කොමික්ට්‍රේලර්වගතුගවිචාරවීඩියෝසිංහල උපසිරසසියල්ල

Shazam! (2019) වැඩිදුර තොරතුරු සමඟ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමඟ

පහුගිය 21 වෙනි සෙනසුරාදා කියන්නේ සිනමා ලෝලීන්ට බොහොම විශේෂ දවසක්. එදා තමයි එක්තරා සිනමා ලෝලීන් කොටසක් බොහොම ප්‍රීතියෙන් ඉපිලිලා යද්දී, තවත් සිනමා ලෝලීන් පිරිසකට කට උත්තර නැති වෙලා, බොහොම අසරණ වෙච්ච දවස. මෙතෙක් කාලයක් පුරාවට සිංහ නාද පවත්වාගෙන හිටපු මාවල් සිනමා ලෝලීන්, සෙනසුරාදා රෑ ඉඳන් වෙච්ච දෙයක් හිතාගන්න බැරුව තාමත් ආතබූත වෙලා වගේ තමයි හැසිරෙන්නෙ. “කොහොමද මෙහෙම එක සැරේටම වුණේ?” මේ තමයි මේ අයගේ හිතේ මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය.

දන්න අය හොඳාකාරම දන්නවා කාලයකට පෙර කොමික් ලොව රජකරගෙන හිටියෙ කවුද කියලා. ඔව්, ඒ තමයි DC එක. කාලයත් එක්ක පොඩි පසුබෑමක් ඇතිවෙලා පහුබහින්න වුණා තමයි. හැබැයි, ඒ පසුබෑමෙන් ප්‍රයෝජන අරගෙන සිංහ නාද පවත්වපු සිංහ හම පොරවගත්ත මාවල් ආයතනය සහ ප්‍රේක්ෂකයෝ දැනගෙන හිටියෙ නැහැ, නියම සිංහයා පියවරක් පසුපසට තබන්නේ ලොකු පිම්මකට සූදානමින් කඩාගෙන පනින්න කියලා. පහුගිය සෙනසුරාදා ඒ පැනපු මාරාන්තික පිම්මත් එක්ක… වැරදුණා… පිමි දෙකත් එක්ක තමයි මාවල් ප්‍රේක්ෂකයෝ මේ විදියට අන්ත අසරණ වෙලා, කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නෙ. මුලින්ම නිකුත් කරපු ශසෑම් චිත්‍රපටයේ ටීසර් පටයත් එක්ක බොහොම කැළඹීමට පත්වෙච්ච මේ රසික පිරිසට, ඊට සුළු මොහොතකට පස්සේ ඇක්වාමෑන් ට්‍රේලර් එක නිකුත් කළා කියන්නේ හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් තමයි සිද්ධවුණේ. මේ ආකාරයෙන් අසරණ වෙච්ච මාවල් සිනමා ලෝලීන්ගේ කටවල් මේ වසරේ දෙසැම්බර් මාසයේ ඇක්වාමෑන් චිත්‍රපටය නිකුත් වීමත් සමගින් හෝ, ශසෑම් පළමු ට්‍රේලර් එක නිකුත් වීමත් සමගම අපි හැමෝටම බලාගන්න පුළුවන් වේවි.

හොඳයි, එහෙනම් මේ කියන්න හදන්නේ ශසෑම් ගැන. ඇක්වාමෑන් ගැන ට්‍රේලර් එකත් එක්ක විස්තරයක් මංසලේ කලින් පළවුනානෙ. තවමත් ශසෑම් ටීසර් එක බලපු නැති අයට ඔන්න සිංහල උපසිරැසිත් සමගින් දැන් බලන්න අවස්තාව ලැබිලා තියෙනවා.

Shazam! එහෙමත් නැත්තන් Captain marvel. ගොඩක් දෙනෙක්ට මේ නම හුරු පුරුදු නැති වෙන්න පුළුවන්. හැබැයි, ඔබ කොමික් රසිකයෙක් නම් මේ නම කොහෙත්ම නුහුරු නුපුරුදු වෙන්න බැහැ. මේ ශසෑම් කියන චරිතය මුලින් අපි අතරට එන්නේ කැප්ටන් මාවල් නමින්. මේ චරිතය මුලින්ම නිර්මාණය වෙන්නේ 1939 වර්ෂයේදී. නමුත්, ප්‍රේක්ෂකයා හට නිළ වශයෙන්ම එළිදක්වන්නේ 1940 වර්ෂයේදී. මේ කැප්ටන් මාවල් චරිතයේ මුල් අයිතිය තිබුනේ Fawcett Comics කියන ආයතනයට. ඇත්තටම මේ කැප්ටන් මාවල් චරිතය කියන්නේ DC කොමික් විශ්වයට අයත් සුපර්මෑන් කියන චරිතයට බොහෝසෙයින්ම සමාන චරිතයක්. මං මෙහෙම කිව්වොත් ඔබ විශ්වාස කරාවිද මන්දා. එක්තරා කාලයක් තිබ්බා, මේ කැප්ටන් මාවල් කියන චරිතය සුපර්මෑන් චරිතයටත් වඩා බොහොම ප්‍රසිද්ධියට පත් වුණා. කොහොමින් කොහොමහරි, මේ කැප්ටන් මාවල් කියන චරිතය සුපර්මෑන්ට බොහෝ සෙයින්ම සමාන වන නිසා, නීතිමය මැදිහත්වීම මත කැප්ටන් මාවල් කියන චරිතය නිළ වශයෙන්ම DC කොමික් විශ්වයට අයත් වුණා. ඒ, 1972 වර්ෂයේදී. හැබැයි, මේ වෙද්දී මාවල් සමාගමෙන් කැප්ටන් මාවල් කියලා චරිතයක් නිර්මාණය කරලා තිබ්බ නිසා, DC ආයතනය විසින් මේ චරිතය සඳහා ශසෑම් කියන නම නිළ වශයෙන්ම යොදනවා. මෙන්න මේ විදියට තමයි, චිත්‍රපටයක් සඳහා අවස්තාවක් ලැබුණු පළමු කොමික් සුපිරි වීරයා වෙච්ච කැප්ටන් මාවල් නම් අතිශය ජනප්‍රිය කොමික් චරිතය ශසෑම් බවට පත්වෙන්නෙ.

එතකොට, මෙච්චර මේ ප්‍රසිද්ධ වුණා කියන කැප්ටන් මාවල් හෙවත් ශසෑම්ට මොනවද කරන්න පුළුවන්? කෙටියෙන් කියනවා නම් මං මෙහෙම කියන්නම්. ශසෑම් කියන්නේ සුපර්මෑන්ව වුණත් පරාජය කරන්න පුළුවන් චරිතයක්! ශසෑම් නිර්මාණය වෙන්නේ සුපර්මෑන්ට තියෙන ශක්තීන්ට අතිශයින් සමාන වෙන ආකාරයෙන්. ඊට අමතරව, ශසෑම් සතුව මායා බලය පවතිනවා. මෙන්න මෙතනින් තමයි ශසෑම්ට පුළුවන් වෙන්නේ සුපර්මෑන්ටත් ඉහලින් ඉන්න. නමුත්, අත්දැකීම් අතින් ගත්තම ශසෑම් කියන්නේ බොහොම පහළ මට්ටමකින් ඉන්න කෙනෙක්. මොකද, ටීසර් එක බැලුවා නම් දකින්න ඇති, ශසෑම් බවට පත්වෙන්නේ තරුණ ළමයෙක්. ඒත්, සුපර්මෑන් කියන්නේ වසර ගණනාවක් ජීවත්වෙච්ච, අත්දැකීම් සමුදායකින් පෝෂණය වෙච්ච බලවත් චරිතයක්. ඒ වගේම, සිනමාලෝලීන් විදියට අපිට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වේවි, චිත්‍රපටය තුල සුපර්මෑන්ගේ පොඩි කැමියෝ එකක් ඇතුලත් වේවි කියලා 😀

ශසෑම්ට කියන නමේ අකුරු වලින් නිරූපණය වෙනවා ඔහුට තිබෙන බලයන් පිළිබඳව.

  • S- Solomon – (Wisdom of Solomon – සොලමන්ගේ ඥාණය)
  • H- Hercules – (Strength of Hercules – හර්කියුලිස්ගේ ශක්තිය)
  • A- Atlas – (Stamina of Atlas – ඇට්ලස්ගේ සවි බලය)
  • Z- Zeus – (Power of Zeus – සියුස්ගේ බලය)
  • A- Achilles – (Courage of Achilles – ඇකිලීස්ගේ ධෛර්‍යය)
  • M- Mercury – (Speed of Mercury – බුධගේ වේගය)

බලවත්ම දෙවියන් හය දෙනෙකුගේ බලයන් ශසෑම් සතු වෙනවා. මීට අමතරව පියාඹීමේ හැකියාව පවා ශසෑම් සතුවෙනවා.

ශසෑම්ගේ ප්‍රධාන සතුරන් තමයි ඩොක්ටර් සිවානා සහ බ්ලැක් ඇඩම්ස්. ලබන වසරේ එළිදැක්වීමට නියමිත පළමු ශසෑම් චිත්‍රපටය සඳහා ශසෑම්ගේ ප්‍රධාන සතුරා වෙන්නෙ ඩොක්ටර් සිවානා. ඒ වගේම, චිත්‍රපටය අවසානයේ බ්ලැක් ඇඩම්ගේ සම්ප්‍රාප්තිය බලාගන්න පුළුවන් වෙන්න ඕනේ. බ්ලැක් ඇඩම් චරිතය සඳහා අපි කවුරුත් දන්න කියන ඩ්වෙයින් ජොන්සන් හෙවත් “රොක්” මේ වන විටත් නිළ වශයෙන් ගිවිසුම් අත්සන් කරලා හමාරයි. බොහෝ දුරට බ්ලැක් ඇඩම්ගේ කැමියෝ එකකුත් දකින්න ලැබේවි.

ශසෑම්ගේ ඇඳුමට කාලයක් හිනාවෙච්ච අයට මේ වෙද්දී පිළිතුරු ලැබිලා ඇති. දැන් තවත් සමහරු කියන දෙයක් තමයි, අර අහවල් විශ්වයේ ඉන්න අහවල් කෙනා වගේ මෙයා කුණුහරුප විහිළු කියන්නේ නැහැ කියලා. කුණුහරුප ප්‍රසිද්ධියේ කියන්නේ මොන වගේ අයද? චාරයක් නැති උදවියනේ. ඉතිං අපි මොකටද ඒ වගේ වෙන්නෙ, නේද? එහෙනම්, අපි බලාගෙන ඉමු පළවෙනි ට්‍රේලර් එක නිකුත් වෙනකම්.

Author

10 thoughts on “Shazam! (2019) වැඩිදුර තොරතුරු සමඟ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමඟ

  • Marval & DC kiyala maraganne nathuwa ena film ekak balala paaduwe hitiyanam iwarane ….

    Reply
  • onna mama list ekkak dala thiyenawa marvel ek dc eken copy karapuwa

    dark knight- moon knight
    soloman grundy-hulk
    bumblebee-wasp
    swamp thing-man thing
    martian manhunter/red tornado/mr.miracle-vision
    superman-hypierion
    polaris-magneto
    green arrow-hawk eye
    brainiac-ultron
    atom-ant man
    fire storm-fantastic four
    elegno/plastic man-fantastic four

    Reply
  • JL එක එන්න කලිනුත් කිවුවෙ ඔය වගේ තමා.ආවහම මල චාටර් වෙලා ගියෙ.ඕකටත් වෙන්නෙ ඒකමයි.ඩීසීල ෆිල්ම් තුන හතරකින් හොයන බජට් එක මාවෙල්ල ඉන්ෆිනිටි වෝ එකෙන් විතරක් හොයාගත්ත.ඉතින් තව මොන කතාද?ඇවෙන්ජර්ස් 4 මැයි වල ආවොත් Shazam කැලේ බ්‍රෝ.ඒ ඕනෙත් නැ අපේ කැප්ටන් මාවෙල් ෆිලුමද ඩීසී කැප්ටන් මවෙල් (Shazam)ෆිලුමද බලමුකො ජනප්‍රිය වෙන්නෙ.ඩීසීල කොහොමද මවෙල් එකට ගහන්නෙ හිත හදා ගන්න ඩීසී ෆෑන්ල.

    Reply
  • අම්මෝ..මේවටනම් කමෙන්ට් කරන්නත් බයයි. බීසනේ වගේ නෙහ්..කොමික් වලින් බැලුවොත්නම් DC තමයි අංක එක. ඒකේ කතා දෙකක් නෑ.ඒත් මේ කොමික් චරිත සිනමාවට ගේනකොටනම් DC වැඩේ නාගත්තා..පරණ ඒවා අමතක කරමුකෝ. Shazam එකට වඩා හැමෝම බලාපොරොත්තු වුන Aquaman ට්‍රේලර් එකේ ග්‍රැෆික් සහ Godzilla ට්‍රේලර් එකේ ග්‍රැෆික් ටික අහසට පොලව වගේ. ඒත් ෆිල්ම් දෙකම WB ලා තමා කරන්නේ. ඔන්න ඕකයි DC කෙලවගන්න තැන. කොමික් සම්බන්ධ ෆිල්ම් එකක් කිව්වාම හැමෝම බලන්න ආස දේ තමා ග්‍රැෆික් පැත්තෙන් හොදට තියෙන එක. මොකෝ ඇත්තට තියෙන දේවල් අඩුයි නේ ෆිල්ම් වල. Disny එකෙන් කරන නිසා Marvel ෆිල්ම් එකක ග්‍රැෆික් හැබෑවට වගේ තියේ. ඒත් DC එකකනම් එහෙම නෑ. එහෙම දැක්ක එකම ෆිල්ම් එක wonder women. DC ෆිල්ම් පෝලිමට අසාර්ථක වෙනකොට WW විතරක් සාර්ථක වෙන්න ඒක ලොකු හේතුවක් උනා. ඔය ටිකවත් හරියට නොවී DC වලට ගොඩ ඒමත් නෑ. දැක්කනේ JL එකට කරපු විනාසේ. DC අදහපු මිනිස්සු අපි. ඒත් JL වලින් පස්සෙ කොමික් එකක් කියෙව්වොත් ඇරෙnන්න DC ෆිල්ම් ගැනනම් බලාපොරොත්තු නෑ මින් ඉදිරියට..

    Reply
  • උත්සාහය සාර්ථකයි. හිතපු විදියටම වැඩේ සිද්ධවුණා.
    කට උත්තර නැතුව ඉන්න සිංහ හම පොරවගත්ත මාවල් හිතවතුන් මේ මොහොතේ ලිපිය දැකීමත් සමගින් භූමිතෙල් කාපු ගැරඬි මෙන් කෝපාවිෂ්ට වී ඇති ආකාරයක් දැකගැනීමට ලැබෙනවා.
    ප්‍රීති! ප්‍රීති! ප්‍රීති!

    Reply
  • පැමිණ සිටින DC පෑන්ට්ස්ල කිහිප දෙනාගෙන් අවසරයි…..
    ඔය වගේම ට්‍රේලර් දෙකක් ආව නේහ් BvS,JL කියල කාලෙකට කලින්.1B බොක්ස් ඔෆිස් බලාපොරොත්තු අහස උසට තිබ්බේ කට්ටියක් ට්‍රේලර් එක බැලුවට පස්සේ.මන්දා ඉතිම්…

    Reply
  • ට්‍රේලර් පමනක් දැක සුරාන්තයට පත්වන තවත් පෑන්(ට්)ස් බෝයියෙක් මේ සොදුරු මොහොතෙ තරගයට එක්වෙනවා… ඔව් හිතවතුනි අත්පොලසන් නාදයක් දී පිලිගන්න….. ඩිස් ටඩ් ටඩඩ් ඩා…..

    Reply
  • Tnx bro post akata. Mata num dc latai marvel latai degolloma aka wage. A unath ,poddak hithala balamuko idalama film aka anakan kohoma weida hit weida kiyala. Tnx lipiyatath

    Reply
  • වෙන නැත්නම්,. මේක මුල් තත්පර දහයෙන්ම පේනවා තෝර් කොපියක් වෙන්න යන්නේ කියල,. ඉඳලම බලමුකෝ,. අනික මොකා කොහොම කිවත් බොක්ස් ඔෆිස් මත තීරණේ කරමු අපි, එතකම් මේ කමෙන්ට් එකේ ඉතිරි ටිකට කමාවක් තියන්නම්. කොහොම උනත් පොඩ්ඩක් පරිස්සමට නින්දෙන් ඇහැරුනොත් ඔය දකින සුබ සිහිනේ නැති වේවි….

    Reply
  • kohoma hari anthimata DC la wade na gannwa..marvel la success wdyata wadak karama DC fans lata eka dara ganna ba..he he meka comic battle ekak..tharaha wenna epa..thanks saho post ekata..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *