ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පොතේ හැටියට… | The Hunger Games Characters: Book Vs. Movie

මේ දිනවල සූසන් කොලින්ස්ගේ හන්ගර් ගේම් කෘතිය පාදක කරගත් සිනමාපට මාලාවේ The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023) සිනමාපටය ලොවපුරා සාර්තකව තිරගත වෙමින් පවතිනවා.

ඩොලර් මිලියන100ක වියදමින් නිමවා ඇති මෙම සිනමාපටය මේවනවිට ලොවපුරා ඉපැයූ ආදායම ඩොලර් මිලියන 250ට ආසන්නයි. මෙම සිනමාපටය, මින්පෙර තිරගත වූ The hunger Games සිනමාපට මාලාවට පූර්ව කතාංගයක් (Prequel එකක්) ලෙස හැදින්විය හැකියි.

The Hunger Games,
The Hunger Games: Catching Fire,
The Hunger Games: Mockingjay – Part 1,
The Hunger Games: Mockingjay – Part 2,

ඉහත සිනමාපට වල කාල සීමාවට වසර 64 කට පෙර අතීතයේ සිදුවීමක් නව සිනමාපටයට පාදක වෙනවා.

“10 වැනි හන්ගර් ගේම්ස්” ක්‍රීඩා උළෙලේදී 12 ව දිස්ත්‍රික්කය නියෝජනය කරන ක්‍රීඩිකාව “ලුසී ග්‍රේ බෙයාර්ඩ්” එවකට තාරුණ්‍යයේ පසුවූ “කොරියොලනස් ස්නෝ” සමඟ ප්‍රේමයෙන් බැදීම පිළිබඳව මෙන්ම , පසුකාලීනව ඔහු අපි දන්නා පැනේම් හි කුරිරු නායකයා බවට පත්වීම දක්වා කතන්දරය මේ හරහා ප්‍රේක්ශකයන්ට බලාගැනීමට ලැබෙනවා.

මේ සිනමාපටය ගැන නොවෙයි , අදාල ග්‍රන්තයට අනුව විස්තරවන පරිදි එම චරිතවල පෙනුම සහ සිනමාපටයේ අදාළ චරිත නිරූපණය කළ නලු නිලියන්ගේ පෙනුම අතර සැසදීමකි.

#PDSSD
– Swarnarekha Sewwandi – 

 

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *