ඉංග්‍රීසිටීවී කතා මාලාදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ල

Popeye හෙවත් සමුද්‍ර යාත්‍රිකයා | Popeye the Sailor Man

අපේ රටෙත් ජනප්‍රිය කාටූන් චරිතයක් වූ පොපායි ගැනයි මේ..

බිහිවීම

1919 වසරෙදි තමයි Elzie Segar අතින් පොපායි චරිතය මුලින්ම බිහිවෙන්නේ. මේ චරිතය සදහා පාදක වෙලා තියෙන්නෙ Frank “Rocky” Fiegel කියන සැබෑ පුද්ගලයා කියලා තමා සැලකෙන්නේ, මොහු ජීවත් වෙලා තියෙන්නේ මෙම කාටූනය නිර්මාණය කල නිර්මාණශිල්පියා වන Elzie Segar විසූ ගම් ප්‍රදේශය තුලයි.

Frank “Rocky” Fiegel උපත ලබන්නේ 1868 මාර්තු 24 වෙනිදා Chester වලදීයි. නමුත් ගමේ දන්න හදුනන අය ඔහු හදුන්වලා තියෙන්නේ “Rocky”, කියන සුරතල් නාමයෙන්. ෆ්‍රෑන්ක් කැපීපෙනෙන හනුවක් තිබුණු කටේ දත් රහිත , එක ඇහැක් විතරක් පෙණුන නිතරම පයිපෙන් දුම් බොන , අතින් පයින් ගහගන්න වලි වලට පැටලෙන කෙනෙක් විදියටයි ගැමියන් අතර ප්‍රකට වුණේ. මේ කෝළහාල නිසාම ඔහුගේ ඇසක ආබාධයකුත් සිදුවෙලා තියෙනවා. ඒ ඇසුරෙන් තමයි Popeye නම නිර්මාණය වෙලා තියෙන්නෙත් Pop + eye = Popeye

හැබැයි මේ පුද්ගලයා ලමයින්ට හරි කාරුණික චරිතයක්ලු. හැන්දෑවට ඔවුන් එකතුකරගෙන තරුණ කාලේ කතන්දර කියාදෙන්න ෆ්‍රෑන්ක් ඉතාම ප්‍රියකළ බව සඳහන්. පොපායි චරිතයට පාදක වූ මේ කියන ෆ්‍රෑන්ක් 1947 මාර්තු 24 මියගොස් තිබෙනවා. එවකට සේගර් අතින් පොපායියි චරිතය බිහිව තිබුණත් ලොකු ප්‍රසිද්ධියක් ඊට හිමිව තිබුණේ නෑ, පසුකාලීනව ඒ කියන්නේ 1996 වසරෙදී වගේ ,පාපායි කාටූන් චරිතයක් ලෙස ප්‍රකට වීමෙන් පසු ෆ්‍රෑන්ක්ගේ සොහොන් කොතේ පාපායිගේ රුව පවා කොටනු ලැබුවා. “පොපායි චරිතය සදහා ආභාශයට ගත් පුද්ගලයා” යන සදහන සමගයි.

ඒ විතරක් නෙවෙයි Segar විසූ ගම් ප්‍රදේශයේ Frank ට අමතරව අපූරු චරිත කීපයක්ම ජීවත් වුණාලු, Dora Paskel කියන්නේ ගමේ තිබ්බ කඩය අයිති තැනැත්තිය, ඇය අසාමාන්‍යව උස, කෙසග සිරුරක් සහිත තැනැත්තියක්, කොන්ඩය ඉතාම බුරුලට බෙල්ලට උඩින් බන් එකක් ලෙස බැදගෙන සිටීම ඇගේ තවත් ලක්ශණයක්, මේ චරිතය ඇසුරෙන් තමයි Popeye හි Olive Oyl චරිතය ගොඩනැගිලා තිබෙන්නේ. J William Schuchert කියන්නේ Segar ගේ ගමේ සිනමාහල අයිති තැනැත්තා, ඔහු හැම්බර්ගර් කන්න ඉතාම කෑදර පුද්ගලයෙක් වුණා, එසේම ඔහු Segar ගේ මිතුරෙක්ද වුණා, ඒ චරිතය අනුසාරයෙන් Popeyeහි J. Wellington Wimpy චරිතය බිහිවුනා යැයි සැලකෙනවා.
එසේම සෙගර්ට හිටපු ලොක්කන්ගේ චරිත ලක්ශණත් මේ චරිතය ගොඩනැගීමේදී භාවිතා කල බව සැලකෙනවා.

Popeye කටූනය ගැන පොඩි සදහනක්.
➖➖➖➖➖➖➖➖➖➖➖

පොපායි කියන්නේ නැවියෙක් , මංශපේශී අසාමාන්‍යව වර්ධනය වූ , එකක් ඇහැක් තිබ්බ, දත් නොතිබ්බ, නිතරම පයිප්ප උරන චරිතයක්! පාපායි නිතරම වලි වලට පැටලෙනවා. විශේෂයෙන් අතේ තමා මෙයාගේ ශක්තිය රැදිලා තිබ්බේ. හැබැයි ඒ ශක්තිය ලැබෙන්නේ Spinach, නැත්නම් ටින් කල නිවිති අඩංගු කෑන් ආහාරයට ගැනීමෙන්.

කලින් කිව්වා වගේ Elzie Crisler Segar තමා මේ මනකල්පිත චරිතේ නිර්මාණය කරන්නේ . මුලින්ම මේ චරිතය දැකගන්න ලැබෙන්නේ කොමික් එකක් විදියට The daily King පුවත්පතේ , Thimble Theatre කොලම තුළින්. 1929 වසරේ ජනවාරී 17 වෙන්ද ඉදන් මේ කාටූන් එක අදාල පුවත්පතේ පලවෙනවා.

හාස්‍ය සමග වික්‍රමාන්විත බව එක්වුණ මේ කාටූනය වේගයෙන් ජනප්‍රිය වෙනවා , 1930 වෙද්දී අදාල පුවතපතේම තිබ්බ ජනප්‍රියම අංගය වෙන්නෙ මේ පොපායි කාටූනය.ඒ ඔස්සේ පසුව මෙය සිනමා කාටූනයක් සහ ටෙලිවිශන් කාටූනයක් ලෙස රසිකයන් අතරට එනවා. 1933, Max Fleischer ඒ කාටූනය යොදාගෙන කෙටි සිනමා කාටූන් මාලාවක් හදනවා , ඒ Paramount Pictures දායකත්වය ලබාගෙන, මේ වෙද්දි නම් පොපායි චරිතයේ අයිතිය තියෙන්නේ Turner Entertainment එකට එහි බෙදාහැරීමේ අයිතිය සහෝදර සමාගමක් වන Warner Bros. සතුයි.

Popeye තුලින් පසුව ටෙලිවිශන් කාටූන් වැඩි වශයෙන් බිහිවුණා.වීඩියෝ ගේම් එහෙමත් හැදුණා , ඒ විතරක් නෙවෙයි පොපායි එකල දැන්වීම් කලාවෙත් ප්‍රකට චරිතයක් වුණා, නිවිති ,රකැවිලි ඉදන් සිගරට් වෙනකන්ම ඒ දැන්වීම් අතර තිබුණා , අපි දන්න ටෙලිවිශන් කාටූන් මාලාව ඇරඹුනේ 1960 ඉදන්, Popeye the Sailor, කියලයි එය හැදිවූයේ. 1980 වසරේ මේ අශ්‍රයෙන් සිනමාපටයක් නිර්මාණය වුණා.

මේ චරිතයෙන් නැවත මෑතක ලයිව් ඇක්ශන් සිනමාපටය හැදෙන කතාවක් තිබ්බා . එයට ඩ්වෙන් ජොන්සන් දායක වන බවකුත්… ඒත් මේ වෙද්දි නම් ඒ ගැන තොරතුරක් නෑ .

Popeye 1980 සිනමාපටය

1980 Robert Altman විසින් මේ චරිතය යොදාගෙන ලයිව් ඇක්ශන් සිනමාපටයක් නිර්මාණය කලා. ප්‍රකට නලු රොබින් විලියම්ස් තමා මෙහි පොපායි චරිතය නිරූපණය කලේ ,

සමාජමය බලපෑම
➖➖➖➖➖➖➖➖➖➖➖
අද වෙද්දී පොපායි චරිතය ජනප්‍රිය pop culture icon එකක් විදියටත් ප්‍රකට වෙලා තියනවා . පපායි චරිතය ලමයි උදෙසා බිහිවූවක් නොවුනත් පොපායිගේ නිවිති කෑමේ ලක්ෂණය නම් ලමයින්ට ලොකු බලපෑමක් වුණා. මහා ආර්ථික අවපාතයෙන් ඇමරිකාව පීඩා වින්ද සමයේ නිවිති පරිභෝජනය 33%කින් ඉහල ගොස් තිබෙනවා. එයට හේතුව වන්නේ පොපායි චරිතය එම සමයේ ලගාකරගෙන සිටි අසාමාන්‍ය ජනප්‍රියත්වයයි.

ඒ විතරක් නෙවෙයි ඒ සමයේ ඇමරිකානු ලමුන්ගේ ප්‍රියතම ආහාර ලැයිස්තුවේ තෙවන තැන හෙබවීමට නිවිති සමත් වන්නේ පොපායිට පින්සිදු වෙන්නටයි. ඒ ආහාර අතර පලමු ස්තානය කලුකුම් මස් සහ දෙවන ස්තානය අයිස්ක්‍රීම් හෙබවූවා. නමුත් ඉතිං නිවිති කෑම සහ මාංශපේශී සීඝ්‍රව වර්ධනය වීම අතර නම් විද්‍යාත්මකව සබදියාවක් නෑ.

නමුත් 1870 වසරේ පලවූ මෙඩිකල් ජර්නල් එකක තිබූ වාර්තාවක් නිසා මේ මතය එකල සමාජ ගතව තිබුණා. එකල සැබෑ නිවිති වලට වඩා දසගුණක් වැඩියෙන් යකඩ නිවිතිවල අඩංගු බව අදාල වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතිං මේක ඇත්තටම විද්‍යාත්මක අත්වැරදීමක්. ඒ වගේම තමාගෙම කියලා පිලිමයක් ලැබුණ පලමු කාටූනය පොපායි ලෙසත් සැලකෙනවා.

වර්ණවත් පාපායි පිලිරුවක් 1937 දි ටෙක්සාස් ක්‍රිස්ටල් සිටිවල නිර්මාණය වී තිබෙනවා. මේකටත් ප්‍රබලම හේතුව වුණේ නිවිති. ඒ පොපායි සැමරුමකට වඩා ප්‍රදේශයේ නිවිති වගාව දියුණු කිරීමට දිරිමත් කිරීමක් ලෙසයි මේ පිලිරුව ඉදිවූයේ. 1929 වසරේ Thimble Theatre කොමික් කොලමේ පාපායි මුලින් ප්‍රකාශයට පත්වෙද්දී පොපායි එහි ප්‍රදාන චරිතය වුනේ නෑ. නිකං සහය චරිතයක් ලෙසයි නිර්මාණය වුනේ , සේගර්ගේ කතාව ගොඩනැගුවේ Olive Oyl සහ ඇගේ පවුල වටායි, ඒ අතර ඇගේ සොයුරු Castor Oyl සිටියා.

නමුත් පොපායි චරිතය කතාවට හදුන්වාදීම සමග සියල්ල වෙනස් වුණා. ඔහු ජනප්‍රියම චරිතය බවට පත්වුණා. ඒ නිසාම ප්‍රකාශකයන් සහ ජනතාවගෙන් පොපායි ප්‍රදාන චරිතය කිරීමට සේගර්ට පීඩනයක් එල්ල වුණා. 2004 වසරේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල කොළපාටින් වර්ණ ගැන්වෙනවා., ඒ පාපායිගේ 75 වන උපන්දින සැමරුම වෙනුවෙනුයි.

1935 ඉදන් වසර 40ක් පුරාවට පාපායිට හඩ සැපයුවේ Jack Mercer විසින් , ඔහු මේ සමය අතර Margie Hynes සමග විවාහ වෙනවා. ඒ කියන්නේ පොපායි කාටූනය Olive Oyl ට හඩකැවූ ශිල්පිණිය සමගයි.

භාෂාවට එක්වූ නව වචනය Wimp
➖➖➖➖➖➖➖➖➖➖➖ 

තවත් ගොඩක් දෙනෙක් නොදන්න කතාවක් , ඉංග්‍රීසි භාශාවට “wimp” වචනය ලබාදෙන්නෙත් පොපායි කාටූනය විසින් Segar විසින් හදුන්වාදුන් බියගුලු, මහත දෙහෙත හම්බර්ගර් කන්න පෙරේත චරිතය වුණ J. Wellington Wimpy, මේ නමින් තමා wimp වචනය බිදී ආ බව සැලකෙන්නේ.

ඒ විතරක් නෙවෙයි පසුකාලීනව “a wimp” යෙදුම වගේම Wimpy’s නම් ප්‍රකට අවන්හල් මාලාව ඇරඹෙන්නේද මේ වදන යොදා ගනිමිනුයි. මේ සිදුවීම් එක්ක #wimp වචනය ඇමරිකානු ශබ්දකෝශයට එකතුව තිබෙනවා.

#PDSSD

Author

One thought on “Popeye හෙවත් සමුද්‍ර යාත්‍රිකයා | Popeye the Sailor Man

Leave a Reply

Your email address will not be published. Required fields are marked *