දැනුමටපුවත්වගතුගවිවිධසියල්ල

“ඇනිමේෂන් ලොව ජයගත් ශ්‍රී ලාංකිකයා: ලක්ෂික උඩකන්දගේ” | Lakshika Udakandage

ලෝක ප්‍රසිද්ධ DreamWorks Animation ආයතනය විසින් වාර්ෂිකව ලබා දෙන Ingenuity Award සම්මානය මෙවර ජයග්‍රහණය කළේ ශ්‍රී ලාංකිකයෙක් වෙන ලක්ෂික උඩකන්දගේ විසින්. ඔහු මේ වන විට DreamWorks Animation ආයතනයේ Technical Director කෙනෙක් විදියට වැඩ කරනවා.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් Computational Physics සම්බන්ධව BSc එක ලබා ගන්නා ලක්ෂික, MSc එක ලබා ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ The Ohio State University එකෙන්. ඒ Digital Animation සම්බන්ධයෙන්.‍

2017 දී Freelance FX/Simulation Artist කෙනෙක් ලෙස Ohio Film Group එකෙත්,
‍2017-2018 දී Digital Media Designer කෙනෙක් ලෙස The Ohio State University එකෙත්,
‍2018-2019 දී FX Discipline Technical Director කෙනෙක් ලෙස MPC එකෙත්,
‍2019-2020 දී Digital Media Designer කෙනෙක් ලෙස
The Ohio State University එකෙත්,
‍තම අත්දැකීම් වැඩි කරගත් ලක්ෂික 2020 ජනවාරි වල DreamWorks Animation එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ Technical Director කෙනෙක් විදියට.

MPC එකේ ඉන්න කාලේ ලක්ෂික,

යන ෆිල්ම්ස්වලට දායක වෙලා තියෙනවා.

DreamWorks Animation එකේ ඉන්න කාලේ ලක්ෂික,

යන ෆිල්ම්ස්වලට දායක වෙලා තියෙනවා.

2018 දී ලක්ෂික විසින් අධ්‍යක්ෂණය කරන Sentience ඇනිමේෂන් ශෝට් ස්ටෝරි එක ලොව පුරා ඉතා ජනප්‍රිය වෙනවා.
ඒ වෙනුවෙන් ලක්ෂික,

  • GLOBAL SHORTS, LOS ANGELES, 2018
  • Honourable Mention – March [Winner]
  • LOS ANGELES INDEPENDENT FILM FESTIVAL AWARDS, 2018
  • LAIFF February Award – Best Animation [Winner]
  • TOP SHORTS FILM FESTIVAL, 2018
  • April Award – Best Visual Effects [Winner]

යන සම්මානයන්ට පවා පාත්‍ර වෙනවා.

– විකුම් හර්ෂණ –
Vikum Harshana

Author

One thought on ““ඇනිමේෂන් ලොව ජයගත් ශ්‍රී ලාංකිකයා: ලක්ෂික උඩකන්දගේ” | Lakshika Udakandage

  • පට්ට වැඩ්ඩෙක් නේද…ආසම කුන්ෆු පැන්ඩා එකටත් දායක වෙලා තියෙනවා – Mayya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *