ගීතවගතුගවීඩියෝසිංහල උපසිරසසියල්ල

සිනමාවේ ගීත ලොවින් ඔබ්බට 23 | Growl (EXO) | සිංහල උපසිරැසි

මේ වීඩියෝව දකුණු කොරියානු ගීත කණ්ඩායමක් වෙන EXO  විසින් ගායනා කරන Growl ගීතයේ වීඩියෝ පටයයි. මේ ගැන ලිපියක් දාන්න හිතුවේ මේ වීඩියෝව සම්බන්ධව රසවත් තොරතුරු කිහිපයක්ම තියෙන නිසයි. රසවත්මද කියන්න බෑ, අන්තර්ජාලයෙ සෙව්වොත් මේ කරුණු තහවුරු කරගන්න පුළුවන්.
මුලින් මතක් කරන්නම් මේක අයිති SM Entertainment සමාගමට, එයාලා යටතේ තමයි EXO කණ්ඩායම කළමනාකරණය වෙන්නෙ.

Growl කියන්නෙ One Camera Shot වීඩියෝ එකක්. කොටස් එකතු නොකර එකපාරකින් වීඩියෝ කරපු ගීතයක් ලෙස මේක ජනප්‍රියයි.

  • මේ වැඩේ ලේසි දෙයක් නෙමෙයි. නර්ථනයන් සියල්ලම නිවැරදිව කරන්න වෙනවා මොකද එඩිටින් නොකරන නිසා.
  • ඒත් සිදු වුනු අතපසුවීම්, වැරදීම් නිසා ⁣15 වතාවක් ඔවුන්ට ගීතයට මුල ඉඳන් නර්ථනය කිරීමට සිදු වෙලා තියෙනවා.
  • ඒ කරලත් ඔයාලට බලන්න පුළුවන් කායිගෙ කැප් එක එයා වට්ටගන්නවා. ඒත් ඒ ඉක්මනටම එයා කැප් එක අහුලන නිසා ඒක ගනන් අරගෙන නෑ.
ඒ වගේම තවත් හේතුවක් නිසා මේ වීඩියෝ එක ජනප්‍රියයි. ඒ නිකුත් වෙලා ටික කාලයකට පස්සෙ රසිකයන් විසින් වීඩියෝවෙ කොනක එක්සොලට අමතරව හොයාගන්න තවත් පුද්ගලයෙක් නිසා.

ඒ පුද්ගලයව 720p හරි හොඳ කොලිටි වර්ෂන් එකකදි පැහැදිලිව දැකගන්න පුළුවන්. පසුව තිබ්බ වැඩසටහනකදි මේ ගැන ඇහුවම සේවකයෙක් කියලා තියෙනවා එයාලගෙ කාර්ය මණ්ඩලයෙ කෙනෙක් තමයි එතන ඉඳලා තියෙන්නෙ කියලා. ඒත් මේ ගැන SMලා Official Statement එකක් කරලා නෑ. එයාලා මොනා කිව්වත් බලපු කෙනෙකට හොඳට දැකගන්න පුළුවන් ඒ පුද්ගලයා විනිවිද පේනවා වගේම එක වෙලාවකට ඉන්නවා තව වෙලාවක අතුරුදහන් වෙනවා කියලා.



මම තව පොඩි විස්තරයක් කියන්නම් මේ වීඩියෝ එකට අරන් තියෙන ලෝකේෂන් එක ගැන.
  • මේක වීඩියෝ කරලා තියෙන්නෙ සෝල් වල ෂින්දොන්ග්ෂින් කර්මාන්ත උසස් පාසලේ ගබඩාවක.
  • මේ පාසල ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ අප්‍රිය පාසලක් විදියට, මොකද ළමයින්ගෙ දරුණු හැසිරීම නිසා. කොරියාවෙ පාසල් වල ගොඩක් වදහිංසා සිද්ධි වෙනවා. මේ වගේ හේතු නිසා දිවිනසාගැනීම් වැඩිම පාසලක් විදියට මේක ප්‍රසිද්ධයි.
  • SM සේවකයන්ට මෙතන යොදාගන්න එපා කියලා කට්ටිය කියලා තිබ්බත් SM සමා⁣ගමෙන් මෙතනම අරගන්න කියලා සේවකයන්ට කියලා තියෙනවා.
  • වීඩියෝ එක රෑ 8ත් පාන්දර 3ත් අතර තමයි වීඩියෝගත කරලා තියෙන්නෙ.
  • ගබඩාව සුද්ධ කරලා අරන් තියෙන්නෙ අවුරුදු 7ක් වහලා තිබ්බ⁣ට පස්සෙ.
  • වහලා තියෙන්නෙ ළමයි 3 දෙනෙක් එකවර දිවි නසාගත්ත සිද්ධියක් නිසා.

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Leave a Reply

Your email address will not be published. Required fields are marked *