ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

මම ආයෙත් එනවා මර්ෆ්…! | “I’m coming back.” : Interstellar

Interstellar / මම ආයෙත් එනවා මර්ෆ්…!

” I love you forever,and I’m coming back.”

ඒ කූපර් ගේ පොරොන්දුව. දරුවන්ගේ ජීවිත වල හෙවනැල්ල වෙන්න ප්‍රාර්ථනා කරන හැම දෙමාපියෙක්ම මොන විදිහේ සමු ගැනීමකදී උනත් නැවත එන බවට දරුවන්ගේ හිත් වලට බලාපොරොත්තුවක් එකතු කරලයි සමුගන්නේ. Interstellar (2014) Sinhala Subtitles

Interstellar චිත්‍රපටය මම කැමතිම එකක් වෙන්නේ නෝලන් සොහොයුරන් විසින් මේ කතාවට එකතු කරපු හැඟීම් සමුදාය නිසා. Interstellar තවත් එක විද්‍යා ප්‍රභන්දයක් නොවී, හදවතට ලඟ නිර්මාණයක් වෙන්නේ ඒ නිසා.

විද්‍යා ප්‍රභන්දයකටත් වඩා මිනිස්සුන්ගේ හැඟීම් සහ සර්වයිව් වෙන්න තියෙන නොසංසිඳෙන ආශාව ගැන කතාවක් විදිහට මට Interstellar දැනෙන්නේ. ඒ විදිහේ කතාවක් අනාගතයේ වෙන්න ඉඩ තියෙන, කන්සෙප්ට් විතරක් ගොඩනගන්න සමත් වුණු තියරි ගොඩක් උඩ සමබර කරන්න නෝලන් සමත් වෙනවා.

මර්ෆි ගේ නියමය (Murphy’s Law) ගැන චිත්‍රපටයේ දෙතුන් තැනකදීම කතාවෙනවා. Interstellar (2014) Sinhala Subtitles

“කෙලවෙන්න තියෙනවා නං වෙනවම තමයි”
( If anything can go wrong, it will)

මේ මර්ෆිගේ නියමය ටිකක් විතර සෘණාත්මක සිතුවිල්ලක් විදිහට තමයි මට දැනෙන්නේ. ඒත් Interstellar චිත්‍රපටයේදී මේ අදහසේම ධනාතම පැත්තක් ගැන කතා කරනවා. Interstellar (2014) Sinhala Subtitles

මර්ෆි එක තැනකදී කූපර් ගෙන් අහනවා ඇයි මට ඒ විදිහේ නරක තේරුමක් තියෙන නමක් දැම්මේ කියලා.එතනදී කූපර් දෙන උත්තරය මර්ෆිගේ නියමය නරක එකක් නෙවෙයි කියන එක.

” What ever can happen, will happen”

” මර්ෆීගේ නියමය කියන්නේ නරකක් වෙනවා කියලම නෙවෙයි. ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන එක. හොඳක් හෝ නරකක් වෙන්න සම්භාවිතාවයක් තියෙන බව.

මේ මර්ෆි න්‍යාය මුළු චිත්‍රපටයටම අදාල කරගන්න පුළුවන් හරි ලස්සන න්‍යායක්. තමන්ගේ ජීවිත වල ඉදිරියක් ගැන අංශුමාත්‍රික හෝ විශ්වාසයක් නැතුව අභ්‍යවකාශයට යන කූපර් සහ පිරිසට අවසානයේ ඉතිරි වෙන හොඳම සම්භාවිතාවයත් දශම ගණනක එකක් වෙන්න පුළුවන්.ඒත් මර්ෆී න්‍යාය ඇතුලේ තවමත් ඔවුන් නිරුපද්‍රිතව ජීවත් වෙනවාය කියන බලාපොරොත්තුවට තවම ඉඩ තියෙනවා කියලා නෝලන් විසින් අපිට ඉඟියක් ලබා දෙනවා. Interstellar (2014) Sinhala Subtitles

මර්ෆි සහ කූපර් අතර ඇති වෙන බැඳීම තමයි Interstellar චිත්‍රපටයේ කතාවේ කශේරුකාව. මර්ෆ් සහ කූපර් අතර ඇති වෙන බැඳීම සහ ඔවුන් දෙපළගේ ඈත් වීම බොහෝම ප්‍රභල විදිහට ඉස්මතු කරන්න නෝලන් උත්සාහ කරන්නේ මම අර කලින් කියපු ශක්තිමත් කශේරුකාවේ කතාව නිසා වෙන්න ඇති.

මර්ෆිගෙන් වෙන්වෙලා යන කූපර්ට තිබුණු ලොකුම අවශ්‍යතාවය නැවත මර්ෆ් ලඟට පුළුවන් තරම් ඉකමනට එන එක විතරයි. ඒ අවශ්‍යතාවය සහ හැඟීම් නිසා අභ්‍යවකාශ යානාව තුලදී ඇති කරගන්න මත ගැටුම් වලින් කූපර් වගේම අවුරුදු දහයක් තිස්සේ නොදැක හිටපු තමන්ගේ පෙම්වතාව දකින බලාපොරොත්තුවෙන් ඉන්න බ්‍රෑන්ඩ් ගැනත් ලොකු කණගාටුවටක් හිතට ඇති වෙනවා.

මිනිස්සු තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කරන්න සූදානම්ද,මිනිස්සු තමන්ගේ හැඟීම් වෙනුවෙන් මොන තරම් බිඳෙන සුළු බලාපොරොත්තුවල පවා එල්ලිලා ඉන්න සූදානම්ද කියලා Interstellar චිත්‍රපටය පුරාවටම අපිට නොනවත්වා පෙන්වලා දෙනවා. කූපර් සහ බ්‍රෑන්ඩ් විතරක්ම නෙවෙයි, ග්‍රහලෝකයක තනිවම අවුරුදු ගාණක් ජීවත් වෙච්ච ආචාර්ය මෑන් පවා මනුශ්‍ය හැඟීම් සහ සිතිවිලි වල මොන තරම් වෙනස් කම් සිදුවෙන්න පුළුවන් ද කියන දේ ගැන පෙන්වන හරස්කඩක් විදිහටයි මට දැනෙන්නේ. කූපර් සහ බ්‍රෑන්ඩ් අතර තිබුනේ එක්තරා විදිහක සීතල යුද්දයක්.තමන්ගේ ආදරය වෙනුවෙන් තර්ක කරන ඒ දෙදෙනාටම එකඟ වෙන්න පුළුවන් විදිහේ එක තර්කයක් මට මුණ ගැහෙනවා. Interstellar (2014) Sinhala Subtitles

“ආදරය කියන්නේ කාලය කියන සිවු වැනි මානය ඉක්මවා යන්න පුළුවන් දෙයක්”

බ්‍රෑන්ඩ් සහ කූපර් දෙපළම චිත්‍රපටය අවසානයදී තමන්ගේ ජීවිත පරදුවට තියලා දෙපැත්තකට ගමන් ගන්නේ ඒ ආදරය කියන හැඟීම කාලය කියන මානය ඉක්මවා යාවී කියන බලාපොරොත්තුවත් එක්ක.එතනදී ආයෙත් මම අර මුලින්ම සඳහන් කරපු මර්ෆි ගේ න්‍යයාය අපේ උදවුවට එනවා.

” What ever can happen will happen”

ඉතින් කළු කුහරයකට ඇදිලා යන කූපර් තමන්ට නියමිත කාර්‍යය ඉටු කලායින් පසුව ජීවිතයෙන් සමු ගත්තාද,එහෙම සමුගත්තා නම් අපි චිත්‍රපටයේ අවසානයේදී දැක්ක “කූපර් ස්ටේස්ශන්” එක කූපර් ගේ හීනයක් විතරමද. එහෙම නැත්තං දෙයක් වෙන්න තියෙනවා නං වෙනවාමයි කියලා හිතලා කූපර් ඇත්තටම ජීවිතය බේර ගත්තාය කියලා හිත හදාගැනීම ප්‍රේක්ශකයාට භාරයි.

මම පෞද්ගලිකව කැමති දුක හිතෙන අවසානයන් වලට,ඒ නිසා මම කැමතියි හිතන්න කූපර් අවසාන වතාවට තමන්ගේ දියණියට දුන්නු පොරොන්දුව ඉටු කරගන්න බැරිව,ඒත් ඇයට අනාගතයක් නිර්මාණය කරන්න අවශ්‍ය සහයෝගය ලබා දීලා ජීවිතයෙන් සමුගෙන ගියා කියන අවසානය තෝරගන්න….! Interstellar (2014) Sinhala Subtitles

මේ හැමදේම පටං ගන්නේ වසය අවුරුදු දහයක පොඩි කෙල්ලෙක් ගේ කාමරයක් ඇතුලෙන්.එහෙම ආරම්භ වුණු කතාව අවසාන වෙන්නෙත් ඒ පොඩි කාමරයෙන්මයි. 

Interstellar (2014) Sinhala Subtitles

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *