ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

ගොඩක් අය පටලවාගෙන ඉන්න Charlie Chaplin සහ The Tramp | Charlie Chaplin & The Tramp

ලෝකයේ මෙතෙක් පහළ වුණ අඝ්‍රගණ්‍ය නිර්මාණකරුවෙක් තමයි Charlie Chaplin කියන්නේ. ඔහු ගැන නොඇසූ කෙනෙක් නැති නිසා ඔහු ගැන ලොකු හැඳින්වීමක් නොකර ඉන්නම්. ඒත් ගොඩක් දෙනෙක් පටලවාගෙන ඉන්න දෙයක් ගැන කියනන හිතුණා. ඒ තමයි Charlie Chaplin සහ The Tramp ගේ අවුල.

Charlie Chaplin රඟපෑ චිත්‍රපටි සංඛ්‍යාව 100 කට අධිකයි. එයින් ඔහු රඟපෑ ජනප්‍රියම චරිතය තමයි The Tramp කියන්නේ. The Little Tramp වශයෙනුත් එම චරිතය හඳුන්වනවා. 1914 දී Mabel’s Strange Predicament වෙනුවෙන් තමයි මුල් වරට Charlie Chaplin විසින් The Tramp චරිතය එළිදක්වන්න සැලසුම් කරන්නේ.

ඒත් නිෂ්පාදන කටයුතු ඉකමනින් නිම වුණු Kid Auto Races at Venice එකෙන් The Tramp චරිතය එළිදක්වන්න Charlie Chaplin විසින් කටයුතු කරනවා. එතනින් පටන් ගත්තු The Tramp චරිතය ඉතා ඉක්මනින්ම ජනප්‍රිය වෙනවා.

Charlie Chaplin රඟපෑ චිත්‍රපටි සංඛ්‍යාව 100 කට ආසන්න වෙන අතර, එයින් චිත්‍රපටි 60 ක පමණ රඟදක්වන්නේ The Tramp චරිතයයි.

The Tramp චරිතය කොච්චර ජනප්‍රියද කියනවා නම් අදටත් බොහෝ දෙනෙක් ඇත්ත Charlie Chaplin ගේ රූපය දැකලා නැහැ. ඔවුන් Charlie Chaplin ලෙස දැකලා තියෙන්නේ The Tramp චරිතයට අදාළ ඡායාරූප සහ වීඩියෝ පමණයි. මේකප් නැති වුණාම Charlie Chaplin කියන්නේ හරිම කඩවසම් නළුවෙක්.

– විකුම් හර්ෂණ –

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *