ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පීටර් ජැක්සන්ගේ King Kong හා බැඳි අතීතකාමය | 18 Years of King Kong (2005)

King Kong (2005)
Relased Date :- 2005.12.05

මේ king kong සම්බන්ධ හොදම සිනමාපටය නම් නොවෙයි, ඒත් මම මුලින්ම බලපු කිං කොන්ග් ෆිල්ම් එක ! ඒ නිසා මේ හා බැදුණු අතීතකාමයක් තියෙනවා..

මෙහි අධ්‍යක්ෂ පීටර් ජැක්සන්ගේ king kong හා බැදි අතීතකාමය ගැනයි මේ..
▪▪▪▪▪▪▪
1933 වසරේ king kong මුල් සිනමාපටය නිකුත් වෙද්දී පීටර් ජැක්සන් වයස 9ක කුඩා දරුවෙක් වෙඩි වැදී දැවැන්ත කොන්ග් එම්පයර් ගොඩනැගිල්ලෙන් පහළට වැටෙන අයුරු පීටර් බලා සිටියේ දෑසේ කදුළු පුරවගෙනලු!

ගෙදර තිබූ වයර් , රෙදි ,මවගේ ලෝම කබාය භාවිතා කරමින් කින්ග් කොන්ග් කෙනෙක් නිර්මාණය කල පීටර්, නිවසේ තිබූ කුඩා කැමරාවක් භාවිතාකරමින් එය ප්‍රතිනිර්මාණයට උත්සහ දරා තිබෙනවා. කෙසේ නමුත් ඒ ප්‍රයත්නය ඉතාම ඉක්මනින් ඔහු නවතා දැමුවා. නමුත් පීටර් ජැක්සන්ගේ ළමා වියේ ප්‍රියතම සිනමාපටය king kong 1933 බවයි පැවසෙන්නේ.

ඒ විතරක් නොවෙයි පීටර් ජැක්සන් නම් මේ විශිෂ්ඨ සිනමාකරු සිනමාවට එන්න සිහින දකින්න වුණෙත් එම මුල් සිනමාපටය නැරඹීමෙන් පසුව කියලයි සදහන් වෙන්නේ…

පසු කාලෙක පීටර් ජැක්සන් නම් මෙම අද්විතීය අධ්‍යක්ශකවරයා ලොවම හදුනා ගන්නේ ” The Lord of the Rings ” සිනමාපට මාලාව තුළිනුයි. 1995 දි king kong (1933) ප්‍රතිනිර්මාණයට පීටර් උනන්දු වූවත් එය අතරමග නතර වෙනවා. පසුව ඔහු The lord of the rings සදහා කාර්‍ය බහුල වුණා. ඒ හරහා ඔහු ලැබූ සාර්තත්වය ඔහු කැමති ඕනෑම නිර්මාණයක් සිදුකිරීමට අවශ්‍ය මූල්‍යමය හැකියාව පීටර් ජැක්සන්ට උපයා දෙනු ලැබුවා. ඒ අනුව තමයි ඔහු ඔහුගේ ප්‍රියතම නිර්මාණය වූ king kong (1933) ප්‍රතිනිර්මාණය කිරීම තෝරාගන්නේ.

ඒහි අධ්‍යක්ෂකවරයා ලෙස මෙන්ම නිශ්පාදනය, තිරපිටපත් රචනය සහ කුඩා ආරාධිත රංගනයක් සදහාත් පීටර් ජැක්සන් දායක වෙනවා. 2005 වසරේ ඊයෙ වැනි දවසක පීටර් ජැක්සන්ගේ සිහින සිනමාපටය King kong 2005 ලොවපුරා තිරගත වෙනවා. එවකට ඒ සදහා යහපත් අයහපත් විචාරක ප්‍රතිචාර දෙකම හිමිවී තිබුණා.

කෙසේ නමුත් ප්‍රේක්ශකයන් ආදරයෙන් වැලදගත් මෙම නිර්මාණය ආදායම් අතින් දැවැන්ත සර්තකත්වයක් ලබාගත්තා.ඇකඩමි සම්මාන ත්‍රිත්වයක්ද මෙම සිනමාපටය දිනාගනු ලැබුවා.

නයෝමි වොට්ස්, ජැක් බ්ලැක්, ඇන්ඩ්‍රියන් බ්‍රෝඩි වැනි නළු නිළි පිරිසක් මේ සදහා රංගන දායකත්වය ලබාදුන්නා.

#PDSSD
– Swarnarekha Sewwandi – 

King Kong (2005) සිනමාපටය සඳහා සිංහල උපසිරස ලබාගන්න මෙතැනින් පිවිසෙන්න.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *