ටීවී කතා මාලාවගතුගවිචාරසියල්ල

WestWorld S03 E02 – පැහැදිලි කිරිම

අපි එහෙනම් අද කතාංගයේ Title වැඩේ පටන් ගමු.

1. මොකක්ද මේ Winter Line කියන්නේ ?

අපි දන්නවා සෑම උද්‍යානයකම ඊට අයත් කතාවක්(Story line) තියෙනවා ඒවගේම ඒ හැම කතාවකටම නමක් තියෙනවා ඉතිං අපි මේ කතාංගයේ දකින යුධ ලෝකයේ (war world) හී ඇති කතාවේ නම තමයි මේ Winter Line කියන්නේ.

එ වගේමයි Winter Line කියන්නේ සීත සෘතුව ඇති රටවල අවස්ථාවලදි සිතිජය දෙස බලන්නෙකුට සිතිජයන් 2ක් පේනවා.මින් සෘතු බේදය නිසා ඇතිවන තාවකාලික/ව්‍යාජ එකක්. දැන් ඔයාලට පැහැදිලි ඇතිනේ ඇයි මේ නම කතාංගයට දැම්මේ කියලා. මොකද මේ කතාංගයේ යුධ ලෝකය කියන්නේ simulations එකක් එහෙමත් නැත්නම් පරිඝනක පද්දතියක් තුල පවතින පරිඝනක වැඩසටහනක් පමනයි. ඒ නිසයි ෆීලෙක්ස් සහ සිල්වෙස්ටර් මෙව්ව හදුනාගත්තේ නැත්තේ.

ඔබ මේ කතාංගය හොදින් බැලුවනම් පෙනෙන්න ඇති මේව් යුධ ලෝකය simulations එකක් බව දැනගත් මොහොතේ රූප රාමුවල aspect ratio එක වෙනස් වෙනවා. මොකද මීට කලිං simulations ඇති දර්ෂණ (Forge හා Cradle) වලදීත් මේ ආකරයෙන්ම aspect ratio වෙනස් කරලයි පෙන්නුවේ. නමුත් මේ කොටසේදි අපි බලාසිටියදීමයි ඒ වෙනස උනේ.

තවත් දෙයක් කියන්න ඔනේ මේ යුධ ලෝකය සැබැවටම westworld තුල පවතින උද්‍යානයක් වෙන්න ඔනේ.මොකද හෙක්ටර් විසින් මේව් අමතන්නේ “ඉසබෙලා“ කියලයි.ඉතිං ඔබට මතකනම් හෙක්ටර් දෙවන සීසන් එකේදි කියනවා ඔහුගේ ආදරවන්තියගේ නම ඉසබෙලා කියලා.

2.ස්ටැබ්ස්ගේ පක්ෂපාති බව

බර්නාඩ් උද්‍යානයට ඇවිත් ෆෝඩ්ගේ රහස් කුටියට(තේරේසාව ඝාතනය කලෙත් මෙතනදියි) ගියාම ඔහු දකිනවා ස්ටැබ්ස් හිසට වෙඩිතබාගෙන මරමුවට පත්වී ඇති බව.

ස්ටැබ්ස් කියන්නේ රොබෝවරයෙක් බව Q & A ලිපියේදි සදහන් කලා.ඒ අන්තර්ජාලයේ ඇති westworld නිල තොරතුරු ඇසුරෙන්. නමුත් කතාංගය තුලදි මෙය හෙලිවුනු පලවෙනි අවස්ථාව මෙයයි.

පලමු කතා සමයේදි අපි දැක්කා සෑම රොබෝවරයෙක්ගේ කොදුඇටපෙලේ පුපුරන ද්‍ර‍ව්‍ය සවිකරලා තියෙනවා.ඒ යම් විදිහකින් ඔවුන් උද්‍යානයෙන් පිටතට යනවානම් ඒ පුපුරන ද්‍ර‍ව්‍ය හරහා පිපිරිමක් ඇතිකරලා හිස කොටස විනාශ කරනවා.ස්ටැබ්ටත් ඔනේ උනේ මේක නමුත් ඔහුගේ ඉලක්කය වැරදි යනවා.ඒ නිසා ඔහුට දැඩි හානියක් උනත් සම්පුරනයෙන්ම විනාශ වෙන්නේ නෑ. ස්ටැබ්ස් එකවර සක්‍රිය උනාම ඉන් බියට පත්වුනු බර්නාඩ් කියනවා “your are one of them” (ඔයත් එයාලගෙම කෙනෙක්) පස්සේ ඔහුට මතක් වෙනවා ඔහුත් රොබෝවරයෙක් බව.ඉන් පසුව බර්නාඩ් ස්ටැබ්ස්ව යථාතත්ත්වයට පත්කරනවා.එහිදි ස්ටැබ්ස්ගේ අපුරු ස්භාවයක් හෙලිවෙනවා. අපි දන්නවා මේ කතාවේදි free will එකක් සහිත ප්‍ර‍ධාන රොබෝවරුන් 3නෙක් ඉන්නවා.ඩොලොරස්,මෙව් සහ බර්නාඩ්.ඒ වගේමයි ඔවුන් ඒ හැකියාව භාවිත කරලා කරන වැඩ පේනවනේ. නමුත් ස්ටැබ්ස් කියන්නෙත් යම්තරමකට free will එකක් සහිත රොබෝවරයෙක් බව ඔවුන්ගේ සංවාදයේදි පේනවා.එ උනත් ඔහුට ෆෝඩ් ලබාදුන්න රාජකාරියෙන් පිට යන්න අවශ්‍යවෙලා නෑ. එතනින් පේනවා ඔහුගේ පක්ෂපාති බව.

ඔහුගේ අවසන් රජකාරිය උනේ බර්නාඩ්ව ආරක්ෂා කිරිමයි.චාලට් බර්නාඩ්වත් රැගෙන ගිය බව ස්ටැබ්ස් දැනගත්තේ කොහොමද කියන්න නම් පැහැදිලි නෑ.සමහරවිට චාලට්ගේ ඒ ක්‍රියාව පවා ෆොඩ්ගේ සැලසුමක් වෙන්න පුළුවන්.ඉතිං උද්‍යානය තුල තවදුරටත් ඔහුට ආරක්ෂා කරන්න දෙයක් නොමැති නිසා අවසානයේ ඔහු සියදිවි නසාගන්න තීරනය කරනවා.

ඉන්පසුව දෙදෙනා එක්ව මෙව් සොයා යනවා එහෙදි ඔවුන්ට දකින්න ලැබෙන්නේ මෙව්ගේ Core Drive එක එමෙත් නැතිනම් ප්‍ර‍ධාන මෙහෙයුම් පාලක උපාගංය කවුරුන් හෝ පිටතට ගෙන ගිහිං කියලයි. මුලින් ඩොලොරස්ව තමයි ඔවුන් සැක කරන්නේ.

කොහොම වෙතත් බර්නාඩ් විසින් ස්ටැබ්ස්ට අලුත් අරමුණක් දෙනවා ඒ තමයි උද්‍යානයෙන් පිටතදිත් බර්නාඩ්ව ආරක්ෂා කිරිම.බර්නාඩ් සහ ස්ටැබ්ස් එකතුවුන නිසා බර්නාඩ්ගේ කන්ඩායම ශක්තිමත් උනා කියලා හිතන්න පුළුවන්.

3.GoT සහ Jurassic Park

අපි 2017 දී පලකරපු එක අනාවැකියක් ඔන්න මේ කතාංගයේ සැබැවක් උනා ඒ තමයි මේ කතාංගය වඩාත් ආකර්ෂණිය සහ කතාබහට ලක්වෙන්න ප්‍ර‍ධානම හේතුවක් උන GoT කැමියෝ එකයි. නමුත් මේ ගැන යම් පැහැදිලි කිරිමක් කරන්න ඔනේ.

මේක ජොනතන් හා ලීසා සමග එක්ව GoT හී showrunners වන D & D (David Benioff සහ D. B. Weiss ) කරපු කුමන්ත්‍ර‍ණයක ප්‍ර‍ථිපලයක්.එහෙම කියන්න හේතුව තමයි G.R.R.Martin මහත්තයත් මෙහෙම කොටසක් මේ කතාංගයට එකතුකරලා තියෙන බව කලිං දන්නේ නෑ. ජොනතන් නෝලන් පොඩිම පොඩි ඉගියක් විතරයි ඔහුට දීලා තියෙන්නේ.

ඉතිං ඒ කුමන්ත්‍ර‍යට ලැබුනු සන්තෝසමක් ලෙස David Benioff සහ D. B.Weiss ටත් පොඩි රංගන අවස්ථාවක් දිලා තිබුනා.

සමහර අය වෙස්ට්වර්ල්ඩ් වෙත දැඩි දෝෂාරෝපන එල්ල කලා Game of Thrones කතාව විනාශ කලා කියලා.

නමුත් ඇත්තටම එහෙම කිසිම හානියක් මේ කතාමාලා දෙකටම සිදද් උනේ නෑ.

කතන්දරේ මේකයි westworld රූපවාහිනි කතාමාලාවට පාදක උනේ 1973 දී නිපදවු westworld චිත්‍ර‍පටිය බව ඔයාලා දන්වා ඇතිනේ.

ඉතිං ඒ චිත්‍ර‍පටයේ එක උද්‍යානයක් තමයි මධ්‍යකාලීන යුගයට අයත් රාජධානි සහිත උද්‍යානය තමයි medieval world කියන්නේ. ඉතිං westworld රූපවාහිනි කතාමාලාවෙත් 4 වැනි උද්‍යානය තමයි medieval world.එතකොට Game of Thrones කතාව මධ්‍යකාලීන යුගයට අයත් නොවුනත් එහි ඇදුම් පැලදුම් ආයුධ රාජ්‍යපාලන වගේ ගොඩක් දෙවල් මධ්‍යකාලින යුගය පාදක කරගෙන තමයි නිර්මානය කරලා තියෙන්නේ. ඉතිං කතා දෙකම HBO නිෂ්පාදන දෙකක් නිසාත් Game of Thrones අවසන් වු නිසාත් පොඩි ගෞරවනීය මතක් කිරිමක් තමයි කරලා තියෙන්නේ.

3.1 එත් Crossover එකක් වෙන්නේ නැද්ද ?

ඒකට නම් උත්තර දෙන්න පුළුවන් වෙන්නේ කතා දෙකේ නිෂ්පාදකයන්ට පමණයි හැබැයි එහෙම විකෘතියක් ඇතිවෙන්න තියෙන සම්භාවිතාවය හරිම අඩුයි.

3.2 එතකොට Jurassic Park කොහොමද සම්බන්ධ වෙන්නේ ?

මේ කැමියෝ එකේ D & D අතර ඇතිවෙන සංවාදයේදි කියවෙනවා මේ මකරුන් කොස්ටරීකාවේ තියෙන අලුතෙන් ආරම්භකල ආයතනයකට විකුණන්න අදහස් කරන බව.ඔයා කල්පනා කරලා බැලුවොත් Jurassic Park තියෙන්නෙත් කොස්ටරීකාවේ Isla Nublar කියන දුපතේ.එතකොට Jurassic Park නිර්මානය කරපු ආයතනය International Genetic Technologies, Inc

ඒක වෙන්නේ මෙහෙමයි අපි ගොඩක්ම දන්නේ Jurassic Park චිත්‍ර‍පටියකින් උනාට චිත්‍ර‍පටයට පාදක වෙන්නේ Jurassic Park නමින් ලියවුනු නවකතාවක්. අපූරුම දේ තමයි මේ නවකතාව රචනා කරලා තියෙන්නේ westworld චිත්‍ර‍පටිය රචනාකර අධ්‍යකෂණය කල Michael Crichton.

4. මේව්ගේ ගණිත ගැටලුව

මේව් simulations එක බිද දමන්න අපුරු ගනිත ගැටලුවක් යොදනවා.ඒ තමයි (-1) හී වර්ගමුලය කීයද කියා ඇසිම.

මේ වගේ simulations එකක් ක්‍රියාමක කරන පරිඝනකයක පවා වේගය අඩාල කරන්න තරම් මේ ගණිත ගැටලුවේ ඇති බරපතලකම මොකක්ද කියලා වෙනම හොයන්න උනා. ඒ නිසාම ගණිතය විශේෂයෙන් හදාරපු මිතුරෙක්ගෙන් තමයි පැහැදිලි කිරිම ගත්තේ.

(-1) හී වර්ගමුලයට අගයක් සංඛ්‍යාතමක වශයෙන් උත්තරයක් ගන්න බෑ මොකද (-1) හී වර්ගමුලය වෙනුවට එහි සාධක ගත්තොත් නැවත එන්නේ (+1) හි වර්ගමූලය X (-1) හී වර්ගමුලය කියලයි. ඉතිං පේනවා ඇතිනේ මේක සංඛ්‍යාත්මකව විසදන්න ගියොත් Loop එකක් බවට පත්වෙලා දිගින් දිගටම (-1) හී වර්ගමුලය ලැබෙනවා.මේකට ගණිතඥයෝ භාවිතාරන්නේ සරල විසදුමක්. ඒ තමයි (-1) හී වර්ගමුලය = i ලෙස ගැනිම හැබැයි ඒක වලංගු වෙන්නේ තව අගයන් සහිතව පවතින සමීකරනයකට විතරයි. තනි අගයක් ලෙස (-1) හී වර්ගමුලය හොයන්න හැදුවෙත් වෙන්නේ කලිං කියපු Loop එක ක්‍රියාත්මක වීමයි.

5.කව්ද මේ සුදු කබාකාරයා ?

මෙයාගේ නම තමයි Engerraund Serac.ඔහු තමයි ලියම්ගේ තාත්තා එක්ක එකතුවෙලා රියෝහොබෝම් පද්දතිය හැදුවේ.කතාව අතරතුර සුදු පසුභිමක වෘත්තයක යම් යම් දෑ සටහන් වෙනවා ඔබ දකින්න ඇති ඒ බොහෝ දුරට රියෝහොබෝම් එක විසින් අනාගතයට දැඩිව බලපෑ හැකි යමක් වෙන විට එය සිදුවන ස්ථනය පෙන්වා දිමක් ලෙස හදුන්වන්න පුළුවන්.

Serac කියන විදිහට ඔහු අනාගතය පුරෝකථනය කන්නෙක් නෙවෙයි ඔහු අනාගතය නිර්මානය කරන්නෙක්.ඉතිං මෙච්චර බලවත් වෙලත් ඇයි ඔහුට ඩොලොරස්ව නවත්තන්න බැරි. ඒකට හේතුව රෙියොහෝබෝම් පද්දතිය ඔහුට කලිං ලබාදුන්න සහය දැන් ලබානොදිමයි. නමුත් ‘ඔහු එක දෙයක් දැනටමත් දන්නවා ඒ තමයි රොබෝවරුන් සමග අනාගතයේ ඇතිවන යුද්ධය මිනිසුන් පරාද වී ඇති බව.ඔහුට අවශ්‍ය එක වෙනස් කරන්නයි එයට උදව් ලබාගන්න හදන්නේ මෙව්ගෙන්. නමුත් ඇය එකග වෙන බවක්නම් පෙන්නුවේ නැ.හැබැයි Serac කියපු විදිහට මෙව් බලාපොරොත්තු වෙන යමක් ඔහු ලග තියෙනවා.

ප.ලි – කලිං පලමු කොටසේදි අපි සදහන් කලා Time Jumps නැති බෙහෝම රේඛිය කතාංගයක් කියලා. නමුත් අන්තර්ජාලයේ පලවු සමහර අනුමානයන්ට අනුව බොහෝම සියුම් Time Jumps තියෙන්න පුළුවන්ලු. ඒ නිසා ඉදිරියේදි සදහන් කරන සමහර කරුණු කතාව අවසන් වෙද්දි වෙනස් වෙන්නත් පුළුවන්

අන්තර්ජාලය ඇසුරෙනි

Author

3 thoughts on “WestWorld S03 E02 – පැහැදිලි කිරිම

  • තෑන්ක්ස් මචන් මෙච්චර මහන්සිවෙලා පැහැදිලි කරනවට උඹ නැත්තන් අපි මේවා බලලත් නෑ පින් බං

    Reply
  • බොහොම ස්තුතියි ‌‌‌මහන්සිවෙලා කරන ‌මේ පැහිදිලි කිරීම්වලට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *