දැනුමටවගතුගසියල්ල

සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු.

මුලින්ම කියන්න ඕනේ, මේ ලිපියේ චිත්‍රපටය ගැන විස්තර ගොඩක් සඳහන් වන නිසා මුලින්ම Goodbye Christopher Robin (2017) චිත්‍රපටය නරඹලා ඉන්න. ඒක සිංහල උපසිරස සමගම බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා. 
සැබෑ ජීවිතයේ  ක්‍රිස්ටෝෆර් රොබින් සහ ඔහුගේ පවුලේ අය පිලිබඳ
 
* මේ චිත්‍රපටයේ ක්‍රිස්ටෝෆර් රොබින් මිල්න් ඔහුගේ තාත්තා එක්ක තියෙන සම්බන්ධය පෙන්වීම තරමක් හරි වුවත් ඔවුන්ගේ සැබෑ ජීවිතයේදී, ක්‍රිස්ටෝෆර් රොබින් එසේත් නැත්නම් C.R. තමා ගැන පොත්ව විකුණා තමාවම සූරා කාගෙන, තමාට කිසිඳු අවධානයක් නොදී සිටියා කියා තමන්ගේ පියාට කිසිදාක සමාව දුන්නේ නැහැ. සිදු වුන දේත් දරාගෙන ඔහු 1996 දක්වා ජීවත් වුණා. 
AA මිල්න් හා  ක්‍රිස්ටෝෆර් රොබින් මිල්න්
*  C.R.ට ඔහුගේ මව සමග තිබුණේ ඉතාමත් දුර්වල සම්බන්ධතාවක්; ඔහුගේ මව C.R.ගේ විවාහයටද විරුද්ධ වූ අතර. A.A. මිල්න් 1956දී මිය යාමෙන් පසුව, C.R. ඔහුගේ මව ඉන් අවුරුදු 15කට පසු මිය යන තුරුම ඇය සමග කිසිඳු සම්බන්ධතාවක් නොපවත්වා ඇත. 
 
ක්‍රිස්ටෝෆර් රොබින් මිල්න් හා ඔහුගේ මව වන ඩැෆ්නි මිල්න්
 
* චිත්‍රපටියේ අවසන් දර්ශන වල සඳහන් වෙනවා C.R තම පියාගේ විනී ද පූගෙන් ඉපයූ මුදල් නොගත් බව. ඔව් ඔහු වෙනුවෙන් ඔහු කිසිඳු මුදලක්  ගත්තේ නැහැ. නමුත් පසු කාලීනව C.R.ට දාව එක දියණියක්ගේ උපදිනවා. ඒ ඔහුගේ එකම දියණිය වන ක්ලේරා, ඇයට උපතින්ම මොළයේ ආඝාතය තිබී ඇති අතර C.R විනී ද පූ මගින් තම පියා ඉපයූ මුදල් ඇයගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වියදම් කළා. ඔහු පැවසුයේ ඔහු එසේ කළේ ක්ලේරගේ ජීවිතය උදෙසාම වූ බවයි. කෙසේ වෙතත් වයස අවුරුදු 56ක් වූ ක්ලේරා 2012 වසරේදී මිය ගියා.
ක්ලේරා මිල්න් 
 
පසුබිම් විස්තර.
 
*  මේ චිත්‍රපටය 2017 වසරේ නිකුත් වන්නේ Walt Disney Picturesහි 40වන සංවත්සරය සහ The Many Adventures of Winnie the Pooh (1977) සජීවීකරණ චිත්‍රපටයේ 22වන සංවත්සරය සමගිනි.
 
*  ක්‍රිස්ටෝෆර් රොබින් ඉපදෙන විට, A.A. මිල්න්ට වයස 38ක් වූ අතර ඇගේ බිරිඳ ඩැෆ්නිට 30ක් විය. රූගත කිරීම අරඹන විට, Domnhall Gleesonට වයස 33ක් වූ අතර Margot Robbieහට 26කි. වැඩිහිටි ක්‍රිස්ටෝෆර් රොබින්ට රඟ පෑ Alex Lawtherට වඩා Robbie අවුරුදු 5ක් වැඩිමල්ය.
 
කාල විරෝධී දර්ශණ
 
* ක්‍රිස්ටෝෆර් රොබින් 1928 ලන්ඩන් සත්වෝද්‍යානයේ ඉද්දි, ඔහු පෙන්ගුයින්ලා ඉන්න තැනක් බලාගෙන ඉන්නවා. එතන හඳුන්වන්නේ පෙන්ගුයින් වෙරල නැතහොත් පෙන්ගුයින් බීච් කියලයි. නමුත් මේ තැන නිර්මාණය කර ඇත්තේ 2011දියි.

*  දුම්රියපලේදී අපිට දකින්න පුළුවන් බ්‍රිටිශ් රේල්වේස් (බ්‍රිතාන්‍ය දුම්රිය සේවා) ගැන පෝස්ටරයක්. බ්‍රිටිශ් රේල්වේස් ඇරඹුනෙත් 1948 වසරේදී වන අතර. CR හමුදාවට එක් වූ යුද්ධය නිම වූයේ 1945දියි.


කලිනුත් සඳහන් කලානේ AA මිල්න් හා  ක්‍රිස්ටෝෆර් රොබින්සජීවීකරණ චිත්‍රපටයේ 22වන සංවත්සරය සමගිනුයි මේ චිත්‍රපට ආවේ කියලා. ඉතින් මේ චිත්‍රපටයේ The Many Adventures of Winnie the Pooh (1977) චිත්‍රපටයට කරලා තියෙන යොමු දැක්වීම් කිහිපයක් තමයි මේ.
 
* මතකද CR තැනකදී කියනවා, එයා තලපවලට ආස නැහැයි කියලා ටිගර් මී පැණිවලට කැමති නැහැ වගේ. 
*  අවස්ථාවක A.A. මිල්න් කියනවා මී මැස්සෝ මී පැණි හදන බව. 
*  CR සහ A.A. මිල්න් දෙන්නම වයස අවුරුදු 100ක කතාවක් යොමු දක්වනවත් මතක ඇති.
 
The Many Adventures of Winnie the Pooh (1977) 
 
තොරතුරු මූලාශ්‍රය – IMDb
 
තවත් ලිපියකින් හමුවෙමු!

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *