කෙටි සිනමාපටචිත්‍රපටභාෂාවලාංකීයවීඩියෝසිංහලසියල්ල

The Burger (2024) | Short Film | කෙටි චිත්‍රපටය

සිනමාකරණයේ තවත් එක කඩයිමක් තියන්න තමා අදත් ලෑස්තිය. මා ඇතුළු මගේ සහෝදර පිරිසගේ අලුත් ම නිර්මාණය The Burger කෙටි චිත්‍රපටය මේ වෙද්දි Youtube ඔස්සේ විකාශය වෙනව. ඉතින් ඒ ගැන පොඩි හැඳින්වීමක් තමා මේ අරගෙන එන්නෙ.

චිත්‍රපටය Horror/thriller කාණ්ඩයට අයත් වන එකක් වගේම තමා මේකෙ ධාවන කාලය විනාඩි 8ක් සහ තත්පර 4ක් වෙනව. තරුෂි වික්‍රමසිංහ සහෝදරිය ගේ විශිෂ්ඨ රංගනයෙන් මේ සිනමාපටය වර්ණවත් වෙලා තියෙනව. එමෙන් ම මහිත ගුරුනායක සහෝ ගෙ Cinematography තාක්ෂණය සහ සංස්කරණය,තරුෂික රත්නායක සහෝ ගෙ වර්ණ සංයෝජනයෙන් වර්ණවත් වෙලා තියෙන මේ චිත්‍රපටය අපේ දෙවනි වෑයම විදියට සලකන්න පුළුවන්. පළවෙනි එකෙන් ගත්ත අත්දැකීම් එක්ක ඒකෙ උන අඩුපාඩු මග හැරවා ගනිමින් මේ නිර්මාණය කරන්න අපි ගොඩක් උත්සුක උනා. බර්ගර් එකක් නිසා ජීවිතේට මරණ බිය ඇති වෙලා තියෙනව ද?

කතාව රචනය සහ අධ්‍යක්ෂණය දුලක්ෂ සම්පත් වන මා විසින්. ඉතිං,කතාව බලන්න කියල හැමෝටම ආරාධනා කරනව වගේම තමා මේ වගේ ත්‍රාසජනක අත්දැකීම් ඉස්සරහටත් බලාගන්න ඕන නම් BETA Originals අපේ නාලිකාව Subscribe කරන්න කියලත් ආදරෙන් මතක් කරනව.❤️

Video Link :- https://youtu.be/xnR86QUcP1o

Author

3 thoughts on “The Burger (2024) | Short Film | කෙටි චිත්‍රපටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *