දැනුමටපුවත්ලාංකීයලාංකීය සිනමාවවගතුගවිචාරවීඩියෝසියල්ල

නිදහසේ පියා DS

මෑත කාලින ලාංකේය කළා නිර්මාණ ගැන සුභාවිත රසිකයෙක් වශයෙන් ඉතාම අපුල හැඟීමක් එක්ක රූපවාහිනියෙන් සිංහල සිනමාවෙන් නව පරපුරේ සිංහල ගීතයෙන් ඈත් වෙලා හිටිය කෙනෙක් විදියට ගෙවුන අවුරුදු දෙක තුනත්, ඉදිරිදී එළඹෙන කාල සීමාවත් ඉතාම බලාපොරොත්තු සහගත කාල සීමාවක් ලෙස දෑස් දල්වා හිඳිනවා. අවුරුදු ගානකට පස්සේ රුපවාහිනියෙන් ඈත් වෙලා හිටිය ප්‍රේක්ෂකයින්ව නැවත රුපවාහිනිය ලඟට ගෙනාව “කුඹියො” “සහෝදරයා” “හාරකෝටිය” වැනි ටෙලි නිර්මාණත්, නව පරපුරේ ගායකයින් විදියට කසුන් කල්හාර වගේ අය තනිවෙලා හිටිය සිංහල ගීත ලෝකෙක සනුක, කුවේණි වැනි ගීත තුලින් රිද්ම විරවර්ධන, චරිත අත්තාලගේ වැනි අයත්, ඒ පෙති තොල් පෙති වැනි ගීත සමගින් අමිල නිදහස දිසානායක වැනි නව පරපුරේ අය විසින් අපිට අහන්න ආස හිතෙන ගීත රැසක් තිලිණ කෙරුණ යුගයක් තම ගෙවුනේ. ඒ වගේම රජකතා සිනමාවට නැංවීමේ රැල්ලක් තමයි පහුගිය කාලේ පැතිරුනේ. ඉතිං ඒ රැල්ල බිඳ හෙලමින් මෑත කාලින ඉතිහාසය පදනම් කරගෙන නිර්මාණය වෙන හොඳ මට්ටමේ කළා කෘතියක් වෙයි කියල හිතන්න පුළුවන් ලාංකේය සිනමා නිර්මාණයක් ගැනයි බයිස්කෝප් මංසල තුලින් අද කියන්න හදන්නේ.

මේක විශේෂ වෙන්නේ මෑත කාලින දේශපාලනික අතීතය පාදක කරගනිමින් බිහිවෙන පලවෙනි සිනමා නිර්මාණ වීම කියන කාරණය ඔස්සේ. ජාතියේ පියා ලෙසින් සැලකෙන නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය D.S සේනානායක ශ්‍රීමතාණන්ගේ ජිවිත කතාව අලළා තමයි මේ සිනමා කෘතිය නිමැවෙන්නේ. ටයිකෝට් ඇඳපු හද්දා ගැමියෙක් වෙන සේනානායකයන්ගේ තරුණ අවධියේ පටන් ගෝල්ෆේස් පිටියේදී අශ්වයා පිටින් වැටි මියෙනතුරු සිදුවූ ඔහුගේ ජිවිතයේ වැදගත් සිදුවීම්, ලංකාවට වැදගත් සිදුවීම් ඇසුරින් නිමැවෙන මේ සිනමා කෘතියේ තරුණ DS ලෙසින් මේ වෙනකොට කුඹියොහි ජෙහාන්ගේ චරිතය තුලින් ජනප්‍රිය චරිතාංග නළු තුමිඳු දොඩන්තැන්න වගේම වැඩිමහල් DS ලෙසින් ලක්ෂ්මන් මෙන්ඩිස් මහතාත් එකතුවෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිෂ්පාදනයක් වෙන මේ සිනමා කෘතිය අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ සිංහාවලෝකනය, ස්පන්දන වගේ සිනමා නිර්මාණවල අධ්‍යක්ෂණයෙන් එකතුවෙච්ච සුනෙත් මාලිංග ලොකුහේවා විසින්. මේ වෙනකොට සියලුම වැඩ නිමවී ඇති මේ නිර්මාණය පසුගිය දවසකදී, D.S සේනානායක මහතාගේ පරපුරේ වත්මනේ ජිවත් වෙන රුක්මන් සේනානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රමුඛ පිරිසට පෞද්ගලික දර්ශන වාරයක් පෙන්වල තියෙනව. ඉතිං ඒ වෙලාවේදී ඒ පිරිස ඉතාම යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනව කියලයි සඳහන් වෙන්නේ.

සිනමා නිර්මාණය නැරඹීමෙන් අනතුරුව D.S සේනානායක මහතාගේ මි මුනුබුරෙකු වන වසන්ත සේනානායක මහතා කියල තියනව මේ ෆිල්ම් එක මිට සෑහෙන කාලෙකට කලින් හැදෙන්න තිබ්බ එකක් වගේම ඒ අයුරින්ම සේනානායක මහතාව යලි ජීවමාන කරලා තියෙනව කියල. ඇත්තටම හොලිවුඩ් සිනමාව ඒබ්‍රහම් ලින්කන් වැනි චරිතත්, බොලිවුඩය ගාන්ධි චරිතයත් සිනමාවට නගල බොහෝ කාලයක් ගියාට පස්සේ රජ කතා පස්සෙම හති වැටෙනකම් දුවමින් හිටිය ලාංකේය සිනමාකරුවන් පමාවී හෝ මෙවැනි නිර්මාණයක් කිරීමට පෙළඹීම ගැන රසිකයින් විදියට මේ සඳහා දායක වෙච්ච හැම කෙනෙක්ටම ස්තුතිය පුදකරන්න ඕන අපි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත, සමන්ත පෙරේරාගේ සංගීතයෙන් හැඩවුන, අමරසිරි පිරිස් මහතාගේ හඬින් ගැයෙන මෙහි එන ගීතයක්, පසුගිය 70 වෙනි නිදහස් දින සැමරුම දවසේ අන්තර්ජාලයට නිකුත් කෙරුනා. ඒ ගීතය තමයි ලිපියට ඉහලින් තියෙන්නේ. ඒ ගීතය බැලුවම ඔයාලට තේරේවි බොහොම අපුරුවට ඒ චරිත ජීවමාන කරන්න දල තියෙන උත්සාහය වගේම අතීත පරිසරය ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කරන කාර්යය ඉතාම ඉහලින් සිදුකරලා තියෙනව කියල.

තවම මේ සිනමාපටය නිකුත් වෙන දිනයක් සඳහන් නොවුනත් මේ වසරේදී සිනමාහල් වලින් දැකගන්න ලැබෙයි කියල තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතිං මෙහි එන චරිත සහ සිනමා නිර්මාණය සඳහා දායක වෙච්ච පිරිස ගැන සඳහන් කරමින්ද, ඔබත් මාත් නිතිපතා මතකයට නැගිය යුතු නිදහස් අධ්‍යාපනයේ පියා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මැතිතුමා වැනි අය ගැනත්, නිදහස් අධ්‍යාපන පණත සම්මතකර මුහුණදුන් ඊළඟ මැතිවරණයෙන් ජනතාව විසින් එතුමාව ගෙදර යවපු ආකාරය වගේම ඒ පණත සම්මත කරගන්න එතුමන් මහන්සි වූ ආකාරය වැනි ඉතිහාසයේ බොහොම අමිහිරි දේවල් වර්තමාන මිනිසුන්ට, අනාගතයෙ ඉපදෙන්න ඉන්න මිනිසුන්ට දැකගැනීමට ලැබෙන ආකාරයට සිනමාවට නගල වැටි තිබෙන වලෙන් ගොඩට ඇවිලා හොඳ නිර්මාණ තුලින් නැවතත් ලාංකේය සිනමා රසිකයා සිනමාහල් කරා ඇදී එන යුගයක් බිහි කිරීමට නිර්මාණ කරුවන්ට හැකිවේවායි ප්‍රර්ථනා කරමින් නැවතත් බයිස්කෝප් මංසල තුලින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්, ජය!

රංගනය :
තරුණ D.S සේනානායක – තුමිඳු දොඩන්තැන්න
D.S සේනානායක – ලක්ෂ්මන් මෙන්ඩිස්
තරුණ මොලී දුනුවිල (D.S ආර්‍යාව ) – තිසුරි යුවනිකා
මොලී දුනුවිල (D.S ආර්‍යාව ) – සුසන්තා චන්ද්‍රමාලි
ඔලිවර් ගුණතිලක – රිචඩ් මානමුදලි
ඩඩ්ලි සේනානායක – කමල් දේශප්‍රිය
පොන්නම්බලම් රාමනාදන් – සෝමසිරි අලකොලාංග
ජේ.ආර් ජයවර්ධන – උදිත් අබේරත්න
ඩි.ආර් විජයවර්ධන – එරංග ජීවන්ත
සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර – සුජීව දිසානායක
ඊ ඒ පෙරේරා – ජනක් ප්‍රේමලාල්
එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක – සාරංග දිසාසේකර
ජෝන් කොතලාවල – සජීව රාජපුත්‍ර
බාරොන් ජයතිලක – බුද්ධදාස විතානාච්චි
D.S සේනානායකගේ මව – නයනා හෙට්ට්යාරච්චි
D.S සේනානායකගේ පියා – ජී ආර් පෙරේරා
ඇෆ් ආර් සේනානායක – පාලිත සිල්වා

අධ්‍යක්ෂණය : සුනෙත් මාලිංග ලොකුහේවා.
නිෂ්පාදන උපදේශනය: සමන් වීරමන්.
නිෂ්පාදනය: ආචාර්ය විජේදාස රාජපක්ෂ, මොහාන් දිල්මන් ජයරත්න, චන්න විකුම් හෙට්ටියාරච්චි, සස්ත්‍රීය රාජපුත්‍ර වීරසිංහ, කිත්සිරි ඇතුලත්මුදලි සහ ක්ලැරන්ස් කුමාරගේ.
විධායක නිෂ්පාදන: නිරෝෂන් පාදුක්ක.
සම නිෂ්පාදනය: ශ්‍යාමලී ලියනගේ, පද්මසිරි රණවකආරච්චි සහ ශ්‍රීනිමල් කත්‍රිආරච්චි.
ගායනය: අමරසිරි පිරිස් සහ සමන්ත පෙරේරා.
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය: සමන්ත පෙරේරා.
නිසල චායාරුප අධ්‍යක්ෂණය: චන්දන ජයසිංහ.
සංස්කරණය: ශාන් අල්විස්.
වර්ණ සංයෝජනය සහ ශබ්ධ සංස්කරණය : ප්‍රවීන් ජයරත්න.
සහය අධ්‍යක්ෂණය: උදය ප්‍රසන්න.
නිෂ්පාදන කළමනාකරණය: ඉරෝෂන ගයාන් වීරකෝන්.
කළා අධ්‍යක්ෂණය: ධම්මික හේවාදුවත්ත.
ඇඳුම් නිර්මාණය: අකයම්බෝධ පියතිස්ස.
හැඩ ගැන්වීම: තාරක අධිකාරි.
නිසල චායාරුපකරණය : මෙවන් ලියනගේ.
VFX: චතුර වීරමන් සහ කණ්ඩායම/ චමින්ද ජයවර්ධන.

Author

3 thoughts on “නිදහසේ පියා DS

  • සුනෙත් මාලිංග ලොකුහේවා. ඔබට සුභ පැතුම්!!

    Reply
  • හොඳ සවිස්තරාත්මක ලිපියක්. බොහොම ස්තුතියි අශාන් අයියේ, අපිව මේ ගැන දැනුවත් කළා⁣ට… ⁣

    Reply
  • කාලෙකින් අපේ දෙයක් ගැන පෝස්ට් එකක් වැටිලා තියෙන්නෙ.
    වටින දේවල් කල එලි බහින්න ටික කාලයක් ගත වෙනවා. එහෙම වෙලා හරි ඒවා එළියට එන එකම ලොකු දෙයක්.
    #ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *