ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

WestWorld S02 E04 පැහැදිලි කිරිම

WestWorld දෙවන කතා සමයේ අපිට දකින්න ලැබුනු සුවිශේෂිම කතාංගය තමයි මේ සිව්වැනි කොටස.මේ කතාංගය අධ්‍යක්ෂණය කලේ ලිසා ජෝයි නෝලන් ඉතිං හිතාගන්නකෝ කතාංගයේ විශේෂත්වය.එවගේමයි මේ කොටසේදි ගොඩක් තොරතුරු අපිට දකින්න ලැබුනා.

මුලින්ම අපි බලමු මේ  කතාවේ title, එක තමයි riddle of the sphinx. ග්‍රීක පුරාකතාවක එන සිදුවිමක් තමයි මේ  title එකට පාදක වෙලා තියෙන්නේ.කතාව මෙහෙමයි sphinx කෙනෙක් ඊජිප්තුවේ තිබසය නම් නගරයක් පාලනය කරාලු.දැන් ගැටලුවක් එනවා නේද කව්ද මේ sphinx කියන්නේ කියලා.මිනිස් හිසක් , සිංහ පාද සහ රාජාලියෙකුගේ පියාපත් ඇති (කල්පිත) සත්ත්වයෙකුට තමයි sphinx කියලා කියන්නේ. sphinx කියන නමට විවිධ තේරුම් සහිත සිංහල නම් තිබුනත් ඒවායේ අර්ථකතනය පිලිබද ගැටලු තිබුනා ඒ නිසයි ඔබට වඩාත් හොදින් පැහැදිලි වෙන්න යක්ෂයා කියන නම භාවිත කලේ.

ඉතිං මේ sphinx තිබසය පසුකර යන සෑම මගියෙකුගෙන්ම තේරවිල්ලක් අහනවලු.ඒක තමයි “උදෑසනට කකුල් 4 කින්,දහවලට කකුල් 2 කිනුත් රාත්‍රියට කකුල් 3 කිනුත් යන්නේ මොන සත්ත්වයාද ?“. ඉතිං මේ ගැටලුවට හරි උත්තරය දෙන්න බැරි වුන සංචාරකයන්ට අත්වුනේ මරණයයි.දිනක් ඊඩිපස් නම් තරුණයෙක් නිවැරදි පිලිතුර දෙනවා. නිවැරදි පිලිතුර තමයි “මිනිසා“.කුඩා කලදි(උදෑසනදි) දණගාගෙන ඇවිදිනවා.මැදි වියේදි (දහවලේදි) කකුල්  දෙකෙන් ඇවිදිනවා.මහළු වියේදි(රාත්‍රිෙය්දි) හැරමිටියක් සමග ඇවිදිනවා.මේ නිවැරදි පිලිතුරෙන් පස්සේ sphinx සියදිවි නසාගත්තාලු.නගර වැසියෝ sphinx ගෙන් මිදිම සමරලා උත්සව සංවිධානය කරලාලු.තමන්ව මේ කරදරෙන් බේරගත් ඊඩිපස්ව තමන්ගෙ රජු ලෙස පත් කලාලු.‍

මේක කතාවට සම්බන්ධ වෙන්නේ මනුෂ්‍යත්වය සම්බන්ධව කෙරෙන ප්‍ර‍ශ්න කිරිමෙදියි.මේ පිලිබද වැඩි යමක් නොකියා ඉන්නම් මොකද තවම කතා මාලව අවසන් නැති නිසා.


1.අහෝ ජිම් !


කතාවේ ආරම්භක දර්ෂණය ලෙස අපිට දකින්න ලැබෙන්නේ ජේම්ස් ඩෙලොස් තනිව කුටියකට වී සිටින දර්ෂණයක්.මුල් විනාඩි කිහිපයේදි අපිට ගැටලුවක් මතුවෙනවා ඩෙලොස් ඔහුගේ රෝගයට නේවාසිකව ප්‍ර‍තිකාර ගන්නවාද කියලා.නමුත් දැක්කනේ ඒ ඉන්නේ ජෙම්ස් ඩෙලෝස්ගේ අනුරූ රොබෝවරයා.මේ පිලිබදව අපි ටිකක් පැහැදිලි කරගමු.ජේම්ස් ඩෙලොස් මේ උද්‍යානය මිලදි ගන්නේ ඔහුට යම් වාසියක් අත්වෙනවා නම් විතරයි.මේ උද්‍යානයෙන් අත්වන ව්‍යාපාරික වාසිය විලියම් ඔහුට පැහැදිලි කලානේ.කොහොම හරි උද්‍යානය මිලදි ගැනිම ආසන්න වෙනකොට ඩෙලොස්ට මාරාන්තික රෝගයක් වැලදෙනවා.රෝගය සම්බන්ධ අමතර කතාවකුත් ඔහු කියනවා.ඒ තමයි ඔහුගේ සමුහ ව්‍යාපාරය යටතේ තිබුනු ජෛව තාක්ෂණික ආයතනයක් ඊට අවුරුදු 15 කලිං තමයි ඔහුට වැලදුනු රෝගය ගැන පර්යේෂන කරලා තියෙන්නේ.නමුත් ඔහු ඒ වෙනුවෙන් මුදල් යොදවන එක නතර කරපු නිසා ඒ පර්යේෂණ අණහිටලා තියෙනවා.ඔහු දිගටම මුදල් යෙදව්වානම් ඔහුට අනාගතයේදි වැලදෙන්න නියමිතව තිබුනු රෝගය ප්‍ර‍තිකාර කිහිපයකින් නිට්ටාවටම සුව කරන්න අවස්ථා තිබුනා.කොහොම වෙතත් විලියම් යෝජනා කරන්න ඇති උද්‍යානයේ රෝබෝවරුන් නිර්මානය කරන ආකාරයටම ඩෙලෝස්ටත් අලුත් ශරිරයක් නිර්මානය කරලා දෙන්න.ඒක පිලිබදව තමයි ඔහු හා ජෙම්ස් සාදයේදි(E02 43:24)  කතා කරන්නේ.ඉතිං ඔහු ජිවත්ව සිටියදි ඔහුගේ මතකයන් සහ මනස(සවිඥානය) පිටපත් කරලා තියාගන්නේ.ඒ අනුරූ ඩෙලොස්ගේ කතා බහ ඔබ බැලුවනම් පැහැදිලි වෙන්න ඇති මේ පර්යේෂනයේ අරමුන ඔහු දන්නවා.ඒ කියන්නේ ඩෙලොස්ගේ ඒ මතකයන් පවා රොබෝවරයාට දිලා තියෙනවා.

නමුත් අවාසනාවකට ඒ පර්යේෂන සාර්ථක වෙලා නෑ.ඔහුගේ සවිඥානය සෑම විටම බිදවැටෙනවා.

මෙන්න මෙතනදි තව කරුණක් මතුවෙනවා.යම් විදිහකින් මනුෂයෙකුට හැකි උනොත් රොබෝ ශරිරයකට යන්න ඊට ප්‍ර‍තිවිරුද්ධ ක්‍රියාවලිය එකියන්නේ රොබෝවරයෙක්ටත් සැබෑ මිනිසෙක් විමේ අවස්ථාව හිමිවෙනවා.සමහරවිට ඩොලොරස් සදහන් කරපු අවිය මේක වෙනත් පුළුවන්.

විලියම් සහ රොබෝවරයා අතර සංවාද තුලදි මනුෂත්වය පිලිබද වෙනම මානකට ගෙනියනවා.

අමතරව ගත්තොත් මේ දර්ශන වලදි වැඩි වශයෙන් වෘත්තාකාර හැඩය අපිට දකින්න ලැබෙනවා.


2.ඩෙලාස් සමාගමේ සැබෑ අරමුණ

ඒ තමයි මිනිසුන්ව (ඇත්තම කිව්වොත් සල්ලි තියෙන මිනිස්සුන්ව) අමරණීය කරන්න.මේ පිලිබද සංවාදයක් පලමු කතා සමයේදිත් ආවා නමුත් එය ඔප්පු කරන්න තරම් පැහැදිලි මේ තරම් ප්‍ර‍බල සාක්ෂි ඒකල දකින්න ලැබුනේ නෑ.මේ අනුමානය මට මුලින්ම කිව්වේ රොයිලි අයියා ඒ 2016 වසරේ පලමු කතා සමයේදි.

මේ සංකල්පය නිශ්පාදකයන් අරගෙන තියෙන්නේ  future world (1976) විත්‍ර‍පටයෙන්.මතක ඇති කලිං පැහැදිලි කිරිමකදි කිව්වා ඒ චිත්‍ර‍පටයේ ඇති කතාව යම් විදියක වෙනස් කිරිමක් කරාවි කියලා.


3.Cup Cake

ඔව් මුලින්ම දැක්ක ගමන් පෙන්නේ Cup Cake වගේ තමයි.නමුත් මේ තමයි ඩෙලොස් සමාගමේ ප්‍ර‍ධාන සැලසුමට අයත් රොබෝවරුන්ගේ මොලය.කලිං කතාංග වලදි දැක්කා සාමාන්‍යයෙන් රොබෝවරුන්ගේ පාලන පද්දතිය සම්පුරනයෙන්ම සුදු පැහැ එකක් නමුත් මේ පද්දති රතු මිශ්‍ර‍ඒවා මොකද මේවයේ විශේෂ දෙයක් තියෙනවා.ඒ තමයි මිනිසුන්ගේ සවිඥානය.ඔබට මතක ඇති එල්සි කියනවා ඇය මේ අලුත් පරිඝනක භාෂාව දන්නේ නෑ කියලා.එ මොකද කලිං පරිඝනක භාෂාවෙන් කලේ කෘතිම සවිඥානයක් වැනි දෙයක් නිර්මානය කිරිම.නමුත් මේ පද්දතිවල තියෙන්නේ ඇත්තම සවිඥානයේ පිටපතක්.ඉතිං ඒකට වෙනම පරිඝනක භාෂාවක් අවශ්‍ය වෙනවා.


4.එල්සි

ඔන්න එල්සිව අපිට ආයෙත් දකින්න ලැබුනා. එල්සි මියගිහිං නෑ කියලා පලමු කතාසමය අවසානයේ අපි ඔබ වෙත ගෙන ආපු විවරනයේදි කිව්වා මතක ඇතිනේ.බර්නාඩ් සහ එල්සි හමුවිම සහ එයට ඇය දැක්වු ප්‍ර‍තිචාරය දැක්කනේ.මෙතනදි කියන්න තව වැදගත් දෙයක් තියෙනවා ඒ තමයි බර්නාඩ් කාල රාමු කිහිපයක ගමන් කරනවා.

1.කැරැල්ල ඇතිවිම පෙර සිදුවු සිදුවිම්

2.කැරැල්ල ඇතිවි සති 2 ඇතුලත වු සිදුවිම්

3.කැරැල්ල ඇතිවි සති 2කට පසු සිදුවිම්

මේ කාල රාමු පැටලැවිල්ල හරියටම ලිහාගන්න වෙන්නේ මේ කතා සමය අවසානයේදි තමයි.කාලවේලාව තිබුනොත් පොඩි අදහසක් තියෙනවා ඒක වඩා නිරවුල්ව තේරුම්ගන්න ග්‍රැෆික් සටහනක් ලෙස ඔබට ගෙන එන්න.කොමහරි ඔය එල්සි සහ බර්නාඩ් සිටින දර්ෂන සියල්ලම අපි දකින්නේ බර්නාඩ්ගේ මතක හරහයි.ඇත්තටම ගත්තොත් දැන් බර්නාඩ් ඉන්නේ චාර්ලට් සහ කාල් සමගයි.එතකොට ගැටලුවක් මතුවෙනවා එල්සිට වෙච්ච දේ ගැන.මොකද කාල් ඇතුලු පිරිස දුපතට එද්දි සති 2ක් ගිහිං ඒතකොට බර්නාඩ් ඉන්නේ තනියම.


5.ස්වදේශිකයෝ

මීට පෙර පල කරපු පැහැදිලි කිරිමෙදිත් කිව්වා ස්වදේශිකයන් මිනිසුන්ගේ පාර්ශවය නියෝජනය කරනවා කියලා.මේ කතාංගයේදි අපිට ඒක හොදින්ම දකින්න ලැබෙනවා ස්ටැබ් විසින් ග්‍රේස්ට සදහන් කරනවා ස්වදේශිකයන් මිනිසුන් මරන්නේ නැති බව.ඒ වෙනුවට කැරැල්ලට සම්බන්ධ අනෙක් රොබෝවරුන් සමගයි ඔවුන් සටන් කරන්නේ.සමහරවිට මේකත් ෆෝඩ්ගේ කතාවේම කොටසක් වෙන්න පුළුවන්.නැතිනම් ඔවුන්ව වෙනත් කවුරුන් හෝ කෙනෙක් පාලනය කරනවා වෙන්න ඔනේ.අවසානයේදි ඔවුන් මිනිසුන්ව ඝාතනය කරන්නට වගේ රැගෙන ගිහිං එකවරම අතුරුදහන් වෙලා යනවා.තවමත් ඒ ඇයි කියලා පිලිගත හැකි අනුමානයක් අන්තර්ජාලයේ දකින්න ලැබුනේ නෑ.ඔන්න ආයෙමත්  Akecheta වත්  අපිට දැකගන්න ලැබුනා.


6.cognitive plateau

ජෙම්ස් ඩෙලොස්ගේ සවිඥානය බිදිවැටිමට හේතුවක් ලෙස විලියම් සදහන් කලේ cognitive plateau බවටයි.එ් පිලිබද යම් පැහැදිලි කිරිමක් කරන්න ඔනේ.මේ cognitive plateau එකෙන් අදහස් වෙන්නේ යම් සුමට පෘෂ්ඨයක ගැටිති පැවතුනොත් එහි සුමට බව නැති වි යනවා.ඉතිං එවැනි දෙයක් තමයි ඩෙලොස්ගේ සවිඥානයටත් වෙන්නේ.එය කෘතිමව හදලා තියෙන නිසා.


7.ජුලියට්ගේ මරණය

පලමු කතා සමයේදි මහලු විලියම් ටෙඩිට කියනවා ජුලියට් මියගියේ වැරදි බෙහෙත්වර්ගයක් ගැනිමෙන් කියලා.නමුත් ඒක තමන්ගේ දියණිය පිලිගන්නේ එය සියදිවි නසාගැනිමක් බවටයි කියලත් කියනවා.මේ දර්ෂනයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම ඒක සියදිවිනසාගැනිමක් බව.බටහිර රටවල ප්‍ර‍සිද්ධ සියදිවි නසාගැනිමේ ක්‍ර‍මයක් තමයි මේක.මෙහි එම දර්ශන ඔවුන් සංස්කරන කර ඇති ආකාරය හරිම අපුරුයි.මේ කතාංගයේ බොහෝමයක් දර්ශන වල සිනමාත්මක බවක් දකින්න ලැබෙනවා.මේ කොටසත් ඉන් එකක්.මහලු විලියම් ක්‍රැඩොක්ට පවසනවා මාරයා වෙන කිසිවෙකුත් නොව තමන් බව.ඊට මොහාතකට පෙර තමයි ජුලියට්ගේ මරනය අපිට පෙන්වන්නේ.ඇය මියගිය කාරනය තවමත් නිශ්චිත නැතිවුනත් එය බොහෝ දුරට විලියම් අතින් දිගින් දිගටම සිදුවු යම් වරදක් හෝ අතපසු විමක් වියහැකියි කියලා හිතන්න පුළුවන්.ඒ අනුව ඔහු තමයි ජුලියට්ගෙත් මාරයා බවට පත්වෙන්නේ.


8.ෆෝඩ්ගේ සෙල්ලම කොයිබටද ?

මේ පිලිබද අනුමානයන් කිහිපයක්ම තිබෙනවා එකක් තමයි විලියම් තුල සිටින අවංක,යහපත අගයන මිනිසාව මතු කිරිම.පරිඝනක ක්‍රිඩාවකදිත් යම් අදිරයක් සාර්ථකව නිම කරාම ක්‍රිඩකයට යම් ත්‍යාගයන් හෝ ඉදිරි අදිරයන් වලට අවශ්‍ය යම් යම් උපකරන ලැබෙනවා.ඒ වගේ තමයි මහලු විලියම් ලොරන්ස් සහ ඔහුගේ පවුලේ අය බේරාගත් නිසා ඔහුට ලෝරන්ස්ගේ ඥාතින් පිරිසකගේ සහය ලැබෙනවා.ඒ වගේම යම් උපදෙස් වගයකුත් ඔහුට ලැබෙනවා.ඒ තමයි  “ඔබ ඉදිරිය බැලුවොත් ඔබ බලන්නේ වැරදි දිශාවක්“ ඒ කියන්නේ විලියම් මේ සෙල්ලමේදි තමන්ගේ අතිත වැරදි කිහිපයකුත් නිවැරදි කරන්න සිද්දවෙනවා වගේ තමයි පෙන්නේ.ඒ වගේමයි මේ සෙල්ලම විලියම් විතරක් නෙවෙයි තවත් තරගකරුවෝ කිහිපදෙනෙක් ඉන්න බව විලියම් සදහන් කරනවා.


9.ග්‍රේස්

පසුගිය සතියේ කල එක් අනුමානයක් ඔන්න හරි ගියා.ග්‍රේස් කියන්නෙත් එමලිටමයි.ඒ කියන්නේ විලියම්ගේ දුව.ඇයි ෆෝඩ් එයාවත් මේකට ඇදලා දැම්මේ ?.ඒ ගැන දැන්ම කියන්න විදිහක් නෑ.කොහොම නමුත් අම්මගේ මරණයත් එක්ක ග්‍රේස් තමන්ගේ තාත්තා එක්ක ඉදලා තියෙන්නේ  ලොකු කෙන්තියකින් බව ලොරන්ස්ගේ ප්‍ර‍කාශයෙන් පැහැදිලි වෙනවා.නමුත් දැන් නම් ඇය ඇවිත් තියෙන්නේ තමන්ගේ තාත්තව බේරගැනිමේ අදහසින් වගේ තමයි පේනනේ.මොකද විලියම්ගේ අපේක්ෂාව මේ උද්‍යානය තුලම මිය යෑමයි.විලියම් සහ ග්‍රෙස් හමුවන දර්ශනයත් අර සිනමාත්මක දර්ශන පෙලටම අයිතියි.


10.ෆෝඩ් නැවත එයිද 

බර්නාඩ් එල්සිට කියනවා ෆෝඩ් ඔහු ලවා අලුත් වර්ගයේ පාලක පද්දතියක් නිර්මානය කරගත්තා කියලා.අපි දන්නවා විලියම් ඇතුලු පිරිස ජෙම්ස් ඩෙලොස්ගේ පර්යේෂන කලේ ෆෝඩ්ට නොදන්වා රහසිගතව.නමුත් ඒ සියල්ල ෆෝඩ් දැනගෙන ඉන්න ඇති.සමහරවිට ෆෝඩ්ට හැකි වෙන්න ඇති ස්ථායි සවිඥානයක් රොබෝ සිරුරකට ඇතුල් කරන්න.මොකද ඔහු තමයි මේ සියල්ලේ මැවුම්කරු.මේ රොබෝවරුන් ගැනත් එවායේ ක්‍රියාකරිත්වය ගැනත් හොදින්ම දන්නේ ඔහුයි. ඒ නිසා ඔහු කිසිදු පැකිලිමක් නැතුව ඩොලොරස්ට වෙඩිතියන්න අවසර දුන්න වෙන්න පුළුවන්.අනික අපි දකිනවා උද්‍යානයේ විවිධ චරිත හරහා ෆෝඩ් පැමින විලියම්ට යම් යම් සදහන් කිරිම් කරන බව.නැතිනම් ෆෝඩ් සහ ආර්නොල්ඩ් මිශ්‍ර‍ යම් චරිතයක් එන්නත් පුළුවන්.

මේකටම සම්බන්ධ තවත් අනුමානයක් තියෙනවා.ඒ තමයි ඩොලෝරස් සම්පුරනයෙන්ම නිදහස් නැතිබව.ඇත්තෙන්ම සම්පුරනයෙන්ම නිදහස්ව ඇත්තේ මේව් පමනයි කියලා.


මගහැරුනු යම් කරුණක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලාම යන්න.

මූලාශ්‍ර‍ අන්තර්ජාලයෙනි

Author

5 thoughts on “WestWorld S02 E04 පැහැදිලි කිරිම

  • Keep it up bro,it’s like an enlightenment❤️
    ‘d never realize these facts without this article

    Reply
  • මිස් වෙච්ච එවාගැන මොනාකියන්නද අයියේ අපිට ඔවා එකපාරට කම්පනාවට එන්නැ.ඔගොල්ලන්ගෙ ලිපියකින් අරෙහෙ මෙහෙ තමා කතාව ගැන මෙන්න මෙහෙම මේ පැත්තෙන් හිතන්න ඔනි කියල හරි තේරැම් ගන්නේ එකනිසා ලිපිය හරිවටිනව ස්තුති.

    අවුරැදු දෙකක් පෙරැම් පුරල පෙරැම් පුරල එපිසොඩ් දෙකයි බැලුවෙ කොම්පියුටරෙ කැඩුනා මොන දෙයියන්ට කියන්නද.

    Reply
  • සමහර විට ෆෝඩ් විලියම්ගෙ පර්යේශන බිද දැමුවා වෙන්ටත් පුලුවන්.මොකද ෆොඩ්ම කියනවා මෙවා වල මැවුම් කරුවා ඔහුයි කියලා.

    Reply
  • meka danakam balagena hitiye thanks!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *