දැනුමටවගතුගසියල්ල

Villain (දුෂ්ටයා) 10 – T-X

හැමදාම පිරිමි අය ගැන කතා කරන නිසා අද මන් හිතුව පොඩි වෙනසක් කරන්න.මෙයා සරාගී villain  කෙනෙක්. අනාගතේ ඉදන් අපු මෙයා යන්ත්‍රයක්. කොටින්ම කිව්වොත් ඉතාමත් දියුණු තාක්ෂණේ උපයෝගී කරගෙන නිපදවපු රොබෝ කාන්තාවක්.

urlj

The Terminator 3 වන කතා මාලාවේ ප්‍රධාන දුෂ්‍ට චරිතය රගපාන කෙනා තමයි අද අපේ කතා නායිකාව වෙන්නේ.

වැඩි බයිලා ඕන නෑ.පටන් ගමු.

T-X
The T-X, played by Kristanna Loken
First appearance Terminator 3: Rise of the Machines
Created by James Cameron & Jonathan Mostow
Portrayed by Kristanna Loken, other cast members, special effects
Information
Species Gynoid
Manufacturer Skynet

ආරම්භය

මෙයාව නිර්මාණය කලේ අපි හැමෝම දන්න James Cameron හා Jonathan Mostow කියන දෙන්න එකතුවෙලා. ඒ Terminator 3වන කතාංගය සඳහා. මෙයාව අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ Terminator 3: Rise of the Machines කියන චිත්‍රපටියෙන් ඒ වර්ෂ 2003 දී.

terminator-3-rise-machines-2003-movie-3j

මෙයාව නිර්මාණය කරන්නේ Stan Winston කියන studio එකේදී. තිරපිටපතට අනුව මෙවැනි නිර්මාණයක් කිරීම ඉතාමත් අභියෝගාත්මක කාර්යයක්. නමුත් කෙසේ හෝ මෙයාගේ අවසාන අනුරුව Photoshop හා 3D software වල උදවු උපකාරයෙන් නිර්මාණය කරනවා.

T-Xiij

චරිතාපදානය

hqdefault==

T-X කියන්නේ අනාගතයෙන් එවන රොබෝ කෙනෙක්. මෙයාගේ කාර්ය තමයි John Connor (Terminator චිත්‍රපටිවල ප්‍රධාන චරිතය) ව විනාශ කිරීම. මේකට හේතුව තමයි John Connor ජීවත්ව සිටියොත් ඔහු විසින් අනාගතයේදී යන්ත්‍ර වල ආධිපත්‍ය බිද දැමීමට කටයුතු කරන නිසා. මේක නිසා තමයි  skynet(මෙතනින් තමයි යන්ත්‍ර තමන්ගේ ආධිපත්‍ය පැතිර වීමට පටන් ගන්නේ. මෙය තාක්ෂණික උපාංග නිපදවන ආයතනයක්.) විසින් අනාගතයෙන් T-X ව එවන්නේ John Connorවිනාශ කර අනාගතයේ යන්ත්‍ර වල නැගිටීම ප්‍රත්‍යක්ෂ කිරීමට.

T-X_Plasma_Disabledj

මෙලෙස අනාගතයෙන් එවන T-Xව වැඩසටහන් ගතකරලා තියෙනව මරන්න ප්‍රධාන ඉලක්ක 21ක්. ඒවා නම් John Connor ඇතුළු ඔහුගේ අනාගත බිරිද  Kate Brewster, kateගේ පියා Robert Brewster (Skynet ආයතනයේ ප්‍රධාන නිර්මාතෘ  හා J.Cගේ වෙන්න මාමණ්ඩි) හා J.Cගේ සගයන් කීප දෙනෙක්.

kristannaloken2jj

මෙලෙස අනාගතයේ සිට එන T-X, John Connor සිටින තැන දන්නේ නෑ.(මොකද J.C පෙර සිද්ධි දන්න නිසා සාක්ෂි ඉතිරි නොකර ඉබාගාතේ යනවා) නමුත් කෙසේ හෝ T-X විසින් පොදු පාසල් දත්ත ගබඩාවට ඇතුළු වි ඇයට අවශ්‍ය දත්ත  ලබාගෙන  ඉලක්ක වලින් 3දෙනෙක්ව මරල දානව (José Barrera, Elizabeth & William “Bill” Anderson). මෙසේ skynet  ආයතනයට ඇතුල් වෙනT-X විසින් සියලුම යන්ත්‍ර වලට අනාගතයෙන් එවන ලද වැඩසටහනක්(දඩයම් කර මරා දමන්න යන වැඩසටහනයි) ඇතුළු කරණවා. මේ වන විට skynet ආයතනය ලෝකයේ සියලුම පරිගණක වලට ජාලගතවෙලා තිබෙන නිසා ඉහත කී වෛරසය ලොව පුරා පැතිරෙනවා. T-X විසින් kateගේ පියා වන Robert Brewsterටත් පහර දෙනවා.

T-850_and_the_T-Xjj

ඇයගේ අවසාන ක්‍රියාන්විතය වන John හා kate විනාශ කරන්න යන ගමනේදී Model 101(ආර්නෝල්ඩ්-kateගේ ආරක්ෂකයා) විසින් T-X මතට හෙලිකොප්ටරයක් පතිත කරනවා. මෙම අනතුරින් කිසිසේත් විනාශ කල නොහැකි T-X  යන්ත්‍රයේ කඳින් පහළ කොටස විනාශ වි යනවා. නමුත් උඩ කොටස විසින් John හට පහර දෙන මොහොතේ Model 101(ආර්නෝල්ඩ්-kateගේ ආරක්ෂකයා) විසින් එය වලකා     T-Xගේ මුව තුලට Model 101(ආර්නෝල්ඩ්-kateගේ ආරක්ෂකයා)ට අයත් බල කෝෂයක් (power cell) දමා පුපුරුවා හරිනව.

බලතල සහ හැකියාවන්

h

liquid metal තාක්ෂනයෙන් නිපදවා ඇති නිසා ශරීරය ඕනෑම අතකට නම්‍යශීලි කිරීමත්(හිස අංශක 360 හැරවීමටත් හැකිය) , ඕනෑම ස්වරුපයක් ගැනීමේ හැකියාව සතුය(විවිධ පුද්ගලයන්ගේ ස්වරූප බවට පරිවර්තනය විය හැක). උන්ඩ වලින් කිසිදු හානියක් සිදු නොවේ. සියල්ල වැඩසටහන් ගතකර තිබෙන නිසා ඉතා හොදින් සටන් කිරීමේ හැකියාව ඇත. තවද යමක් දෙස බැලීමෙන් ඒ පිළිබද විස්තර ලබා ගැනිමේ හැකියාවක් ඇත. දිවිමේදී උපරිම වේගය පැයට km 80ලගා විය හැක. අතින් ගිනි විදිය හැක.

Tx_flamethrowervv12j

විද්‍යත්මාදය සම්ප්‍රාප්තිය

Terminator_vs

කොමික්

  • Terminator 3: Eyes of the Rise
  • Terminator: Infinity (hologrsm simulation:in a flashback)
  • Terminator: Revolution (flashback)
  • Superman vs. The Terminator: Death to the Future

jjj

 

නවකතා

  • Terminator Dreams
  • Terminator Hunt

6441fd6f2d0dff47a2ef651e01251ea9kk

චිත්‍රපට

  • Terminator 3: Rise of the Machines (රංගන දායකත්වය – Kristanna Loken)

 

වීඩියෝ ක්රීඩා

  • Terminator 3: Rise of the Machines
  • Terminator 3: The Redemption

(අන්තර්ජාලය ඇසුරිණි)

kk

මන් හිතනවා ඕගොල්ලෝ විනෝදයක්  වගේම දැනුමක් ලබා ගන්න ඇති කියලා

මගේ කතා වල එකතු වෙන්න ඕන දේවල්, අයින් කරන්න ඕන දේවල් හා මගේ කතා ගැන තියෙන අදහස් උදහස් ගල් මුල් ඔක්කොම පහලින් ප්‍රකාශ   කරන්න.

තවත් දවසක හමුවෙමු “දුෂ්‍ටයා,villain” කතාවක් සමග.

යන්න කලින් පොඩි ඉඟියක් දීල යන්නම් ඊළඟ පාර වැඩ දාන චරිතේ කවුද කියලා. මෙයා පරිගණක වැඩසටහනක්.

එතෙක් ඕගොල්ලොන්ට ජය වේවා !!!

මම  Shereef Perera.

ඕගොල්ලන්ට පුළුවන් මෙතැනින් මා සමග සම්බන්ද වෙන්න

Author

3 thoughts on “Villain (දුෂ්ටයා) 10 – T-X

Leave a Reply

Your email address will not be published. Required fields are marked *