චිත්‍ර කතාජපන් කොමික්සියල්ල

වන් පීස් සිංහලෙන් කියවන්න : 585 වන පරිච්ඡේදය | “සහෝදරත්වයේ සකේ කෝප්ප”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

කොහොමද? අද එක අරන් එන්න ටිකක් කල් ගියාට ඔන්න සමාව ඉල්ලනවා. පොඩි රසවත් දෙයක් කියන්නයි හදන්නෙ. අද චැප්ටර් එකේ මුලම කවර් පික් එකක් තියෙනවා දකින්න ඇතිනෙ. ඒ වගේ බුක් කවර් එකක් හැම වෙලුමක් (වොලියුම්) එකක් එක්කම දැකගන්න පුළුවන් වෙන්න ඇති ඔයාලට (අද එක 60 වෙනි පොතේ). ඒ කියන්නෙ එක වොලියුම් එකකට අදාල ඒකෙ පොතේ කවර් එක ඔය විදියට තියෙනවා. ඊට අමතරව විශේෂ අවස්ථා වලදි, ඒ වගේම හිටපු ගමන් ඔයාලා දැකලා ඇති වර්ණ ගන්වපු පින්තූරයක් චැප්ටර් එක පටන් ගන්නකොට තියෙනවා. ඒකට කියන්නෙ කලර් ස්ප්‍රෙඩ් කියලා. (චැප්ටර් එකේ නම තියෙන පිටුව ගැන නෙවෙයි කියන්නෙ). මං මේ ඒ ගැන පොඩි දෙයක් කියන්නයි හදන්නෙ. ඔයාලට තාම ඒ ගැන අදහසක් නැති වෙන්න පුළුවන් ඒත් ඕදා සෙන්සෙ ගොඩක් ප්‍රසිද්ධයි එයාගෙ අනාවැකි සම්බන්ධෙන්. ඒවා ගොඩක් සියුම් විදියට, එක්කො දෙබසක හංගලා තියෙන්න පුළුවන්, නැත්තන් කතාවෙ පැනල් වල තියෙන්න පුළුවන්. (කොටු). ඒ වගේ පෙර අනාවැකි හංගන එක තැනක් තමයි ඔය කලර් ස්ප්‍රෙඩ් එක. මෙච්චර කල් වුන සිද්ධි වල ගොඩක් අනාවැකි ඔය විදියට කලින් ආපු කලර් ස්ප්‍රෙඩ් වල හැංගිලා තිබිලා තියෙනවා. මං අද ඒ වගේ විශේෂ පෙර අනාවැකියක් ගැන කියන්නයි හදන්නෙ. ඒ තමයි ඒස්ගෙ මරණය හොඳටම හිතාගන්න පුළුවන් විදියට තිබුන පෙර අනාවැකිය. ඔයාලා 520 චැප්ටර් එකට ගියොත් මේ පහළ තියෙන කලර් ස්ප්‍රෙඩ් එක දැකගන්න පුළුවන් වෙයි.

ඒස් කියන්නෙ කාඩ් පැක් එකේ ආසියට කියලා දන්නවා ඇතිනෙ. එතකොට ලූෆිගෙ අතේ තියෙන කාඩ් සෙට් එකේ උඩම තියෙන්නෙ ස්කෝප්ප ආසියා. එයාගෙ වම් අතේ තියෙන්නෙ බෲක් ඉන්න කාඩ් එකක්. අපි දන්නවාව බෲක් කියන්නෙ ලූෆිගෙ නකාමා කෙනෙක් කියලා. ඒත් බෲක් කියන්නෙ මැරුණ කෙනෙක්. ඒ වගේම ඒක හිස් කබලක පින්තූරයක්. සාමාන්‍යයෙන් හිස්කබලෙන් පිළිබිඹු කරන්නෙ මරණයක් හෝ මාරාන්තික අනතුරක්. එතකොට ලූෆිගෙ මූණේ ඉරියව්ව හරියටම ඒස් මැරුන වෙලාවෙ ලූෆිගෙ මූණෙ තිබුන ඉරියව්ව වගේමයි. ඔය විදියට තමයි ඒස් මැරෙනවා කියලා අවුරුදු එකාමාරකට කලින් විතර රසිකයන්ට ඕදා සෙන්සෙ ඇඟෙව්වෙ. ආයෙත් කලර් ස්ප්‍රෙඩ් එකක් දැක්කොත් පොඩ්ඩක් හොඳට බලන්න මොන වගේ සියුම් තොරතුරු තියෙයිද කියලා. තව ගොඩක් ඔය වගේ ඒවා තියනවා. හිටපු ගමන් අරන් එන්නම්. ❤️

 

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

9 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 585 වන පරිච්ඡේදය | “සහෝදරත්වයේ සකේ කෝප්ප”

  • එයිචරො ඕදා සුපිරි වැඩ්ඩෙක් ..
    ඔයාටත් ගොඩක් ස්තූතියි!! වන් පීස් translate කරලා දෙනවටම්…

    Reply
  • Color walin one piece kiyawann site ekak kiynnko

    Reply
  • බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

    Reply
  • 😮
    thank u

    Reply
  • ස්තුතියි………ඒ පොටෝ වල ඒවත් තියනවද……..ඒව හින්දා තමා මේ කතාව එන්න එන්න පට්ට වෙන්නෙ

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • අම්මෝ ඒවා දැනන් හිටියේ නැහැනේ.. මේක එන්න එන්නම ආතල් වෙනවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *