චිත්‍රපටදැනුමටවගතුගවිවිධසියල්ල

ඇත්ත ලෝකයේ පටිගත වෙන Found Footage චිත්‍රපට | Found Footage Films

හොරර් චිත්‍රපට කියල කියන්නෙ ලෝක සිනමා රසිකයින් ඉතා ආශාවෙන් නරඹන තවත් එක් සිනමා කාණ්ඩයක්. මෙහි ලා අද වෙද්දි විවිධ ආකාරයේ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනව. ඉතිං අද මම කතා කරන්න යන්නෙ මේ හොරර් චිත්‍රපට කාණ්ඩයට පමණක් නෙවෙයි අනික් ඕනෑම චිත්‍රපට කාණ්ඩයකත් අපිට දකින්න ලැබෙන,ගොඩක් දෙනෙක් දන්න නමුත් හරිහැටි විස්තරයක් නොදන්න චිත්‍රපට කාණ්ඩයක් වන Found Footage චිත්‍රපට ගැන.

මේ Found footage ච්ත්‍රපට කාණ්ඩයට ගොඩක් වෙලාවට පාදක වෙන්නෙ මොකක් හරි පරීක්ෂණයක්, Research එකක් වගේ දෙයක්. අපි,ඒ කියන්නෙ මේ චිත්‍රපටය බලන පිරිස ඇවිල්ල මේ චිත්‍රපටයට අයත් වන කතාව නරඹන සිව්වන පාර්ශවය. ඒක තව ටිකක් විස්තර කරල කිව්වොත් මෙන්න මෙහෙමයි.

මේ චිත්‍රපට කාණ්ඩයේ සම්පූර්ණයෙන් ම ගලා යන්නෙ ” ඇත්තටම මේ ලෝකෙ මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා ” කියන කාරණය ප්‍රේක්ෂකයාට පෙන්වන ආකාරයේ කතාවක්. කැමරාව රැගෙන යන්නෙ චරිතය රඟපාන අය විසින්මයි. තවත් සරල කරොත් Vlog එකක් කරනකොට අපිම කැමරාව අරගෙන යන්නෙ, අන්න ඒ වගේ. මේ චිත්‍රපට වල කැමරා ඇස දකින්න ලැබෙන්නෙ තුන්වන පාර්ශවය විදියට. කවුරුහරි පිරිසක් විසින් කැමරාවක සටහන් කරගන්නා ලද මොකක් හරි Research එකක් වගේ දෙයක්, එහෙමත් නැත්තං අහම්බෙන් කැමරාවල පටිගත වෙච්ච දර්ශන ඇතුළත් ටේප් එකක්,අපි කොහේ හරි තිබිල හොයාගෙන ඒක නරඹනවා වගේ හැඟීමක් තමා මේ චිත්‍රපට නරඹනකොට අපිට දැනෙන්නෙ.

ඇතැම් Found footage චිත්‍රපට වල මේ ටේප් එක බලන කට්ටියව,ඒ කියන්නෙ ප්‍රේක්ෂකයො වෙන අපිවත් කවුද කියන එක චිත්‍රපටය තුළින් ම අපට ගොඩනගලා දෙනවා. කොටින් ම කිව්වොත් කලින් කිව්ව වගේ මේ footage එක හොයාගන්නෙ ” මැන්හැට්න්” පොලිස් ස්ථානයෙන් කියල ෆිල්ම් එකේ විස්තර කරනවා. එතකොට ඔයා ඇවිල්ලා මැන්හැට්න් පොලිස් නිළදාරි වරයෙක්! ඔන්න ඔය වගේ අමුතු හැඟීම් උපදවන විදියෙ චිත්‍රපට කාණ්ඩයක් තමා Found footage චිත්‍රපට කියල කියන්නෙ. මේවගේ තියෙන තාත්වික භාවය ගැන නම් මට මෙහෙම විස්තර කරන්න අමාරුයි.මම ආසම වගේම ඔයාලට අපේ වෙබ් අඩවිය ඔස්සේ සිංහල උපසිරැසි බාගත කරගන්න පුළුවන් විදියෙ found footage චිත්‍රපට කීපයක් පහළින් සඳහන් කරන්නම්. එතකොට ඔයාලට ඒ චිත්‍රපට නරඹලාම මේ ලිපියෙ හරිම රසය ගන්න පුළුවන්. ඉතින් අදට කතාව ඉවරයි. ආයෙත් මේ වගේ රසබර ආටිකල් එකක් අරගෙන ඉක්මනින් ම එන්නම්. හැමෝටම සුභ දවසක්.

ලෝකප්‍රසිද්ධ Found footage චිත්‍රපට කිහිපයක්.

1. Dashcam (2021)
2. Incantation (2022)
3. Grave Encounters (2011)
4. Grave Encounters (2012)
5. Blair witch Project (1999)
6. Paranormal Activity ( Film series)
7. Unfriended (2014)
8. Quarantine (2008)
9. The Visite (2015)

Author

One thought on “ඇත්ත ලෝකයේ පටිගත වෙන Found Footage චිත්‍රපට | Found Footage Films

Leave a Reply

Your email address will not be published. Required fields are marked *