ඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහින්දි

ෂාරුක්ගේ Iconic Pose එක. | 20 Years of Kal Ho Naa Ho…

මේක මාරම අයිකොනික් Pose එකක්…

මේ තරම් අයිකොනික් පෝස් එකක් වෙන කිසිම නළුවෙක්ගෙන් දකින්න ලැබේවී කියලා මම හිතන්නේ නැහැ. ඒ විතරකුත් නෙවෙයි ශාරුක් කාන්ගෙන් උනත් මේ තරම් මතක හිටින විදිහට මේ පෝස් එක ආයෙත් දකින්න ලැබේවි ද කියලා සැකයි. 20 Years of Kal Ho Naa Ho

චිත්‍රපටිය Kal Ho Naa Ho.

මට ශාරුක්ගේ නම ඇහෙද්දී මතක් වෙන්නේ රොමෑන්ටික් චිත්‍රපටි මිසක් ටිපිකල් ඇක්ශන් චිත්‍රපටි නෙවෙයි. සමහරවිට ඒකට ලොකුම හේතුව ශාරුක් එක්ක මට/අපිට තියෙන නොස්ටැල්ජික් මතක වෙන්න පුළුවන්. 20 Years of Kal Ho Naa Ho

Kal Ho Naa Ho විතරක් ම නෙවෙයි, ඒ කාල සීමාවේ ආපු ගොඩක් චිත්‍රපටිවල අපි රොමෑන්ටික් ශාරුක්ව දැක්කා. ශාරුක්ගේ මේ පෝස් එක දැක්කා, ශාරුගේ ලාවට කඳුළු පිරුණු ඇස් දෙක එක්ක, මූණේ මතුවෙන පොඩි හිනාවත් දැක්කා.

පහුගිය දවසක Jawan චිත්‍රපටිය බලද්දීත් දෙතුන් තැනකදී ම පරණ ශාරුක්ව මතක් වෙන විදිහේ ඉරියව් දැන් ඉන්න ශාරුක්ගේ මූහුණෙන් දැක්කා. ඒත් Jawan කියන්නේ අපි දන්න ශාරුක්ට ගැළපෙන විදිහේ ෆිල්ම් එකක් නෙවෙයි කියලමයි හිත කියන්නේ.

Jawan කියන්නේ ටිපිකල් දෙමළ මසාලා චිත්‍රපටියක්. ඒකේ තිබුණ එකම වෙනස ශාරුක් හිටපු එක විතරයි. ශාරුක් නොවුනා නං Jawan කියන්නේ තවත් එක හද්ද නෝමල් චිත්‍රපටියක්. ඒත් අන්තිමේදී Jawan ආදායම් අතින් සාර්ථක වෙනවා. එහෙම වෙන්නේ ශාරුක් ඉෆෙක්ට් එක නිසා. ඒ ශාරුක් ඉෆෙක්ට් එකට හේතුව තමයි 90 සහ 2000 දශකවල දී අපි දැකපු ශාරුක් ඛාන්. 20 Years of Kal Ho Naa Ho

Kal Ho Naa Ho කියන්නෙ මේ ශාරුක් ඉෆෙක්ට් එකට ප්‍රධානම බලපෑමක් කරපු චිත්‍රපටියක්. කවුරු හරි කෙනෙක් බලලා තියෙන්නේ ශාරුක්ගේ ඉතා සීමිත චිත්‍රපටි ගණක් නම් ඒ අතරේ Kal Ho Naa Ho තියෙන්න පුළුවන් ඉඩ ගොඩක් ඉහළයි. 20 Years of Kal Ho Naa Ho

Kal Ho na ho බලලා අදටත් අඬන්න පුළුවන්.සමහර තැන් බොළදයි තමයි, ඒත් රිද්දනවා. Jawan බලද්දී කවදාවත් ඒ වගේ මතකයක් හෝ හැඟීමක් හිතේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි Kal Ho Naa Ho වගේ චිත්‍රපටි විශේෂ වෙන්නේ. එහෙම ඒවා ආයේ හැදෙන එකක් නැහැ සහ මේ වගේ අයිකොනික් පෝස් එකක් එක්ක දකින්න ආයේ ශාරුක් කාන් කෙනෙක් බිහි වෙන එකකුත් නැහැ.

මේ ෆොටෝ එකේ අපි දකින ආදරණීය පෝස් එක එක්ක Kal Ho Naa Ho චිත්‍රපටිය තිරගත වෙලා අදට අවුරුදු 20ක්!

20 Years of Kal Ho Naa Ho

Author

2 thoughts on “ෂාරුක්ගේ Iconic Pose එක. | 20 Years of Kal Ho Naa Ho…

  • Adoo ekanam sirama kathawa bn…

    Reply
  • කල් හෝ නා හෝ, කභි කුෂි කභි ගම් වගේ ෆිල්ම් කියන්නේ ඇත්තටම අමුතුම නොස්ටැල්ජික් හැඟීම් වලින් හිත පුරවන සිනමා කෘති තමයි. ආයෙ ආයෙ බැලුවත් අර අතීත මිහිරි සහ අමිහිරි මතක වල සුසංයෝගය වෙනසක් නැතිව ඇති වෙනවා වගේ දැනෙනවා.

    ඇත්තටම මේ ලිපියේ කියලා තියෙන දේවල් සම්පූර්ණ ඇත්ත කියල කියන්න පුළුවන්. ශාරුක් ඉෆෙක්ට් එක නිසා චිත්‍රපටි ආදායම් අතින් සාර්ථක වුණාට අර කිව්වා වගේ හදවතට ආමන්ත්‍රණය කරන ගතියක් නම් කොහෙත්ම නැහැ.

    මේ වගේ ලිපි නිසා මංසල පැත්තෙ කරක් ගැහුවට පාඩුවක් නැහැ කියල හිතෙනවා. වෙනස් වෙනස් දේවල් ගොඩක එකතුවක්. නියමයි. දිගටම ලිපි ලියන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *