චිත්‍රපටදැනුමටභාෂාවලාංකීයලාංකීය සිනමාවවගතුගවිචාරසිංහලසියල්ල

කන්දක් සේමා (2023) | Kandak Sema (2023) Movie Review

කන්දක් සේමා පොතේ කතාව ගැන මට තිබුණේ මිශ්‍ර හැඟීමක්. ඒත් කවදාම හරි පොතෙන් හැදෙන චිත්‍රපටිය බලන්න ලොකු ආසාවක් තිබුණා. එහෙම වෙන්න එක හේතුවක් තමයි ජපානය. Kandak Sema (2023) Movie Review

ජපානය කියන්නේ චිත්‍රපටි වලින් දකිද්දී මාර ලස්සන රටක්. සකුරා මල් සහ හිම, ඒ නැතත් ජපානයේ තියෙනවා කියාගන්න නොතේරෙන මොකක්ද අමුතු ලස්සනක්. ලංකාවේ සිංහල චිත්‍රපටියක් වුන කන්දක් සේමා චිත්‍රපටියෙත් ඒ ලස්සන ජපානය ඒ විදිහටම තිබුණා.

කන්දක් සේමා නව කතා පොතේ කවරය

අනිත් හේතුව තමයි නූපා. ජපානෙට ලංකාවෙන් ගිය නූපා කොයි වගේ පෙනුමක, කොහොම කෙනෙක්ද කියලා බලන්න ඕන වෙලා තිබුණා. නූපාට නිරෝශා තරම් ගැලපෙන වෙන කවුරුවත් නැහැ කියලා දැන් තහවුරුයි. Kandak Sema (2023) Movie Review

කන්දක් සේමා චිත්‍රපටයේ නිල පෝස්ටරයක්.

චිත්‍රපටියේ Cinematography මාර ලස්සයි. ජපානය පෙන්නන ෆ්‍රේම්ස් ඔක්කොම වගේ හිත ඇදිලා යන විදිහේ ඒවා. ඒවටම මැච් වන Background Music Score එකත් එක්ක තනිකරම ජපන් ෆිල්ම් එකක වයිබ් එක දැනෙන තැනට එනකම්ම ආවා. බලාපොරොත්තුවෙන් ගියේ ඒ දේ නිසා කිසිම පසුතැවීමක් නැති චිත්‍රපටිය අත්දැකීමක් විදිහට දැන් මට ‘කන්දක් සේමා’ ගැන ලියන්න පුළුවන්.

කන්දක් සේමා චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය.

ඒත් පොතේ කතාව චිත්‍රපටියට ගේන එක මොන තරම් අමාරු දෙයක් ද කියලා මේක බලද්දී ආයෙත් පරණ විදිහටම මට හිතුණා. පොතේ කතාව එකකට එකක් ගැලපෙන්න ලියලා තිබුණට, චිත්‍රපටියේ දී අපි සමහර තැන් බලෙන් ගලපගන්න ඕන. ඒක පොත නොකියවපු කෙනෙක්ට සමහර විට අමාරු වෙන්න පුළුවන්.

ජපන් සිනමාව කියන්නේ මගේ තේරීම් වලින් ඉහළම තැනක් වෙන් වෙන Movie Genre එකක්. ඒ ආසාව උපරිමයෙන් තෘප්ත කරන්න කන්දක් සේමා චිත්‍රපටියට පුළුවන් වෙනවා. ඉතින් පොතේ කතාව ගැන තියෙන මිශ්‍ර හැඟීමම චිත්‍රපටියේ කතාව ගැනත් තිබුණට, චිත්‍රපටියක් විදිහට නම් සෑහෙන්න හොඳ හැඟීමක් මේ වෙද්දී ඉතුරු වෙලා තියෙනවා. ඒක ආයෙත් බලන්න ගියත් පාඩු නැහැ කියලා හිතෙන තරම් බර හැඟීමක්. චිත්‍රපටිය ඉවර වුන විදිහත් හරි ලස්සනයි. ජපානය, හිම සහ දුම්රිය තුනම එකට එකතු වෙලා පේන දර්ෂනයක පසුබිමෙන් මෙහෙම කියනවා ඇහෙනවා. Kandak Sema (2023) Movie Review

“ඉර හඳ එකවර ගිනිගත්දා
ඒ ගිනි මැදින් මහා වැසි වස්සා
අළු අතරින් හිස ඔසවා සිටියා
කන්දක් සේ මා…”

ඒ වචන ටික මුලු කතාවම කිව්වා!

Kandak Sema (2023) Movie Review

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *