ටීවී කතා මාලාදැනුමටවිචාරසියල්ල

WestWorld S02 E03 පැහැදිලි කිරිම

ඔයා පසුගිය කොටස් 3 ආරම්භය අවධානයෙන් බැලුවානම් පේනන ඇති කතාංගයක ආරම්භය වෙනස් කරලා තියෙනවා.මුලින් පසුගිය කතාසමයේ කොටස් පෙන්වලා ඉන්පසුව නාමාවලියට කලිං අදාල කොටසේ පොඩි කොටසක් පෙන්වනවා.

පසුගිය කොටසේ උනේ Virtù e Fortuna මේ තියෙන්නේ ඉතාලියානු භාෂාවෙන්. මෙහි Virtù අර්ථය තමයි නායකයෙක් ලෙස සෘජු තීරන ගැනිම.Fortuna තුලින් අර්ථගන්වනනේ අහඹු ලෙස සිදුවන අවාසිදායක සිදුවිම්.විශ්වසනිය තොරතුරක් ලෙස දැනට හොයාගන්න ලැබුනේ ඒ ගැන එච්චරයි.


1.The Raj

පසුගිය කොටසේදි අපිට දකින්න ලැබුනු අලුත් උද්‍යානයේ නම තමයි The Raj දැනට ඩෙලොස් සමාගම සතුව තියෙන උද්‍යාන 6න් 3ක් අපි දන්නවා.සමහර විට මේ කතා සමයේදි අනෙක් උද්‍යාන 3 අපට විවෘත නොවෙන්නත් පුළුවන්.පසුගිය කොටසේ පසුබිම් සංගිතය ගැන අවධානය යොමු කලා නම් ඔයාට දැනෙන්න ඇති WestWorld තේමා සංගිතයේම ඉන්දියානු අනුවාදනය (version) කියලා.ඒ සංගිතය උතුරු ඉන්දියානු කර්නාඨක (හරි නේද කිව්වා) සංගිතය සමාන නිසා ඔයාට ටිකක් හුරුපුරුදු ගතියක් දැනෙන්න ඇති.

හරි මේ උද්‍යානය ගැන කියනවා නම් මේක බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ තිබුනු ඉන්දියාව තමයි නිරූපනය වෙන්නේ.ඒ යුගයේදි බ්‍රිතාන්‍යයන් කල කී දෑ, ඔවුන්ගේ ඇදුම් පැලදුම්,විනෝදාංශ තමයි මෙහි අමුත්තන්ට වෙන්කරලා තියෙන්නේ.


2.ග්‍රේස්

අලුත්ම උද්‍යානයත් එක්ක අලුත්ම චරිතයකුත් කතාවට එකතු උනා.පසුගිය සතියේ WestWorld අන්තර්ජාලයේ කට්ටිය වැඩිපුරම කතා කලේ මෙයා ගැනයි. ඇත්තටම මෙයා කව්ද ?

 අනුමානයන්

  • තෙරේසාගේ දියණිය හෝ ඥාති දියණියක් – තෙරේසා සහ ග්‍රේස් ගේ මුහුනේ සමානකම් සහ එකහා සමාන අංග චලන අැති නිසා ඒ අනුමානයට හේතු වෙනවා.
  • විලියම්ගේ(Man in Black) දියණිය(එමලි) – ඇය උද්‍යානයට එන අනෙක් අමුත්තන්ට වඩා වෙනස්.ඇය හොයන්නේ ඇත්තම ඇත්ත දෙයක්.විලියම් උද්‍යානය ඇතුලේ හෙව්වේ එහෙම දෙයක්.ඒ වගේමයි ඇයගේ සටහන්පොත(07.41) අනුව ඇය උද්‍යානයට බොහෝ කලක පටන් ඇවිත් තියෙනවා හෝ එහෙම ආ කෙනෙක් සමග කිට්ටු සම්බන්ධයක් තිබිලා තියෙනවා.
  • විශේෂ අමුත්තෙක් – මේ මතය තමයි අපිට ගොඩක්ම හිතන්න පුළුවන් අනුමානය.මේ කැරැල්ල මුහුන දෙන අමුත්තෙකුගේ දුෂ්ඨිකෝනයෙන් කතාව ගෙනියන්න තමයි ග්‍රේස්ව යොදාගෙන තියෙන්නේ.නමුත් ඇය සාමාන්‍ය අමුත්තෙක් නොවෙන්න පුළුවන්.මේ හා බැදුනු අනෙක් අනුමානය තමයි ඇය එල්සි හෝ ස්ටැබ් සමග ඉදිරියේදි එකතුවෙනවා කියන එක. මොකද ගෝත්‍රිකයන්ට තමයි ‍ග්‍රේස්ව අවසානයේදි හමුවෙන්නේ. ඒ වගේමයි  එල්සිව තවම අපිට දකින්න නොලැබුනත් ඇය තවමත් ජිවත් වන බවට ප්‍ර‍බල සාක්ෂි ලැබිලා ඉවරයි.සමහරවිට එල්සි ගෝත්‍රියකන්ට එකතුවෙලා ඉන්න පුළුවන්.

 

ඊටපස්සේ ඔන්න පලවෙනි කොටසෙදි දකින්න ලැබුනු මියගිය(අක්‍රියවු) බෙංගාලි ව්‍යාග්‍ර‍ා කොහොමද එතනට ආවේ කියලා දැකගන්න පුළුවන්.සාමානයෙන් ඕනෑම රොබෝවරයෙක් තම උද්‍යාන සීමාව පසුකරන්න බෑ.එහෙම කලොත්  ස්වයංක්‍රියව ඔවුන් පුපුරා විනාශ වෙනවා. නමුත් ඔබට එම දර්ශනයෙදි දකින්න ලැබුනා කිසිදු ගැටලුවකින් තොරව එම ව්‍යාග්‍ර‍ායා සිමාව පසුකරනවා.ඒ අනුව උද්‍යාන පාලන පද්දතියේ බිදවැටුම් ආරක්ෂකය(fail safe) පවා අක්‍රිය වෙලා කියලා හිතන්න පුළුවන් .ග්‍රේස් ගෝත්‍රිකයන්ට හමුවෙනවා.


3.CRADLE

ඉන්පසුව අපි දකිනවා ඩෙලෙස් ආරක්ෂක අංශයේ සාමාජිකාවක් ඇවිත් කාල්ට කියනවා CRADLE එක කියලා එකක් ගැන.

ඔන්න තවත් අභිරහසක් මොකක්ද මේ CRADLE කියන්නේ ? මේක බොහෝවිට ස්ථානයක් කියලා තමයි අනුමාන කරන්නේ.එහෙම නැතිනම් යම් විශේෂිත උපකරනයක්.ඔයා දකින්න ඇති සිංහල උපසිරසෙදි මේ නම පරිවර්ථනය කරලා තිබුනේ නෑ.මොකද උපසිරස නිකුත්කරන විටවත් මේ පිලිබද නිවැරදි පැහැදිලි කිරිමක් අන්තර්ජාලයේ නොතිබුනු නිසා.සමහරවිට ඩොලොරස් සෙවු අවිය මේක වෙන්ත් පුළුවන්.

ඒ වගේමයි  බර්නාඩ් විසින් පිටර්ගේ සැගවුනු ගොනුව විවෘත කරාම දකින්න ලැබුනු සලකුණට (1 රූපය) සමාන තමයි ග්‍රේස්ගේ දින පොතෙත්(2 රූපය) ඇති දකින්න ලැබුනේ.වැදගත්ම කාරනේ මේ සංකේතයම තමයි ඩෙලෝස් වෙබ් අඩවියේ CRADLE එක ගැන සදහන් කරද්දි තියෙන්නේත්.(3 සහ 4 රූප).මෙහි 4 වැනි රූපයේ පෙනෙන්නේ යම් ගොඩනැගිල්ලක භූමි සැලැස්මක් වගේ.ඒ වගේමයි S02 E01 වලදි චාර්ලට් ඩෙලොස් ප්‍ර‍ධානියෙක් සමග පනිවුඩ හෝමාරුකරගනිද්දි(48.28) ඒ පරිඝනක පද්දතියෙත් තියෙන්නේ මේ සලකුණමයි.හැබැයි මේ සලකුණු සියල්ල දිහා ඔයා හොදින් බැලුවොත් පෙනේවි මේවා අතර යම් වෙනස්කම් තියෙන බව.

ඒ වගේමයි පුර්ව ප්‍ර‍චාරක පටයේ තිබුනේ මේ CRADLE එකද ?


4.චාර්ලට් බර්නාඩ්ගේ රහස දන්නවද ?

කාල් ඇතුලු ආරක්ෂක කන්ඩායම චාර්ලට්ව මුනගැසුනු අවස්ථාවේ ඇය බර්නාඩ්ට කතා කරන ආකාරයත් ඇයගේ මුහුනේ ඉරියව් දිහා බැලුවමත් අනුමාන කරන්නන පුළුවන් ඇය බර්නාඩ් රොබෝවරයෙක් බව දන්නවා කියලා.ඒ වගේමයි පලමු ‍කතාංගයේදි ඔබට මතක ඇති චාර්ලට් කියනවා

Until they get it, we can all forget about seeing any rescue planes.එහි සරල අර්ථය තමයි පැකේජ්(පිටර් ඇබනෙති) එක ප්‍ර‍ධාන භූමියට ලැබෙන තුරු කිසිම බේරාගැනිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක නොවන බව.එතකොට සති 2කට පස්සේ මේ කාල් ඇතුලු කන්ඩායම අැවිත් තියෙන්නේ එම පැකේජය ප්‍ර‍ධාන භූමියට යවන්න චාර්ලට් හැකිවුන නිසාද ? 

නැතිනම්  සති 2කට පසුවත් උද්‍යානයේ තත්ත්වය පාලන නොවුනු නිසා බැරිම තැන ඔවුන් මේ උද්‍යානවලට ආවද ?


5.පීටර් ඇයි මේ ?

ඔයා දන්නවා පීටර් ඇබනෙතිව සයිස්මෝර් විසින් පරිඝනක ගත කලේ උද්‍යානයෙන් පිටතට යන්න.නමුත් ඒක එහෙම වෙලා නෑ.ඔහුත් අනෙක් අමුත්තන් සමග අනෙක් රොබෝවරුන්ගේ යටතට පත්වෙලා හිටියා.එතන යම් ගැටලුවක් එන්න ඇති.ඇයි පිටර් ඇබනෙති රොබෝවරයෙක් බව අනෙක් රොබෝවරුන්ට නොදැනෙන්නේ කියලා.සමහරවිට චාර්ලට් පිටර් ඇබනෙතිගේ එම ආරක්ෂක කොටස් ඉවත්කරන්න ඇති.ඒ වගේමයි ඔහු දිගින් දිගටම ගැඹුරු ඉංග්‍රිසි සාහිත්‍යමය වාකය ප්‍ර‍කාශ කරනවා.මෙයින් බොහෝමයක් ෂේක්ශ්පියර් රචනා කල කව්‍ය කොටස් අනෙක් ඒවා නවකතා කිහිපයක එන කොටස්.මේ තොරතුරු පිටර් සතුව තියෙන්නේ ඔහු මීට පෙර සිටි මහාචාර්වරයෙකුගේ චරිතයට අදාල තොරතුරු තවම ඔහුගේ පද්දතියේ තියෙන නිසයි.

මේ ගැටලුව ඇතිවෙන්නේ සයිස්මෝර්  විසින් කඩිමුඩියේම පිටර්ට එකතු කරපු සරල චරිතය නිවැරදිව ඔහු තුල ස්ථාපනය වෙලා නොතිබුන නිසයි.ඉතිං පිටර් යම් දෙයක් ගැන තොරතුරු හොයද්දි කලිං චරිතවල තිබුනු තොරුතුරු ඔහු ගන්න උත්සහ කරනවා.නමුත් පද්දතිය එය වලක්වනවනවා.මෙන්න මේ හේතුව  නිසයි ඔහුගේ දෝෂ ඇතිවුනේ.


6.ඩොලොරස්ගේ සැලසුම

ඩොලෝරස් සැලසුම උනේ ඒකාබද්ධ බලකායේ සෙබලුන් ඇමක් ලෙස යෙදාගෙන ඩෙලෝස් ආරක්ෂකයන්ව නවත්තන්නයි.

තම අරමුණ වෙනුවෙන් ජිවිත බිලිදිම එක්තරා විදිහක එකාධිපතියෙකුගේ ලක්ෂනයක්.ඇය කියනවා මේ අලුත් ලෝකයේ ජිවත් වෙන්න හැම කෙනෙකුට සුදුසුකම් නැතිබව.ඒ කියන්නේ යම් තෝරාගත් පිරිසකට පමනයි මේ අලුත් ලෝකය තුලට යන්න හැකිවන්නේ.අනෙක් සියළු දෙනාම මියයායුතුයි.

අපි දකිනවා ටෙඩි ඩොලොරස්ගේ අණට පිටුපා ඉතුරු වී සිටින ඒකබද්ද බලකා සෙබලුන්ට යන්න දෙනවා.මේක ඩොලොරස් දකිනවා.ඇය බෝහෝවිට මේ ගැන කරකිරිමකට පත්වන්න ඇති.සමහරවිට මේ නිසාම ඉදිරියේදි ටෙඩිටත් මියයන්න සිදු වෙන්න පුළුවන්. 

ඩෙලොස් අධකෂක මණ්ඩල සාමාජියෙක් එල්ලා මරා දාමා ඇති අයුරු(22.26)


7.ගෝත්‍රිකයන් කාගේ පැත්තෙද ?

මේ කොටසෙදි සයිස්මොර්ට යන්න දෙන්න බැරිව ගෝත්‍රිකයන් හෙක්ටර්ට පවසනවා.එකෙන් අපිට දැනුනේ ඔවුන් සයිස්මෝව ඝාතනය කරන්න ඉල්ලා සිටින බවක්.නමුත් ගෝත්‍රික සෙබලා සහ හෙක්ටර් අතර ගෝත්‍රික  භාෂාවෙන් සිදුවු සංවාදයට නිශ්පාදකයන් උපසිරසක් යොදා තිබුනේ නෑ.නමුත් ආරංචි වෙන හැටියට යුරෝපයේ සමහර රටවල මේ දෙබසට උපසිරසක් HBO නාලිකාව මගින් සපයලා තියෙනවා.ඊට අනුව,

හෙක්ටර් : අපෙන් ඔබලාට කරදරයක් නෑ.අපිට මෙතනින් යන්න දෙන්න

සෙබලා  : ඔබ දෙදෙනාට යන්න දෙන්න පුළුවන් නමුත් අනෙකාට(සයිස්මෝට) යන්න දෙන්න බෑ.මොකද අලුතෙන් බිහිවෙන ලෝකයේ ඔහුට ඉඩක් නෑ

එම දෙබස අනුව ඔවුන් සයිස්මෝව බේරගන්න උත්සහ කලා වෙන්න පුළුවන්.අනික තමයි දෙවන කරුනේදි කිව්වා එල්සි ස්වදේශික ගෝත්‍රිකයන්ට නායකත්වය දෙනවා ඇති කියලා.ඒක වෙන්න ඉඩක් තියෙනවා.මොකද ඇය බර්නාඩ් යටතේ වැඩකල ක්‍ර‍මලේඛිකාවක් ඉතිං ඇයට රොබෝවරන්ගේ චර්යාවන් වෙනස්කරන්න පුළුවන්කමක් ලැබෙනවා.ඒ වගේමයි මතක ඇති පලමු කොටසේදි ඩොලෝරස් වෙරලට අැවිත් ගෝත්‍රිකයන්ට වෙඩි තියෙනවා. ඒ අනුව ගෝත්‍රිකයන් මිනිසුන්ව බේරාගැනිමට එකතුවෙලා ඉන්නවා වෙන්න පුළුවන්.


8.පිය සෙනෙහස

මේව් තමන්ගේ දුව සොයා යන ගමනක ඉන්නවා.ඒ ගැන පැහැදිලි කරද්දි කිව්වා මතක ඇති මේ කතාසමයේදි දාරක සෙනෙහස ගැන මතුවෙන බවක් තියෙනවා කියලා.ඒක නැතත් තහවුරු වෙනවා ඩොලොරස් තමන්ගේ පියා විදිහට පිටර් ඇබනෙතිව හදුනා ගැනිමෙන්.ඇය හොදාකාරවම දන්නවා පිටර් කියන්නේ තවත් එක රොබෝවරයෙක් බව නමුත් ඇය තමන්ගේ පියා විදිහට සලකන්න හේතුවක් තියෙනවා.මිනිසුන් ලෙස අපි ශිෂ්ඨාචාර ගතවෙන කොට තමයි ඥාතින්,දරුවන්,මාපියන්,සහකරුවන් ලෙස සලකා ජිවත්වෙන්නේ.එක සත්ත්ව විශේෂයක් ලෙස අපේ පැවත්මට අත්‍යාවශ නෑ.නමුත් අපි සාපේක්ෂව දියුණු ජිවින් පිරිසක් නිසා එලෙස ක්‍රියා කරනවා.එයින් අපිට අනෙක් සතුන්ට වඩා සුවිශේෂි වාසි ලැබෙනවා.මෙන්න මේ නිසයි ඩොලොරස් ඒ විදිහට හැසිරුනේ.

ඩොලොරස්ට මෙතරම් දරුණු ලෙස වෙඩි වැදුනත් ඇයට ඒ ගැන අඩුම තරමේ තැකිමක්වත් තිබුනේ නෑ.කොහොමද ඒක උනේ? ඒක වෙන්න කරනා කිහිපයක් තියෙනවා.වෙඩි වැදුනම මියයා යුතුයි කියලා ඔවුන්ගේ කේතවලනේ ලියලා තියෙන්නේ.දැන් ඒ කේතවල තියෙන සිමාවන් ඉක්මවලා රොබෝවරන් ක්‍රියාකරනවානේ ඉතිං මේ කැරැල්ලට නායකත්වය දෙන ඩොලොරස්ට අනිවාර්යෙන් පුළුවන් වන්න ඔනේ ඒ සිමාවන් ඉක්මවා යන්න.අනෙක් කාරනාව තමයි ඇය යාන්ත්‍රිකයි(යකඩ) .ඉතිං අලුත් රොබෝවරුන් වගේ නෙවෙයි ඇයගේ පද්දතියට වෙඩි ප්‍ර‍හාරයකින් වෙන්න තියෙන හානිය අඩුයි.


9.බර්නාඩ් ඇයි පුදුම උනේ ?

අබනෙතිගේ සගවලා තියෙන ගෙනුව එක්වරක් පමනක් භාවිතවට ගතහැකි මුරපදයක් මගින් බර්නාඩ්ට විවෘත උනානේ.බොහෝවිට පිටර් ඇබනතිගේ විසින් කරපු දෙයක් වෙන්න පුළුවන්.නැතිනම් ෆෝඩ්ගේ සැලසුමක් වෙන්න පුළුවන්.කොහොම වෙතත් මේක දැක්කම බර්නාඩ් කලබලයටත් පුදුමයටත් පත්වෙනවා.මේ ගොනුවේ අමුත්තන්ගේ පෞද්ගලික තොරතුරුක් විතරක් තිබුනා වෙන්න බෑ.මොකද බර්නාඩ් ඒකට මෙතරම් පුදුම වෙන්නේ නෑ.මෙතන ඊට වඩා යමක් තිබිය යුතුයි.


10.Shogun World

අපි උද්‍යාන කීයක් දැන් කතාවේ දැක්කද.උද්‍යාන 3යි.නමුත් සමහර ප්‍රේක්ෂකයන් කියන විදිහට තවම අපි දැක්කේ උද්‍යාන 2යි. මොකද අවසන් දර්ශණයේදි සැමුරායිවරයෙක් දැක්කට මේව් ඇතුලු කන්ඩායම තවම ඉන්නේ Westworld තුලයි.මතක ඇති සයිස්මොර් කියනවා අනෙක් උද්‍යානට ආසන්න සිමාවේ තමයි ඉන්නේ කියලා. ඒ වගේමයි මෙව්ගේ දියණිය තවමත් ඉන්නේ පැරණි කතාව තුලයි ඒක අයිති Westworld ටයි ඉතිං ඇත්තටම ඔවුන් Shogun World සීමාව අසලින් තමයි Westworld තුල අනෙක් කොටසට යන්න උත්සහ කරන්නේ.එතකොට මේ සමුරායිවරයා ?

ඇයි ඉතිං බෙගාලි ව්‍යාග්‍රයට සීමාව පනින්න පුළුවන් නම් මෙයත් ඒ වගේ සිමාව පැනපු කෙනෙක් වෙන්න පුළුවන්.

ඔන්න සුපුරුදු මිත්‍ර‍යෝ දෙන්නව නැවත දකින්න ලැබුනා.සිල්වෙස්ටර්-අමිස්ටිස් ආදර අන්දරය නැවතත් අපිට දකින්න ලැබේවි.සිල්වෙස්ටර් අරගෙන යන්නේ තුවක්කු වෙන්න පුළුවන්.ඒ වගේම අමිස්ටිස්ට අලුත් අතකුත් ලැබිලා.


මුලාශ්‍ර‍ අන්තර්ජාලය ඇසුරෙනි

Author

8 thoughts on “WestWorld S02 E03 පැහැදිලි කිරිම

  • මරු වැඩක්

    Reply
  • ෙතෙර්සා කියන්ෙනත් ෙහාස්ට් ඒකක් ෙන්ද?

    Reply
  • නියමයි අයියෙ. ඔයා මේ කරන වැඩේ. සුපිරියි.

    Reply
  • thanks aiye jaya wewa!!

    Reply
  • aniwaryenma mehema digatama lipi denna. mekath enakam balagena hitiye. niyamay me wede. kathawa hodatama therum ganna meka loku udawwak.

    Reply
  • ඔන්න අද තමා සුපිරිම ලිපියක් තොරතුරැ ටිකක් වැටිලා තියෙන්නෙ .පහු පහු වෙනකොට කොහුකො වෙන කතා අතරෙ පහුපහු වෙනකෙට සුපිරි වෙන මෙකතාවට සබ් දුන්නට ස්තුති.ඉදිරි කතාවලදි ලිපියක අවශ්‍යතාව තදින්ම පැනනගි මොකද දැං hbo කාරයො ගහපු ගැට ලෙහෙන කොට අපෙ මොලෙට තෙරෙන්න මේවගෙ සුපිරි ලිපි ඔනි.එකට ඔයාවගෙ කතාව උනන්දුවෙන් බලන crazy fan කෙනෙක් ඉන්න එක ලොකු දෙයක්.ස්තුති අයියෙ

    Reply
  • ස්තූතියි ලිපියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *