දැනුමටවගතුගවිවිධසියල්ල

ජානවලින් රංගනය ගෙනා මායා හෝක් | Maya Hawke

Stranger Things සීරීස් එකේ Robin Buckley ට පණ පොවන්නේ Maya Hawke විසින්.

Maya ව දැකපු දවසෙම ඔළුවට ආපු එකක් තමයි ඒ ෆේස්-කට් එක හොඳට හුරුයි කියලා. ඉතින් පොඩි ගූගල් පාරක් දැම්මා.මිත්‍රවරුනි කියන්න සතුටුයි සැකයේ වාසිය මට ලැබුණා.

Maya Hawke කියන්නේ Uma Thurman ගේ දුව.

Pulp Fiction (1994), Les Misérables (1998), Paycheck (2003), Kill Bill (2004) චිත්‍රපටිපවලින් Uma Thurman ලෝක ප්‍රසිද්ධ වුණු දක්ෂ රංගන ශිල්පිනියක්.

Maya Hawke ගේ වාසගම තමයි ඊළඟ ඔත්තුව.
Hawke… Hawke… Hawke…

Ethan Hawke. ඒකත් හරි. Maya Hawke ගේ තාත්තා තමයි Ethan Hawke.

Before Sunrise (1995), Before Sunset (2004), Before Midnight (2013), Predestination (2014), Moon Knight (2022), The Northman (2022) චිත්‍රපටිපවලින් Ethan Hawke ලෝක ප්‍රසිද්ධ වුණු දක්ෂ රංගන ශිල්පියෙක්.

Maya Hawke ගේ සම්පූර්ණ නම Maya Ray Thurman Hawke. Uma Thurman සහ Ethan Hawke විවාහ වෙන්නේ 1998 දී. ඔවුන්ගේ දෙවෙනි ළමයා තමයි Maya Hawke.

උපතින්ම වේගයෙන් කතා කරන පුරුද්දක් Maya ගේ තියෙනවා. ඒ නිසාම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඩයලොග්ස් ප්‍රමාණයක් Maya ට ලියලා දෙන්න Stranger Things ක්‍රියේටර්ස්ලා වෙන Duffer Brothers ලට සිද්ධ වුණාලු.

– විකුම් හර්ෂණ –

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *