ථානයක. මේ ඒ ඊතලය ඩයෑනා බලන්න ගිය අවස්ථාව තමයි මෙතනදී දකින්න ලැබෙන්නෙ. පස්සෙ තමයි ඩයෑනා මේ ගැන බෲස්ට කියලා අනතුරු අගවන්නෙ.

07)  BvS චිත්‍රපටය අවසානෙදි සිද්දවුන සුපර්මෑන්ගෙ මරණය ගැන කල්පනා කර කරා සුපර්මෑන්ගෙ හොලෝග්‍රෑම් එකක් දිහා බලාගෙන පසුතැවිල්ලකින් ඉන්න බෲස්ව තමයි මෙතනදී දකින්න ලැබෙන්නෙ. මේ සිදුවීම ගැනත් ඩියෑගො කොමික් කොන් වලදී නිකුත් කල ට්‍රේලර් එකේදී දකින්න ලැබුනත් සිනමාශාලා වලට අවසානෙදි නිකුත් කරන චිත්‍රපටයෙදී දකින්න ලැබෙන්නෙ නම් නැහැ.

08)  අම්නෙස්ටි මූදු බොක්කෙදී මාළු අල්ලන්න ගිහින් ගිලෙන්න ගිය කෙනෙක්ව බේරගෙන ඇවිත් ආපහු එන එකෙයි මෙතන වෙනසක් තියෙනවා. මොකද 2017 දී දැකපු චිත්‍රපටයට තුලදී දැක්කෙ බර්බන් බෝතලයක් අරං ඒක බීලා ඒකත් වතුරට විසි කරගෙනම රැල්ල එන දිහාවට යන ඇක්වාමෑන් කෙනෙක්වයි. ඒත් මේ ටිසර් ට්‍රේලර් එක හොදට බැලුවොත් පෙනේවි එයා ඒ බෝතලයත් අරගෙනම තමයි ඉස්සරහට යන්නෙ. ඒවගේම තමයි මේ චරිතෙ වටා ටිකක් ලොකු ඩාකර් ටෝන් එකක් දකින්නත් ලැබෙනවා. හරියටම ට්‍රේලර් එකක් නැතුව මේක ගැන කියන්න අමාරුයි. බොහෝදුරට පුංචි වෙනසක් ඇත්තෙ.

09)  ස්නයිඩර්ගෙ අර්ථ ගැන්වීමෙන් “මේ චිත්‍රපටයෙ හදවත” එහෙමත් නැත්තම් වටිනාම කොටස කරන්නෙ Ray Fisher රංගනයෙන් එකතු වෙන සයිබෝග්ගෙ චරිතය තුලින්. විශේෂයෙන්ම කියන්න ඕන ස්නයිඩර් කට් එකේදී සයිබෝග්ගෙ පෙර කතාව, එහෙම නැත්තම් වික්ටර් ස්ටෝන් කියන කෙනාගෙ කතාව ලොකු කොටසක් මේ හරහා ආවරණය වෙනවා. එයින් එකක් තමයි මේ ෆුට්බෝල් ගහන සිදුවීම කියන්නෙ. වික්ටර් සෙල්ලම් කරනවා එයාගෙ අම්මා, එලිනෝර් ස්ටෝන් බලන්න ආවත් එයාගෙ තාත්තා සයිලස් ස්ටෝන් එන්නෙ නැහැ. මේකට එයා ලොකු තරහවකින් ඉන්නෙ. මේ නිසාම එයා එයාගෙ අම්මා එක්ක කාර් එකේ වාද කරන ගමන් ගමන් කරද්දී අනතුරක් වෙලා එයාගෙ අම්මා මැරෙනවා වගේම වික්ටර් එහෙමත් මැරෙන්න ඔන්න මෙන්න තියලා බේරෙනවා.

10)  ඇල්ෆ්‍රඩ්ගෙ සිදුවීම් පෙල දැක්කම බොහෝදෙනෙක් අනුමාන කලා සුපර්මෑන් තමයි ඇල්ෆ්‍රඩ්ව මුණගැහෙන්න එන්නෙ කියලා. ඒ විතරක් නෙවෙයි ස්නයිඩර් යටතේ නිර්මාණ කටයුතු වෙන කාලේදී සුපර්මෑන් රංගන ශිල්පී හෙන්රි කැවිල් පවා මේ ගැන පින්තූරයක් එක් කරමින් කියලා තිබුනා. පස්සෙ සති කිහිපයකට කලින් සන්යිඩර් මේකෙ ක්ලිප් එකක් පවා නිකුත් කරලා තිබුනා. ඉතිං සුපර්මෑන් ඇල්ෆ්‍රඩ්ව මුණගැහෙන්න එන්න කලින් ආපහු පණ ලැබුනට පස්සෙ කළු සූට් එක අදින්න ක්‍රිප්ටෝනියන් යානයට ගිහින් එන සිදුවීම තමයි මේකෙන් අදහස් වෙන්නෙ.

සුපර්මෑන් කලු එහෙමත් නැත්තම් බ්ලැක් සුපර්මෑන් සූට් එකක් අදින්නෙ එයාට ආපහු පණ ලැබුනට පස්සෙ එයාගෙ සුව වීමේ බලයන් ක්‍රියාත්මක වෙන්නෙ හුගක්ම හෙමින් නිසයි. ඉතිං ඒකට ටික කාලයක් යන නිසා තමයි හිරු කිරණ කෙලින්ම ඇගට ලබා ගන්න මේ බ්ලැක් සූට් එක පාවිච්චි කරන්නෙ.

11)  ඩයෑනා අපරාධකරුවන් වගයකින් ළමයි වගයක් බේරගත්තට පස්සෙ එයා එතන හිටිය ලයෙක් එක්ක හිනාවෙන කොටසක් මේ තියෙන්නෙ. බොහෝදෙනා විශ්වාස කරනවා මේ ඉන්න පුංචි ගෑණු ළමයා ඩෝනා ට්‍රෝයි නොහොත් වොන්ඩර් ගර්ල් වෙන්න ඇති කියලා.    

                           

12)  රිය අනතුරක් වෙන්න ගිය අයිරිස්ව බේරගන්න කොටසක් තමයි මේකෙන් පෙන්නුම් කරන්නෙ. ෆ්ලෑෂ්ගෙ හැකියාවන් චිත්‍රපටය තුලින් හරියටම හා මුල්ම වතාවට දකින්න ලැබෙන සිදුවීම් පෙළ මේක වගේම “Keirsey Clemons” අයිරිස් වෙස්ට් විදිහට දකින්න ලැබෙන මුල්ම වතාවත් මේක. 2022 වසරේදී නිකුත්වන The Flash චිත්‍රපටය තුලින් මේ දෙන්නගෙ සම්බන්ධය ගැන තවත් හොදින් පෙන්නුම් කිරීමක් කරාවි කියලා බලාපොරොත්තු  වෙන්න පුලුවන්.

මේ සිදුවීම මුළුමනින්ම 2017 වසරේදී නිකුත් වුන Justice League චිත්‍රපටය තුලින් අයින් කරලා දාලයි තිබුනෙ. නමුත් මේ විඩියො ක්ලිප් එක ඒ දවස් වලම යූටියුබ් තුලට එක් කරලා තිබුන නිසා සෑහෙන ප්‍රසිද්ධියක් ලැබුනා.


13)  මේ තමයි මර්තා කෙන්ට් ලොයිස් ලේන්ව බලන්න ඇවිල්ලා හග් කරන සිදුවීමක් මේ තියෙන්නෙ. මෙතන ඇත්තටම එන්නෙ මර්තා කෙන්ට් නම් නෙවෙයි. මේ වසරේ අප්‍රේල් මාසයෙදී ස්නයිඩර් එයාගෙ ස්ටෝරි බෝඩ් එකේ පින්තුරයක් නිකුත් කරමින් තහවුරු කලා Man Of Steel චිත්‍රපටයෙ “General Swanwick” චරිතය රගපෑ Harry Lennix තමයි DCEU එකෙ මාෂන් මෑන්හන්ටර් කියලා. එයා තමයි වෙස් මාරු කිරීමක් කරගෙන ලොයිස්ව බලන්න එන්නෙ.

14)  මේ සිදුවීම අදාල වෙන්නෙ Aquaman චිත්‍රපටයෙ හිටියෙ වුල්කොව ආතර් කරි මුණගැහෙන්න එන සිදුවීමකටයි. Aquaman චිත්‍රපටයෙ විතරක් නෙවෙයි ස්නයිඩර් නිර්මාණය කරමින් හිටිය ජස්ටිස් ලීග් එකේ පවා වුල්කො හිටියා. මෙතැනදී එයාට කුයින්ඩෙන්ට් (ආයුධය) එකත් වගේම ආතර්ට ආමර් එකත් ලැබෙන්නෙ. මේ ටිසර් ට්‍රේලර් එකේදී නම් වුල්කො පෙන්නුවේ නැහැ. ඒ වෙනුවට හිටියෙ මේරා විතරයි. ඒත් වුල්කොව අනිවාර්යෙන්ම Snyder Cut එකේදී දකින්න ලැබෙනවා.

Zack Snyder විසින් 2019 වසරේදී නිකුත් කල වූල්කොගෙ පින්තූරය.

15)  Zack Snyder යටතේ නිර්මාණය වෙන චිත්‍රපටයෙ ඇපොකොලිප්ස්වල ඉන්න එකම හතුරන් ස්ටෙෆන්වුල්ෆ් හා ඩාක්සයිඩ් විතරක්ම නෙවෙයි. ඩිසාඩ් කියන චරිතෙත් දකින්න ලැබෙනවා. Peter Guinness කියන රංගධරයා තමයි මේ චරිතය වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඩාක්සයිඩ්ගෙ තවත් එක අනුගාමිකයෙක් විදිහට ඩිසාඩ්ව හදුන්වනවා.

16)  අහස උඩ බලන ලොයිස් ලේන්ට නැවත පණ ලැබුණු සුපර්මෑන්ව දකින්න ලැබෙන සිදුවීම තමයි මේකෙන් අදහස් වෙන්නෙ. මේකත් සැන් ඩියෑගො කොමික් කොන් එකේදී නිකුත් කරපු ට්‍රේලර් එකේදී තිබුනා. ඒවගේම පොලිස් නිලධාරියෙක් විදිහට රංගනයෙන් එකතු වුන Marc McClure තමයි ලොයිස්ව සුපර්මෑන් ලගට එක්කගෙන යන්නෙ.

17) 2 019 වසරේ මැයි මාසයේදී Zack Snyder තහවුරු කිරීමක් කලා Snyder Cut එකේදී සයිලස් ස්ටෝන් මදර් බොස්ක් එක ගැන අත්හදාබැලීම් කර කරා ඉද්දි ස්ටාර් ලැබ් එකේදී වික්ටර්  ඉදිරියේදී මැරෙනවා කියලා. ඉතිං ඒ සිදුවීම් පෙලම තමයි මේකෙන් අදහස් වෙන්නෙ. ඒවගේම මේ කොටස සම්බන්ධ වෙන්නෙ ස්ටෙෆන්වුල්ෆ්  සයිලස් ස්ටෝන්ව පැහැරගෙන ගිය වෙලාවේ එයාව බේරගන්න ආවහමයි.

18)  මෙතන පෙන්නුම් කරන්නෙ ගෝතම් වරාය යට තියෙන උමං අස්සෙ පැහැරගෙන ගිය අයව බේරගන්න ෆ්ලෑෂ් කියන්නෙ නියම වීරයෙක් විදිහට කටයුතු කරන කෙනෙක් කියලයි.

19)  සුපුරුදු පරිදි මේකෙන් පෙන්නුම් කරන්නෙ බැට්මොබීල් එක පාවිච්චි කරලා බැට්මෑන් පැරඩීමන්ලට පහර දෙන සිදුවීමක් ගැනයි. හැබැයි මෙතන 2017 නිකුත් වුන චිත්‍රපටයට වඩා වර්ණවල වෙනසක් තියෙන නිසා සයිරන් එකක් ගහලා පැරඩීමන්ලගේ අවධානය වෙනස් කරන සිදුවීමක් තියද කියලා හරියටම කියන්න අපහසුයි.

20)  මෙතන පෙන්නුම් කරන්නෙ බ්ලැක් සූට් එක ඇදගෙන ආව සුපර්මෑන් ස්ටෙෆන්වුල්ෆ් එක්ක කරන අවසන් සටන් කිරීමයි.

මීට අමතරව තවත් විශේෂ යමක් මේකෙන් පෙන්නුම් කරන්න Zack Snyder උත්සහ කරලා තියෙනවා. මේ තියෙන පින්තූරය හොදින් බැලුවොත් සුපර්මෑන් වගේම ස්ටෙෆන්වුල්ෆ්ව දෙපැත්තට වෙන විදිහට හදලා පෙන්නුම් කරන්න හදලා තියෙන්නෙ Yin and yang කියන චීන සංකේතයයි.

21)  2017 වසරේදී නිකුත් වුන චිත්‍රපටයෙදී පැර ඩීමන්ලා එක්ක බැට්මෑන් සටන් කරද්දී එයාගෙ ත්වක්කුව පවා පැර ඩීමන්ලා උදුර ගත්තා. ඒත් මේ ටිසර් ක්ලිප් එකේදී පෙන්නනවා බැට්මෑන්ට එයාගෙ ආමර් එක පාවිච්චි කරලත් එල්ලවෙන පහර වලින් වැලකෙන්න.

22)  කලින් ඉදන්ම Zack Snyder කියලා තිබුණු දෙයක් තමයි එයාගෙ Justice League චිත්‍රපටවල සිදුවෙන සටන්වල එක් කොටසක් විදිහට ෆ්ලෑෂ් කාලයෙන් ආපස්සට යාමක් සිදු කරනවා කියලා. මෙතන ෆ්ලෑෂ් එක්කලා පෙන්නුම් කරන්නෙත් එයා ස්පීඩ් ෆෝස් එකට ඇතුළු වීමක් ගැනයි.

23)  මාර්තා කෙන්ට්ව මේ ටිසර් ට්‍රේලර් එකේ දකින්න ලැබෙන දෙවැනි වතාව මේක. ලොයිස්, ක්ලාක් වගේම මර්තා තුන්දෙනා ආපහු වතාවක් ගොවිපල ලග තියෙන එයාලගෙ ගෙදර ලගදි එකට එකතුවෙන තවත් හැගීම්බර සිදුවීමක් තමයි මේකෙන් පෙන්නුම් කරන්නෙ.

24)  සයිබෝග් කියන්නෙ මදර් බොක්ස්වල එකට එකතු වීම නවත්තන්න පුලුවන් හුගක් බලගතු චරිතයක්. මේ නිසාමයි Zack Snyder එයාට මේ චිත්‍රපටයෙ මේ තරම් ලොකු ඉඩක් වෙන් කලේ. මේ කොටසට අනුව දකින්න ලැබෙන්නෙ න්‍යෂ්ටික ආයුධ විශාල ප්‍රමාණයක් තමන්ගෙ අත්දෙකෙන් හසුරවන සයිබෝග්ගෙ රූපරාමු වලට අදාල කොටස් කිහිපයක්.

25) මේක ඩයෑනා කියන ඉතිහාස කතාවේ සිද්දවෙන තවත් ලොකු වර්ධනයක් කිව්වොත් වඩාත් නිවැරදියි. Aquaman චිත්‍රපටයෙ ඇට්ලෑන්ටිස්වල රජු නොහොත් ගෝල්ඩන් ආමර් එක ඇදගෙන හිටිය මළ රජු තමයි මේ දකින්න ලැබෙන්නෙ. හැබැයි Aquaman චිත්‍රපටයෙ හිටිය Graham McTavish නම් නෙවෙයි රංගනයෙන් එකතු වෙලා තියෙන්නෙ Julian Lewis Jones විසින්.

26)  යුද්ධ ටැංකියක හැප්පෙන්න යන ඔෆිසර් කෙනෙක්ව බේරගන්න සිදුවීමකට තමයි මේක අදාල වෙන්නෙ. මේ කැමියො එක කරන්න ඉදලා තියෙන්නෙ Marc McClure විසින්. ඒත් 2017 නිකුත් වුන චිත්‍රපටයෙදී එයාට සිද්දවුනෙ හිර ගෙදරක සේවය කරන ඔෆිසර් කෙනෙක් වෙන්නයි. ඒත් මේ ගිනි ගන්න යුද්ධ ටැංකියක් නවත්තන්න සිදුවීම් පෙල අදාල වෙන්නෙ නැවතත් පණ ලැබෙන සුපර්මෑන් ආයෙ ආවයින් පස්සෙ ඇතිවෙන සිදුවීම් වලටයි.

27)  සටනකට පස්සෙ නව වීරයින්ගෙ එකතු වීමක් මෙතැනදී දකින්න ලැබෙන්නෙ. 2017 වසරේදී නිකුත් වුන Jusstice League චිත්‍රපටයෙත් මීට සමාන දෙයක් තිබුනත් මේ අලුත් Snyder Cut එකේදී වර්ණ ගැලපීම, සුපර්මෑන්ගෙ බ්ලැක් සූට් එක වගේම අවසානයේදී මේ වීරයින් වෙත ලගා වෙන Flying Fox යානයද මේ විඩියො ක්ලිප් එකේදී ඇතුලත් වෙලා තියෙනවා.

27)  අවසාන වශයෙන් හොදම කාරණාව. බෲස්ටයි, ඩයෑනාටයි ඕන කරපු විදිහටම සුපිරි වීරයින් එකට එකතු කරගත්තත් දැන් මේ අයට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ස්ටෙෆන්වුල්ෆ්  වගෙ කෙනෙකුට මුහුණ දෙන එකයි. මෙතනදී බෲස් කියනවා “අපිට එකට එකතු වෙලා ඉද්දි එයා මුහුණ දීලා නැහැ කියලා.” මේ කියමනෙන් කොටසක් තමයි Snyder Cut එක ගැන ෆෑන්ලට ඒ කාලෙ ලැබුණු බලාපොරොත්තුව පදනම් කරගෙන යොදාගත්ත කියමනක්.

විශේෂයෙන්ම කියන්න ඕන අද මේ දකින්න ලැබුණු ටිසර් ක්ලිප් එක 100% ක්ම නිර්මාණ කටයුතු අවසන් කරපු නිර්මානයක ක්ලිප් එකක් නම් නෙවෙයි. මොකද එහෙම ඉවර නම් ලබන අවුරුද්ද වෙනකල්ම ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ අවුරුද්දෙ දෙසැම්බර් වෙද්දීවත් නිකුත් කරන්න තිබුනා. එහෙම නිකුත් නොකර ලබන අවුරුද්ද වෙනකල්ම නිකුත් නොකර ඉන්නෙ තාමත් මේකෙ අවසන් කරන්න ඕන දේවල් තියෙන නිසා. ඒ නිසා CGI පැත්ත අවුල් කොටස් දැක්කා නම්, ඒවත් හැදිලම තමයි ඊලග වතාවේ සම්පුර්ණ ට්‍රේලර් එකක් නිකුත් කරලා චිත්‍රපටය නිකුත් වෙන්නෙ කියලා බලාපොරොත්තුවෙන් ඉන්න. එහෙම නැත්තම් ඉතිං බාගෙට වැඩ කරන්න බලාගෙන මේ වැඩේට ආයෙ අමුතුවෙන් ඇඩො.මි. 30-40ක ප්‍රමාණයක් යොදවන්නෙ නැහැනෙ.

මේ කියපු දේවල් තමයි අපිට අද උදෑසන නිකුත් වෙච්ච ටිසර් ක්ලිප් එකෙන් දකින්න ලැබෙන්නේ. මේ ටික එක්කාසු කලාම අපිට කතාව පැහැදිලි කරලා හදාගන්න පුලුවන්. ඒත් මේ දේවල් හැරුනම තවත් හුගක් කරුණු කාරනා සැගවිලා තියෙන්න පුලුවන්. ඒවා ඉතින් බලාගන්න වෙන්නේ 2021 අවුරුද්දෙදි තමයි.

Hallelujah.!

Author

4 thoughts on “Zack Snyder’s Justice League (2021) Trailer Breakdown දන්න සිංහලෙන්…

  • pattama lipiyak sahoo.. batman 2021 breakdown ekakuth gennako

    Reply
  • ගොඩක් හොඳ ලිපියක් ,jeastice league ගැන නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා,Thanks You So much……

    Reply
  • නියම ලිපියක් සහෝ. ගොඩක් ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *