ලාංකීයලාංකීය සිනමාවවගතුගසියල්ල

ගෙවී ගිය වසරේ සිංහල සිනමාව

1

නවීන තාක්ෂණයත් සමඟ මුසුවෙමින් දිනෙන් දින අළුත්වන ලෝක සිනමාව සමඟ සිංහල සිනමාව කර්මාන්තයක් වශයෙන් පවතින්නේ කොතැනක ද යන්න යළි යළිත් පසක් කල වර්ෂයක් ලෙසට 2015 වර්ෂය හැඳින්වීමට පුළුවන්.පෙර වසර වලට සාපේක්ෂව සංඛ්‍යාත්මකව වැඩි චිත්‍රපට සංඛ්‍යාවක් එනම් චිත්‍රපට 22ක් 2015 වර්ෂයේ තිරගත වුව ද ඉන් සාර්ථක සිනමාපට ලෙස සැලකිය හැක්කේ කොපමණ ගණනක් ද යන්න අප සිතා බැලිය යුතු කරුණක්.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට පිලිබඳ යම් හැඳින්වීමක්. (මෙය චිත්‍රපට විචාරයක් නොවන බව සලකන්න)


 

  • මහරජ ගැමුණු – ප්‍රකට අධ්‍යක්ෂක වරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි විසින් දුටුගැමුණු චරිතය ඇසුරෙන් නිමැවූ මෙයට දක්ෂ රූපණවේදීන් රැසක් රංගනයෙන් දායක වූ අතර ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට ද සමත් විය.7

  • ස්පන්දන – මෙරට සිනමාවට ආගන්තුක විෂයක් වූ අද්භූත (HORROR ) කතාවක් අන්තර්ගත වූ මෙම සිනමාපටය ට ශලනි තාරකා,රොෂාන් රණවන,දිල්හානි ඒකනායක රංගනයෙන් එක්වූ අතර සුනෙත් මාලිංග ලොකුහේවාගේ අධ්‍යක්ෂණයෙන් තිරගත විණි.5

  • සිනහව අතරින් – මැදි වයස් යුවලකගේ ආදර කතාවක් තේමා කරගත් මෙම චිත්‍රපටය ප්‍රවීණ නළු සනත් ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කල දෙවන සිනමාපටය විය.මෙහි ඔහුට අමතරව සේමිණි ඉද්දමල්ගොඩ,ක්‍රිස් හැරිස් සහ ජයනි සේනානායක ප්‍රධාන චරිත වලට පණ පෙවී ය.10

  • බොරදිය පොකුණ – වසර ගණනාවක් පුරා වාරණයට ලක්ව තිබී පසුගිය වසරේදී තිරයට පැමිණි මෙම සිනමාපටය ඉහළ මට්ටමේ සිනමා කෘතියක් ලෙස ඇගැයීමට ලක්විණි.කෞශල්‍යා ප්‍රනාන්දු,ඩිලානි අබේවර්ධන සමඟින් දුමින්ද සිල්වා ප්‍රධාන චරිත වලට දායකවූ අතර සත්‍යජිත් මාඉටිපේ ගේ පළමු අධ්‍යක්ෂණයයි.11

  • ගින්දරී – බහුභූතයෝ සිනමාපටයේ දෙවැන්න ලෙසින් තිරයට පැමිණි මෙය උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයකි.දින 100 ඉක්මවමින් සාර්ථක ලෙස තිරගත වූ මෙහි ප්‍රධාන චරිත සඳහා පබෝධා සන්දීපනී,මහේන්ද්‍ර පෙරේරා,රොඩ්නි වර්ණකුල එක්විය.2

  • ප්‍රවේගය – දකුණු ඉන්දීය සිනමාපටයක අනුකරණයක් වුවද මෙරට වාණිජ සිනමාවට නැවුම් බලාපොරොත්තුවක් එක්කළ මෙය ඩොනල්ඩ් ජයන්තගේ පළමු අධ්‍යක්ෂණයයි.හේමාල් රණසිංහ,උදාරි පෙරේරා සමඟින් නළු නිළියන් රැසක් මෙයට රංගන දායකත්වය සැපයීය.1

  • මේ වගේ ආදරයක් – වර්තමාන යොවුන් ආදරය තේමා කරගනිමින් චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණ කාර්යය ඉටුකළ මෙහි ප්‍රධාන චරිත සඳහා අනුජ් රණසිංහ සමඟින් දිනක්ෂි ප්‍රියසාද් එක්විණි.සාර්ථක සිනමා කෘතියක් ලෙස මෙය ද අගැයීමට ලක්විණි.12

  • මහරජ අජාසත් – සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කල තවත් ඉතිහාස කතා පුවතක් රැගත් සිනමාපටයකි.සබීතා පෙරේරා,ජීවන් කුමාරතුංග,පාලිත සිල්වා වැනි ප්‍රවීණයන් රැසක් මේ සඳහා රංගනයෙන් එක්විණි.9

  • ඔබ නැතුව ඔබ එක්ක – අන්තර්ජාතික වශයෙන් සම්මානනීය වූ මෙම සිනමාපටය ප්‍රසන්න විතානගේ නැමැති විශිෂ්ට සිනමාකරුවාගේ දක්ෂතාවය නැවතත් ප්‍රකට කළ සිනමාපටයකි.ශ්‍යාම් ප්‍රනාන්දු සමඟින් ඉන්දීය නිළි අන්ජලී පටිල් ප්‍රධාන චරිත සඳහා දායක විණි.3

  • ඇඩ්රස් නෑ – ප්‍රකට කලාකරු ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කළ නාගරික පැල්පත් පරිසරය තේමා කරගත් මෙම සිනමාපටය සඳහා කමල් අද්දරආරච්චි,සබීතා පෙරේරා,මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නළුනිළි කැලක් රංගන දායකත්වය සපයන ලදී.4

  • සුහද කොකා – සිකුරු හතේ තිරයට ගෙනා ගිරිරාජ් කෞශල්‍යගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වන මෙය දේශපාලන ප්‍රහසනයකි.විජය නන්දසිරි ප්‍රමුඛ භූමිකාවට ජීවය දෙන මෙය ඉහළ ආදායම් උපයමින් තවමත් තිරගත වේ.8

  • හෝ ගානා පොකුණ – ඉන්දික පර්ඩිනැන්ඩු විසින් අධ්‍යක්ෂණය කල මෙම සිනමාපටය ද අන්තර්ජාතික සම්මානයට පාත්‍ර විණි.මෙරට බිහිවූ සාර්ථකම ළමා චිත්‍රපටයක් ලෙස විචාරක ප්‍රසාදය දිනූ මෙහි ළමා නළුනිළි පිරිසට අමතරව අනසුයා සුබසිංහ,ජයලත් මනෝරත්න,ලූෂන් බුලත්සිංහල වැනි ප්‍රවීණයන් පිරිසක් ද රංගනයෙන් එක්විණි.6

මෙම සිනමාපට වලට අමතරව පහත සිනමාපට ද පසුගිය වසර තුළ තිරගත වී ඇත.

  1. මගේ යාළු මාළු – ලාල් ප්‍රියදේව

  2. බෝනික්කා – ලුවී වැන්ඩස්ටාටන්

  3. සංජානා – හේමසිරි සෙල්ලප්පෙරුම

  4. ඉර සේවය – රොඩ්නි විදානපතිරණ

  5. නෝනෙ මගෙ සුදු නෝනේ – එරංග සේනාරත්න

  6. අනාථ දූපත – සෝමරත්න මාලිම්බඩ

  7. ආත්ම වරුෂා – කුසුම් චන්ද්‍ර ගමගේ

  8. ලැන්ටින් සිංඤෝ -අරුණ මහේන්ද්‍ර

  9. මයි නේම් ඊස් බන්දු – සුරංග ද අල්විස්

  10. සිංග මචං චාලි – ලාල් වීරසිංහ

Author

7 thoughts on “ගෙවී ගිය වසරේ සිංහල සිනමාව

  • සහෝ, මම දන්නවා අපි උපසිරැසි කරුවෝ නිසා වෙනත් භාෂා විත්‍රපට තමයි දෙන්න ඕනි කියලා. ඒත් සිංහල චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් හොයාගන්න ගියාම පණ යනවා. අපිට බැරිද බයිස්කෝප් ඩවුන්ලෝඩ් හරහා සිංහල චිත්‍රපටවල ලින්ක් ටිකකුත් දාන්න?

    Reply
  • ඇත්තටම මං YSA සහෝ එක්ක 100% එකගයි.ඇත්තටම අපේ රටේ චිත්‍රපටවලටයි නාට්‍යයවලටයි කෙළවෙන්න හේතුව ඒවායේ තියෙන බොළඳකම. අපේ රටේ මිනිසුන්නට කවදාවත්ත්ම බැරිද විද්‍යා ප්‍රබන්දයක් එහෙම හදන්න.අනේ මන්දා කල කිරෙනවා.

    Reply
  • ගින්දරී සහ මහරජ ගැමුණු චිත්‍ර පටි දෙකට සහය කැමරා ශිල්පියා වශයෙන් මට දායක වීමට ලැබීම මට සතුටක්

    Reply
  • සිංහල ඉතිහාස කතා තියෙන ෆිල්ම් නන් අන්තිමයි මචයි…රටේ දේ අගය කරන්න කිව්වට කියන්න දුකයි අපේ සිනමාව නන් අන්තිම පහළ තියෙන්නෙ,රෑට යන නාට්ටිත් ඒවගේම තමයි…ලංකාවේ ෆිල්ම් නන් බැලෙන්නෙම නැති තරන්….තෑන්ක්ස් සහෝ දැනුවත් කලාට….

    Reply
  • මචං පුලුවන් නම් මේ වගේම මේ අවුරුද්දේ එන්න නියමිත ලාංකික සිනෙ නිර්මාණ ගැනත් ලිපියක් දාපන්. මුළු අවුරුද්දෙම ඒවා එකට හරි, මාසිකව හරි දෙන්න පුලුවන්නම් වටිනවා. අපේ වගේ සයිට් එකකින් අපේ රටට විය යුතු දෙයක් ඒක…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *