චිත්‍රපටදැනුමටපුවත්වගතුගවිවිධසියල්ල

එක් වසරක් ! – සිනමාපට 777ක්! | Zach Swop

“වසරක් තුළ සිනමාශාලාවක සිනමාපට වැඩිම ප්‍රමාණයක් නැරඹූ පුද්ගලයා” ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ මෙන්න මෙයා තමයි. නමින් “සැච් ස්වොප්” නම් වූ ඔහු, පෙනිසිල්වේනියාවේ ජීවත්වන සිනමා රසිකයෙක්.

2022 ජූලි ඉදන් 2023 ජූලී දක්වා මෙම වාර්තාව සම්පූර්ණ කළ ඔහු, අදාළ වසර තුළ සිනමාශාලාවක නැරඹූ සිනමාපට සංඛ්‍යාව 777ක්.

“Minions: The Rise of Gru,” සිනමාපටය ඔහු නැරඹූ පළමු සිනමාපටයයි. මින් පෙර පැවති වසරකට සිනමාපට 715 ක වාර්තාව Spider-Man: Across the Spider-Verse නරඹමින් බිදහෙලූ ඔහු, ඉදිරියටත් තවත් සිනමාපට 62ක් නරඹා තිබෙනවා.

ඔහුගේ 777 ක සිනමාපට ලැයිස්තුවේ එම වසරේ තිරගත වූ හොලිවුඩ් , බොලිවුඩ් , වෙනත් ඉන්දියන්, යුරෝපීය ,කොරියන් ,චීන, ඇනිමේශන් වැනි විශාල විවිධත්වයක්ද තිබෙනවා.

✅ගිනස් වාර්තාව බිදීම උදෙසා ඔහුට ගිනස් නීති මාලාවක්ද සම්පූර්ණ කල යුතුව තිබුණා.

✅උදාහරණ ලෙස,සිනමාශාලාව තුළ සිනමාපටය තිරගත වීම සිදුවන විට, නින්දට වැටීම තහනම් වුණා. මෙම නීති ඔහු සම්පූර්ණ කරනවාදැයි ස්ථිර කර ගැනීමට, සිනමාශාලාවේ සේවකයෙක් ඔහු සිනමාපට නරඹන තුරාවට ඔහුව නිරීක්ෂණය කරමින් සිටියා.

එසේම සියළුම සිනමාපට මුළුමනින්ම නැරඹිය යුතු වුණා. මඟදී ඉවත්ව යෑම තහනම්, සිනමාපටය නැරඹීමේදී හුදෙක් එම ක්‍රියාවලියේ පමණක් නියුතු විය යුතුයි. ෆෝන් එක දෙස බලා සිටීම, වෙනත් කාර්‍යක නිරතවීම තහනම්.

එසේම සිනමාපට නැරඹුම් ප්‍රවේශපත්‍ර , ජායාරූප දත්ත වාර්තා ,නිරීක්ශණය කල අයගේ අත්සන්ද ඔහු තබාගත යුතු වුණා.

✅ඔහු රැකියාව අවසන්කර හවස් කාලය සහ සෙනසුරාදා දිනය සිනමාපට නැරඹීමට වෙන්කර තිබුණා. දවසට අවම පැය 4-6 හෝ බැගින් සතියට සිනමාපට 16-17 ඔහු නරඹා තිබෙනවා,

✅ සිනමාවේ සැබෑ උන්නතියට සිනමාශාලාවක සිනමාපට නරඹන ප්‍රේක්ශකාගාරය ඉතා වැදගත්.
නමුත් සිනමාශාලාවක සිනමාපටයක් නැරඹීම යනු තවදුරටත් මධ්‍යම හෝ පහළ පාන්තික ජීවන රටාවට සමීප නොවන දෙයක්.

අපේ රටේ වුණත් බාගත කරගැනීම් , නොමිලේ අන්තර්ජාලය හරහා නැරඹීම් නැතිනම් නෙට්ෆ්ලික්ස් වැනි OTT මාධ්‍ය හරහා නැරඹීම් බහුලයි , එක් පුද්ගලයෙක් වසරකට සිනමාශාලාවක නරඹන සිනමාපට ප්‍රමාණය ඉතා සීමිතයි.

හොද සිනමාශාලාවක මේ තරම් සිනමාපට නැරඹීම වියදම් අතින් දැරීමට පහසු කාර්‍යක් නොවේ. ඒ නිසා ඔහු , මාසිකව ඩොලර් 17 ගෙවා අසීමිත සිනමාපට නැරඹීමේ යාවජීව පාරිභෝගික කාර්ඩ්පතක් ලබාගෙන තිබුණා.

✅එසේම සැච් ඔටිසම් රෝගයෙන් පෙළෙන්නෙක්, විශාදය වැනි රෝග වලට ගොදුරු වූවෙක්, ඒ වගේම සියදිවි නසාගැනීමකින් දිවි ගලවාගත්තෙක් . ඒ පිළිබද යහපත් පණිවිඩයක් සමාජයට ගෙනයාමත් අදාල පදනම් සදහා මූල්‍ය දායකත්වයක් ලබාගැනීමත් ඔහුගේ තවත් මූලික අදහසක් වුණා .. මේ හරහා ඒ වෙනුවෙන් විවිධ සිනමාහල්වල උපකාරද ඔහුට හිමිවී තිබෙනවා.

සිනමාහල් තුළ සිනමාපට නරඹමින් මිනිසුන් හඩමින් සිනහවෙමින් එම නිර්මාණ විදින අයුරු දැකීමත් සැච් ඉතා ප්‍රියකරන බව ඔහු පැවසුවා. ඒ නිසා ඔහු දිගින් දිගටම සිනමාපට නරඹනු ඇති

මොකද හිතන්නේ ?
ලංකාවේ කවුරු හරි මේ වාර්තාව කඩන්න සූදානම්ද? ..?
හැබැයි ලේසි නෑ මොකද සැච් මෙහෙමත් කියනවා.

“කියන්න බෑ , මේ අවුරුද්දේ නැතත්, ආයෙම මේ තිබ්බ වාර්තාව මම වෙන අවුරුද්දක හරි කඩන්න ඉඩ තියෙනවා!”

 

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *