කොමික්ටීවී කතා මාලාපුවත්වගතුගවීඩියෝසියල්ල

OLD IS GOLD: මතකයෙන් ගිලිහීමට ප්‍රථම – 01 | X-Men (TV Series 1992–1997) – විපරිතයෝ

image

 

ඔන්න යාලුවනේ මම මේ සතියේ ඉඳල අලුත් ලිපි මාලාවක් ආරම්භ කරන්න තමා මේ හදන්නේ. දැන් ඔයාල බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ගොතම්, ලුසිෆර්, වෝකින් ඩෙඩ් වැනි රුපවාහිනී කතා මාලා බලනවනේ. ඒත්  කාලයක් තිබුනා අන්තර්ජාල හෝ ඩිවිඩි වැනි කිසිදු ක්‍රමයක් තිබ්බේ නැති. වාසනාවට හෝ අවාසනාවට මමත් ඒ යුගය අත්දැකීමට හැකිවූ අයෙක්. ඉතින් අපේ ඒ කාලේ තිබ්බ ලස්සන දේවල් වර්තමාන ඔයාලට අරන් එන්න ගන්නා තවත් පොඩි උත්සාහයක් විතරයි මේක. මොකද මට හොදට මතකයි රුපවාහිනියේ සතියකට පාරක් පෙන්වන ලද මේ කතාමාලා බලන්න අපි කොච්චර මග බලන් හිටියද කියන එක. ඒත් ඉතින් එදාට ලයිට් ගියොත් සොරිම තමා. මේක අත් වින්ද අය දන්නවා දැන් වගේ රිපීට් ටෙලිකාස්ට් එකක් ඒකාලේ තිබ්බේ නැ කියල.
 
හොඳයි මම මේ ලිපි මාලාව ආරම්භ කරන්නේ මම බලන ලද මම ආසම කතාමාලාවෙන්. ඒ තමා X-Man රුපවාහිනී කතා මාලාව. ඇත්තටම මම මේ දක්වා ඉතාමත් ආසා කරන ඇත්තම කියනවා නම් අනුගමනය කරනු ලබන චරිතය මට මුණ ගැසුනේ මෙම කතා මාලාවෙන්. ඒ තමා මේකේ ඉන්න ලෝගන් මහත්තයා. ඉතින් ඔයාලට මේ කතාමාලාව ගැන විස්තරයක් මෙතැන් ඉදල අරගෙන එන්නම්.
X Man Roster
කතාමාලාවන් පහක් ඒ කියන්නේ වැඩසටහන් 76 කින් සමන්විත මේ කතාමාලාව 1992 සිට 1997 දක්වා කාලය තුල මාවේල් ආයතනය මගින් නිර්මාණය කාරනා ලද රුපවාහිනි කාටුන් ටෙලි නාට්‍යයක්. ඒ උනත් කියන්න ඕන පරිඝනක ඇනිමේෂන් නෙවි මේකේ තියෙන්නේ. ඔයාලට intro  එක බැලුවමතේරේවි. කොහොම උනත් ඔයාල දැනට දන්නා බොහෝ කොමික් චරිත වගේම නොදන්නා චරිත බොහොමයක් මේ වැඩසටහනේ තියනවා. ඒ වගේම වර්තමානයේ ඔයාල දකින චරිත වලට වඩා ටිකක් වෙනස් විදියට තමා ඒ කාලේ මේ චරිත නිර්මාණය උනේ. වුල්වරින් කහපාට නිල ඇඳුමක් මෙන්ම වෙස් මුහුණක් පැළඳීම ඊට අයිතියි. හැබැයි ජින් සයික්ලොප්ස් ආදර කතාව ඒ කාලෙත් තිබ්බා.
 
මෙම කතාමාලාව Marvel Studios සමග Saban Entertainment ආයතනය එක්ව නිර්මාණය කරන ලද්දක්. පසුව Disneyආයතනය Saban Entertainment ආයතනයේ වැඩසටහන් හිමිකම ලබා ගත් පසුව මෙම කතා මාලාව අවසන් උනා. මෙම වැඩසටහන Fox Kids  රුපවාහිනී ආයතනය වෙනුවෙන් 1992 ඔක්තෝම්බර් සිට 1997 සැප්තැම්බර් දක්වා විකාශනය වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති ලංකාවේ මෙම කාටුන් වැඩ සටහන MTV (ඉන්දියාවේ එක නෙවි) නාලිකාවේ සිකුරාදා හවස 5.30 විකාශනය උනා. ඒ 1996 -1997 අවුරුද්දේ.
 
මේ තියෙන්නේ ඒ කාටුන් එක ආරම්භ වෙන වීඩියෝ කොටස.
[youtube]https://www.youtube.com/watch?v=di6DocEkruk[/youtube]
ඉතින් ඔයාලට මේ ලිපිය කියවීමෙන් හෝ මේ වීඩියෝ එක බැලීමෙන් මතකය අලුත් උනානම් ඔයාලගේ අදහස් මට කියන්න. එතකොට මේ ලිපි මාලාව ඉදිරියට අරන් යනවද නවත්තනවද කියල මට තීරණය කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මම ගියා.
 
බුදු සරණයි.

Author

13 thoughts on “OLD IS GOLD: මතකයෙන් ගිලිහීමට ප්‍රථම – 01 | X-Men (TV Series 1992–1997) – විපරිතයෝ

  • attatama apahu balanna asawak athiuna….jaya weva..

    Reply
  • mn meke bagayak download kara gatta dawas ganak torent dala tyla…dn nam oke seed nathi taram kohoma hari gemak dila puluwan tika gatta…silver hawks,beast machines,eworks wage ewa ganath denna..niyama idea ekak machan…

    Reply
  • අද කාලේ යන 3 D කාටුන් වලට වඩා අපි මේවා ආසාවෙන් බැලුවා. මට මතකයි Ninja Turtles, GI Joe, Thunder Cats එහෙමත් අපි ගොඩක් ආසාවෙන් බලපු කාටුන් අතර තිබුණා.

    දිගටම කරගෙන යමු සහෝ.. සුබ පතනවා..!!!

    Reply
  • නියමයි සහෝ.. දිගටම කරමු…පට්ට ලිපි පෙළක් වේවි

    Reply
  • mage asama cartoon eka bro tamat meka taram hithata allana cartoon ekak set une na, asai ayet balanna me theme song eke idan meke hama epi ekakatama pattama asai puluwannam me cartoon ekata sub karala denawada meka download karaganna kramayak tiyenawnaam kiyanna, man hithuwa man witarai me kathawata asa ekama eka kiyla ati yanthan twa innawa sathutui bro ekenma digatama karan yanna, me wage tv series e kale godak tibba ewage kathawa sampurnen terum natat ewage theme song ekata api godak asa kala thunder cats, william tell wage godak tibba et e hama ekakinma meka tamai mage number one tamat thanks bro meka complete download karaganna widiyak tiyenawanam kiyanawada.

    Reply
  • pattama tv katawak tama.mn laga tiyanwa epsode 76ma.tamat asawen balanawa.
    sinhala sub dennako saho

    Reply
  • Kohoma amtk wennada.Ekale mt matakai Wolverine widiyata raga pannat hadnw.Maget favorite ekak tama meka……..

    Reply
  • balapu lassanama cartoon ekak.brahaspathindata giye mata hodata mathakai.issra brahaspathindata class dagththeth ne….apahu denawanam loku udawwak….suba pathum….

    Reply
  • ela broo dipan aniwa…

    Reply
  • ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    මේ animation series මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා

    Reply
  • නියම වැඩක් සහෝ.මාත් මේක කුඩා කාලයේදී නරබා තිබුනත් මේ වන විට නම් කතාව
    ගැන මතක තිබෙන්නෙ ඉතා අඩුවේන්.අනික මේකේ දාන theme song එකට හිත ඇදිල යනවා
    ඉතින් සහෝ මේ ලිපිය ඉදිරිපත් කරලා මේ ගැන මතකය අලුත් කරන එක නියම වැඩක්.
    පුලුවන්නම් සහෝ මේ animation series එකට සබ් කරලා දෙනවනම් ගොඩක් දෙනෙක්‌ කැමති වෙයි
    කොහොම වෙතත් බොහෝම ස්තුතියි සහෝට.ජය වේවා!

    Reply
  • මං බලල තියනව සහෝ මේක මං ඒ කාලෙ ඉදන් බලපු කාටුන් සීරියස් වලින් මගේ ප්‍රියතම එක මේක චරිත ටිකත් නියමෙට හදල තිබ්බ මං තාමත් ඉස්සර වගේම ආසයි මේකට අවුරුදු ගානකට පස්සෙ ආපහු බලන්න හිතුන නිසා ඩවුන්ලෝඩ් කරගන බැලුව
    මේ ලිපි මාලාව දිගටම කරගනයන්න අපිට පැරනි මතකයන් නැවුම් කරගන්නත් එක්ක
    බොහෝම ස්තූතියි පෝස්ට් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *