ඉංග්‍රීසිඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගසියල්ලහින්දි

ළඟදීම Netflix ඔස්සේ නිකුත් වන The Archies | “Archie Comics” Vs “The Archies Movie”

Archies යනු ජනප්‍රිය ඇමරිකානු කොමික් කතාමාලාවක්. මෙම කොමික් පොත් පෙළ එවකට ඉන්දියාව තුළත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණා. රිවර්ඩේල් නම් කුඩා නගරයක ජීවත්වන ආචී ඇන්ඩෲස්, බෙටි කූපර්, වෙරෝනිකා ලොජ් ඇතුළු තරුණ පිරිසක් මුල් කරගෙන මෙම කතාව දිවෙනවා.

 

90 දශකයේ ජනප්‍රියවූ කුච් කුච් හෝතා හේ සිනමාපටයේත් මෙහි යම් යම් ආභාෂ දැකගැනීමට ලැබුණා. සෝයා අක්තාර්ගේ නිර්මාණයක් වන මෙහි, අගස්ත්‍ය නන්දා, සුහානා, කුෂී කපූර් වැනි තරු දරුවන් සහ එසේ නොවන නවක රංගන ශිල්පීන් කිහිප දෙනෙක් රංගනයේ යෙදෙනවා.

බටහිර ආරට නිර්මාණය වී ඇති මෙය ඉන්දියානු සිනමාහල් වල තිරගත වීමෙන් සාර්තකත්වය ලැබීම හෝ සාමාන්‍ය ප්‍රේක්ශකයන් වැලද ගැනීමක් සිදුවේද යන්න නම් සැක සහිතයි. එහෙයින් OTT මාධ්‍යට සෘජුව නිකුත් කිරීම වඩා සාර්තක තේරීමක්.

The Archies දෙසැම්බර් 7 සිට නෙට්ෆ්ලික්ස් හරහා ප්‍රේක්ශකයන්ට නැරඹිය හැකියි.

 

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *