කොමික්පුවත්වගතුගසියල්ල

What are some 15 mind blowing facts about Marvel movies? | මාර්වල් රසිකයන් මේක කියවල බලන්නකෝ

ප්‍රනීත් චින්තක සහෝදරයා කාලෙකට කලින් දුන්නු තොරතුරු වගයක් තමා මේ මේ අරගෙන එන්නේ. මාර්වල් රසිකයන් හට තමයි මේ තොරතුරු… :p

1.  Robert Downey Jr. පාසල් යද්දී, පාසල් සගයෙක්ගේ කොමික් පොතක් ඉරා දමාඔහුට “මෝඩයා” යැයි පැවසීමට වැරදිකාරයෙක් බවට පත් වුනා. දන්නවද ඒ ඉරපු කොමික් පොත මොකක්ද කියල. Invincible Iron Man තමා ඒක.

 2. Venom මුලින්ම රචනා කරලා තියෙන්නේ කාන්තා චරිතයක් විදියට. නමුත් රචනා කරන ලද David Michelle හට ඔහුගේ කර්තෘ බලකර තිබෙනවා මෙම චරිතය පිරිමි චරිතයක් බවට පත් කරන්නට. ඒ රසිකයන් විසින් කාන්තාවක් ස්පයිඩිට භෞතික තර්ජනයක් වන බව නොසලකන බව කියාය. 

3.1980 ආව Spider-Man’s secret identity හි 20 Ingram Street in Forest Hills, Queens. ලෙස පාකර්ගේ ලිපිනයක් දක්වනවා. සැබෑ ලෝකයේදී එම ලිපිනය 1974  වසරේදී Parker නැමැති පවුලකට අයිතිව තිබිලා තියෙනවා.

4. Iron Man ඇඳුම දළ වශයෙන් වෙන් වෙන් වශයෙන් කොටස් 450ක එකතුවකින් යුක්ත වනවා 

5. Chris Evans ඔහුගේ කැප්ටන් ඇමෙරිකා චරිතය රඟදැක්වීම තුන් වරක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා අවසානයේ නිෂ්පාදක ඔහුව කැමති කරගන්නට පෙර.

6. Mark Ruffalo විසින් The Avengers පළමු දැක්මේදී අතරමගදී සිනමා ශාලාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා. ඒ ඔහුගේ වයස 4ක් වන දියණිය ඇයගේ පියා හල්ක් වනු දැකීමෙන් බියට පත්වුණු නිසා

7. Vin Diesel ඔහුගේ “I am Groot” වචනය 1,000 වරක් විවිධ භාෂාවන්ගෙන් පටිගත කරලා තියෙනවා නිවැරදි හඬ හමුවන තුරු.

8. Thor: The Dark Worldවෙනුවෙන්  Mjölnirs (තෝර් ගේ මිටිය) 30ක් නිපදවලා තියෙනවා. 

09. Michael Jackson 90 දශකයට පෙර මාර්වල් සමාගම මිලට ගැනීමට උත්සාහ කරලා තියෙනවා. ඔහු සැලසුම් කරලා තිබිල තියෙනවා ස්පයිඩර් මෑන් සිනමාපටයක් නිෂ්පාදනය කරන්නට සහ එහි ස්පයිඩි ලෙස රංගනයේ යෙදෙන්නට.main-qimg-b2409f4bb9fed8a89fbec0a435a5b611

10. Deadpool නිර්මාණය කරලා තියෙන්නේ DC Comic වල Deathstroke චරිතය ඇසුරින්. ඒ නිසයි Deadpool ගේ සැබෑ නම වන, Wade Wilson, යන්න Deathstroke ගේ සැබෑ නම වන Slade Wilson යන්නට සමාන වන්නේ.

11. මාර්වල් විශ්වයේ ධනවත්ම පුද්ගලයා ටෝනි ස්ටාර්ක් නොව බ්ලැක් පැන්තර් වේ. ටෝනි මෙන් පස් ගුණයක ධනයක් බ්ලැක් පැන්තර් සතුය.

12. Stan Lee ස්පයිඩර් මෑන් මුල්වරට ඉදිරිපත් කරපු වෙලේ, ඔහුගේ ප්‍රකාශකයා එය අසාර්ථක නිර්මාණයක් වනු ඇති බව සිතා තිබෙනවා. ඒ යොවුන් වීර චරිතයක් රසිකයන් වැළඳ නොගනු ඇති බව සිතාය. නමුත් එම මුල් කතාංගය ඉතා වේගයෙන් අලෙවි වුනු මාර්වල් කොමික් පොත් අතර තිබෙනවා.

 13. Captain America තමයි අයන් මෑන් ආමර් එක, තෝර් ගේ මිටිය ලබාගත් සුළු පිරිස අතර එක් අයෙක්. එමෙන්ම ඔහු Black Panther ගේ තාක්ෂනය හිමිකරගත් එකම විදේශීය පුද්ගලයා.
14. Wolverine හට යමෙක් බොරු කියනකොට එය දැනගන්න පුළුවන්. ඔහුට ඒ නිසා ඉතාම ලේසියෙන් shape-shifters ලා අඳුනගන්න පුළුවන්.

15. The Incredible Hulk අළු පැහැයෙන් තමයි හඳුන්වා දී තියෙන්නේ. නමුත් තීන්ත ප්‍රශ්නයක් නිසා තමයි දැනට පවතින කොළ පැහැය එක්වී තිබෙන්නේ.main-qimg-f709ee8c37025847d42fa899fdf4ce65

Author

5 thoughts on “What are some 15 mind blowing facts about Marvel movies? | මාර්වල් රසිකයන් මේක කියවල බලන්නකෝ

  • sirawta watinawa bro

    Reply
  • බොහොම ස්තුතියි සහො…..උඔට ජයෙන් ජයම වේවා!

    Reply
  • මරු මරු…..

    Reply
  • සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *