ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

Popeye (1980) සහ මෝල්ටාවට ලැබුණු තෑග්ග | 43 Years of Popeye (1980)

Relased Date:- 1980.12.06

ලංකාවේ රූපවාහිනී චැනල් වලත් විකාශය වූ “පොපායි” කාටූනය ගොඩ දෙනෙක් නරඹා ඇති , ඒ නිසා පොපායි කියන්නේ අපේ රටෙත් ජනප්‍රිය කාටූන් චරිතයක්.

පොපායි කාටූනය පාදක කරගෙන 1980දී ඩිස්නි සිනමාපටයක් නිකුත් වුණා. මෙහි පොපායි ලෙස රොබින් විලියම්ස්ද “ඔලිව් ඔයිල්”ලෙස ශෙලී ඩ්වෙල් රංගනයෙන් දායක වුණා. විශාල විචාරක ප්‍රතිචාර නොලැබුවත්, මෙම සිනමාපටය රසිකයින් අතර ජනප්‍රිය වූණා, එසේම ආදායම් අතින්ද සාර්තක නිර්මාණයක් ලෙස සැළකිය හැකියි.

වෝල්ට් ඩිස්නි සහ පැරමවුන්ට් සිනමා සමාගම් එකතු වෙලා කරපු මේ නිර්මාණය 1980 වසරේ අද වැනි දිනෙක තිරගතව තිබෙනවා.

ඉතිරි කර ගිය තෑග්ග..

මෙම සිනමාපටය සඳහා පසුතල නිර්මාණය වෙන්නේ මෝල්ටා දූපත තුළයි. එම සම්පූර්ණ ඉදිකිරීම් සඳහා මාස හතරක් පමණ ගතවී තිබුණා. එහි අවසන් ඵලය ඉතාම දර්ශනීය යමක් වුණා, මෙම නිර්මිත ගම්මානය “පෝපායි ගම”, Sweethaven Village ලෙසත් හැදින්වුණා.

සිනමාපටයේ රූගත කිරීම් අවසානයේ නිශ්පාදක සමාගම් අදාළ දර්ශන තලය ඉවත් කිරීමට සූදානම් වෙනවා. නමුත් එය දැනගත් මෝල්ටා රජය විසින් නිෂ්පාදකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළා. ඒ අදාළ දර්ශන තළය කඩා නොදමන ලෙසයි. ඒ අනුව නිශ්පාදක සමාගම එම නිර්මිත පොපායි ගම්මානයේ දර්ශන තලය එලෙසම මෝල්ටා රාජ්‍යට තෑගී කර යනවා.

දැන්!

පොපායි සිනමාපටය තිරගතවී අවුරුදු හතලිහකට වඩා ගෙවී ගිහින්, නමුත් සිනමාපටය වෙනුවෙන්ම තැනූ එම සුවිශේෂී ගම්මානය මෝල්ටාව සතුව අදටත් පවතින දැවැන්තම කුඩා සංචාරක පුරවරයක්. දිනහත පුරා උදේ සිට සවස තෙක් විවෘත මෙහි විවිධ සංදර්ශන පැවැත්වෙනවා. ඒ හරහා අදටත් සංචාරකයන් ආකර්ශනය කරගනිමින් මෝල්ටාව මුදල් උපයා ගන්නවා.

එසේම පසුකාලීනව තවත් සිනමාපට සහ ටෙලිකතාමාලා රාශියක් සදහා මෝල්ටාව දර්ශන තලයක් ලෙස තෝරා ගැනීමටත් මෙය හේතුවුණා.

පසු සටහන :- පෝපායි වගේ නෙවේ ලංකාවේ අපිටත්, ඉන්දියානා ජෝන්ස්, ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි වැනි ශ්‍රේෂ්ඨ සම්මානනීය සිනමාපට නිර්මාණයකල දර්ශන තල තිබෙනවා. නමුත් ඉන් අපි ලබන ප්‍රයෝජනයක් තිබේද යන්න නම් සැක සහිතයි.

#PDSSD
Swarnarekha Sewwandi

Author

One thought on “Popeye (1980) සහ මෝල්ටාවට ලැබුණු තෑග්ග | 43 Years of Popeye (1980)

  • සිංහල උපසිරැසි දෙන්නකෝ මේකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *