ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

බයිස්කෝප් සිංහලෙන් 35 ‍‍| Oppenheimer | ඇමරිකන් ප්‍රොමිතියස්…


TENET මුවි එක බැලුව නේද ඔයාල? ෆිල්ම් පිස්සෙක් නම් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් ඒක. ඒ වගේම නෝලන්ගේ ෆිල්ම් එකක් මගහරින්න හිතන්නවත් එපා. ඉතිං ටෙනෙට් මුවි එකේ රංගනයෙන් එකතු වුණ රොබට් පැටිසන්, එහි රුගතකිරීම් අවසානයේ නෝලන්ට පොතක් දීල තියෙනව, ඒ තමයි ඇමරිකන් ප්‍රොමිතියස් පොත, මේ පොත අවුරුදු 20ක් තිස්සේ ඇදි ඇදී ගිය ව්‍යාපෘතියක් කඩිනම් කිරීමට නෝලන් හට උද්දීපනයක් සපයනවා. ඒ පොතේ තියෙන කතාව තමයි පරමාණු බෝම්බයේ පියා වන රොබර්ට් ඔපන්හයිමර්ගේ කතාව.Oppenheimer (2023) Sinhala Subtitles

 

ඇමරිකන් ප්‍රොමිතියස් පොත.

  • කවුද මේ ප්‍රොමිතියස්?

“මේක ග්‍රීක මිත්‍යා කතාවක්. ඒ කතාව අනුව ප්‍රොමිතියස් තමයි දෙවියන්ගෙන් ගින්දර සොරාගෙන මිනිසුන්ට ලබා දුන්නේ. ඒ හේතුව නිසා ප්‍රොමිතියස් මිනිසුන්ගේ වීරයෙක් බවට පත්වුණා, හැබැයි ඒත් එක්කම ඔහු දෙවියන්ගේ උදහසටත් ලක්වුණ කෙනෙක් බවට පත්වුණා. දේව ප්‍රධානියා වූ සීයුස් විසින් ප්‍රොමිතියස් ගලක ගැට ගසා බැඳ තබා ඔහු වෙත උකුස්සෙක්ව එව්වා. මේ උකුස්සා හැමදාම ප්‍රොමිතියස්ගේ අක්මාව කනව. හැබැයි රාත්‍රියේදී මේ අක්මාව ආයේ වැඩෙනවා. පහුවදා උදේට උකුස්සා ආයේ ඇවිල්ල ප්‍රොමිතියස්ගේ අක්මාව ආහාරයට ගන්නවා. මිනිසුන් වෙත ගින්දර ලබාදීමේ වරද වෙනුවෙන් ප්‍රොමිතියස් සදාකාලිකවම මේ වේදනාකාරී දඬුවම විඳින්න ඕනා” 

 

Oppenheimer | ඇමරිකන් ප්‍රොමිතියස්...

ඉහත විස්තරයට කරුණු ලබාගත්තේ ෆේස්බුක් මිතුරෙකු වෙච්ච Sha Danthanaranayaගේ පෝස්ට් එකකින්. එයා තමයි ප්‍රොමිතියස් කතාව සිංහලට පරිවර්තනය කරලා දාල තිබුනේ, ඒ වෙනුවෙන් ඔහුට බොහොම ස්තුතියි.

ඉතිං ඇමරිකානු ප්‍රොමිතියස්ගේ කතාව අනුව නිර්මාණය වුණ සිනමාපටය වාර්ථා රැසක් තබමින් WB’ලගේ බාබි මුවි එකත් එක්ක තරඟ කරනව. ඒ තරඟයෙන් ආදායම් අතින් බාබි මුවි එක ඉදිරියට යනකොට අනෙකුත් විචාර ප්‍රතිචාර අතින් ඉදිරියට යන්නේ ඔපන්හයිමර් මුවි එක.

බාබි සිනමාපටය වෙනුවෙන් අපි උපසිරසි ලබා දීල තියෙන නිසා ඔයාල ඒක මේ වෙද්දී බලන්න ඇති කියල හිතනවා. කොහෙත්ම මේ මුවි දෙක එකිනෙක හා තරඟ කලට කිසිම වෙලාවක මේ මුවි දෙක සංසන්දනය කරන්න බැහැ. අහසට පොලව වගේ. නෝලන් තමන්ගෙන් ඉවත් වුණ තරහටම WB විසින් මේ ගැටුම ඇතිවෙන්න ඉඩ විවර කළා කියලයි ගොඩක් අය දරණ මතය වෙන්නේ.

හැබැයි ඒකෙන් මම හිතන විධියට මේ සිනමාපටයට හොඳ තල්ලුවක් ලැබුනා. WB සහ බාබිලට ආස නැති අය මේක බලන්න සිනමාශාලා වෙත ගියා. ඒ අනුව මේ සිනමාපටය විවිධ වාර්තාවන් රැසක් සහ තවත් වාර්ථා රැසක් තබන්න සමත් වුණා. ඒවා නම්, Oppenheimer (2023) Sinhala Subtitles

  • ලෝකයේ වැඩිම ආදායමක් ලබාගත් චරිතාපදාන සිනමාපටය. (ඇමරිකානු ඩොලර් මිලියන 950+)
  • ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ පලවෙනි R රේටඩ් සිනමාපටය වගේම ඔහුගේ පලවෙනි චරිතාපදානය. 
  • කිලියන් මර්ෆි, නෝලන්ගේ සිනමාපටයකට එකතු වුණ සයවෙනි අවස්ථාව.
  • නෝලන්, WB’ වෙතින් ඉවත් වෙලා ගිහින් කරපු මුල්ම සිනමාපටය සහ ඔහුගේ සිනමාපටයක් වෙනුවෙන් වැඩිම වියදමක් දරපු සිනමාපටය මේක.
  • දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය කරපු සිනමාපට අතරින් වැඩිම ආදායමක් ලබාගත් සිනමාපටය. මේ ස්ථානය මිට පෙර දිනාගෙන තිබුනේ Saving Private Ryan 1998 සිනමාපටය විසින්.
  • 2023 වසරේ සිව්වනියට වැඩිම ආදායම ලද සිනමාපටය.
  • පස්වැනි ස්ථානයට වැඩිම ආදායමක් දිනාගත් IMAX සිනමාපටය, පිලිවෙලින් Avengers: Endgame, Avatar, Star Wars: The Force Awakens සහ Jurassic World සිනමාපට තමයි පළමු දෙවැනි තෙවැනි සහ සිව්වැනි ස්ථානයට ඉන්නේ.Oppenheimer (2023) Sinhala Subtitles

බිලියනයේ සිමාව පසුකරවන්න නැවත වතාවක් තියටර් වලට මේක නිකුත් කළා මිට දවස් කිහිපයකට කලින්. හැබැයි ඒ කඩයිම පහුකරගන්න නම් බැරි වුණා අද මේ ලිපිය ලියන මොහොත වෙනකොටත්. ඒත් කමක් නැහැ මේ මදැයි.Oppenheimer (2023) Sinhala Subtitles

මේ සිනමාපටයේ විශේෂම දේ තමයි මට අනුව නම් පසුබිම් සංගීතය. ටෙනෙට් සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වන Ludwig Göransson තමයි මේකෙත් සංගීතය නිර්මාණය කරන්නේ. ඒ පසුබිම් සංගීතය මට නම් පිස්සුවක්. ඊට පස්සේ ඉන්න නළු නිලි කැළ ගැන ඔයාල දැනටමත් දන්නව ඇති කියල හිතනව.

ප්‍රධාන වශයෙන් අනාගත ඔස්කා සම්මාන නිර්දේශයක් ලබාගැනීමට ඉඩ හසර විවර කරගනිමින් Cillian Murphy ඔපන්හයිමර් ලෙසත්, Emily Blunt ඔහුගේ බිරිඳ කිටි ලෙසත්, Matt Damon මෑන්හැට්න් ව්‍යාපෘති ප්‍රධානියා වන ලෙස්ලි ග්‍රෝව්ස් ලෙසත් එකතු වෙනවා. මැට් ඩේමන් තමන්ගේ බිරිඳට වෙච්ච පොරොන්දුවක් අනුව රංගනයෙන් තාවකාලිකව ඈත් වෙලා ඉඳල තියෙන්නේ. හැබැයි මැට් කියල තියෙනවා නෝලන් කතා කලොත් නම් යනවා කියල. ඒ අනුව තමයි ඔහු මේ සිනමාපටයට එකතු වෙන්නේ.

ඊට අමතරව  Robert Downey Jr. ඇමරිකානු න්‍යෂ්ඨික කොමිසමේ සාමාජික ලෙවිස් ස්ට්‍රව්ස් ලෙස වෙනමම රංගනයක නිරත වෙනවා. ඔහුත් බොහෝ දුරට මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ ලබා ගනීවි කියල හිතනවා. Florence Pugh ඔපන්හයිමර්ගේ පෙම්වතිය ජේන් ටැට්ලොක් ලෙසත් එකතු වෙනවා. ඊට අමතරව  Josh Hartnett, Casey Affleck, Rami Malek, සහ Kenneth Branagh යන අය සෙසු සහය චරිත සඳහා දායක වෙනවා.Oppenheimer (2023) Sinhala Subtitles

විශේෂයෙන්ම කියන්න ඕනා මේ සිනමාපටය තනිකරම දෙබස් මත රඳා පවතින්නක්. එකඳු දෙබසක් හෝ මගහැර ගත්තොත් සම්පුර්ණ රසවින්දය ඔබට අහිමිවෙලා යන්න පුළුවන්. ඒ නිසා ඉතාම ප්‍රවේසමෙ සීරුවට මේ සිනමාපටය නරඹන්න. ඒ වගේම මේ සිනමාපටය කලුසුදු සහ වර්ණ ලෙස කොටස් දෙකකින් යුතු දර්ශන පෙළක් අප වෙත ලබා දෙනවා. වර්ණ සහිත රුප රාමු අපිට නම් කරලා දෙන්නේ Fission (ෆිෂන්=විඛන්ඩණය) ලෙස, කළු-සුදු රුප රාමු නම් කරන්නේ Fusion (ෆියුශන් = විලයනය) කියල. මේ තමයි න්‍යෂ්ඨික ශක්තිය විමෝචනය කරන ප්‍රධාන ආකාර දෙක. ඉතිං ඒ ආකාර දෙක ගැටීමෙන් ඇතිවෙන පිපිරුම ෆිල්ම් එකේ පටන් ගන්න තත්පරයේ සිට අවසාන තත්පරය දක්වා හැම රුප රාමුවකින්ම පෙන්නුම් කෙරෙනවා.

කතාවට සරල ආරම්භයක් ගත්තොත් එහෙම මෙහෙමයි වෙන්නේ. 

දෙවැනි ලෝක යුද්ධය අවසාන සමයේදී ජර්මනිය සහ ඇමරිකාව අතර තරඟයක් ඇතිවෙනවා. ඒ තමයි පරමාණු බෝම්බය නිර්මාණය කිරීම. ජර්මානු විද්‍යාඥයින් වර්නර් හයිසන්බර්ග් ප්‍රධාන කොටගනිමින් පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට උත්සුක වෙනකොට ඇමරිකාව මෑන්හැට්න් ව්‍යාපෘතිය නමින් තමන්ගේ පරමාණු බෝම්බ නිදපවිමේ ව්‍යාපෘතිය ආරම්භ කළා, ඒ ඇමරිකාවට ක්වොන්ටම් භෞතික විද්‍යාව රැගෙනවිත් ප්‍රචලිත කිරීමේ පුරෝගාමියා වූ ආචාර්‍ය රොබට් ජේ ඔපන්හයිමර් ප්‍රධාන කොටගනිමින්. මෙහිදී ඇතිවූ යම් ගැටළු සඳහා ඇල්බට් අයින්ස්ටයින් පවා තමන්ගේ සහය ඔපන්හයිමර් වෙත ලබා දුන් බව සඳහන් වෙනවා.

පහත දැක්වෙන්නේ එම විද්‍යාඥයින් දෙපල සැබෑ 1947 වසරේ ජීවිතයේදී සහ 2023 වසරේදී නිර්මාණය වෙන සිනමාපටයේදී එන ආකාරය. 

Oppenheimer | ඇමරිකන් ප්‍රොමිතියස්...

නෝලන් ප්‍රසිද්ධ ඔලුව අවුල් කරන ෆිල්ම් හදන කෙනෙක් විධියටනේ. හැබැයි මේ වතාවේ ඒක එහෙම නැහැ. කාල රේඛා තුනකින් කතාව ඔබ වෙත ඉදිරිපත් කලත් ඒ කාල රේඛා ඔයාලගේ ඔලුව අවුල් කරවන එකක් නැහැ. හැබැයි ඔපන්හයිමර් තමන් ලෝකයට ලබා දුන්නු මේ භයානක නිර්මාණය ගැන පසුතැවෙන පසුතැවීම අනිවාර්යෙන්ම ඔබ ඇතුලන්තයට කාවද්දන්න ඔහු සමත් වෙනවා. ඔපන්හයිමර් තම නිර්මාණය නිසාත්, තමන්ගේ ජවිත කාලය තුල සිදුකල හිතවක්කාරකම් නිසාත්, දේශපාලනය නිසාත් තම ජිවිත කාලය පුරාවටම විඳි මානසික පිඩාව ඔබගේ සිත තුලින් දැනෙන්න සලස්වා තියෙනව. Oppenheimer (2023) Sinhala Subtitles

මම ලිපිය පටන් ගන්නකොට කියපු ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධයේ එන ප්‍රොමිතියස්ට, ඔපන්හයිමර්ව සමාන කරමින් ඇමරිකන් ප්‍රොමිතියස් ලෙසින් ඔහුව හඳුන්වන්නේ අන්න ඒ නිසයි. එක පැත්තකින් පරමාණු බෝම්බය නිසා ලෝක යුධ මට්ටමේ මහා විනාශකාරී යුද්ධ ඇතිවීම නැවතුනා කියලත් කියන්න පුළුවන්. මොකද ඒ වගේ භයානක අවියක් ලෝක බලවතුන් අතේ තියෙන නිසා කවුරුත් මුලින්ම ඒ අවිය පාවිච්චි කරන්න පසුබට වෙනවා.Oppenheimer (2023) Sinhala Subtitles

අනික් අතට ආයේ ජපානයේ වුණා වගේ කොයි වෙලාවක හරි කොහේ හරි රටක් මේ මාරක ආයුධය භාවිතා කලොත් ඇතිවෙන විනාශය මොන තරම් වෙයිද කියල හිතාගන්න බැහැ. ඉතිං මම යලිත් කියනවා, මෑත ඉතිහාසයේදී මිනිසාට අලුත් ගින්දරක් ලබාදුන්නු ඇමරිකානු ප්‍රොමිතියස් වෙන්නේ ඔපන්හයිමර්. ඒ වෙනුවෙන් ඔහු විඳපු මානසික පිඩාව හරිම අපුරුවට කිලියම් මර්ෆි ඔබ ඇතුළාන්තයට අරගෙන එනවා. ඔහුගේ රංගනයට Ludwig Göranssonගේ සංගීතය එකතු වුණාම තනිකරම මේ චරිතාපදානය හොරර් මුවි එකක් බවට පත්වෙනවා, ඒ ගැන ආයේ දෙකක් නැහැ.

පරමාණු බෝම්බ හෙලීමේ දර්ශනය ඔබට පෙන්වන්නේ නැහැ හැබැයි වෙනම ඔපන්හයිමර්ගේ වේදනාවෙන් ඔබේ සිත දෙදදරුම් කවන්න නෝලන් සමත් වෙනවා. එහෙනම් තවත් මේ ගැන කියන්න යන්න බලාපොරොත්තුවක් නැහැ. උපසිරසියට එකතු වුණු රංග ප්‍රසන්න සහෝදරයටත් ස්තුතිය හිමිවෙන්න ඕනා. එහෙනම් ඔබත් මේ විනාශය විඳවන්න!Oppenheimer (2023) Sinhala Subtitles

මෙම චිත්‍රපටය සඳහා සිංහල උපසිරසි අපගේ මව් අඩවියෙන් ලබාගත හැකියිOppenheimer (2023) Sinhala Subtitles | ඇමරිකන් ප්‍රොමිතියස්. [සිංහල උපසිරැසි] !Oppenheimer (2023) Sinhala Subtitles

මෙතැනින් මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ නරඹන්න.

Author

2 thoughts on “බයිස්කෝප් සිංහලෙන් 35 ‍‍| Oppenheimer | ඇමරිකන් ප්‍රොමිතියස්…

  • උපසිරැසියක් පරිවර්තනය කරනවටත් වඩා අසීරු කාර්යයක් විදියට තමයි අදාළ චිත්‍රපටිය ගැන ලිපියක් ලියනවා කියන වැඩේ මම නම් දකින්නේ. කරුණු කාරණා එකතු කරලා කියවන්න ආස හිතෙන විදියට, තේරුම් යන විදියට, අවබෝධයක් සහ අමතර දැනුමක් ලැබෙන විදියට වගේම නිවැරදිව, තමන්ගේ පෞද්ගලික දෘෂ්ටි කෝණයට පමණක් සීමා නොවී ලිපියක් ලියනවා කියන්නේ ඇත්තටම දුෂ්කර කාර්යයක්. එහෙම බලන කොට මේ ලිපිය හරිම සාර්ථක ලිපියක් කියලා මට හිතෙනවා. ලිපිය කියවලා ඉවර වුණාම හිතුනේ තව දිගට මේ ලිපිය ලියවිලා තිබුණා නම් කියලා. මොකද ලිපිය ඒ තරමට රසවත්. චිත්‍රපටිය බලන්න පෙළඹවීමකුත් ඇති කරවන නිසා ලිපිය වඩාත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්.

    ඒ වගේම තමයි කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් මංසල දකින්න ලැබීම ලොකු සතුටක්. ඒක හරියට කාලයක් දකින්න නොලැබුණු කුළුපඟ මිත්‍රයෙක් නැවත හමුවුණා වගේ දෙයක්. හිතනවා ඉස්සරහට තවත් හොඳ රසවත් ලිපි කියවන්න ලැබෙයි කියලා.

    Reply
    • අගය කිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *