දැනුමටවගතුගසියල්ල

පරිඝනක දෘශ්‍ය ප්‍රයෝග රහිත සිනමාව

CGI එහෙමත් නැත්නම් පරිඝනක දෘශ්‍ය ප්‍රයෝග කියන්නේ මේ වෙනකොට සිනමාව හා තදින්ම බැඳිල තියෙන දෙයක්. ලංකාව තුල නම් තවමත් අඩුවෙන් තමයි මේ දේ භාවිතා වෙන්නේ. ඒත් ලෝක මට්ටමට ගියාම සම්පුර්ණ චිත්‍රපටයම නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන තාක්ෂණික ප්‍රයෝග මත. ඉතිං අපි බලමු මේ කියන ප්‍රයෝග නැතුව අපි දන්න කියන සිනමාපටවල පෙනුම මොන විදියට තියෙනවද කියල. ඉතිං කට්ටිය අද මේ ලිපියට දෙන ප්‍රතිචාරය යහපත්නම් මම ජනප්‍රිය ෆිල්ම් එකෙන් එක ෆිල්ම් එකට මේ තාක්ෂනය යොදාගත්ත ආකාරය, යොදාගත්ත තැන්. රුගත කෙරුණ අකාරය ආදී බිහයින්ඩ් ද සින් එහෙමන නැත්නම් තිරයෙන් පිටුපස දේවල් සඳහන් ලිපි පෙළක් ආරම්භ කරනවා. ඉතිං ඒ වැඩේට අත ගහන්න කලින් කට්ටිය මේ දේවල් වලට කැමතියි වෙයිද කියාලන්න මේ පොඩි මුට්ටියක් තමා දාන්නේ. මුට්ටියට ප්‍රතිචාර හොඳ නම් ඉදිරියේදී ඔලුව දානවා. කට්ටිය ආස නැත්නම් ඉතිං අපරාදෙනේ මහන්සිය :p කොහොම උනත් කියවන්නෝ දිනන්නෝ..

1. 300: Rise of an Empire (2014)ඉතිං මේ තියෙන්නේ වතුර බින්දුවක්වත් නැතුව මහා සාගරයක් අපිට පෙන්වපු CGI තාක්ෂණයෙන් සෑදුන සිනමාපටයක්. ෆිල්ම් එක බලනකොට නිකමට හරි හිතුනද මේක මේ වගේ මායාවක් කියල.

2. Elysium (2013)ඩොලර් මිලියන 110 ක් වියදම් කරලා නිර්මාණය කලත් යාන්තමට ඩොලර් මිලියන 93ක් විතරක් උපයාගත්ත සිනමාපටයක්. නමුත් එහි යොදාගත්තා තාක්ෂනය නම් ඉතිං ආයේ කියල වැඩක් නැහැනේ. මතකනේ ෆිල්ම් එක බලපු අයට

3. Jurassic World (2015)මතකනේ 2015 වසරේ ලෝකය හොල්ලපු ලොකු හප්පෝ. මේ අවුරුද්දෙත් ලෝකය හොල්ලගෙන එනවා. ඉතිං මේ විදියට තමා ලොකු හප්පන්ගේ ෆිල්ම් එකේ CGI තාක්ෂණය යොදාගත්තේ නැත්නම් අපිට දකින්න වෙන්නේ

4. Mad Max: Fury Road (2015)කට්ටිය පිස්සුවෙන් බලාපු පිස්සු පහරක්. මතකනේ තිබ්බ වාහන සෙට් එක එහෙම. මේ තියෙන පසුපස හඹා යන දර්ශන සියල්ලම ඇත්තටම කරපුවා. නැමීබියාවේ කාන්තාරයක තමයි මෙ දර්ශන රුගත කෙරුනේ.

5. Man of Steel (2013)අවුරුදු ගානක් තිස්සෙ යටට අඳින කලිසම හරියට ඇඳගෙන හිටිය නැති සුපිරි වීරයා යාන්තම් හරියට කලිසම ඇඳගත්තේ මේ ෆිල්ම් එකෙන් තමා. මතකනේ. ඉතිං සුපි ඉගිලෙන්නේ මෙන්න මේ වගේ තමා. ඒ ෆිල්ම් එකේ නම් CGI සුපිරියට තිබ්බා.

6. The Planet of the Apes (2011-2017) මේක ඇවිල්ලා මගේ ආසම සිනමාපට මාලාවක්.නිකමට හිතන්නකෝ මිනිහෙක්ව වානරයෙක් බවට පරිවර්තනය කරන්න මොන තරම් දෙයක් කරන්න ඕනද කියල මෙතක්ෂණය නැති කාලේ. මේකේ පරණම ෆිල්ම් සෙට් එකේ මේකප් වලින් එහෙම හරවපුවම තියෙන විදිය ගැන මතක් කරලා බලනකොට මේ තාක්ෂනය ඇවිල්ල දිව්‍යලෝකෙන් ලැබුන දෙයක් වගේ ඉතිං.

7. Spider-Man: Homecoming (2017)ටොම් හොලන්ඩ් කියන්නේ ඇත්ත ජිවිතයේ හොඳ ජිම්නාස්ටික් කාරයක්. අන්න ඒ නිසාමයි මිනිහා ආදේශක නළුවෙක් නැතුවම මේ ෆිල්ම් එකේ ක්‍රියාදාමයන් රඟ දක්වන්නේ. ඉතිං ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නොව. මේක ඇවිල්ල CGI ගොඩක්.

8.The Jungle Book (2016)

මේ ආටිකල් එකේ මුල්ම රුපෙත් අයිති මේ ෆිල්ම් එකට. කුඩා දරුවෙක් වනාන්තරයේ සත්තු එක්ක ජිවත් වෙන විදිය තමා අපිට මේකෙන් දකින්න තියෙන්නේ. නිකමට හිතන්න අපිට මේ තාක්ෂනය නොතිබුනා නම් අපිට මේ කතාව හදන්න ඇත්ත සත්තු අරගන්න වෙන්නේ. ඒ සත්තුන් කතාවට ඕන විදියට හසුරුවන්න මොන තරම් වෙහෙසක් ගන්න වෙනවද. ඒ සත්තුන්ටත් මොන තරම් හිරිහැරයක්ද ඒක. ඉතිං ඒ කිසි දෙයක් නැතුව ස්ටුඩියෝවකඩි ඒ හැම මයාවක්ම මැවෙනවා.

9.RoboCop (2014)තෑන්ක් යූ ෆො යුවර් කෝපරේෂන්.. මතකනේ රෝබෝකොප්ව. ඉතිං රෝබෝකොපට පරිගණක දෘශ්‍ය ප්‍රයෝග එකතුවෙන්න කලින් පෙනුම මෙන්න මෙහෙමයි. මේ රෝබෝකොප් රිබුට් එක.

10.The Hobbit (2012-2014)මතකද හොබිට් එකේ නිධානයට අරක් ගත්තු මකරව. ඉතිං මේ ඉන්නේ ඒ මකරා. මකරාගේ මුහුනේ ඉරියව් ආදිය සියල්ල මිනිසෙක් විසින් තමයි රඟ දක්වන්නේ. මෝෂන් කැප්චර් තාක්ෂනය යොදාගෙන තමා ඒ සියල්ලම අපිට පේන විදියට නිර්මාණය කරලා පෙන්වන්නේ.

The Martian (2015)

මාශියන් කියන්නෙ මං බලපු වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකෙ වැඩි හරියක් තිබ්බෙ අභ්‍යවකාශය සහ අගහරු මතුපිට. ඉතිං මේකෙත් ඒ දේවල් බාගෙට බාගයක්ම කෙරුනෙ දෘශ්‍ය ප්‍රයොග මගින්. අර ලියනවයි කිව්ව ලිපි වලින් පලවෙනි එක මේක ගැන ලියන්නම්


ඉතිං මං කලින් කිව්වා වගේ මේක පොඩි ටෙස්ට් රන් එකක්. කට්ටිය මේ දේවල් ගැන දැනගන්න කැමතියි නම් කියමු. ටිකක් වෙහෙස දරල ලියන්න ඕන ලිපි මාලාවක් මේක කට්ටියට උනන්දුවක් නැත්නම් ඒ ටහ්රම් වෙහෙසක් දරණ එක අපරාදේ නිසයි මෙහෙම කියන්නේ. එහෙනම් නැවත හමුවෙමු.

Author

11 thoughts on “පරිඝනක දෘශ්‍ය ප්‍රයෝග රහිත සිනමාව

  • සුපිරි යි bro . ශ්‍රී ලංකාවෙත් මෙහෙම වුණා නම්???

    Reply
  • දෙමු දෙමු බ්‍රෝ.

    Reply
  • maru wadak,digatama karan yamu,jaya wewa!!!

    Reply
  • Niyamai lipiyaya thax issarahatath lipi tikak demu

    Reply
  • patta. digatama karan yanna

    Reply
  • වැඩේ නියමයි සහෝ..දිගටම කරගෙන යමු. මේ දේවල් ගැන දැනගන්න අපි හැමෝම ආසයි..

    Reply
  • නියමයි.දිගටම කරන් යන්න

    Reply
  • නියමයි
    මත ඉන්න ගමන් මේ වගේ ඒවගේ වීඩියෝ youtube එකේ බලනවා එල

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *