ඉංග්‍රීසිකොමික්චිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගසියල්ලහොලිවුඩ් සිනමාව

Guardians of the Galaxy Vol. 3 දෙබසක් ගැන ජේම්ස් ගන් කළ හෙළිදරව්ව

තිරගත වෙමින් පවතින Guardians of the Galaxy Vol. 3 (2023) චිත්‍රපටයේ ගෲට් අවසානයට කියන වචන කිහිපයේ තේරුම එහි අධ්‍යයක්ෂක ජේම්ස් ගන් මහතා විසින් අනාවරණය කරලා තියෙනවා. 

චිත්‍රපට තුනක් පුරාවටම, වින් ඩීසල් විසින් හඬ දායකත්වය ගෲට්හට සපයා තිබෙනවා. හැබැයි ඔහුට කියන්න තිබුණු එකම වචන තුනයි ඒ, එක්කෝ “I am Groot,” නැත්නම් සමහර අවස්ථාවල “We are Groot” කියන වචන. ඒකත් මරු නේද වචන තුනක් කියලා ලොකු ගාණක් හම්බ කරනවා කියන්නේ! :p

කාරණය ඒක නෙමෙයි. මේ Vol. 3 පූර්ව ප්‍රචාරක පටයේ අපි දැක්ක ගෲට් විසින් “We are Groot” කියලා කියන අවස්ථාව චිත්‍රපටයට එනකොට ලොකු වෙනසක් ඔයාලා අත්දැක්කද? ඔව් අපිට ඇහෙන්නේ ගෲට් “I love you guys” නොහොත් “මම ඔයාලාට ආදරෙයි” කියලා.

සමහරු මේ වෙනස ගැන කිව්ව අදහස තමයි ගෲට් පරිණාමය වීමත් සමඟ ඉංග්‍රීසි ඉගෙනගෙන භාෂා හැකියාව දියුණු වෙලා කියලා. හැබැයි තවත් අයගේ අදහස වුණේ රසික අපි ගෲට් එක්ක ලොකු කාලයක් ගත කරපු නිසා අපිටත් ගෲට් කතා කරන දේවල් තේරුම්ගැනීමේ හැකියාව ලැබිලා කියලා. මේ විදිහේ න්‍යායන් දෙකක් ආවම හැමෝම කැමතිනේ මේ දෙක අතරින් ඇත්තම කාරණය මොකක්ද කියලා දැනගන්න නේද? ඉතින් ඒකට උත්තරේ තමයි මේ ලිපියෙන් අද අරගෙන ආවේ…

පීටර් කුයිල්ගේ බෙල‍්ල තුළ විශ්ව භාෂා පරිවර්තකයක් ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා තියෙනව කියලා පළවෙනි ගාඩියන් ෆිල්ම් එක බලපු ඔයාලා දන්නවනෙ. ඒක නිසාද පීටර්ට ගෲට් කියන දේවල් තේරෙන්නේ? 

පිළිතුර තමයි නැහැ! පී‍ටර් කුයිල් සතු මේ විශ්ව භාෂා පරිවර්තකයට ගෲට්ගේ වචන මොනාවාද යන්න පරිවර්තනය කළ නොහැකි බවත්, ඒවා තේරුම්ගැනීමටනම් ගෲට් සමගම සහසම්බන්ධතාවක් ඇති කරගත යුතු බවත් GOTG අධ්‍යයක්ෂකතුමා ජේම්ස් ගන් මහත්මයා මීට කලින් තහවුරු කරලා තියෙනවා.

ඉතින් ඇත්තටම මේ රසික අපි සහ ගෲට් අතර ඇති වෙලා තියෙන සහසම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්ද? ඒ ගැන ප්‍රේක්ෂකයෙන් ජේම්ස් ගන්ගෙන් Twitter ඔස්සේ විමසා සිටියා. මේකට ජේම්ස් ගන් අපි හැමෝගෙම බලාපොරොත්තු මල්පල ගන්වමින් දීපු උත්තරය “ඔව්, එහි තේරුම එය තමයි.” පහළින් පේන්නේ අදාළ Twitter සටහන සහ ජේම්ස් ගන් මහතාගේ රිප්ලයි එක‍.

ඉතින් ඉදිරි කාලයේදී රොකට් රැකූන්ගේ නායකත්වය යටතේ අපේ ගාඩියන්වරුන්ව නැවත මුණගැහෙනකොට අපිට ගෲ‍ට් කියන දේවල් තේරුම්ගන්න හැකි වෙයි නේද? අපි බලමු..!

රසිකයන් විදිහට ඔයාලට මොකද හිතෙන්නේ ගෲට්ගේ වචන ඔයාලටත් තේරුම්ගන්න හැකියාව ලැබුණු එක ගැන? ඒ ගැන කියලා කමෙන්ට් එකක් දාගෙන යමු බලන්‍ට.

“I love you guys!”

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *