කොමික්ටීවී කතා මාලාවගතුගසියල්ල

I’m the Future Flash | මම තමයි අනාගතේ ෆ්ලෑෂ්

පහුගිය ෆ්ලෑෂ් කොටසේදි අපි දැක්කා සැවිටාර් කියන්නේ අනාගත ෆ්ලෑෂ් බව. ස්පීඩ් ෆෝස් එකෙන් සැවිටාර් නිදහස් වුණු තැනදි ඒ ගැන සැවිටාමර් කලින්ම කිව්ව නෙව. (I’m the Future Flash / මම තමයි අනාගතේ ෆ්ලෑෂ්) මටනම් එදාම තේරුණා. හැබැයි ගොඩක් අය හිතුවා මම තමයි අනාගතේ වාක්‍ය යෙන් පස්සෙ කමාවක් තියෙනව කියලා. හැබැයි පස්සේ පස්සේ මටත් එයා අනාගත ෆ්ලෑෂ් කියන සැකය අඩු වුණා කතාව පසු කාලීනව ගලා ගෙන ගිය විදිහ නිසා. ඒ ගැන තේරෙනවනේ.

හැබැයි කොහොමද එයා මෙච්චර නපුරු කෙනෙක් බවට පත් වුණේ? මෙයා ඇත්තටම අපි දකින බැරී ඇලන්ගේ අනාගත පුද්ගලයද? එහෙම නැත්නම් Time Remnant ඒ කියන්නේ කාල අවශේෂයක්ද? 

මේ ගැන අදහස් කිහිපයක් තියෙනව, 

සමහරවිට දෙවෙනි කතා සමයේ සූම්ව පැරදවීමට බැරී එයාගේ කාල අවශේෂයක් අරගෙන එනවා. ඒ කාල අවශේෂ බැරී සියලු විශ්වයන් බේරගන්න එයාගේ ජීවිතය පූජා කළා ඔයාල දකින්න ඇති. එහෙමනම් මේ ඒ බැරී ඇලන්ද?

එහෙම වෙන්නත් අමාරුයි, මොකද සැවිටාර් වර්තමාන බැරී ගැන හැමදේම දන්නව! ඒ කියන්නෙ එයා වර්තමානයේ ජීවත් වුණා! එහෙමනම් සැවිටාර්ව පරද්දන්න බැරී නිර්මාණය කරන කාල අවශේෂයක්ද සැවිටාර් බවට පත් වෙන්නේ? මටනම් එහෙම සැකයක් තියෙන්නේ. මොකද 2024 බැරී, වර්තමාන බැරීට කියනව “ඔයා කාල අවශේෂ හදයි, ඒත් සැවිටාර් ඒ ඔක්කොමව මරනව” කියලා. බලමුකෝ ඒක කොහොම වෙයිද කියලා…

ඊළඟට මතකද, Legends of Tomorrow කතා මාලාවෙදි, අපි දැක්කා 2056 බැරී ඇලන්ගෙන්, රිප් හන්ටර්ට පණිවිඩයක් ලැබිලා තිබුණා, එයාව විශ්වාස කරන්න එපා කියලා? බොහෝවිට ඒ කිව්වේ සැවිටාර් ගැන වෙන්නත් පුලුවන්, මේක මගේ සැකය. අන්තර්ජාලයෙත්, කොමික් සම්බන්ධ බ්ලොග්වලත් මේ ගැන විවිධ මත පල වෙලා තිබුණා. අපිට ඒ ගැන දැනගන්නනම් බදදා නිකුත් වුණු (අද හෙට සිංහල උපසිරස ලැබෙයි) එපිසෝඩ් එක බලන්න වෙනවා.

Author

7 thoughts on “I’m the Future Flash | මම තමයි අනාගතේ ෆ්ලෑෂ්

  • මචන්,මට මේක පැහැදිලි කරලා දීපන්…දැන් සැවටාර් කියන්නෙ බැරියගෙ කාල අවශෙශයක් නම් එ කාල අවශෙශය සැවටාර් වෙන්න කලින් සැවටාර් කව්ද?

    Reply
  • Biscope akata yanna ba ne!!login wenna mn gawa accounts n a ne bro!! Dan mokada karanne??

    Reply
  • මරු ලිපිය

    Reply
  • @Prasad Randunu ඔයා වගේ අදහස් දෙනවනම් අපි ලිපි දෙනව නෙමෙයි, අපෙ අතින් ලිපි ලියවෙනව, බොහොම ස්තුතියි. අනිවාරෙන්ම ඊළඟ එපියට කලිනුත් ලිපියක්වෙ ලියනව වෙලාව තිබුණොත්.

    @kavindagamage අදහසට ස්තුතියි.

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • Thawa tkak hoda wistharayak ona saho nxt epi. Ekta kalin aniwa. Plzzzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *