ඉන්දියන් සිනමාවචිත්‍රපටභාෂාවවගතුගසියල්ලහින්දි

Aashiqui 2 – උමතුවක දෙවැන්න……

මේක තමා බයිස්කෝප් මංසලේ හින්දි සිනමා සිත්තමක් ගැන කියවෙන කුළුදුල්ම අවස්ථාව. ඉන්දියානු රුපියල් 120,000,000ක වියදමින් “මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණයෙන්, ශගුප්තා රෆීක්ගේ රචනයෙන් 2013 අප්‍රියල් මස 26 වනදා ඉන්දියාවේදී රිදී තිරයේ දිගහැරුනු මෙය “Aashiqui 2” නම් වේ.

ප්‍රධාන චරිත නිරූපනය Guzaarish 2010 (Omar Siddiqui), London Dreams 2009 ( Zoheb Hayaat Khan), Yeh Jawaani Hai Deewani 2013 ( Avi ) වැනි සිනමාපට සමගින් ජනප්‍රියත්වයට පැමිනි “Aditya Roy Kapoor” ගෙන් වන අතර ඔහුගේ මෙම සිනමා සිත්තම සදහා ජනප්‍රිය ගායකයෙකුගේ චරිතයක් නිරූපනයට අවස්ථාව ලැබි ඇත ඔහු නමින් Rahul Jaykar වේ.

විශේෂිතම කාරනය නම් ප්‍රධාන නිලියගේ භූමිකාවට පණපෙවීම උදෙසා වරම් ලැබී ඇත්තේ Shraddha Kapoor නම් සුරූපී නවක නිළියකටයි, ඇය නමින් Arohi Keshav Shirke වන අතර ආධුනික ගායිකාවකගේ චරිතය උදෙසා අපූරුවට පණපොවනු ලබන බව සදහන්වේ.

නාට්‍යමය, සංගීතමය සහ ප්‍රේමණීය ඝණයට අයත්වන මෙහි කතාව කෙටියෙන් කැටිකොට ගත් කලිහි මෙසේය “රාහුල් යනු ජනප්‍රිය පරම්පරාවේ ගායන තරුවක්, අරෝහි කියන්නෙ සමාජ ශාලාවක ගීත ගායනා කරන හැකියා පරිපූර්ණ නව යොවුන් ගායිකාවක්, ඒ වගේම රාහුල් බීමට ඇබ්බැහිවූවෙක් ඔහු මෙම සමාජ ශාලාවට ගොඩවන දිනයකදී අහම්බයෙන් මෙන් අරෝහිගේ සුමදුර කටහඩ අසන්නට ලැබෙනව ඉතින් රාහුල් අරෝහිට ඉදිරියට ඒම සදහා මහත්සේ උපකාරී වනවා. මොවුන් දෙදෙනා ප්‍රේමයෙන් වෙලෙන බවක් සදහන් උවත් තවමත් එය ස්ථිර වශයෙන්ම අපට කිවනොහැකිය, සිදුවන්නේ මහත් විපරියාසයකි. රාහුල්ගේ ජනප්‍රියත්වය පරයා අරෝහී ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගී එනව, මෙය රාහුල් කෙසේ ඉවසාවිද, වෙනදා ඔහුගෙන් සමරු අත්සන් ගත් රසිකයන් දැන් ඔහුගේ මාර්ගයෙන් අරෝහිගේ සමරු අත්සනක් ලබා ගැනීමට තැත්කරනව… ඊර්ෂ්‍යාව කුහකත්වය පරයා හදෙහි නැගුනු ආදරයක් ඉස්මතුවී පැමිනේදෝ නැතහොත් දෙදෙනාගේම සංගීත දිවියට කන-කොකා හඩලයිද යන්න තවමත් අපට ගැටළුවක්, එම ගැටළු සදහා නිවරදිම පිළිතුර ලගදීම ලැබෙන බැව් අපට විස්වාසයි මන්දයත් මේ වෙනුවෙන් දැනටමත් සංඥා එළි දැල්වී ඇති බැවිනි.

තිරගතවීම අරබා සති හතරක් පමනක් ඉක්මගිය කල්හි ඉන්දියානු රුපියල් කෝටි සියය ඉක්මවා වසරේ දැවන්තම ආදායම ලබාගනිමින් ආදායම් වාර්ථා අතර ප්‍රථම ස්ථානයේ වැජබෙන මෙහි යහපත් තත්වයේ පිටපතක් නිකුත් වී පෑ කිහිපයක් ඇතුලතදී සිංහල උපශීර්ෂයන් සමගින් බයිස්කෝප් අඩවිය මාර්ගයෙන් නැරඹීමට ඔබටද වරම් ලැබෙනු නො-අනුමානයි, මන්ද අපගේ හින්දි පිස්සා වන “ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)” සහෝ පසුගිය දින කිහිප තුලදී දැඩි ආශාවකින් යුතුව මෙහි පූර්ව ප්‍රචාරක පට මෙන්ම මෙහි ඇතුලත් අලංකාරවත් ගීත සියල්ල සදහාම අර්ථ නිරූපනයන් දැඩි ආශාවක් සමගින් මුහුනු පොත මගින් අප හමුවට ගෙනා ආකාරය දෙස බැලූකල්හි එය හෙට ඉර පායන්නාක් මෙන් ස්ථිරය.

තවද සදහන් කලයුතු විශේෂ කරුනක් වනුයේ මෙහි එන “Tum Hi Ho” සහ “Sun Raha Hai” යන ගීතයන් ඉන්දියාවේ විකාශනය වන සෑම ගීත දර්ශකයකම පලමු දෙවන ස්ථාන ලබාගැනීමට පවා සමත් වෙලා තියනව ඉතින් අපේ ආසිරි සහෝ සිංහලට අනුවර්තනය කරපු එම ගීත දෙක මෙසේ ඔබ හමුවට ගෙන එන්නේ චිත්තාකර්ෂණීය හින්දි සිනමා සිත්තමක් ලගදීම ඔබගේ රසවින්දනයට බාර කරන බවට කිසිදිනක කඩ නොකරන පොරොන්දුවක්ද සමගිනුයි. ඔබ සැමට ජයෙන් ජය, ස්තූතියි!

 Sun Raha Hai Na Tu…” Aashiqui 2 song lyrics in sinhala

නුබගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු..
සොදුරේ..සොදුරේ..සොදුරේ..

මා හට චේතනාවක් දෙනුමැන..
පොරොන්දුවක්, දිවුරුමක් දෙනුමැන..
මාගේ ප්‍රාර්ථනා ඉඟි වලට සරණක් දෙනුමැන..
හදවතට තැනක් දෙනු..
අලුත් නිදහසට කරුණක් දෙනු..
සිහින වරුසාවට වස්සාන කාලයක් ලබාදෙනු..
නුබගේ කරුණාවෙන් මා හට ආශීර්වාද කරනු..
මේ දෙසටත් බැල්ම හෙලනු..

නුබ හට ඇසෙනවා නේද..
මා හඬනා බැව්..
නුබට ඇසෙනවා නේද..
ඇයි, මා හඬනුයේ කියා..

ගමනාන්තයද අමනාප වී ඇත..
මාර්ගයද අතුරුදන් වී ඇත..
පැමිණ, රැගෙන යනු..
මෙම කුඩා පැතුම..
එය මා හට අයිති දෙයකි..
නුබයි මාගේ වස්තුව..

කාලයද නැවතී ඇත..
කිමද, එලෙස සිදු වූයේ..
අනේ! නුබ පැමිණෙනවා නම්..
යම්, ආශිර්වාදයක් මෙන්..
නුබයි සැනසුම මා ආත්මයේ..
නුබයි මාගේ ඇදහුම..

නුබගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු..
නුබ හට ඇසෙනවා නේද..
මා හඬනා බැව්..
නුබට ඇසෙනවා නේද..
ඇයි, මා හඬනුයේ කියා…!

සිංහල පරිවර්ථනය – ආසිරි ප්‍රියන්ත (හේවා)

 “Tum Hi Ho…” Aashiqui 2 song lyrics in sinhala..

දැන් මා හට නුබ නොමැතිව සිටිය නොහැකියි…
නුබ නොමැතිව මාගේ පැවතීම කුමක්ද?
නුබගෙන් වෙන්වීමෙන් සිදුවන්නේ..
තමන්ගෙන්ම වෙන්වීමට සිදු වීමයි..

කිමද, නුබම පමණයි..
දැන්, නුබම පමණයි..
මා ජීවිතය, දැන් නුබම පමණයි..
සැනසුමත්, මාගේ වේදනාවත්..
මාගේ උමතුවත්..
දැන් නුබම පමණයි..

නුබගේ සහ මාගේ සම්බන්දය මෙවැනිය..
මොහොතක දුරස් බවක් වත් ඉවසිය නොහැකියි..
නුබ වෙනුවෙන්මය නිතරම මා ජීවත් වනුයේ..
නුබ හට දී ඇත මාගේ සියලු කාලයන්..
නුබ නොමැති මාගේ එක මොහොතක්වත් නැත..
හැම සුසුමකම නුබගේ නමයි ඇත්තේ..

නුබ වෙනුවෙන්මය මා ජීවත් වූයේ..
තමන්වත් පරිත්යාමග කළෙමි මා..
නුබගේ පක්ෂපාති බවයි මා ජීවත් කරවූයේ..
සියලු වේදනාවන් හදින් පිටමන් කලේ..
නුබ සමගයි මා ඉරණම බැදී තිබෙන්නේ..
නුබ ලබා ගැනීමෙනුයි අසම්පූර්ණ බව නැතිවූයේ..!

සිංහල පරිවර්ථනය – ආසිරි ප්‍රියන්ත (හේවා)

ලිපිය – ශාන් විමුක්ති [විමා]

Author

19 thoughts on “Aashiqui 2 – උමතුවක දෙවැන්න……

  • best move. ashiqui 3 waiting

    Reply
  • මන් මේ “Tum Hi Ho…” සිංදුව අහන ගමන් සයිට් එක පැත්තෙ ආවා
    බැලින්නම් අයිනෙන් යනවා Aashiqui 2 – උමතුවක දෙවැන්න කියලා
    ඇවිත් බැලින්නම් ෆිල්ම් එකෙ මුළු පැටිකිරියම දාලා
    එල, අනිවා සිංහල ඔනි යකෝ අදායම කෝටි 100
    පැන්නුවා කියන්නෙ පහරක්නෙ

    Reply
  • me songs walatath sinhala dannako Chahun Main Ya Naa – Arijit Singh, Palak Muchhal.

    Hum Mar Jayenge – Arijit Singh, Tulsi Kumar.

    Meri Aashiqui – Arijit Singh, Palak Mucchal.

    Piya Aaye Na – K.K, Tulsi Kumar.

    Bhula Dena – Mustafa Zahid.

    Aasan Nahin Yahan – Arijit Singh.

    Sun Raha Hai (Female) – Shreya Ghoshal.

    Milne Hai Mujhse Aayi – Arijit Singh.

    Reply
    • මචෝ..මේ ෆිල්ම් එකේ සින්දු 5 කට විතර නම් දැනටමත් සිංහලෙන් දීලා ඉවරයි…
      ඉතිරි ටික ෆිල්ම් එක ආවාම ගන්නකො…..

      Reply
    • ‍ෆිල්ම් එක ඉක්මනට එන කතාවක් කියනව සහෝ
      අපි ‍ෆිල්ම් එක ආවම ඔයාලට සින්දුත් එක්කම දෙන්නම්කො හරිද
      ජය සහෝ! 😀

      Reply
  • patta pata pata.

    Reply
  • පැය කිහිපයක් ඇතුලත දී….
    ඉර පායන්නාක් මෙන්….
    දැන් විමාත් කොල්ලෝ අමාරුවේ දාන වැඩේ බාර අරං විත්තිය නම් මම දැනන් හිටියා…
    ඒත්, මේ වගේ…”පැය කිහිපයක් තුල”….
    හිටු කො…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *