ටීවී කතා මාලාවගතුගවිචාරසියල්ල

WestWorld S02 E06 – phase space – පැහැදිලි කිරිම.

දෙවන කතාසමයේ 6 වැනි කොටසේ පැහැදිලි කිරිම තමයි අද ඔබ වෙත ගෙන එන්නේ.වෙනදා වගේම කතාංගයේ title ගැන කෙටි පැහැදිලි කිරිමක් කරොත් phase space කියන්නේ ක්වන්ටම් භෞතික විද්‍යාෙව් භාවිත වෙන වචනයක්(අපි ඒ ගැන කතා නොකර ඉමු ). කොහොම වෙතත් මෙතනදි රචකයන් අර්ථ දැක්වුවේ සමහරවිට cradle පවති කලාපය වෙන්න පුළුවන්.හරියට සයිබර් අවකාශය වගේ.ඉතිං කතාවේ එක අභිරහසක් වුනු cradle එක නම් යම් පමනකට විසදුනානේ.එහෙනම් අපි පැහැදිලි කිරිම පටන් ගමු.එවගේමයි මේ කතාංගයේදි තිරයේ ප්‍රමාන (aspect ratio) දෙකක් සහිතයි.ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා.


1.CR4-DL

පුර්ව ප්‍ර‍චාරක පටයේදි සදහන් කරපු අනුමානය නම් සාර්ථක උනා.

මුලින්ම cradle එක පැහැදිලි කරගෙන ඉමු ඒක අනෙක් කරුණු පැහැදිලි කරද්දි පහසුවක් වෙයි. කලිං කතාංගයේදිත් Matrix චිත්‍රපටය ගැන සදහනක් කරානේ.ඔයත් මේ චිත්‍රපටය නරඹලා ඇති.WestWorld සහ Matrix සම්පුරන වෙනස් කතා දෙකක් උනත් මේ කතා දෙකම බොහොම ප්‍රභල සමානකම් ගොඩක් තියෙනවා.පවතින යථාර්ථය පිලිබද ප්‍රශ්න කිරිම,විඳවිම,මැවුම්කාර දෙවියන් වැනි කරුණු ඊට හොදම උදාහරනයක්.අපි cradle එක ගැන සැලකුවොත් ඒකත් එක්තරා විදිහක Matrix එකක්.ඔයාට දකින්න ලැබෙන්න ඇති බර්නාඩ් ඒ් තුලට පිවිසෙනවා.ඔන්න ඒතකොටම රූපරාමු ප්‍රමානය වෙනස් වෙනවා 4:2 අනුපාතයට.

පලමු අනුමානය – මේ තමයි රොබෝවරුන්ගේ දත්ත ගබඩාව.තවත් සරලව කිව්වොත් backup එක.රොබෝවරුන්ගේ ඔවුන්ට අදල කතාව වගේම ඔවුන්ගේ පසුබිම් කතාවත් ගබඩා වෙලා තියෙන්නේ මෙන්න මේ cradle එකතුලයි. මේ සෑම කතාවක්ම එකිනෙකට සම්බන්ධ නිසා මේ cradle එක තුල කෘතිමව නැවත නැවත අදාල කතා ක්‍රියාත්මක වෙනවා.හරියට මුළු උද්‍යානයම පරිඝනක පද්දතියක් තුල  ප්‍රතිනිර්මානය කලා වගේ දෙයක් තමයි වෙන්නේ.නමුත් ඒ පද්දතියට තනිවම තීරන ගැනිමේ හැකියාවක් නෑ කියන එක තමයි මේ අනුමානයෙන් කියවෙන්නේ.

දෙවන අනුමානය –  මෙතනදි කියවෙන්නේ මුළු උද්‍යානයේම ඉන්න රොබෝවරුන් පාලනය කරන මධ්‍යස්ථානය කියලයි.සෑම රොබෝවරයෙක්ට පාලන ඒකකයක් පැවතුනත් වඩා සංඛිරන දත්ත සැකසුමක් කරද්දි ඔවුන් cradle එකේ උදව් ලබාගන්නවා.ඔබ දැකලා ඇති සමහර ජංගම දුරකථන ක්‍රිඩා වලදි අනිවාර්යෙන්ම අන්තර්ජාල සබදතාව අවශ්‍ය වෙනවා.එතනදිත් වෙන්නේ මේ වගේ දෙයක්.ජංගම දුරකථනයේ සැකසුම් කලනොහැකි විශාල ගණනයන් සිදුකරන්නේ වෙනත් ස්ථානයක තියෙන සුපිරි පරඝනක ජාලයක් හරහයි.

නමුත් නිවැරදි වෙන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ  පලමු අනුමානයයි.

තවත් දෙයක් තමයි එල්සි සහ බර්නාඩ් සිටින දර්ෂන අයත් වෙන්නේ කාල් ඇතුලු කන්ඩායම පැමිනෙන් පෙර (සති දෙකකට පෙර) කාලයටයි.කාල් ඇතුලු පිරිස cradle එක හොයාගනිද්දි ඒක විනාශ වෙලා.ඒ කියන්නේ බර්නාඩ් හෝ එල්සි විසින් ඒක විනාශ කලා වෙන්න පුළුවන්.නැතිනම් ඩොලොරස් ඇතුලු කන්ඩායම විනාශ කරන්න ඇති.


2.ඩොලොරස් සහ බර්නාඩ්

කතාංගය ආරම්භවෙන්නේ ඩොලොරස් සහ බර්නාඩ් අතර සංවාදයකින්.ඒ සංවාදයේ අවසානය දකින තුරු එහි සිටින්නේ බර්නාඩ් කියලා තමයි හිතෙන්නේ.මෙතනදි තිරයේ ප්‍රමානය ගත්තොත් ඒක  4:2  තමයි තියෙන්නේ.එතකොට ගැටලුවක් එනවා ඒක cradle තුල සිදුවන දෙයක්ද කියලා.කොහොම නමුත් මේ දර්ෂනය කුමන කාලයට අයිති එකක්ද කියලා තාම කියන්න විදිහක් නෑ.පේන විදිහට ඩොලොරස් උත්සහ කරන්නේ බර්නාඩ් තුලින් ආර්නොල්ඩ්ව මතුකරගන්න.හරියට ජිම් ඩෙලෝස්ව ප්‍ර‍තිනිර්මානය කරන්න විලියම් උත්සහ කරලා වගේ.මොකද විලියම් වගේම ඇයත් මෙතනදි මේ ප්‍ර‍ශ්න අහන්නේ fidelity පරික්ෂා කරන්නයි.


3.ටෙඩි

ටෙඩිව වෙනස් කලාට මොකෝ ඩොලොරස්ටත් ඒ කරපු වැඩේ ගැන සැකයි වගේ.දැක්කනේ ඩෙලෝස් ආරක්ෂකයාව ඝාතනය කරපු හැටි.ඒකෙන් ඩොලොරස් තවත් තැතිගත්තා.කොහොම වෙතත් මේ අලුත් ටෙඩ් ගැන සාපේක්ෂව වැඩි ප්‍රෙක්ෂයන් පිරිසක් කැමති බව පේනවා.ඒ වෙනස්කම් තුල වුවත් පරණ ටෙඩ් දකින්න පුළුවන්. නමුත් අපි මතකයේ තබාගතයුතුයි මොන වෙනස්කම සිදුකලත් ටෙඩිගේ ඉරණම නම් වෙනස් වෙලා නැති බව.මොකද ඔහුගේ මලසිරුර අපිට දකින්න ලැබුනානේ.


4.ඈෂ්ලී ?

උද්‍යානයේ ආරක්ෂාවට අලුතෙන් හාදයෙක් බැස්සනේ.හැබැයි මිනිහා ස්ටැබ්ට කැමති නෑ වගේ.ඈෂ්ලි කියලා සාමානයෙන් නම යොදන්නේ ගෑනු ලමයින්ට.ඒක තමයි මෙයා විහිළුවට ගත්තේ.එවගේමයි තමන්ගේ සගයන් මියගිහිං තියෙනවා දැක්කම ස්ටැබ්ස්ට යම් කනස්සලක් තියෙනවා ඩෙලෝස් පාලන අධිකාරිය පිලිබද.මොකද උද්‍යානයේ ඇත්තමට සිදුවන දේ ආරක්ෂ ප්‍ර‍ධානියා වුනු ස්ටැබ්ස්ටත් ඔවුන් හංගපු නිසා තමයි මේ ගැටලුව මෙතරම් දුරටකට ගියේ.ඔය අලුත් හාදයා වැඩ ටිකක් මේ කොටසේදි කරලා පෙන්නුවා තමයි.හැබැයි මිනිහටත් ඩොලොරස්ලගෙන් බේරෙන්න බැරිවෙලා  තියෙනවා.මොකද මේ කන්ඩායම පැමිනෙන්නේ කැරැල්ල සිදුවෙලා දින 2 හෝ 3 ඇතුලත.ඒ සමගම තමයි ඩොලොරස් මේසා එක එහෙමත් නැතිනම් ප්‍ර‍ධාන පරිපාලක ගොඩනැගිල්ල ආක්‍ර‍මණය කරන්නේ.මේ හාදයා ඒ ආක්‍ර‍මණයෙන් බේරුනානම් කාල් ඇතුලු පිරිස නොපැමිනෙන්නත් තිබුනා.තමන් ගැන අධිතක්සේරුවක හිටියම ඔහොම වෙනවා ඉතිං.


5.සයිස්මෝර්

පසුගිය කතාංගයේදි වගේම මේ කතාංගයෙදිත් සයිස්මෝගේ හැකියාවන් බලාගන්න පුළුවන්.ඒ වගේමයි මේව්ට ඇයගේ දියණියව හොයාගන්නත් ඔහු උදව් කරනවා.ඒකට ඇය ඔහුට ස්තුති කරනවා මෙන්න මේ සිදුවිම රොබෝවරුන්ට සහ මිනිසුන්ට සාමයෙන් එකට ජිවත් වියහැකි බව අගවනවා.කොහොම නමුත් සයිස්මෝ සම්පුරනයෙන්ම මේව්ව විශ්වාස කරන්නේ නෑ.ඒ නිසානේ දුරකථනයක් සොරාගත්තේ.අපි ඉදිරියේදි බලමු ඔහු කාටද ඇමතුම ගත්තේ කියලා.


6.ෆිලෙක්ස්

තවමත් නොවිසදුනු ගැටලු වලින් එකක් තමයි ෆිලෙක්ස්ගේ හැසිරිම.ඔහුත් එක්තරා විදිහක රොබෝවරයෙක්ද කියලා සැකකරන තරමටම රොබෝවරුන්ට පක්ෂපාතිත්වයක් දක්වනවා.නමුත් සමහර ප්‍රෙක්ෂකයන් නම් අනුමාන කරන්නේ ෆිලෙකස් තුලින් නියෝජනය වෙන්නේ සාධාරනත්වය අගයන මිනිසුන්ව කියලා.තමන්ගේ නොවන සටනක් වෙනුවෙන් ෆිලෙක්ස් මැදිහත් වෙන්නෙත් ඒ නිසා වෙන්න පුළුවන්.


7.කාල රාමු අවුල

ඩොලොරස් ඇතුලු කන්ඩායම මේසා ආක්‍ර‍මණය කරන්නේ මුලින්ම දුම්රියට පුපුරන ද්‍ර‍ව්‍යදාලා මේසා එක පුපුරවා හැරිමෙන්.සිතියමේ දුම්රිය පෙන්වන එකත් ඩොලොරස්ලගේ ආක්‍ර‍මණයත් එකම කාලය වෙන්න පුළුවන්.නමුත් ඒ පිපුරුම සමගම එල්සිත් යම් ශබ්දයකට කලබල වෙනවා දකින්න පුළුවන්.මේ දර්ශනයනම් කලිං දර්ශණ සිදුවු කාලයට අයත් නොවෙන්න පුළුවන්.අපිට මේ සිදුවිම් සම්බන්ධ බව සංස්කරනයෙන් ඔවුන් පෙන්නුවත් සැබවින්ම එය වෙනත් කාලරාමුවකට අයිති වෙන්න පුළුවන්.


8.විලියම් සහ දියණිය

එමලිට(ග්‍රේස්) එයාගේ තාත්තව මුනගැහුනනේ.මුලදි  Man-in-Black (මහළු විලියම්) හිතන්නෙත් තමන්ගේ දුවගේ ස්වරුපයට හදපු රොබෝවරයෙක් කියලයි.ඊට පස්සේ රාත්‍රියේ ඔවුන් දෙදෙනා අතරෙ වෙන සංවාදය හරිම හැගිම්බර එකක්. ඇය තමන්ගේ තාත්තට සලකපු ආකාරය ගනත් ඔහුට මවගේ මියයාමේ වරද පටවපු එක ගැනත් කනගාටු වෙනවා. ඒ ස්භාවය මේ කතාමාලවට ආගන්තුයි.ඒ නිසාම අපුරුයි.නමුත් මෙතන ගැටලුවක් එනවා 32 විනාඩියේ 9 වැනි තත්ත්පරයෙදි විලියම් කියනවා එමලි අලියන් බයයි කියලා.එහිදි ඇය ඒක නිවැරදි කරනවා.ඇය නෙවෙයි ඇයගේ අම්මා තමයි බය කියලා. මෙන්න මේ මොහොතේදි විලියම්ගේ ස්භාවය දැක්කම ඔහු ඇත්තටම විලියම්ද කියන ගැටලුව එනවා.මොකද මේ කතා සමය ආරම්භයේ සිට ආපු අනුමානයක් තමයි විලියම් කියන්නෙත් රොබෝවරයෙක් කියලා.ඒ කතාවට මේ කොටස සාක්ෂියක් ලෙස ගන්නවා.ඒත් විලියම් දැන් මහලු නිසා ඔහුට සිදුවිම් අමතක වෙලා ව්‍යාජ මතකයන් ඇති වෙන්නත් පුළුවන්.කොහම වෙතත් විලියම් ඇයව මගහැරලා යනවා.සමහරවිට ඇයගේ ආරක්ෂාවට වෙනත් පුළුවන්.නැතිනම් තමන්ගේ ගමනට ඇය බාධාවක් වෙයි කියලා විලියම් හිතපු නිසා වෙන්නත් පුළුවන්.


9.ස්වදේශිකයෝ

මේ කතාමාලාවේ දිගින් දිගට අවධාරනය වුනු දෙයක් තමයි ස්වදේශිකයන් මිනිසුන් ආරක්ෂාකරනවා කියන එක.මේ දර්ෂණයෙදිත් පැහැදිලි වෙනවා.ස්වදේශික නායකයා කියනවා මේවට තමන් සමග එකතුවෙන්න කියලා.නමුත් ඇය සිතන්නේ සුපුරුදු පරිදි තමන්වත් දියණියවත් ඝාතනය කරන්න පැමිනියා කියලයි.


10.ෆෝඩ් ?!

ඔන්න කලිං කරපු තවත් අනුමානයක් යම් පමනකට සාර්ථක උනා.මේ කතාංගයේ වැදගත්ම කොටස තමයි ෆෝඩ්ගේ පැමිනිම.

ෆෝඩ් මියගියත් තවමත් වෙස්වර්ල්ඩ් නම් අතහැරලා ගිහිං නෑ.ඔහු තමයි cradle එක පාලනය කරන්නේ.එනිසයි එල්සිට එතුලින් එන පනිවුඩ දකින්න පුළුවන් උනත් ඒ පනිවුඩ සැකසෙන්නේ කොහොද කියලා දකින්න බැරි.පාලක මැදිරි පද්ද්තිය නැවත සකසන්න ඩෙලොස් තාක්ෂනික ශිල්පින්ට බැරිවුනෙත් මෙන්න මේ නිසයි.බර්නාඩ් cradle එක තුලට ගියාම ෆෝඩ්ගේ සුනකයාව දකිනවා.එතනින් ඔහු දැනගන්නවා යම් ගැටලුව ඇති බව.මොකද ෆෝඩ්ගේ සුනකයා cradle එකට අයිති නැති නිසා.

ඒ වගේමයි ෆෝඩ් විඥානය සර්ථකව පරිඝනක තුල ස්ථාපනය කිරිමත් සමත්වෙලා තියෙනවා.ඩෙලොස් ඉංජිනේරුවන්ට වසර ගනනාවක් ගියත් සාර්ථක කරගන්න බැරිවුන දේ ෆෝඩ් තනිවම සාර්ථක කරගත්තා.ඩෙලොස් සමාගම අමතක කරපු දෙයක් තමයි ෆෝඩ් මේ උද්‍යානයේ මැවුම්කරුවා බව.ඔහුගෙන් සගවා කිසිවක් කල නොහැකි බව. අපි බලමු ඉදිරියෙදි ෆෝඩ් cradle එකෙන් එලියට එයිද කියලා.ෆෝඩ්ගේ මේ පැමිනිම ගැන sir anthony hopkins ඔහුගේ  twitter ගිණුම හරහා යම් ඉගි පලකලත් අපිට එ්ක හදුනගන්න බැරිවුනා.


හරි අදට එපමනයි ඊලග කොටසින් බලමු මේසා ආක්‍ර‍මණය.

Author

7 thoughts on “WestWorld S02 E06 – phase space – පැහැදිලි කිරිම.

  • සිපිරි බ්‍රෝ…7,8 ත් දැම්මනම්…සෝක්

    Reply
  • වැඩේට නන් ගොඩක්ම ස්තූති..මොකද මේ පැහැදිලි කිරීම් ටික නැත්තන් මෙලෝ තේරුමක් නැති වෙනවා…
    එක එක ලිපියට ස්තූති කියන්ට නන් මම හිතුවෙ නැ..අන්තිම එකටම එක පාර කියනවා කියලා හිතලා..ඒ උනාට මෙතනින් මේ විස්තරය නවත්තපු එක නන් මම වගේ කට්ටියට පට්ටම පාඩුවක්.මොකද කතාවෙ දකින්නෙ නැති ගොඩක් දේවල් මේකෙන් තමා දැන ගත්තේ…
    මේ epi ටිකටත් විස්තරේ දිගටම දෙන්ට පුලුවන් නන් මාරම වටිනවා…..

    Reply
  • 7,8,9,10, review tikath denna puluwanda

    Reply
  • Patta..eth ko anith ewa

    Reply
  • 7ඉදන් නෑ නේද ?

    Reply
  • niyamay 7,8 review enakam balagena inne.

    Reply
  • thanks. waiting for next one.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *