දැනුමටවගතුගවිවිධසියල්ල

කිසිදා හමු නොවුණු ධ්‍රැව මිතුරෝ… | Polar Bears & Penguins

හිම ආශ්‍රිත ප්‍රදේශවල වාසය කරන සත්වයින් කවුද කියලා ඇහුවොත් ගොඩක් අය දෙන උත්තර දෙකක් තමයි පෙන්ගුයින් සහ හිම වලසා කියන්නේ.

“මේ දෙන්නා කවදාවත් එක ප්‍රදේශයක් වාසය කරලා නැහැ” කිව්වොත් සමහරු විශ්වාස කරන එකක් නැහැ.

ඒත් ඒ කතාව ඇත්ත. පෙන්ගුයින් සහ හිම වලසා කවදාවත් හමු වෙලා නැහැ. හමුවෙන්න විදියකුත් නැහැ.

තව සමහරු හිතන් ඉන්න කාරණයක් තමයි හිම වලසුන්ගේ ප්‍රධාන ආහාරයක් තමයි පෙන්ගුයින් කියන එක. එකත් හුදු මිත්‍යාවක් විතරයි.

මේ ඒ ගැන සටහනක්…

  • ‍හිම වලසුන් ජීවත් වෙන්නේ ආක්ටික්වල. ඒ කියන්නේ උත්තර ධ්‍රැවයේ.
  • පෙන්ගුයින් ජීවත් වෙන්නේ ඇන්ටාර්ක්ටික්වල. ඒ කියන්නේ දක්ෂිණ ධ්‍රැවයේ.

උත්තර ධ්‍රැවයට ඉංග්‍රීසියෙන් කියන්නේ Arctic කියලා. ඒක හැදුනේ වලසා ට ග්‍රීක භාෂාවෙන් කියන arktikos කියන වචනයෙන්.

“රාත්‍රී අහසේ කුඩා වලසා සහ මහා වලසා කියන තාරකා රාශි දෙක පෙනෙන ප්‍රදේශය” නිසා Arctic කියන වචනය හැදුණා කියන විශ්වාසයට වඩා “(හිම) වලසුන් ජීවත් වෙන ප්‍රදේශය” නිසා Arctic හැදුණා විශ්වාසයයි ලෝකයේ වැඩිපුරම විශ්වාස කරන්නේ.

දක්ෂිණ ධ්‍රැවයට ඉංග්‍රීසියෙන් කියන්නේ Antarctic කියලා.
ඒක හැදුනේ “ආක්ටික් වලට විරුද්ධ” ග්‍රීක භාෂාවෙන් කියන antarktikos කියන වචනයෙන්.

ආක්ටික් මුලින්ම ගවේෂණය කළේ ක්‍රි.පූ.325 දී ග්‍රීක ජාතිකයින් විසින් බවට යම් යම් ප්‍රවාද තියෙනවා.

එහෙත් 1909 දී දේශ ගවේෂකයින් දෙදෙනෙක් වෙන Frederick A. Cook සහ Robert E. Peary වෙන වෙනම ප්‍රකාශ කළා එයා තමයි මුලින්ම ආක්ටික් ගවේෂණය කලේ කියලා. ඒ දෙන්නගෙන් කවුද පළවෙනියා කියන එක තවමත් නිශ්චිත නැහැ.

ඇන්ටාර්ක්ටික් මුලින්ම ගවේෂණය කළේ ක්‍රි.ව.1300 දී පමණ පොලිනීසියානුවරු විසින් බවට යම් යම් ප්‍රවාද තියෙනවා.
එහෙත් 1821 දී දේශ ගවේෂක John Davis විසින් තමයි මුලින්ම ආක්ටික් ගවේෂණය කලේ කියලයි ගොඩක් අය පිළිගන්නේ.

තව එකක්…

හිම වලසුන් පෙන්ගුයින්ලා නෙමෙයි කන්නේ, එයාලා කන්නේ සීල් මත්ස්‍යයින්ව.

– විකුම් හර්ෂණ –

මෙවැනි තව රසවත් තොරතුරු දැනගන්න අපේ මව් අඩවියෙන් සිංහල උපසිරස ලබා දී තිබෙන Frozen Planet කත‍ා මාලාව නරඹන්න.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *