ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගසියල්ල

WestWorld Q & A (ගැටලු සහ පිලිතුරු)

ඔන්න ඉතිං කලිං උන පොරොන්දුව සෑහෙන්න කාලයකට පස්සේ ඉටුකරන්න අවස්ථාව ලැබුනා.

තිබ්බ කාර්යබහුලකම නිසා කලිං WestWorld ලබාදුන්න පැහැදිලි කිරිම් අතරමග නවතන්න උනානේ. නොහිතපු විදිහේ ඉල්ලුමක එ ලිපිමාලාවට තිබුනු බව ඔබගේ ප්‍රතිචාර වලින් පැහැදිලි උනා.

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ WestWorld 3වැනි කතා සමය ආරම්භයට දින කිහිපයක් ඉතිරිව තිබියදියි. එහෙනම් අපි වැඩේට බහිමු.

1. දෙවන කතාසමයේ ඇත්තටම මොකද උනේ ?

ඉතාම සරලව ගත්තොත් කතාසමය ආරම්භයේදි රොබෝවරුන් WestWorld උද්‍යානය ආක්‍ර‍මණය කරමින් තියෙන්නේ ඉන්පසුව අපට හදුන්වා දෙනවා ඩෙලෝස් සමාගම සතුව තව උද්‍යාන ගණනාවක් ඇතිබවත් රොබෝ ආක්‍ර‍මණය එවාටද පැතිරී යන බවත්. ඉන්පසුව ඩෙලොස් සමාගමෙන් මුදාගැනිමේ භට කන්ඩායමක් උද්‍යාන සංකීරණයට පැමිනියත් ආක්‍ර‍මණය වලක්වන්න ඔවුන්ට නොහැකි වෙනවා.අවසානයේදි චාලට් විසින් ඩොලෝරස්,බර්නාඩ් සහ තවත් රොබෝවරුන් 2 දෙදෙනෙකුගේ මතකපිටපත් රැගෙන උද්‍යානයෙන් පිටවෙනවා.

අවසානයේදි ටෙඩි ඇතුලු අනෙක් රොබෝවරුන් Valley Beyond වෙත ඇතුල් වෙනවා.

ඔය අතරේ අපට උද්‍යානයේ අතීත සිදුවිම් කිහිපයකුත් පෙන්වනවා.ඉන් එකක් තමයි ජේම්ස් ඩෙලෝස්ගේ රොබෝ ක්ලෝන පිලිබද අත්හදා බැලිමේ දර්ෂණ.

2.ඇත්තටම විලියම් කියන්නේ රොබෝවරයෙක්ද ?

මේකට කෙටි පිලිතුරක් දෙන්න අමාරුයි නමුත් අපි මේ දක්වා දුටු වියපත්වු විලියම් සිටින දර්ෂණ වලින් අඩුම තරමේ 80% වත් ඉන්නේ සැබෑම විලියම්ම තමයි.අප දෙවන කතාසමේ 10 වැනි කොටසේ අවසන් දර්ෂණවලදි (Post-credit scenes) දකින්නෙ නම් විලියම්ගේ රොබෝ පිටපතක් වෙන්න ඔනේ. මොකද ඒ දර්ෂණ ගොඩක් ඈත අනාගත කාලකට අයිති දර්ෂණ නිසයි. හැබැයි සැබෑ විලයම්ටත් තමුන්ගේ අනන්‍යතාව හොයාගන්න බැරුව විශාල වියවුලක තමයි හිටියේ මොකද තමුන්ගේ එකම දරුවා වෙච්චි එමලිවත් රොබෝවරයෙක් කියලා හිතලා ඔහු ඝාතනය කල නිසා.

3.දෙවන කතාසමයදි මියගියේ කවුද ?

දෙවන කතාසමය අවසන් වෙද්දි ගොඩක් දෙනෙක් වැලිගම්පිටි ගිහං තිබ්බා එත් ප්‍ර‍ධාන වශයෙන්

පහත අයව හදුන්වන් පුළුවන්.

  • රොබට් ෆෝඩ් (ඩොලා්රස් කල වෙඩි තැබිමකින්)
  • ජුලියට්(සියදිවි නාසාගැනිමෙන්)
  • එමලි(විලියම් කල වෙඩි තැබිමකින්)
  • ජෙම්ස් ඩෙලොස්(සුවකල නොහැකි රෝගයකින්)
  • ලෝගන් ඩෙලොස්(අධික ද්‍ර‍ව්‍ය භාවිතයෙන් )
  • එල්සි හියුග්ස්(චාලට් කල වෙඩි තැබිමෙන්)
  • චාලට් හේල්(ඩොලා්රස් කල වෙඩි තැබිමකින්)
  • කාර්ල් ස්ටෑන්(ඩොලා්රස් කල වෙඩි තැබිමකින්)
  • ලී සයිස්මොර්(උද්‍යාන ආරක්ෂයන් කල වෙඩි තැබිමෙන්)
  • ආර්නෝල්ඩ් (සියදිවිනසාගැනිමෙන්/ඩොලා්රස් කල වෙඩි තැබිමකින්)

4.දෙවනි කතාසමයේ කාලරේඛා(Time Lines) කීයක් තියෙනවද ?

මුලිකවම කාලරාමු 2ක් තිබෙනවා.

1.ආක්‍රමණය සිදුවු මෙහොතේ සිට බර්නාඩ් තම මතකය විනාශ කරගැනිම දක්වා වු කාලය.

බර්නාඩ් සහ චාලට් උත්සව භූමියෙන් පලායෑම.

බර්නාඩ්ට එල්සිව මුණගැසිම.

බර්නාඩ් සහ ඩොලොරස් Forge තුලට පිවිසිම සහ ඩොලොරස්ට වෙඩි තබා අක්‍රිය කිරිම.

චාර්ලට් විසින් එල්සිව ඝාතනය කිරිම.

එල්සි මියයාමත් සමග තම අවසන් ගැලවුම්කරුවාද අහිමි වු බර්නාඩ් නව සැලසුමක් ක්‍රියාත්මක කරනවා.ඒ තමයි චාර්ලට්ගේ රොබෝ පිටපත් නිර්මානය කර ඊට ඩොලොරස්ව ඇතුල් කරනවා. ඉන්පසුව ඩොලොරස් විසින් චාර්ලට්ව ඝාතනය කර චාර්ලට් ලෙස පෙනි සිටිනවා.

ඉන්පසු මේ සැලසුම හසුවේ යැයි බියෙන් බර්නාඩ් ඔහුගේ මතකය ඔහු විසින්ම විකෘති කරගන්නවා. එ අවස්ථාව තමයි අපි දකින්නේ 10 වැනි කොටසේදි ඔහු වෙරලේ වැතිර සිටිනවා.

2.ආක්‍රමණය සිදුවී සති 2කට පසු ඩෙලෝස් ආරක්ෂයන් උද්‍යාන වෙත පිවිස මෙහෙයුම් සිදුකිරිම හා ඩොලොරස්/චාර්ලට් උද්‍යානයෙන් පිටවිම දක්වා වු කාලය.

බර්නාඩ් වෙරලේ වැතිර සිටින විට ඩෙලොස් ආරක්ෂකයන්ට හමුවෙනවා.

ඔවුන් කාල් ස්ටැන්ඩ් වෙත බර්නාඩ්ව ගෙනයනවා.

චර්ලට්ගේ රොබෝ ශරිරයේ සිටින ඩොලොරස් ආරක්ෂකයන් සමග එකතුවි Forge වෙත යනවා.

කොහොම වෙතත් ප්‍රේක්ෂකයන් වගේම විචාරකයන් පවා මේ කාලරාමු හුටපටේට වැඩියේ කැමති නෑ.මොකද කතාව රසවිදින්න මේ කාලරාමු අවුල ලොකු බාධාවක් නිසා. එ වගේම එක්තරා විචාරකයෙක් අන්තර්ජාලයේ මෙහෙම සඳහන් කරලා තිබුනා “ නිෂ්පාදකයන් පලමු කතාසමයේදි මේ කාලරාමු අතර පැනිම හරහා කතාව අලංකාර කලා, ඒ උපක්‍රමයම දෙවන කතා සමයට යෙදිමෙන් කතාව තවත් නිර්මාණශිලි කලා නමුත් ඔවුන් 3 වැනි කතා සමයටත් මේක යොදාගත්තොත් ඒකෙන් කතාව විනාශ විම ඒකාන්තයි “ .

කෙසේ වෙතත් 3 වැනි කතාසමයේදි මේ කාලරාමු අතර පැනිමක් නැතිවුනනත් අතීත සිදුවිම් නැවත පෙන්විමට ලොකු ඉඩක් තියෙනවා.

5.මොකක්ද මේ Cradle එක ?

ක්‍රේඩල් එක එහෙමත් නැතිනම් තොටිල්ල යන අරුත් දෙන අඩ අඳුරු කුටිය කුමක්ද ? සරලවම කිව්වොත් මේක තමයි උද්‍යානයේ ප්‍රධාන පරිඝනක පද්දතිය තියෙන කුටිය සිංහලෙන් කිව්වොත් Server room එක.සියලුම රොබෝවරුන්ගේ මතකයන් ඒ වගේම ඔවුන්ගේ කතා(Stories) ගබඩාවෙලා තියෙන්නේ මේ පරිඝනක වලයි. ඔයා Matrix චිත්‍රපටය බලලා ඇති නේද අන්න ඒ වගේ සම්පුරන උද්‍යානම මේ පරිඝනක තුල ප්‍රතිනිර්මානය කරලා තියෙන්නේ.ගොඩනැගිලි,රොබෝවරු සියල්ල මේ පද්දතිය තුල නිර්මානය කරලා තියෙනවා හරියට පරිඝනක ක්‍රීඩාවක වගේ. ඔයා දන්නවා ඇති මේ උද්‍යානය ඇතුලේ අමුත්තන් නැති ස්ථානවල පවා රොබෝවරුන් තමන්ට අදලා චරිතය රගපානවා. එකියන්නේ හෙක්ටර් වගේ මංපහරන්නෙක් ගත්තොත් තමන්ට කතාවෙන් ලබාදී තියෙන නගරයට කඩා පැනලා බැංකුව මංකොල්ලකනවා ඒ ස්ථානයේ අමුත්තන් හිටියත් නැතත්. එක සිද්ද වෙන්නේ මේ Cradle එක හරහයි. ඉතිං දෙවන කතාසමයේදි Cradle තුල විශේෂ දෙයක් වෙනවා එ තමයි ඩෙලොස් මෘදුකාංග ඉංජිනේරුවන්ට Cradle ඒක පාලනය කරන්න පද්දතියට ඇතුල්වෙන්න තියෙන හැකියාව ස්යංක්‍රීයව අවහිර වෙනවා. ඊට පස්සේ Cradle එක විසින් තනිවම රොබෝවරුන්ට විධානයන් දෙන්න පටන්ගන්නවා. අපි කතාවේ දැකපු විදිහට මේක කරන්නේ ෆෝඩ්.

6.එතකොට Forge කියන්නේ ?

ඔයා දන්නවා ඇතිනේ පලමු කතාමාලාවේ ප්‍රධාන තේමාව උනේ The Maze (වංකගිරිය) එකතොට මේ කතාසමයේ ප්‍රධාන තේමාව The Door (දොරටුව) ඉතිං කතාමය අවසානයේදි අපි දැක්කනේ රොබෝවරුන් Forge එක තුලට පිවිසෙනවා.ඒ පිවිසෙන තැන වෙන්න ඔනේ මේ දොරටුව කියලා හදුන්වන්නේ. ඒක රොබෝවරුන්ට පමනක් පෙනෙන තැනක් මිනිස්සුන්ට පෙන්නේ නැ අපිට දකින්න පුළුවන් උනේ රොබෝවරුන් කන්දකින් පහලට වැටෙනවා විතරයි නමුත් සැබැලෙසම වෙන්නේ රොබෝවරයාගේ මෘදුකාංගය Forge එකට Move උනාට පස්සේ අක්‍රිය වුනු රොබෝ ශරිරයි ඒ පහලට වැටෙන්නේ.

එවගේමයි ඩොලොරස් මෙහි බිදවැටුම් ආරක්ෂකය (fail-safe) ක්‍රියාත්මක කරනවා.එ නිසා Forge දත්තගබඩා තුලට ජලය පිරෙනවා.රොබෝවරුන් ජලාශයක පාවෙන ලෙස අපි දකින්නේ මෙන්න මේ ජලය දින ගනනාවක් මුලුල්ලේ එකතු විමයි.

Forge එක තමයි ඔබට පුස්ථකාලයක් ලෙස පෙන්වන දර්ශන වල තියෙන්නේ. ඒ පුස්ථකාලයේ සෑම අමුත්තෙක් සදහාම පොතක් බැගින් වෙන් වෙලා තියෙනවා.සරලව කිව්වොත් ඒ පරිඝනක තුල ෆෝල්ඩරය බැගින් වෙන්වෙලා තියෙනවා.
එතකොට මොනවද මේ Forge එක තුල තියෙන්නේ ? Forge එක තුල තියෙන්නේ අමුත්තන්ගේ තොරතුරු හැබැයි තොරතුරු කිව්වට නම ගම ආගම වගේ දේවල් නෙවෙයි ඔවුන්ගේ මොලයේ සම්පුරන තොරතුරු පිටපත් තමයි මෙහි ගබඩා කරලා තියෙන්නේ.අතිශය පෞද්ගලික තොරතුරු,මතකයන් සහ රැචි අරුචිකම් තමයි මේකේ තියෙන්නේ. මේ සියල්ල අමුත්න්ට නොදැනෙන්න ඔවුන්ගේ හිස්වැස්ම හරහයි ලබාගන්නේ. ඔබ බැලුවොත් සෑම අමුත්නෙක්ම කුමක් හෝ හිස් වැස්මක් පැලදගෙන ඉන්නේ. ඒ වගේමයි පලමු කතාසමයේ පලමු කොටසේදිත් හිස්වැස්ම විශේෂණය කරනවා. මේ Forge එක තනිකරම විලියම්ගේ අදහසක්.නමුත් මේ පිලිබඳ ෆෝඩ්ගේ කැමැත්තක් නැති බවයි පෙන්නේනේ. ඒ නිසා තමයි කතාව අවසානයේදි රොබෝවරුන්ට Forge එක තුලට ඇතුල් වෙන්න හැකිවෙනනේ.Google,Facebook වැනි සමාගම් වර්ථමානයේ කරන Personalized Advertising වලම ඉදිරි පියවරක් තමයි මේක. මේ රුචි අරුචිකම් සොරාගෙන ඒ පුද්ගලයන් ඉලක්කකොට සිදුකරන්නේ දැන්වීම් විතරක්ම නෙවෙයි. හිතන්නකෝ යම් ව්‍යාපාර සමුහයක ප්‍රධානියෙක් හෝ දේශපාලඥයෙක් එනවා මේ උද්‍යානයට. ඩෙලොස් සමාගම ඔහුගේ විසින් ඔහුගේ මොලයේ පිටපතක් අරගෙන ඔහුව උද්‍යානය තුල ඝාතනය කරලා ඒ වෙනුවට ඔහුගේ සර්වසම රොබෝවරයෙක්ව පිටත ලෝකයට යවන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා පිටත ලෝකයේදි වැඩ කරන්නේ ඩෙලෝස් සමාගමේ අභිවෘධිය උදෙසායි. පේනවා නේද මේකේ බරපතලකම.

සැ.යු – මේ කතා සමයේ Wide screen ලෙස Screen size වෙනස් වෙන්නේ Forge හා Cradle ඇතුලත දර්ෂණ වලදියි බවත් මතක තියාගන්න.

7.උද්‍යානයෙන් පිටවුනේ ඩොලෝරස්ද නැතිනම් චාලට්ද ?

උත්තරය තමයි දෙන්නම උද්‍යානයෙන් පිටවුනා.කතාව මෙහෙමයි සැබෑ චාලට්ව ඩොලෝරස් ඝාතනය කරනවනේ. ඉන්පසුව බර්නාඩ් විසින් චාලට්ගේ ශරිරය කෘතිමව නිර්මාණය කරලා ඩොලොරස්ගේ පිටපතක් ඇතුල් කරනවා. ක්‍රේඩල් එක තියෙන කුටිය තුලදි ඩෙලොස් ආරක්ෂකයන් ඩොලාරස්ව විනාශ කරනවා නමුත් චාලට්ගේ කෘතිම ශරිරය තුල ඉන්න ඩොලොරස්ගේ පිටපත ඩෙලොස් ආරක්ෂයන්ව ඝාතනය කරලා උද්‍යානයෙන් පිටවෙනවා. ඇය උද්‍යානයෙන් පිටවෙද්දි දිලිසෙන ගෝල 5ක් ගෙනියනවා. මේවට කියන්නේ Red Pearl(රතු මුතු ඇට) එහෙමත් නැතිනම් රොබෝවරුන්ගේ ප්‍රධාන හාඩ් ඩ්‍රයිව් එක. ඒ ගෙනියන ගෝල 5න් එකක් බර්නාඩ් අනෙක ප්‍රධාන ඩොලොරස්ගේ එත් 4 සහ 5 වැනි ගෝලය කාගෙද කියලා සදහනක් නැ.ඒක බලන්න වෙන්නේ මේ කතා සමයෙදි තමයි.

ඔන්න ඔය නිසයි කිව්වේ උද්‍යානයෙන් චාලට් සහ ඩොලොරස් දෙන්නම පිට වුනා කියලා. අමතක කරන්න එපා සැබෑ චාලට් නෙවෙයි මේ ඉන්නේ ඇය මිය ගියා උද්‍යානය තුලම.

8.බර්නාඩ් කාගේ පැත්තෙද ?

එකනම් බර්නාඩ්වත් දන්නේ නැතුව ඇති.කතාව තුලදී වැඩිපුරම රැවටිමට ලක්වු සහ අසරනම වුනු චරිතය තමයි බර්නාඩ්.එක් විටක ෆෝඩ්ගේ වහලෙක් විදිහටත් තවත් මොහොතක රොබෝවරුන්ගේ ද්‍රෝහීයෙක් හා මිනිසුන්ගේ ගැලවුම්කරුවා විදිහටත් තවත් විටෙක විනාශයක් වන්නට ඉඩහැර පසුව ඒ ගැන පසුතැවෙන දුර්වලයෙක් ලෙසත් මේ කතාව තුල බර්නාඩ්ගේ චරිතය විකාශය වෙනවා.

නමුත් බර්නාඩ්ගේ චරිතය රචකයන් නිර්මාණය කරන්න ඇත්තේ බොහෝවිට රොබෝවරුන් සහ මානවයන් අතර සහජිවනයක් ගොඩනැගිමේ මුලික අඩිතාලම ලෙස වෙන්න පුළුවන්.ඒක කොච්චර දුරට සාර්ථකද කියලා ඉදිරියේදි බලමු.අපට කතාව වැඩිපුරම දැක්කේ ඔහුගේ මතකයන් හරහායි.ඔහු විසින් ඔහුගේම මතකය විකෘති කරගත් නිසා තමයි කතාවේ කාලරාමු අතර පටලැවිල්ලක් ඇතිවෙන්නෙත්.

9.WestWorld තියෙන්නේ කොහෙද ?

පලමු කතාසමයේ ඉදංම මේ ගැන විවිද මතවාද තිබුනා.එකක් තමයි මේක වෙනම ග්‍රහලෝකයක පිහිටලා තියෙනවා කියලා.එවගේම පෘතුවියේම පොලව යට කියලත් මතයක් තිබුනා.තවත් මතයක් උනේ විශාල දුපත් වෙන්න පුළුවන් කියලයි. කෙසේ නමුත් උද්‍යානයේ පිහිටිම ගැන අපිට යම් අදහසක් දෙවන කතාසමය අවසානයේදි ගන්න පුළුවන් උනා. ඒක තමයි පලමු කතාංගයේදි කාර්ල් ස්ටෑන් උද්‍යානයට ඇවිත් මෙහෙයුම් කරන කොට චීන(වෙන්න ඔනේ) නාවික හමුදාව උද්‍යාන තුලට පැමිණිලා තිබුනා ඒ අනුව අපිට විශ්වාස කරන්න පුළුවන් දකුණු චීන මුහුදේ තිබෙන දුපතක තමයි WestWorld තියෙන්නේ කියලා.කොහොමත් කාලෙක ඉදං දකුණු චීන මුහුදේ දුපත් හරි ප්‍රසිද්දයිනේ ඉතිං.

10.ඈශ්ලි ස්ටැබ්ස් ඇත්තටම කවුද ?

ඔහුත් රොබෝවරයෙක් තමයි පුදුමයි නේද !. කතව ඇතුලේ සෘජුව එක නොකිව්වත් එක එහෙම වෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩියි. ඒකට හේතු කිහිපයක් තියෙනවා ඔහුගේ යටතේ ඉන්න ආරක්ෂක නිලධාරින් රොබෝවරුන් අතින් සමූල ඝාතනය වෙද්දිත් කිසිම හානියක් නොවි නිරුපද්‍රිතව ස්ටැබ් සිටිම.අනෙක් කාරනය තමයි ෆෝඩ්ට අතිශය පක්ෂපාති පුද්ගලයෙක්විම.ඒ වගේම උද්‍යාන ආක්‍රමණය වන මොහොතේ ආරක්ෂාව මේ තරම් දුර්වල වෙන්න නම් අනිවාර්යෙන්ම ඒ කුමන්ත්‍රණයට ආරක්ෂක අංශයේ ඉහලම පුද්ගලයෙක් හෝ කන්ඩායමක් සම්බන්ධ වෙන්න ඔනේ. මිනිස්සුන්ට එරෙහිවෙන්න රොබෝවරුන්ට උදව් කරන්නේ තවත් මනුස්සයෙක් වෙනවාට වඩා රොබෝවරයෙක්ම වෙන්න ගොඩක් ඉඩකඩක් තියෙනවානේ.අවසන් කොටසේදි චාර්ලට්(ඩොලොරස්) සහ ඔහු අතර වෙන සංවාදයෙන් ඒ මතය තවත් ස්ථාවර වෙනවා.

11. සැබෑ ජයග්‍රාහකයා ?

කතාවේ ප්‍ර‍ධාන චරිතය ඩොලොරස් උනාට තනිව සිතිමේ නිදහස (Free Will) ලබා ගන්න මේව් සහ අකචිටාත් සමත්වෙනවා නමුත් ඔවුන් දෙදෙනාම ඒවාට දක්වන්නේ ඩොලොරස්ට වඩා වෙනස් ප්‍ර‍තිචාරයක්. මේව්ට අවශ්‍ය වෙන්නේ කෙසේ හෝ පැන යාමට ඊට බාධාවක් ඇති වුවහොත් පමනක් සටන් කිරිමයි ඇයගේ ස්භාවය.අකචිටා නොහොත් ගෝත්‍රික නායකයා බැලුවොත් ඔහුට මුලින්ම සවිඥානිකත්වය පිලිබද කුතුහලයක් එන්නේ ආර්නෝල්ඩ්ගේ පුතා පාවිච්චි කරපු ක්‍රීඩා උපකරනයක් වුනු කුඩා වංකගිරිය දැකිමෙන්. ඔහු උත්සහ කරනවා කොහා නම් ඔහුගේ පෙම්වතිය සමගින් උද්‍යානයේ රහසිගත ජිවිතයක් ගත කරන්න.නමුත් උද්‍යාන කාර්මික ශිල්පීන් විසින් ඔහුගේ පෙම්වතියව අක්‍රිය කරනවා. ඉන්පසුව අකචිටත් නිහඩ වෙනවා. නමුත් අපිට අනුමාන කරන්න පුළුවන් ෆෝඩ් ඔහුට උපකාර කරන බව. මොකද ඔහු සවිඥානිකත්ව ලබාගැනිමට ගත් උත්සහය ෆෝඩ් අගය කරපු නිසා. ඒ අනුව ඩොලොරස්ට වඩා කතාවේ ජයග්‍රාහකයන් ලෙස මේව සහ අකචිටාව හදුන්වන්න පුළුවන්.

12.තුන්වැනි කතාසමය කොහොම වෙයිද ?

Incite Inc ආයතනය මේ ජාවාරමට එරෙහිවිම හරහා කතාවට සම්බන්ධ වෙයි කියලා අනුමාන කරන්න පුළුවන්.

කතාමාලාවේ තවත් සුවිශේෂි දෙයක් තමයි සිදුවිම් වඩා තාත්වික කරන්නට නිෂ්පාදකයන් මේ මනකල්පිත ආයතන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මානය කිරිම.

Incite Inc පිලිබද තව දැනගන්න පුළුවන්.

WestWorld රචකයන්ට තියෙන්නේ කෘරිරු හැකියවක් කියලා.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *