ඉංග්‍රීසිචිත්‍රපටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

මැක්සිමස්ගේ උත්තරීතර සිහිනය | Gladiator (2000): The Ultimate Dream of Maximus

Gladiator චිත්‍රපටියේ දී අපිට මුණගැහෙන මැක්සිමස්ගේ Ultimate Dream එක තමයි මේ පහළ ෆොටෝ එකේ තියෙන්නේ.

මෙතෙක් සිනමා ඉතිහාසයේ බිහිවුණු වීරයින් අතරින් හොඳම කෙනා විදිහට මම තෝරන්නේ මැක්සිමස්. චිත්‍රපටියකින් වීරයෙක් බිහි කරනවා කියන එක හරි ලේසි වැඩක්. ඒත් ඒ වීරයා මිනිස්සුන්ගේ හිත්වල පැල කරන එක ලේසි වැඩක් නෙවෙයි.

Gladiator චිත්‍රපටිය හදපු Ridley Scott විසින් මැක්සිමස් හරහා අන්න ඒ අමාරු වැඩේ කළා. චිත්‍රපටියක වීරයා මැරෙනවා කියන ක්ලයිමැක්ස් එකේ දී තරමක හරි සතුටක් දැනුණු එක අවස්ථාවක් Gladiator චිත්‍රපටියේ දී අපිට අහු වෙනවා.

මේ ලෝකයේ නෙවෙයි නම්, තමන්ගේ ආදරණීයයින් ඉන්න වෙන ලෝකයකට ගිහින් හරි මේ විදිහට අත් අල්ලන් ඇවිදගෙන යන එක තමයි මැක්සිමස්ගේ හීනය වුනේ. තමන්ගේ ඒ හීනය ගැන මැක්සිමස් කියන්නේ චිත්‍රපටිය පටන් ගන්න තැනදීමයි. ඒත් කොහේවත් නැති බල අරගලයක් ඇතුළට මැක්සිමස්ගේ නම ඇතුළත් වීමෙන් පස්සේ හැම දෙයක්ම වෙනස් වෙනවා.

මැක්සිමස්ගේ දරුවා සහ බිරිඳගේ ඝාතනය තමයි මැක්සිමස් කියන ජනතාවගේ වීරයා බිහි කරන පළවෙනි තැන. හැබැයි ඒ වීරත්වය මිනිස්සුන්ගේ හදවතේ පැළ වෙන්නේ Russell Croweගේ රංගනය විතරක් නිසාම විතරක් නම් නෙවෙයි.

චිත්‍රපටියක BGM එක මොන තරම් Effective විදිහා පාවිච්චි කරන්න පුළුවන් ද කියන එකට Gladiator හොඳ උදාහරණයක්. මම හිතන විදිහට Hans zimmerගේ මියුසික් තමයි මේ කතාවේ කශේරුකාව. ඒ කශේරුකාව නොවෙන්න Gladiator කියන්නේ තවත් එක වීර චිත්‍රපටියක් විතරක් වෙන්න උනත් තිබුණා. මැක්සිමස් කියන වීරයා බිහි වෙන්නේ සහ මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ පැල වෙන්නේ Zimmerගේ සංගීතයත් එක්ක.

වීරයෙක් මැරුනට පස්සෙත් වීරත්වයට පණදෙන්න සංගීතයට පුළුවන්!

Author

One thought on “මැක්සිමස්ගේ උත්තරීතර සිහිනය | Gladiator (2000): The Ultimate Dream of Maximus

  • ග්ලැඩියේටර් එකේ සමහර දෙබස් කට පාඩං—– My name is Maximus Decimus Meridias, commander of the armies of the north, general of the Felix legions, loyal servant to the true emperor Marcus Aurelius, father to a murdered son, husband to a murdered wife, and I will have my vengeance, in this life or the next– කොහොමද මේ වෙලාවේ ගැම්ම……පට්ට දෙබස් ටිකක් තිබ්බේ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *